UNP SRI LANKA

UNP SRI LANKA The United National Party often abbreviated as UNP.

15/01/2025
ඉදිරි පළාත් පාලන මැතිවරණයට එක්සත් ජාතික පක්ෂය සමඟ එක්ව තරග කිරීමට සමගි ජන බලවේගයේ කළමනාකරණ කමිටුව ඒකමතිකව තීරණය කර ඇත.සම...
10/01/2025

ඉදිරි පළාත් පාලන මැතිවරණයට එක්සත් ජාතික පක්ෂය සමඟ එක්ව තරග කිරීමට සමගි ජන බලවේගයේ කළමනාකරණ කමිටුව ඒකමතිකව තීරණය කර ඇත.

සමගි ජන බලවේගයේ කළමනාකරණ කමිටුව පසුගියදා රැස්වූ අතර එහිදී ඉදිරි මැතිවරණ වලට මුහුණ දීම මෙන්ම පැවති මැතිවරණ පරාජයට පත් වීම පිළිබඳව දීර්ඝ ලෙස මෙහිදී සාකච්ඡා කෙරිණි.

සමගි ජන බලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ මෙම කළමනාකරණ කමිටුවේ වැඩි අවධානයක් යොමු කෙරුණේ ඉදිරි මැතිවරණ වලදී තම මව් පක්ෂය වන එක්සත් ජාතික පක්ෂය සමඟ පොදු එකඟතාවයක් ඇතිකර ගැනීම සම්බන්ධවය.

ඒ අනුව ඉදිරියේ දී පැවැත්වෙන පළාත් පාලන මැතිවරණයට එක්සත් ජාතික පක්ෂය සමඟ එක්ව තරග කිරීමට තීරණය කළ කළමනාකරණ කමිටුව එම කටයුතු සැලසුම් කිරීම හා ඉදිරියට ගෙන යෑමට අවශ්‍ය පියවර ගැනීම සඳහා පක්ෂයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා පත් කිරීමට ද එහිදී තීරණය කරනු ලැබීය.

සමගි ජන බලවේගය පසුගිය මැතිවරණ පරාජයට පත් වූ හේතු සම්බන්ධයෙන් පක්ෂයේ සභාපති ඉම්තියාස් බකිර්මකර් මහතා නායක සජිත් ප්‍රේමදාස මහතා වෙත යොමු කරන ලද ලිපිය සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි.

ඒ අනුව සිදුවූ වැරදි නැවත සිදු නොවීමට වගබලා ගැනීම සඳහා සමගි ජනබලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර, සභාපති ඉම්තියාස් බාකිර් මාකර්, ජාතික සංවිධායක තිස්ස අත්තනායක සහ කබීර් හෂීම් යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් ද මෙහිදී පත් කරනු ලැබීය.

09/01/2025

මිනිස්සු ගෝටා පිස්සෙක් කිව්වා වගේ අනුරත් පිස්සෙක් කියන්න වැඩි කාලයක් යන එකක් නැහැ ...

Address

Colombo
00150

Telephone

+94766484977

Website

Alerts

Be the first to know and let us send you an email when UNP SRI LANKA posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to UNP SRI LANKA:

Videos

Share