Udayanga Weeratunga

Udayanga Weeratunga අපේ රට අපේම අදහස් වලින් ගොඩ නඟමු..

23/08/2026

☕ Basilur Tea — ශ්‍රී ලංකා තේ ලෝකයට ගෙන ගිය නව පරම්පරාවක් 🇱🇰

ශ්‍රී ලංකාවේ තේ කර්මාන්තයට දිගු ඉතිහාසයක් තිබුණත්, මීට වසර 20කට පෙර ආරම්භ වූ Basilur Tea, එම උරුමය නවීන ලෝකයට වෙනස් ආකාරයකින් ගෙන ගිය ශ්‍රී ලාංකික තේ සන්නාමයකි.

සම්ප්‍රදායික Ceylon Tea සංකල්පයට නවීනත්වය සහ premium presentation එකක් එක් කරමින්, ශ්‍රී ලංකා තේ සඳහා වෙනස් වූ ජාත්‍යන්තර වෙළඳපොළක් නිර්මාණය කිරීම, ගාමිණී අබේවික්‍රම මගේ මිතුරාගේ ප්‍රධාන අරමුණක් විය.

කන්ද උඩරටින් ආරම්භ වූ Ceylon Tea උරුමය — නව පරම්පරාවක් සමඟ ලෝකයට. 🇱🇰☕

අද මම මගේ පුතා ඩියෝන් සමඟ උණවටුනේ සුන්දර Araliya Beach Resort හි රැඳී සිටිනවා. 🌴🌊මෙම අලංකාර හෝටලයේ නිර්මාතෘ ඩඩ්ලි සිරිසේ...
31/07/2026

අද මම මගේ පුතා ඩියෝන් සමඟ උණවටුනේ සුන්දර Araliya Beach Resort හි රැඳී සිටිනවා. 🌴🌊

මෙම අලංකාර හෝටලයේ නිර්මාතෘ ඩඩ්ලි සිරිසේන මිත්‍රයාට හෘදයාංගම සුබ පැතුම්! ඔහුගේ දැක්ම, කැපවීම සහ උසස් ආගන්තුක සත්කාරය මෙම හෝටලයේ සෑම අංශයකින්ම පැහැදිලිවම දක්නට ලැබෙනවා.

උණවටුනේ නිදහස්, සුවපහසු සහ අමතක නොවන නිවාඩුවක් ගත කිරීමට Araliya Beach Resort ඉතාමත් සුදුසු ස්ථානයක් බව මගේ අත්දැකීමයි.

ඩඩ්ලි මිතුරාටත්, ඔහුගේ කණ්ඩායමටත් තව තවත් සාර්ථකත්වය ප්‍රාර්ථනා කරනවා! ❤️🇱🇰

දේශපාලන පලිගැනීම් අවසන් වන්නේ කවදාද?පසුගිය දින කෙටි නිවාඩුවකට එතෙර සිට ශ්‍රී ලංකාවට පැමිණි මගේ පුත් ඩියෝන් අද යුරෝපයේ ප්...
02/07/2026

දේශපාලන පලිගැනීම් අවසන් වන්නේ කවදාද?

පසුගිය දින කෙටි නිවාඩුවකට එතෙර සිට ශ්‍රී ලංකාවට පැමිණි මගේ පුත් ඩියෝන් අද යුරෝපයේ ප්‍රමුඛ විශ්වවිද්‍යාලයක රසායන විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රපති (MSc) උපාධිය හදාරමින් සිටින ශිෂ්‍යයෙකි.

එදා මා තානාපති ධුරය භාර නොගෙන යුක්රේනයේ ව්‍යාපාරිකයෙකු ලෙසම ජීවත් වීමට තීරණය කළා නම්, අද අපේ පවුලේ සියලු දෙනා එක රටක, එක නිවසක, එකට ජීවත් වනු ඇතැයි මම අදත් විශ්වාස කරමි.

