Mohamed Fuzly - Activist

Mohamed Fuzly - Activist Social and civil Activist with a vision of to change the lifestyles, corrupted political system in Sri Lanka and suburbs

අද දින (22.09.2022) ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතට එරෙහිව එම පනත හකුළා ගනිව් මැයෙන් ඉලංගෛ තමිලරසු පක්ෂයේ කන්කසන්තුරේ සිට හම...
22/09/2022

අද දින (22.09.2022) ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතට එරෙහිව එම පනත හකුළා ගනිව් මැයෙන් ඉලංගෛ තමිලරසු පක්ෂයේ කන්කසන්තුරේ සිට හම්බන්තොට දක්වා අත්සන් එකතු කිරීමේ ව්‍යාපාරය ගාලුමුවදොර පිටියේ දී දේශපාලන නායකයන්, බහුජන සංවිධාන නියෝජිතයන් සහ සමාජ ක්‍රියාධරයින්ගේ සහභාගිත්වයෙන් සිදුවුනා.


The signature campaign, urge government to repel the PTA organised by Youth wing of Ilangai Thamilarasu Party and JUSTICE FOR ALL held at Gallface Green, Co...

මචං වැලිමඩ ඉදලා ඉගෙනගෙන පට්ට කට්ටක් කාල A/l ගොඩ දාල මාර අමාරුවෙන් රජරට වගේ දුර තියෙන කැම්පස් එකකට ගිහින් ,සල්ලී අතේ නැතු...
28/06/2022

මචං වැලිමඩ ඉදලා ඉගෙනගෙන පට්ට කට්ටක් කාල
A/l ගොඩ දාල මාර අමාරුවෙන් රජරට වගේ දුර තියෙන කැම්පස් එකකට ගිහින් ,සල්ලී අතේ නැතුව පාට් ටයිම් ජොබ් කරලා,කට්ට කාල,යාළුවෙකුගෙන් කීයක් හරි ඉල්ල ගෙන ඉගෙන ගෙන එලියට එද්දී ජොබ් එකක් නැතු වුනාම,අතේ සතේ නැති උනාම, අම්මට තාත්තට සලකන්න අතේ සතේ නැතු උනාම,පොඩි නංගි කෙනෙක් මල්ලී කෙනෙක් ඉන්න ගෙදරක ලොකු අයිය කෙනෙක් අක්ක කෙනෙක් වුනාම දැනෙන පීඩනය උඹලට දැනිල නෑ නේද? අම්මට තාත්තට ලෙඩ වෙලා බෙහෙත් ටිකක් අරන් දෙන්න සල්ලී නැති උනාම,හොස්පිටල් එකකට අරන් යන්න ප්‍රෙට්‍රල් නැති උනාම තියෙන පීඩනය උඹට දැනිලා නෑ නේද?

බෙල්ල වැල දාගන්න තරම් පීඩනයක් උඹලට දැනිලා නෑනේද?

මගේ යාළුවෙක්ට මේ ඔක්කොම දැනිලා අද බාල්කෙක එල්ලුනා බන්.

පණ නහගන්න එක වැරදියි.. නමුත් මෙහෙම ඉස්සරහට ගියොත් උබටත් ඒ උත්තරේට යන්න හිතෙයි..
Copied

බංග්ලාදේශයේ සිහින පාලම විවෘත වේ.  ශ්‍රී ලංකාව කඩා වැටෙද්දී, ලංකාවට ණය දෙන බංග්ලාදේශය දකුණු ආසියාවේ විශාලම පාලමක් වන පද්ම...
26/06/2022

බංග්ලාදේශයේ සිහින පාලම විවෘත වේ. ශ්‍රී ලංකාව කඩා වැටෙද්දී, ලංකාවට ණය දෙන බංග්ලාදේශය දකුණු ආසියාවේ විශාලම පාලමක් වන පද්මා පාලම විවෘත කරයි. එහි දුර කිලෝ මීටර 6 කි.

තේමාව - අපේ මුදල්, අපේ පාලම්...

මීට පෙර මෙය තරණය කලේ බෝට්ටු භාවිතා කරමින් වන අතර, දැන් මිලියන ගණනකගේ කාලය හා ශ්‍රමය ඉතුරු කර ගනිමින් අග නගරයට පහසුවෙන් පිවිසිය හැක.

ක්‍රිකට් වලින් පමණක් නොව සංවර්ධනයෙන්ද ඔවුන් ලෝකයට නයි නැටුම් පෙන්වමින් පවතී. ශ්‍රී ලංකාවේ වැසියන් ඔවුන් විසින් පත් කරන ලද පාදඩ දේශපාලකයන්ගේ රිළා නැටුම් බලමින් දවස ගෙවයි.

අපිත් එනවා කහ ඇදගෙන....
24/06/2022

අපිත් එනවා කහ ඇදගෙන....

අවසන් අවස්ථාව...
23/06/2022

අවසන් අවස්ථාව...

තිත්ත වුවත් ඇත්ත මෙයයි.👉රටේ අනාගතය ප‍්‍රශ්නාර්ථයක් ❓ වූ රටක,👉දරුවන්ට නිසි පෝෂණයක් ලබා දීමට නොහැකිව හූල්ලන දෙමාපියන් සිට...
23/06/2022

තිත්ත වුවත් ඇත්ත මෙයයි.

