Venerable Kirinde Dhamminda

Venerable Kirinde Dhamminda If you can't handle stress, you can't handle success.

🌸🙏 චිරං ජයතු අපේ නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ (පිරිවෙන්) නායක සමිදුන්ට🙏🌸🌸 තෙරුවන් සරණයි 🌸
10/02/2024

🌸🙏 චිරං ජයතු අපේ නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ (පිරිවෙන්) නායක සමිදුන්ට🙏🌸
🌸 තෙරුවන් සරණයි 🌸

꧁━━━━━━ •⊰🛞⊱• ━━━━━━꧂               බෝසත් කුමරුගේ           නම් තැබීමේ උත්සවය꧁━━━━━━ •⊰🛞⊱• ━━━━━━꧂බෝසතාණන් වහන්සේ ඉපිද ප...
12/01/2024

꧁━━━━━━ •⊰🛞⊱• ━━━━━━꧂
බෝසත් කුමරුගේ
නම් තැබීමේ උත්සවය
꧁━━━━━━ •⊰🛞⊱• ━━━━━━꧂

බෝසතාණන් වහන්සේ ඉපිද පස්වැනි දවස විය. සුදොවුන් රජතුමා පුත්‍රයාණන්ගේ ශරීර ලක්ෂණ පිරික්සැවීමට ද නමක් තැබ්වීමට ද අදහස් කෙළේ ය.

මෙසේ හේ උගත් බමුණන් එක්සිය අට දෙනකු (108) ගෙන්වා ආහාරපානාදියෙන් සත්කාර කොට, තමා ඔවුන් ගෙන්වු කාරණය සැළ කෙළේ ය.

ඔහු ද “මැනැවැ” යි ගිවිසැ තුමූ ම සාකච්ඡා කොට තම පිරිසෙහි වූ අග්‍ර ම පඬිවරුන් අට දෙනාට ඒ කාර්‍ය්‍ය පැවරූහ.

ඒ අට දෙනා වනාහි රාම, ධජ, ලක්ඛණ, මන්ති, කොණ්ඩඤ්ඤ, භෝජ, සුයාම, සුදත්ත යන බමුණෝය.

ඔහු බෝසතාණන්ගේ ගත ලකුණු විමැසූහ. තමන් දත් ශාස්ත්‍රය පරිදි සිය නිගමනය පැවැසූහ.

“මේ කුමාරයාණෝ ගිහිගෙයි රැඳෙන්නාහු නම් මුළු පොළොව ම පාලනය කරන සක්විති රජෙක් වන්නාහ. ඉදින් ගිහි ගෙයින් නික්ම ගියෝ නම් පැවිදි ව ලොවුතුරා බුදු වන්නාහ යි ඇඟිලි දෙකක් ඔසොවා රාම, ධජ, ලක්ඛණ යන තිදෙන කීහ.

එහෙත් අනිත් මන්ති, කොණ්ඩඤ්ඤ, භෝජ, සුයාම, සුදත්ත යන පස් දෙනා කුමාරයාණන්ගේ ගත ලකුණු බලා එකැඟිල්ලක් ම ඔසොවා,

“මහරජාණනි, අප දන්නා ශාස්ත්‍රය අනුව නම් මෙතුමාණෝ කිසිසේත් ගිහිගෙයි නොරැඳෙන්නාහ. ගිහි ගෙන් නික්ම පැවිදි වූ ලොවුතුරා බුදු වන්නාහු මැයැ” යි නිශ්චිත කොට කීහ.

ඉක්බිති “පුතකු ලබම්හ” යි බොහෝ කලක් රජහු බලාපොරොත්තු වූ අර්ථය සිද්ධ කළ බැවින් “සිද්ධ කළ අභිමතාර්ථය ඇත්තේ ය” යන අදහස අනුව, “සිද්‍ධාර්ථ” යන නම දුන්හ.

“මගේ පුත්‍රයාණෝ කරුණක් නැති ව ගිහිගෙය හැර නො යති. කිමෙකින් කලකිරී ගිහිගෙය හැර දමා යන්නේ දැ?” යි රජ ඇසී ය.