2006 වසරේ මොස්කව්හි ශ්‍රී ලංකා තානාපති ලෙස සේවය ආරම්භ කළ කාලයේදී ඩියෝන් තම පාසල් දිවිය ආරම්භ කළේ ඉන්දියානු කේන්ද්‍රීය විද්‍යාලයෙනි.

එහෙත් යහපාලන සමයේ දේශපාලන පලිගැනීම් හේතුවෙන් ඔහුගේ අධ්‍යාපන ගමනද රටින් රටට ගෙන යාමට සිදු විය. ඩුබායිහි පාසලක වසර කිහිපයක් අධ්‍යාපනය ලැබූ ඔහු, 2018 දී ශ්‍රී ලංකාවට පැමිණ රෝයල් ඉන්ස්ටිටියුට්හිදී අපොස සාමාන්‍ය පෙළ හා උසස් පෙළ විභාග ඉතා සාර්ථකව සමත් විය.

ඩියෝන්ට එවැනි අස්ථාවර ජීවිතයක් උරුම වූයේ ඔහු දේශපාලනය කිරීම නිසා නොව, දේශපාලනඥයෙකුගේ පුතෙකු වීම පමණි.

වසර 35ක් නොකඩවා විදේශගතව ජීවත් වූ මා, 2020දී ශ්‍රී ලංකාවට පැමිණියේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් යහපාලන සමයේ දේශපාලන පලිගැනීම්වලට ලක්වූ අපට සාධාරණයක් ඉටු කරනු ඇතැයි වූ දැඩි විශ්වාසයෙනි.

එහෙත් එය සිදු නොවීය.

මිග් යානා ගනුදෙනුව ඇතුළු දේශපාලන පලිගැනීම්වලට අදාළව මා නැවත නැවතත් පෙන්වා දුන් කරුණු ගෝඨාභය රජයේ අවධානයට ලක් නොවීය. එදා නොසලකා හැරුණු එම ප්‍රශ්නවල ප්‍රතිවිපාක අද මා පමණක් නොව, ඒවා නොසලකා හැරීමට වගකිව යුතු බොහෝ දෙනාද විඳිමින් සිටිති.

පසුගිය වසර එකොළහ පුරා මට පමණක් නොව, මගේ පවුලේ සියලු දෙනාටම දේශපාලන පලිගැනීම්වල බර දරාගෙන ජීවත් වීමට සිදුවිය.

අද එවැනි අත්දැකීම් රාජපක්ෂ පවුලේ සාමාජිකයන්ට පමණක් නොව, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ටද අඩු වැඩි වශයෙන් මුහුණ දීමට සිදුව තිබේ.

ඒ පිළිබඳව මට කිසිදු සතුටක් නැත. මන්ද, දේශපාලන පලිගැනීම යනු කුමක්දැයි මා හොඳින් හඳුනන නිසාම, කාට සිදු වුවද එය අසාධාරණයම වන බැවිනි.

පසුගිය දින ඩියෝන්ද කැටුව, මගේ ජීවිතයේ වැදගත්ම අවස්ථාවලදී මට ශක්තියක් වූ මහින්ද අයියා හමුවීමට ගියෙමි. ඩියෝන්ගේ අධ්‍යාපනය, අනාගතය සහ විදේශ ජීවිතය පිළිබඳව මහින්ද අයියා සමඟ දහවල් ආහාරය ගනිමින් අපි දිගු වේලාවක් කතා කළෙමු.

එහිදී මා මහින්ද අයියාට පැවසූ එක් කරුණක් අද ඔබ සැම සමඟද බෙදාගැනීමට කැමැත්තෙමි.

“භීතියෙන්, සැකයෙන් සහ දේශපාලන බලපෑම්වලින් පාලනය වන පොලිස් රාජ්‍යයක තම ජීවිතය ගොඩනැගීමට මගේ දරුවන්ට අවශ්‍ය නැහැ.”

රටක නීතිය සෑම පුරවැසියෙකුටම එකසේ ක්‍රියාත්මක විය යුතුය. පාලකයන් මාරු වන සෑම අවස්ථාවකම නීතිය දේශපාලන පළිගැනීමේ ආයුධයක් බවට පත් වන්නේ නම්, ඒ රටේ පරාජිතයන් වන්නේ දේශපාලනඥයන් පමණක් නොවේ.

