Deepthimath Hetak

Deepthimath Hetak පසින් සැදි මසින් යුතු සේයලු දේ විද්‍ය?

ආදර මිනිසුනි.බලන් කඩතුරා හැර දෑසේ.ඇලෙක්ස් රත්නේ මහත්මයාණනි, ඔබගේ වැඩ පිළිවෙල පසු ගිය දින කීපයේ ම මා නෙත ගැටුනු නිසාම මෙය...
09/07/2021

ආදර මිනිසුනි.
බලන් කඩතුරා හැර දෑසේ.
ඇලෙක්ස් රත්නේ මහත්මයාණනි,
ඔබගේ වැඩ පිළිවෙල පසු ගිය දින කීපයේ ම මා නෙත ගැටුනු නිසාම මෙය ලියන්නට තීරණය කලා.
මහත්තයෝ,
මේ දැවෙන සිත් තවත් දවන්න එපා. මේ රටට මේ මිනිස්සු නිපදවන ද්වේශය ඇති. ගිනීදර ඇති.
ඔබ දන්නව මේ නායකයෝ අපට ලැබෙන්න අපි කල කර්ම එල ලෙස.
ඇයි ඔබ වෙන රටක සුරක්ෂිතව සිටිමින්, මේ අහිංසක මිනිසුන් අවුස්මින් ඒ මිනිසුන් පාරට බස්වා මේ සාපරාදී ක්‍රියාව කරන්නේ.
ඔබ උඩ පැන්නත් ලෝකයේ ධර්මතාවය වෙනස් කරන්න බෑ.
ඔබ ඔහේ ඉදල මිනිසුන්ගේ දාහය නිවන්න පටන් ගන්න.
මේ අසරණ කෙල්ලන්ව කොල්ලන්ව අවුස්සල ඔබ දරණ මතය හෝ ඔබ කැමති කෙනාව ඉස්මතු නොකර ඉස්සර වෙලා මිනිසුන්ගේ හිත නිවන කලාවක් තෝර ගන්න.
හාමුදුරුවන් කරන්නේ ද ද්වේශය අවුස්සන එක. ඒ අය බෙදිල. ඒ අය අද හාමුල වගේ වෙලා හාමුදුරු කම අමතක කරල. මේ බෙදුනු හාමුදුරුවන් ලා තව තවත් බෙදමින් අද වෙනත් අය බොර දියේ මාළු බානවා ඔබට නොපෙනෙන දෑස් මක්කට?
ඔබල උගත් බුදීධිමත් අය නම් වෙන සංහිදිනු සුමට පිළිවෙලක් පිළිවෙතක්
මීට වඩා සංයමයෙන් යුතුව ගේන්න.
"ලේ වැගිරීමකින් තොර, අලුත් ඡිවියෙකු බිහි නොවේ" කී ඡෛව පරිනාමික ඩාවින්ගේ මතය වූ " ලේ වැගිරීමක් නැතිව නව මිනිසා බිහි නොවේ" කී මාක්ස්වාදී මතය ද අද වන විට යල් පැන ගොස් අවසන්. විජේවීර මහතා ද ඒ බස අසා ක්‍රියාත්මක වී අවසානේ වේඡේවීර මහතා පමණක් නොව, තරැණ දරැවන් දස දහස් ගණනක ඡීවිත බිළි දී අද වන තුරැ ලද ජයග්‍රහණය කොයිබ?
කෝ ඡේ වී පී කල ජයග්‍රහණය?
මගේ මව් පරම්පරාවේ උරැම
මංචනායක
දසනායක
දහනායක
දිසානායක
කන්නංගර
කුමානායක
මගේ මාමලාගේ මල සිරැරැ ටයර් සෑය වල දැවුනා මම මගේ දෑසින් දුටුවා ඉතා කුඩා කාලයේදීම.
අත පය නැති මගේ මාමලාගේ ශරීර කොට පා වුනා බෙන්තර ගඟේ අවිත්තාව පාලම යටින් යන හැටි මා දැක තිබේ..
තව පිරිසක් යුද්ධයට ඡීවිත බිළි දී අද මගේ කන්නංගර මාමලා කරුණාරත්න මමාලාගේ බිරින්දෑවරුන් වැන්දඹුවන් වී දරැවන් සමග තනවී ඡීවිතය ගැට ගහගන්න ඡීවන අරගලයක.

ඒ මළමිනි උඩින් ආ ඡේ වී පී මාක්ස්වාදී පිල, අද ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂ සමග මිශ්‍ර සලාදයක් වෙලා.
කෝ ඒ අය කල ඡීවිත පරිත්‍යාගයට ලද ජයග්‍රහණය?
මොන ජයග්‍රහණයක් වත් නෑ.
අවසානයේ සියල්ලෝම පරාඡිතයෝ.
ඔබ උගත් බුද්ධිමත් මනුස්සයෙක් නම් මීට වඩා ධාර්මිකව සහ මීට වඩා සංයමයක් ඇතිව මේ අරගලය මනෝ අරගලයක් කරන්න!
ඒ විට මිනිසුන් තම ඇතුළාන්තයේ ඇති මනෝ භාවයේ
ස්වයං පාලනය අවදි කර ගනු ඇත. එසේ ස්වයං පාලනයක් ඇති මිනිසුන්හට පාලනයක් ඇති පාලකයන් පත් කිරීමට පැසුනු සංහිදුනු පාලනයක් ඇති මනසක් සතු වනු ඇත. එය නියතයි ධර්මතාවයක්මය.

දීප්තිමත් හෙටක් !
"හෙට වෙනුවෙන් අපි".
දීප්ති කන්නංගර මදනායක
0711370509

Address

Colombo
01

Telephone

+94711370509

Website

Alerts

Be the first to know and let us send you an email when Deepthimath Hetak posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Deepthimath Hetak:

Share

Category