බමුණෝ තමන් උගත් *මහා පුරුෂ ලක්ෂණ විද්‍යාව* අනුව විමසන්නෝ “මහල්ලකුත් ලෙඩකුත් මිණියකුත් පැවිද්දකුත් දැක ම ගිහි ගෙය හැර යන්නාහ” යි කීහ.

[මහා පුරුෂ ලක්ෂණ විද්‍යාව යනු;
අන්තඃකල්පාරම්භයේ දී දෙවියන් සෘෂීන් මගින් මහා පුරුෂ ලක්ෂණ විද්‍යාව දුන්හයි අම්බට්ඨ සුත්ත අටුවාහි දැක්වේ. මෙහි යටත් පිරිසෙයින් මහා පුරුෂ ලක්ෂණ එකක්වත් ඇති පිනැතියන් උපදනා කාලය මා පියන්ගේ නම් ගම් ආදිය දැක්වේ. මේවා අද නාඩි වාක්‍ය නමින් ප්‍රසිද්‍ධය. සමහර සෘෂින්ගේ වාක්‍යවල මතු සිදුවන සමහර දෑ අනියමින්ද සමහරුන්ගේ වාක්‍යවල නිශ්චය කොටද දැක්වේ. මහ පටැඟිල්ල බලාද සම්පූර්ණ ඵල කියත හැකි ක්‍රම සමහරෙක දැන්වේ.]

පුත්‍රයාණන් සක්විති රජක්හු වී සිටිනු දක්නට ම අපේක්ෂා කළ රජතුමා “ඒ පෙර නිමිති දැක්ම වැළැක්වූ විට ගිහිගෙයි ම රැඳෙතැ” යි සලකා එසේ කරන්නට ඉටා ගත්හ.

එතැන් සිට බෝසතාණෝ ගෝත්‍ර නාමයත් සහිත ව සිද්‍ධාර්ථ ගෞතම නමින් ප්‍රකට වූහ.

අම්බට්ඨ සූත්‍ර වර්ණනාව
https://tipitaka.lk/atta-dn-1-3/sinh

Happy New Year 2024.May the new year bring happiness, peace and prosperity.
31/12/2023

Happy New Year 2024.

May the new year bring happiness, peace and prosperity.

❤️‍🩹🌏☸️✋💕
16/12/2023

❤️‍🩹🌏☸️✋💕

03/09/2023
පාරිලෙයියක සූත්‍ර වර්ණනාව භද්දසාලමූලෙ” යනු පාරිලෙය්‍ය වැසියෝ භාග්‍යවතුන් වහන්සේට දන් දුන්හ. පාරිලෙය්‍ය නුවරට නුදුරෙහි ‘ර...
02/09/2023

පාරිලෙයියක සූත්‍ර වර්ණනාව

භද්දසාලමූලෙ” යනු පාරිලෙය්‍ය වැසියෝ භාග්‍යවතුන් වහන්සේට දන් දුන්හ. පාරිලෙය්‍ය නුවරට නුදුරෙහි ‘රක්‍ෂිත’ නම් වන ලැහැබක් ඇත. එහි භාග්‍යවතුන් වහන්සේට පන්සලක් කරවා දී, එහි වසනු මැනව’යි ප්‍රතිඥා දී වාසය කරවූහ. එහි භද්‍රසාල යන නම ඇති ප්‍රියජනක-සිත්කලු සල්රුකක් ඇත. භාග්‍යවතුන් වහන්සේ ඒ නගර ඇසුරු කරගෙන ඒ වන ලැහැබෙහි පන්සල සමීපයේ එම රුක්මුලෙහි වැඩවාසය කරන සේක. එනිසා ‘භද්දසාල මූලෙ’ යනුවෙන් කියන ලදී.