පරාජය වන්නේ සම්පූර්ණ පරම්පරාවකි.

දේශපාලන පලිගැනීම්වල සැබෑ ගොදුරු වන්නේ දේශපාලනඥයන් නොව, ඔවුන්ගේ දරුවන්, පවුල් සහ අනාගත පරම්පරාවයි.

“දේශපාලනයේ ජයග්‍රහණ හෝ පරාජයන් තාවකාලිකය. එහෙත් දේශපාලන පලිගැනීම් නිසා දරුවන්ගේ සිහින බිඳ වැටුණොත්, එම තුවාල පරම්පරා ගණනාවක් පුරා සුව නොවිය හැකිය.”

- උදයංග වීරතුංග, හිටපු ශ්‍රී ලංකා තානාපති


🇱🇰 රුසියානු සංචාරකයන්ගේ පැමිණීම — නිල දත්ත📊 2023 – 197,498 (+110%)📊 2024 – 201,920 (+2%)📊 2025 – 186,580 (–8%)📊 2026 (ජන...
06/06/2026

🇱🇰 රුසියානු සංචාරකයන්ගේ පැමිණීම — නිල දත්ත

📊 2023 – 197,498 (+110%)
📊 2024 – 201,920 (+2%)
📊 2025 – 186,580 (–8%)
📊 2026 (ජනවාරි–මැයි) – 76,226 (–31%)

මේවා මතයන් නොවේ. නිල සංචාරක දත්තය.

රුසියාව අදත් ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සංචාරක වෙළඳපොළවලින් එකකි. විශේෂයෙන් දකුණු වෙරළ කලාපයේ හෝටල්, ආපනශාලා සහ කුඩා ව්‍යාපාර රැසක ආදායම රුසියානු සංචාරකයන් මත රඳා පවතී.

එවැනි පසුබිමක, 2026 වසරේ මුල් මාස 5 තුළ රුසියානු සංචාරකයන්ගේ පැමිණීම 31% කින් පහළ යාම බරපතළ අනතුරු ඇඟවීමකි.

සංචාරක කර්මාන්තය දේශපාලන වේදිකාවක් නොවේ. එය විශ්වාසය, ගුවන් සම්බන්ධතා, වෙළඳපොළ ප්‍රවර්ධනය සහ ජාත්‍යන්තර වාණිජ සබඳතා මත පදනම් වූ තරඟකාරී කර්මාන්තයකි.

අද අවශ්‍ය වන්නේ:

✔️ රුසියානු සංචාරක ආයතන සමඟ සෘජු සබඳතා ශක්තිමත් කිරීම
✔️ Charter Flight වැඩසටහන් පුළුල් කිරීම
✔️ ශීත සමය ඉලක්ක කර විශේෂ ප්‍රවර්ධන ව්‍යාපාර ක්‍රියාත්මක කිරීම
✔️ තරඟකාරී මිල ගණන් සහ උසස් සේවා තත්ත්වය පවත්වා ගැනීම

රුසියාවට ගොස් දේශපාලන කතා පැවැත්වීමෙන් සංචාරකයන් ගෙන්වා ගත නොහැක. සංචාරක වෙළඳපොළ ජයගත හැක්කේ විශ්වාසය, සබඳතා සහ වෘත්තීය ප්‍රවේශයකින් පමණි.

මහාචාර්යතුමාගේ පච ප්‍රකාශ නොව, ප්‍රතිඵල අවශ්‍යයි.

— උදයංග වීරතුංග
රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති

🇱🇰 Прибытие российских туристов в Шри-Ланку — официальные данные

📊 2023 — 197,498 (+110%)
📊 2024 — 201,920 (+2%)
📊 2025 — 122,580 (–8%)
📊 2026 (январь–май) — 76,226 (–31%)

Это не мнения. Это официальная туристическая статистика.

