24/11/2025
අප සංගමය විසින් වසරකට වරක්, අපේක්ෂාවක් බලාපොරොත්තුවෙන් සිටින අයවරුන් සඳහා කරන වැඩසටහන් මාලාවේ මෙවර, අනුරාධපුර කැදෑව කෝණකුඹුක් වැව මධ්‍යමහා විද්‍යාලයේ දරු දැරියන් සඳහා අභ්‍යාස පොත් ඇතුළු පාසල් උපකරණ කට්ටල ලබාදීම, ඔබ සියලු දෙනාගේ සහයෝගයෙන්, 2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා දින සිදු කිරීමට නියමිය.
මෙම වැඩසටහන සඳහා දායකත්වය හා සහයෝගය දැක්වීමට කැමති ඔබ සියලු දෙනාටම අප ඇරයුම් කරන අතර, එදින වැඩසටහන සඳහා ගමන් කිරීමට කැමති අය වෙතොත්, 2025 දෙසැම්බර් මස 13 වනිදාට පෙර පහත ඇමුණු මෙහි ඇති දුරකථන අංක වලට අමතන මෙන් කාරුණික ඉල්ලා සිටින්නෙමු.
එදා පටන්, ඔබ අප වෙත දැක්වූ නොමසුරු සහයෝගය හා දායකත්වය උදෙසා කෘත්‍යපූරකව ස්තුති වන්නෙමු.
ප්‍රජා සුබසාධක සංගමය,
නීලම්මහර.