මෙසේ තථාගතයන් වහන්සේ වැඩවෙසෙන කල්හි එක්තරා ඇත්නායකයෙක්, ඇතින්නියන්-ඇත් පැටවුන් විසින් ගොදුරු බිමේදී, නානතොටේදී කරදරයට පැමිණියේ; රැළ කෙරෙහි කළකිරි “මට මේ ඇතුන්ගෙන් කවර වැඩක්ද?” යි රැළ අත්හැර මිනිස් පථයට යනුයේ පාරිලෙය්‍ය වනලැහැබෙහි වැඩහුන් බුදුපියාණන් වහන්සේ දැක කළදහසකින් නිවන ලද සන්තාපයක් (තැවීමක්) මෙන් නිවුණු සිතැතිව තථාගතයන් සමීපයේ සිටියේය. ඒ ඇතා එතැන් පටන් ශාස්තෲන් වහන්සේට වත්පිළිවෙත් කරමින් මුව දෝනා පැන් සපයයි. නෑමට දිය ගෙනවුත් දෙයි. දත්මදින උපකරණ ගෙනවිත් දෙයි. පිරිවෙන අමදියි. කැළයෙන් මිහිරි ඵලවැල ගෙනවුත් උන්වහන්සේට දෙයි. බුදුහු ඒවා පරිභෝග කරති.

එක් දිනක් බුදුපියාණන් වහන්සේ මුලු රෑම සක්මන් කර, ගල්තලාවෙහි වැඩහුන්හ. ඇතා ද නුදුරු තැනක සිටියේය. ශාස්තෲන් වහන්සේ පසුපස බලා කිසිවකු නුදුටු සේක. එසේම ඉදිරියෙහිද කිසිවකු නුදුටු සේක. දෙපැත්තෙහිද කිසිවකු නුදුටු සේක. එවිට උන්වහන්සේට “මම ඒකාන්තයෙන් සුවසේ වෙසෙමි. මෙහි කලහ කරන්නෝ නොමැත. එබැවින් සුවසේ වෙසෙමි”යි සිතක් පහළ වූ සේක. ඇතාටද “මවිසින් නැමූ අත්ත අනිකකු නොකයි” ආදි වශයෙන් “මම ද හුදකලාව සැපසේ වසමි. ශාස්තෲන් වහන්සේට වත්පිළිවෙත් කිරීමට ඉඩ ලද්දෙමි”යි යන සිත පහළවිය. බුදුහු තමන්වහන්සේ සිත බලා “මට මෙබඳු සිතක් පහළවිය. ඇතුට කවර සිතක් වේද?”යි විමසා දැන ඔහුගේ සිතද එබඳුම බව දැන “අප දෙදෙන සම සිත් ඇත්තෝය”යි මේ ප්‍රීති වාක්‍යය පහළ කල සේක.

“මේ නගුලිස වැනි දික් දත් ඇති හස්ති නාගයා සමග හුදකලාව වනයේ ඇලී වෙසෙන බුද්ධනාගයන් වහන්සේගේ සිතින් සිත සමාන වේ.”

#යට්ටපාත

නිරාගමිකයො කඩාකප්පල් කරන්න උත්සහ ගද්දි රටේ සංස්කෘතිය අනාගතයට ගෙනියන අලුත්ම පරම්පරාව..✍️ ❤️❤️
31/08/2023

නිරාගමිකයො කඩාකප්පල් කරන්න උත්සහ ගද්දි රටේ සංස්කෘතිය අනාගතයට ගෙනියන අලුත්ම පරම්පරාව..✍️ ❤️❤️

මනෝ විද්‍යාවට අනුව,🧠1. කෙනෙක් එකපාරටම කැත වෙලා , මූනෙ වියැකිලා යනවා නම් එයා පමණට වඩා ප්‍රශ්න වලට හිරවෙලා ඉන්න කෙනෙක්..එය...
27/08/2023

මනෝ විද්‍යාවට අනුව,🧠

1. කෙනෙක් එකපාරටම කැත වෙලා , මූනෙ වියැකිලා යනවා නම් එයා පමණට වඩා ප්‍රශ්න වලට හිරවෙලා ඉන්න කෙනෙක්..එයාට විසඳගන්න දේවල් ගොඩක් ඔලුවෙ හිර කරන් ඔහේ ජීවත් වෙන කෙනෙක්..