Россия по-прежнему остается одним из важнейших туристических рынков для Шри-Ланки. Особенно сильно от российских туристов зависят отели, рестораны и малый бизнес на южном побережье страны.

На этом фоне снижение числа российских туристов на 31% за первые пять месяцев 2026 года является серьезным тревожным сигналом.

Туристическая отрасль — это не политическая площадка. Это конкурентная международная индустрия, основанная на доверии, транспортной доступности, маркетинге и долгосрочных коммерческих связях.

Сегодня необходимо:

✔️ Укреплять прямые связи с российскими туристическими компаниями
✔️ Расширять программы чартерных рейсов
✔️ Реализовывать специальные маркетинговые кампании, ориентированные на зимний сезон
✔️ Поддерживать конкурентоспособные цены и высокий уровень сервиса

Поездки в Россию с политическими заявлениями не приводят к росту туристического потока. Туристический рынок развивается благодаря доверию, партнерским отношениям и профессиональному подходу.

Нужны не громкие заявления, а реальные результаты.

— Удаянга Виратунга
Бывший Посол Шри-Ланки в Российской Федерации

#шриланка #Туризм #Россия #Унаватуна

වසර 23කට පෙර අද වැනි දිනක, යුක්රේනයේ කිව් නගරයේදී ඔබ මෙලොව එළිය දුටුවාය.එදා මාගේ ප්‍රාර්ථනය වූයේ ඔබව සදාකාලිකවම අප ළඟ තබ...
02/06/2026

වසර 23කට පෙර අද වැනි දිනක, යුක්රේනයේ කිව් නගරයේදී ඔබ මෙලොව එළිය දුටුවාය.
එදා මාගේ ප්‍රාර්ථනය වූයේ ඔබව සදාකාලිකවම අප ළඟ තබා ගැනීමයි. එහෙත් කාලයේ හැරවුම් හා දේශපාලන පළිගැනීම් හේතුවෙන්, අපට මව්බිම තුළ තනිව ජීවත් වීමට සිදු විය.

අද වන විට ඔබ ස්වාධීන, උගත්, ශක්තිමත් මෙන්ම තම ජීවිතය තමන්ගේම හැකියාවෙන් ගොඩනඟාගත් තරුණ කාන්තාවකි. ඒ පිළිබඳව අපට ඇත්තේ අසීමිත ආඩම්බරයකි.

ඔබ ආචාර්යවරියක් ලෙස ජීවිතයේ තවත් උසස් ජයග්‍රහණ අත්කර ගනිමින්, එතෙර සිට නිවාඩුවකට මව්බිමට පැමිණෙන දිනය තෙක්, ආදරයෙන් හා බලාපොරොත්තුවෙන් ඔබ දෙස බලා සිටීමට අපට සිදුව ඇත.

සිතාරා, ඔබට සුභ උපන්දිනයක් වේවා!
දීර්ඝායුෂ, සුවය, සතුට සහ ඔබගේ සියලු පැතුම් ඉටුවන සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරමි.
චිරං ජයතු!

28/05/2026

නැවතිලා නැහැ කෙල්ලේ අපේ ආදරය..

🇱🇰 “කුරහන් සාටකය” යනු රුහුණේත් රජරටත් හේන්වල දහඩිය හෙලූ මිනිසුන්ගේ ලේ, දහඩිය හා කැපවීමෙන් ගොඩනැගුණු ජනබලයේ සංකේතයකි.ඒ බල...
27/05/2026

🇱🇰 “කුරහන් සාටකය” යනු රුහුණේත් රජරටත් හේන්වල දහඩිය හෙලූ මිනිසුන්ගේ ලේ, දහඩිය හා කැපවීමෙන් ගොඩනැගුණු ජනබලයේ සංකේතයකි.

ඒ බලය බිඳ හෙලීම ලේසි නැත.
මන්ද, මහින්ද රාජපක්ෂ නම් මිනිසා තම දේශපාලන ගමන ගොඩනඟා ඇත්තේ මේ රටටත් ජනතාවටත් තිබූ ආදරය, දයාව සහ කැපවීම මතය.

