නිවී සැනසෙමු

නිවී සැනසෙමු සියලු ලෝක සියලු සත්වයෝ නිබ්බාන පරම සුඛිත තර වෙත්වා!!!!!

30/08/2026

තථාගතයන් වහන්සේ ජනානුග්‍ර‍හය පිණිස චාරිකාවෙහි වැඩම කළ කල්හි උන් වහන්සේ දක්නට ජේතවන විහාරයට සුවඳ මල් ආදිය ගෙන පැමිණෙන සැදැහැවත්හු උන් වහන්සේ නැති බැවින් ඒ පූජා ද්‍ර‍ව්‍යයන් ගඳකිළිය ඉදිරිපිට දමා කිසි සතුටක් නොලබා පෙරළා යන්නාහ. ඒ බව දත් අනේපිඬු සිටුතුමා බුදුරදුන් දෙව්රම් වෙහෙරට වැඩම කළ කල්හි ආනන්ද ස්ථවිරයන් වහන්සේ වෙත එළඹ ඒ කරුණ උන්වහන්සේට දන්වා “ස්වාමීනි, තථාගතයන් වහන්සේ මේ වෙහෙරෙහි නැති අවස්ථාවන්හි සුවඳ මල් ආදිය ගෙන පැමිණෙන්නවුන්ට ඒවා පුදා සිත සතුටු කර ගැනීමට තැනක් මේ විහාරයෙහි ඇති කළ හැකි ද? නො හැකිද? යන වග දනු මැනව” යි සැල කෙළේ ය. ආනන්ද ස්ථවිරයන් වහන්සේ තථාගතයන් වහන්සේ වෙත එළඹ, “ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, කොතෙක් චෛත්‍යයෝ ඇත්තා හු දැ” යි විචාළහ. “ආනන්දය, චෛත්‍ය තුනක් ඇත්තේ ය” යි උන් වහන්සේ වදාළහ. “ඒ කවරහුදැ” යි ආනන්ද මහ තෙරණුවෝ ඇසූහ. “ආනන්දය, ශාරීරිකය, පාරිභෝගිකය, උද්දේශිකය යි චෛත්‍යයෝ තිදෙනෙක් වන්නාහු” යි භාග්‍යවතුන් වහන්සේ වදාළහ. “ආනන්දය, ශාරීරික චෛත්‍යය දැන්ම නො කළ හැකි ය. එක කළ හැක්කේ බුදුවරුන් පිරිනිවීමෙන් පසුව ය. බුදුවරුන් පරිභෝග කළ මහාබෝධිය වනාහි බුදුවරුන් ඇති කල්හිත් නැති කල්හිත් චෛත්‍යයක් ම වන්නේ ය.” යි බුදුන් වහන්සේ වදාළ සේක. එකල්හි ආනන්ද ස්ථවිරයන් වහන්සේ “ස්වාමීනි, නුඹ වහන්සේ චාරිකාවෙහි වැඩම කළ කල්හි මේ ජේතවන විහාරය මහජනයාට පිහිටක් නැති තැනක් වන්නේ ය. මහජනයාට වැඳුම් පිදුම් කිරීම පිණිස මහා බෝධියෙන් ඵලයක් ගෙන්වා මේ ජේතවන ද්වාරයෙහි රෝපණය කරන්නෙමි” යි සැල කළහ. “ආනන්ද ය, එසේ කරව. එකල්හි මා ජේතවන විහාරයෙහි නිබඳ විසීමක් වැනි වන්නේය” යි තථාගතයන් වහන්සේ වදාළ සේක. ආනන්ද ස්ථවිරයන් වහන්සේ මුගලන් මහ තෙරුන් වහන්සේ ලවා මහා බෝධි ඵලයක් ගෙන්වා ජේතවන විහාර දොරටුව සමීපයේ අනේපිඬු සිටාණන් ලවා මහත් වූ රන් කටාරමක රෝපණය කර වූහ. එකෙණෙහි ම මහජනයා බලා සිටියදී ම එයින් පනස් රියනක් උස සතර දිශාවට විහිදුණු පනස් රියන් අතු ඇති මහා බෝධි වෘක්‍ෂයක් පැන නැංගේ ය. ආනන්ද ස්ථවිරයන් වහන්සේගේ මෙහෙයීමෙන් රෝපණය කළ බැවින් ඒ බෝධීන් වහන්සේ ආනන්ද බෝධිය නම් වූහ.

-රේරුකානේ චන්දවිමල මහා නාහිමියන් වහන්සේ -

බෝධි පූජාව පිටු අංක 7 - 8

රේරුකානේ චන්දවිමල මහා නාහිමියන් වහන්සේ විසින් රචිත පොත් කියවීම හෝ බාගත කර ගැනීම සදහා පිවිසෙන්න https://pitaka.lk

30/08/2026
30/08/2026
29/08/2026
28/08/2026

ගිනිගත් සිත නිවාලනා සිසිලස බුදු සිතේ
පාරමිතා ගුණ පූරිත නුඹටයි මගෙ පුතේ
පුරනා බෝධිය අරිහත් නිවෙනා මං පෙතේ
අස්වනු පූදිනු නියතයි මතු සාසන කෙතේ

තාරුණ්‍යයේ නිර්වාණ පූර්ණත්වයේ පාරමිතාව.

ජේතවනාරාම පිං බිමේ තෙවන වරටත් සැප්තැම්බර් 02 සිට 04 දක්වා පැවැත්වීමට නියමිත, දින 3 ක සාසනදාස වැඩසටහන සමඟින් සම්බන්ධ වී නිර්වාණගාමීත්වයෙහි මං පාදාගැනීමට මෙසේ ඔබටත් අවස්ථාව උදා වී ඇත.

මහත්වරැන් 12 දