SRI Chilaw

SRI Chilaw සලාපුර

🎶🎶🎶🎶
21/10/2025

🎶🎶🎶🎶

හලාවත මාළු එන්න ගන්න ලාබයි.. ලාබයි... 🐟🐟🐟
21/10/2025

හලාවත
මාළු එන්න ගන්න ලාබයි.. ලාබයි... 🐟🐟🐟

හලාවත අාදරණීය වන්දනාව              තලවිල සන්තානම් පුරාවත _____🙏 නිල්වන් මුහුදු තීරයකට මායිම් ව විශ්මිත ප්ාතිහාර්යන් පාන ...
31/07/2025

හලාවත අාදරණීය වන්දනාව
තලවිල සන්තානම් පුරාවත _____🙏

නිල්වන් මුහුදු තීරයකට මායිම් ව විශ්මිත ප්ාතිහාර්යන් පාන ශාන්ත අානා මවුන්ගේ මේ පුදබිම ඉතිහාසත්මකව නෞකාවක් හා සිදු වූ ප්ාතිහාර්යකින් අාරම්භය සනිටුහන් කරයි.

වර්ෂ 1696 කාලයේ පෘතුගීසි ජාතික පිලිප් ද ගුවාර්ති ගාල්ල පුරයේ සිට කල්පිටිය යාපනය දක්වා නැව් මඟින් වෙළඳ භාණ්ඩ ගෙන යමින් ව්ාපාර කළ අයකු විය. ඔහු සතුව තිබූ ශාන්ත අානා තුමියට කැප කළ නෞකාව 1696 ජුනි මුල් භාගයේ දැඩි කුණාටුවකට හසු විය. ඔහු හා නැවේ සිටි සේවකයින් කොපමණ උත්සහ කලද නැව හා ඔවුන් මුහුදු බත් වන බව ඔවුන්ට පසක් විය. නැවේ තිබූ ශාන්ත අානා ප්රථිමාව අසළ ඔවුන් දණ ගසා යාච්ඤා කරමින් ජීවිත බේරා දෙන මෙන් ඉල්ලා සිටියහ.
පසුව ගසා ගෙන අා නෞකාව ගොඩබිමට සැතපුම් 1/2 පමණ තිබියදී වැලි තට්ටුවක සිර වී නතර විය. නැව් හිමියා හා පිරිස ඉක්මන්ව සන්තානම් ප්රථිමාවද රැගෙන ගොඩබිමට ගියහ. ඔවුන් ඉල්ලූ පරිදි ජීවිත රැකුනි. නැවේ යම් භාණ්ඩ කොටසක් බේරුනද නැව මුහුදු බත් විය.
හෙම්බත්ව දැඩි වෙහෙසින් සිටි ඔවුන් ගොඩ බැස සිටියේ ද කාන්තාරයක් බඳු වෙරළ තීරයකටය. ගිමන් නිවා ගැන්මට තැනක් සෙවූ ඔවුන්ට වෙරළට මදක් එපිටින් විශාල නුග ගසක් හමු විය. එ් අසළම දිය පිරි කුඩා ජලාශයක් ද විය. මෙය ඔවුන්ට මහමෙරකටත් වඩා වටින්නට විය. ඔවුන් නුග ගසේ බෙනය මත ශාන්ත අානා ප්රථිමාව තබා ස්තුතියි කරමින් යාච්ඤා කළහ.