ඔහු පරාජය කළ හැක්කේ, මේ මාතෘභූමියටත් ජනතාවටත් ඔහුට වඩා ආදරය කරන, වඩා කැපවෙන, වඩා සේවය කරන නායකයෙකුට පමණි.

ජනතාව වෙනුවෙන් හඬනඟන, රට වෙනුවෙන් කැපවන, අනාගතය වෙනුවෙන් සටන් කරන නායකත්වයක් අද බිහිවෙමින් පවතී… 🇱🇰

🟥 කුරහන් සාටකය තවමත් ජන හදවත්වල ජීවත් වේ.

25/05/2026

මහින්ද නාමෙන් පිපෙන නෙළුම් මල්..

🕯️ වසර 14 කට පෙර අපේ අම්මාද, වසර 13 කට පෙර අපේ තාත්තාද අපෙන් සමුගත්තේය.2012 මැයි 10 දින අම්මාගේ වියෝවෙන් වසරකට පසු, 2013...
23/05/2026

🕯️ වසර 14 කට පෙර අපේ අම්මාද, වසර 13 කට පෙර අපේ තාත්තාද අපෙන් සමුගත්තේය.

2012 මැයි 10 දින අම්මාගේ වියෝවෙන් වසරකට පසු, 2013 මැයි 22 දින තාත්තාද අප හැර ගියේය.
තම ජීවිතය පුරා මහන්සියෙන් උපයාගත් දේ දරුවන්ට බෙදාදී, අවසාන කාලය දරුවන්ගේ ආදරය අතර ගත කළ ඔහු, තම මළගෙදරට අවශ්‍ය මුදල් පවා දරුවන්ට බරක් නොවන්නට පෙර සූදානම් කර තිබුණේය.

එවැනි දෙමව්පියන් දෙදෙනෙකුගේ දරුවෙකු වීම ගැන අදත් මට ඇත්තේ අභිමානයකි.

🙏 ඒ දෙපළගේ පිං සිහිකිරීම වෙනුවෙන්, අද අපි තලවතුගොඩ, වික්‍රමසිංහපුර පාරේ පිහිටි වැඩිහිටි නිවාසයේ අම්මලා සහ තාත්තලා 105 දෙනෙකුට දහවල් ආහාර රැගෙන ගියෙමු.

අද සමාජයේ බොහෝ දෙමව්පියන් ජීවිතයේ අවසාන කාලය ගත කරන්නේ වැඩිහිටි නිවාසවලය.
ඒ නිසා, හැකි අයුරින් මෙවැනි ස්ථානවල සිටින අම්මලා තාත්තලා වෙනුවෙන් යමක් කරන්න.
ඔවුන්ට අවශ්‍ය වන්නේ ආහාර පමණක් නොව — කෙනෙකුගේ කතාබහක්, සෙනෙහසක් සහ මතක් කිරීමක්ය.

❤️ “දෙමව්පියන් ජීවත්ව සිටින කාලය තුළ ඔවුන්ට ලබාදෙන ආදරයම, දරුවෙකුගේ සැබෑ වත්කමයි.”

— උදයංග වීරතුංග
23.05.2026

🇱🇰 රුසියානු සංචාරකයන්ගේ පැමිණීම — නිල දත්ත📊 2023 – 197,498 (+110%)📊 2024 – 201,920 (+2%)📊 2025 – 186,580 (–8%)📊 2026 (ජන...
22/05/2026

🇱🇰 රුසියානු සංචාරකයන්ගේ පැමිණීම — නිල දත්ත
📊 2023 – 197,498 (+110%)
📊 2024 – 201,920 (+2%)
📊 2025 – 186,580 (–8%)
📊 2026 (ජනවාරි–අප්‍රේල්) – 72,816 (–32%)

කයිතන්ගේ මාලිමා රජයේ මුල් මාස 4 තුළ රුසියානු සංචාරකයන්ගේ පැමිණීම 32% කින් පහළ ගොස් ඇත.