👉රටේ අනාගතය ප‍්‍රශ්නාර්ථයක් ❓ වූ රටක,

👉දරුවන්ට නිසි පෝෂණයක් ලබා දීමට නොහැකිව හූල්ලන දෙමාපියන් සිටින රටක,

👉තමන්ගේ පවුලේ රෝගාතුරව සිටින අය හට නිසි ලෙස බෙහෙත් 💊💉🩸 ලබාගැනීමට අපොහොසත් වූ රටක,

👉 ⛽පෝලිම්වල තරුණයන්ගේ අනාගතය දියවෙන රටක,

👉පෝලිම්වල මිනිසුන් මියැදෙන 🚑 රටක,

පිරිසක් දහස් ගනන් 💸💸වැය කරමින් ඊළඟ මැච් එක බලන්න සූදානම් වන අතරේ මැච් එක බලන්නට අඳින ඇඳුමේ 👕 පාට තෝරති.

19/06/2022

අරගලයේ පණිවිඩය රැගෙන අරගල භූමියෙන් ඔබ්බට අරගලය....
අරගලය ගමින් ගමට....
අලුත්කඩේ මංසන්ධියේ සිට....
19.06.2022

අරගලයේ පණිවිඩය රැගෙන අරගල භූමියෙන් ඔබ්බට අරගලය....අරගලය ගමින් ගමට....අලුත්කඩේ මංසන්ධියේ සිට....19.06.2022
19/06/2022

අරගලයේ පණිවිඩය රැගෙන අරගල භූමියෙන් ඔබ්බට අරගලය....
අරගලය ගමින් ගමට....
අලුත්කඩේ මංසන්ධියේ සිට....
19.06.2022

NEWSPOLITICALUpdated: 57 mins agoගෝඨාභයගේ උපන්දිනය දා අරගලයෙන් ජාතික ශෝක දිනයක්Bymadyawediyaහෙටට (20) යෙදී ඇති ජනාධිපති ...
19/06/2022

NEWSPOLITICAL
Updated: 57 mins ago
ගෝඨාභයගේ උපන්දිනය දා අරගලයෙන් ජාතික ශෝක දිනයක්
By
madyawediya

හෙටට (20) යෙදී ඇති ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ උපන්දිනය දා ජනතා ශෝක දිනයක් ප්‍රකාශයට පත්කිරීමට ගාලුමුවදොර අරගලකරුවන් සූදානම් වන බව අපට වාර්තා වනවා. මේ ගැන අදහස් දක්වන අරගලකරුවකු අප සමග මෙසේ අදහස් පළ කළා.

“ගෝඨාභය රාජපක්ෂ කියන්නෙ කිසිදු විවාදයකින් තොරව මේ රටට බිහි වූ අසාර්ථකම සහ උද්ධච්චම පාලකයෙක්. තමන්ට බැරි බව ඔප්පු වුණාම බැරි බව පිළිඅරගෙන ගෙදර යනවා වෙනුවට තාමත් ලජ්ජා නැතුව පුටුවේ රැඳී ඉන්න මිනිහෙක්. කිසිම හෙවිල්ලක් බැලිල්ලක් නැතුව තීරණ ගැනීම සහ පස්සේ ඒවා රිවර්ස් කිරීම නිසා ජාතික විහිළුවක් බවට පත්වෙලා ඉන්න මිනිහෙක්. මේ මෝඩ අදූරදර්ශී පාලකයා නිසා අද වෙනකොට අපට තෙල් නෑ. ගෑස් නෑ. බෙහෙත් නෑ. ළමයින්ට ඉගෙනගන්න නෑ. විශ්වවිද්‍යාල වහලා. පාරවල බස් නෑ. කොටින්ම රටම අඳුරු වෙලා. රටම මූසල වෙලා. ගෝඨාභය බලයට ආපු අධාර්මික විදිය එක්ක මේවා වෙන බව අපේ මිනිස්සුන්ට කලින් හිතන්න තිබුණා. මීට කලින් මේ රටේ කිසිම පාලකයෙක් බුදුහාමුදුරුවන්ගේ නම විකුණලා කැම්පේන් කරලා නෑ. ගෝඨාභය ඒ මට්ටමට පවා වැටුණා. පාස්කුව පවා විකුණගෙන කෑවා. ඒ සාප තමයි මේ පලදෙන්නේ. අධාර්මික පාලකයන් නිසා රටේ මිනිස්සු දුක් විඳින්න ඕන නෑ. මේ මූසල පාලකයා ගෙදර යන්න ඕන. ඒකයි අපි අවධාරණය කරන්නේ”

හෙට දිනයේ වැඩසටහන ගැන අප ඇසු පැනයට ලැබුණේ මෙවැනි පිළිතුරක්.

“හෙට දිනයේ වැඩසටහන කලින් කියන්න බෑ. මොකද නැත්නම් ආණ්ඩුවේ හෙංචයියන් ඒක කඩාකප්පල් කරන්න ඉඩ තියෙනවා. නමුත් අපි ආරාධනා කරනවා මුළු රටේම ජනතාවට හෙට කළු කොඩි, කළු පටි ආදිය බැඳලා, ගෙවල්වල කළුකොඩි දාලා, කළු ඇඳුම් ඇඳලා, සම්පූර්ණයෙන්ම ජාතික ශෝක දිනයක් ලෙස හිතාගෙන හැසිරෙන්න කියලා.”

ජනාධිපති ගෝඨාභයට ඉල්ලා අස්වන ලෙස බලකරමින් අරගලකරුවන් ගාලුමුවදොරට පැමිණ කරන අඛණ්ඩ උද්ඝෝෂණයට අදට දින දින 70ක්.

https://madyawediya.lk/2022/06/19/ගෝඨාභයගේ-උපන්දිනය-දා-අරග/

Address

Colombo

Telephone

+94771287813

Website

Alerts

Be the first to know and let us send you an email when Mohamed Fuzly - Activist posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Mohamed Fuzly - Activist:

Share

Category