පසුව වෙනත් නෞකාවකින් සිය ගම් බලා යාමට ඔවුනට මග සැලසුණි. ඔවුන්ට රැකවරණය දුන් ශාන්ත අානා තුමියවත් මේ බිමත් අතහැර යාම ඔවුන්ට දුකක් පිරි සිතුවිල්ලක් විය. ඔවුන් යාමට පෙරද එහි දණ ගසා යච්ඤා කරමින් නැව් හිමි පිලිප් ද ගුවාර්ති ශාන්ත අානා තුමිය පාමුල භාරයක් වුනි.
තම ව්ාපාර කටයුතු නැවත සාර්ථක වුවහොත් මෙම ස්ථානයේ එතුමිය වෙනුවෙන් දේවස්ථානයක් තැනවීමට පොරොන්දු විය.
සිතූ ලෙසම ඔහු ගේ ව්ාපාර සාර්ථක විය. ඔහු බඩු බාහිරාදිය හා කම්කරුවන් රැගෙන පැමිණ කුඩා දෙව් මැදුරක් තනා ශාන්ත අානා ප්රථිමාව එහි තැන්පත් කළහ. ඔවුන් ව්ාපාර කටයුතු සඳහා මෙම ස්ථානය පසුකර යන විට මෙහි පැමිණ යාච්ඤා කළහ.
පසුව තම හිතමිත්රාදීන් කැටුව මෙහි එන්නට පුරැදු විය. එය වසරේ ජූලී මාසයේ පමණ එන්නට පුරුදු විය. එලෙස පැමිණෙන පිරිස වැඩිවූ හෙයින් අර කුඩා ජලාශයේ ජලය මදි විය. ඔවුන් එතැන බිම හාරා අැති පමණට ජලය ලබා ගත්හ. කල් යත්ම එය ගාල් ළිඳක් බවට පත්ව පසුව එය 'පල්ලිය ළිඳ' ලෙස විකාශනය විය. මුහුදු ඛාදනය නිසා එම එෛතිහාසික පල්ලිය ළිඳ අපට අහිමිව අැත. (පල්ලිය ළිඳ ඡායාරූපයක් පහළ පල කර අැත)

තොරතුරු ලබා ගැනීමට
ස්තුතියිය....!
D. F. මැදගොඩ පියතුමා.
පළ කල සටහනක්
තලවිල ජුබිලි සමරුව

ශාන්ත අානා මවුනි ඔබගේ රැකවරණයට තුති

හලාවත කාර්මේල් දෙව් මැදුර එදා ____❤️                   හලාවත ධීවරයන් තම ආදායමෙන් දහයෙන් පන්ගුවක් කැපකර එකතු කළ මුදලින්, ...
15/07/2025

හලාවත කාර්මේල් දෙව් මැදුර එදා ____❤️
හලාවත ධීවරයන් තම ආදායමෙන් දහයෙන් පන්ගුවක් කැපකර එකතු කළ මුදලින්, පිටිපන වීදිය පදින්චිව සිටි ලුසියා ප්‍රනාන්දු භක්තිවන්තිය විසින් 1839 දී පරිත්‍යාග කල ඉඩම හා තවත් මිලදී ගත් ඉඩම මත,
දක්ශ ගෘහනිර්මාණ ශිල්පියකු වූ,
ඔරුනා පියතුමාගේ අභිප්‍රාය වූ ඒ සුවිසල් දෙව් මැදුර,
1851 ජුනි 29 දින හලාවත දිස්ත්‍රික් විනිශ්චයකාර සීමොන් කාසිවෙට්ටි මහතා විසින් මුල් ගල තබන ලදී.
හලාවත හැමෝම සහයෝගයෙන් ඉදි වූ මේ දෙව් විමන වෙත 1860 ඔක්තෝබර් මස පිටිපන වීදිය දෙව් මැදුරේ සිට කාර්මේල් මවුන්ගේ ප්‍රථිමාව වැඩම කර,
1860 නොවැම්බර් 16 දෙව් මැදුර කැපකර ආසිරි ගැන්වීය.
1949 අප්‍රේල් 25 ශ්‍රී ලාංකික ප්‍රථම රදගුරු තුමන් ලෙස එඩ්මන් පීරිස් හිමිපාණන් පත්වීමත් සමග දෙව් මැදුර ආසන දෙව් මැදුරක් ලෙස පත්විය..... ❤️
තොරතුරු - ප්‍රදීපය පුවත්පත
2000/07/30

Page එක Follow කර ආදරයෙන් එක්වන්න ❤️ 👇👇👇👇👇https://www.facebook.com/share/1Bfv4d9jvW/
22/06/2025

Page එක Follow කර ආදරයෙන් එක්වන්න ❤️ 👇👇👇👇👇
https://www.facebook.com/share/1Bfv4d9jvW/

ඔබ සියල්ලන්ගේම හොඳ හිත, අපගේ දේවස්ථානයේ ඉටිපහන් දල්වන ගෘහය සාදා නිමකර ගැනීමට ලබා දෙන්න. 🙏✝️

Sri Chilaw Page එකටLike / Follow දාගෙන යන්නෝ... ❤️
01/06/2025

Sri Chilaw Page එකට
Like / Follow
දාගෙන යන්නෝ... ❤️

Address

Chilaw Town

Website

Alerts

Be the first to know and let us send you an email when SRI Chilaw posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category