2.නියපොතු කනවා නම් , හැමවෙලේම තමන්ගේ ඉදිරිය ගැන මොනාවෙයිද කියලා කල්පනා කරන කෙනෙක් .. හැමදේම ජීවිතේ පැටලිලා වගේ අවුලෙන් ඉන්න කෙනෙක්.

3.කෙනෙක් ඕනවට වඩා හුඟක් වෙලා නිදාගන්නවා නම්, එයා හුඟක් ලොකු දුකකින් ඉන්න කෙනෙක්. ඒ කියන්නෙ එයාගෙ හිත ඇතුළෙ ලොකු දුකක් තියෙනවා.

4. කෙනෙක් ඕනවට වඩා කෑම ගන්නවා නම්, එයා ලොකු මානසික පීඩනයක ඉන්න කෙනෙක්."උඹට නම් කා , බෑ නේද පෙරේතකම කියන්න යන්න කලින් හිතලා බලන්න.

5. කෙනෙක්ට පුංචි දේකටත් කේන්ති යනවා නම්, එයාට කාගෙ හෝ රැකවරණය, අවධානය, ආදරය තදින්ම බලාපොරොත්තු වෙනවා.එහෙම අය එක්ක එල්ලි එල්ලි යන්න කලින් හොඳට අහන්න රංඩුවෙන්නෙ ඇයි කියලා ..

6. කෙනෙක් ඕනවට වඩා හිනා වෙනවා නම්, එයා හිතින් ගොඩක් දුක් විඳින කෙනෙක්.හිනාවෙන්න හේතුවක් හොයන කෙනෙක්.

7.අනුන්ගේ සම්බන්ධයක් කැඩෙන්න කලින් දාහක් දේවල් කරලා හරි ඒක රැකගන්න කැපවෙනවා නම් එයා එයාගෙ ජීවිතේ ඇතුලෙ සම්බන්ධයක් බිඳීම නිසා අසීමාන්තික ව දුක් වින්ද කෙනෙක්..

ඉතින් ඔයාලගෙ වටේ ඉන්න අයට ඇහුම්කන් දෙන්න. එයාලා ප්‍රශ්නයක් කිව්වොත් පුංචි වෙලාවක් එයා වෙනුවෙන් වෙන් කරන්න.

ඔයාට පුළුවන් වෙයි තව කෙනෙක්ගෙ ජීවිතයට මොහොතකට හරි ශක්තියක් වෙන්න. හැම වෙලේම මෙහෙම කෙනෙක්ට ආලෝකයක් වෙන්න.

උපුටා ගැනිම අවසන්..✍🏻

රුවන්ඩාවත් චන්ද්‍රිකාවක් කක්ෂගත කරයි."""මේ පින්තූරය ඊට අදාල නොවේ"""😐
15/08/2023

රුවන්ඩාවත් චන්ද්‍රිකාවක් කක්ෂගත කරයි.
"""මේ පින්තූරය ඊට අදාල නොවේ"""😐

♥️✨🦋ඔබගේ මායාකාරී යටිසිත අසිරිමත් දේ සිදුකරාවී.... ඔබට අවැසි සියලුම දේ ලබා දේවී....  ඉතින්...  පුරවන්න ඇයව.... ධනාත්මක ස...
12/08/2023

♥️✨🦋ඔබගේ මායාකාරී යටිසිත අසිරිමත් දේ සිදුකරාවී.... ඔබට අවැසි සියලුම දේ ලබා දේවී.... ඉතින්... පුරවන්න ඇයව.... ධනාත්මක සිතුවිලි වලින් පමණක්ම.... එවිට වේවි ඔබ විශිෂ්ටතම පුද්ගලයෙක්...... 🦋✨♥️

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when Venerable Kirinde Dhamminda posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share