02/09/2026
බුත්තල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය ආවරණය වන ලෙස සකස් කරනු ලබන බුත්තල නගර සංවර්ධන සැලැස්මේ පාරිසරික අංශයට අදාළ උපාය මාර්ගික සංවර්ධන සැලසුම් හා ව්‍යාපෘති පිළිබඳ සාකච්ඡාව නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරීන්ගේ ප්‍රධානත්වයෙන් සභා රැස්වීම් ශාලාවේදී පවත්වනු ලැබීය
ඒ සඳහා ගරු සභාපතිතුමන්, ගරු මන්ත්‍රීතුමන්ලා, සභා ලේකම්තුමිය, නාගරික සංවර්ධන අධිකාරියේ ඌව පළාත් අධ්‍යක්ෂකතුමිය, නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරීන් හා රාජ්‍ය ආයතනවල නිලධාරීන් සහභාගි විය.