මෙය මතයක් නොවේ.
මෙය නිල සංචාරක දත්තයයි.

⚠️ වත්මන් ප්‍රවණතාවය අනුව 2026 වසර අවසන් වන විට මෙම අඩුව 55% දක්වා ඉහළ යා හැකි බව මම සටහන් කරමි.

මෙය සරල සංඛ්‍යාත්මක වෙනසක් පමණක් නොවේ.
ශ්‍රී ලංකාවේ සංචාරක ප්‍රතිපත්ති අසාර්ථකත්වයේ පැහැදිලි සංඥාවක් බවට මෙය පත්විය හැක.

මහාචාර්යතුමා රුසියාවට ගොස් පසුගිය රජයන් විවේචනය කිරීමෙන් සංචාරකයන්ගේ පැමිණීම වැඩි නොවේ.
සංචාරක වෙළඳපොළ ක්‍රියාත්මක වන්නේ දේශපාලන සටන් පාඨ මත නොව — විශ්වාසය, සබඳතා සහ වාණිජ තීරණ මතය.

📌 සංචාරක ක්ෂේත්‍රය දේශපාලන වේදිකාවක් නොවේ — එය තරඟකාරී ජාත්‍යන්තර වාණිජ කර්මාන්තයකි.
අවශ්‍ය වන්නේ:
✔️ රුසියානු සංචාරක ආයතන සමඟ දිගුකාලීන විශ්වාසය ගොඩනැගීම
✔️ Charter flight ගිවිසුම් ව්‍යාප්ත කිරීම
✔️ ශීත සමය ඉලක්ක කර විශේෂ ප්‍රවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම
✔️ තරඟකාරී හෝටල් මිල ගණන් සහ සේවා තත්ත්වය පවත්වා ගැනීම

🏨 රුසියානු සංචාරකයන් අද ශ්‍රී ලංකා සංචාරක ආර්ථිකයට අත්‍යවශ්‍ය වෙළඳපොළකි — විශේෂයෙන් දකුණු සහ වෙරළ කලාපයේ හෝටල් කර්මාන්තයට.
❗ පච නොව — ප්‍රතිඵල අවශ්‍යයි.
❗ 2026 වසරේ 55% අඩුවීමක් වීමට ඉඩ නොදිය යුතුයි.

— උදයංග වීරතුංග
රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති



🇷🇺 Прибытие российских туристов — официальные данные
📊 2023 – 197,498 (+110%)
📊 2024 – 201,920 (+2%)
📊 2025 – 186,580 (–8%)
📊 2026 (январь–апрель) – 72,816 (–32%)

За первые четыре месяца правления правительства «Малима» количество российских туристов, прибывших в Шри-Ланку, сократилось на 32%.

Это не мнение.
Это официальная статистика.

⚠️ При сохранении нынешней тенденции к концу 2026 года снижение может достичь 55%.
Речь идет не просто о статистическом спаде.
Это может стать одним из самых явных признаков провальной туристической политики.

Поездки в Россию и критика предыдущих правительств не увеличивают туристический поток.
Туристический рынок работает не на политических лозунгах, а на доверии, партнерстве и коммерческих отношениях.

📌 Туризм — это не политическая сцена, а конкурентная международная отрасль экономики.

Что необходимо:
✔️ Восстановление доверия и долгосрочных связей с российскими туроператорами
✔️ Расширение соглашений по charter flights
✔️ Специальные зимние promotional campaigns для российского рынка
✔️ Конкурентные цены в гостиничном секторе и качественный сервис

🏨 Российские туристы сегодня критически важны для туристической экономики Шри-Ланки — особенно для гостиничного бизнеса в прибрежных районах.

❗ Нужны не заявления — нужны результаты.
❗ Нельзя допустить падения на 55% в 2026 году.

— Удаянга Виратунга
Бывший Посол Шри-Ланки в России

#шриланка #Туризм

Address

Temple Trees
Colombo

Alerts

Be the first to know and let us send you an email when Udayanga Weeratunga posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Udayanga Weeratunga:

Shortcuts

Share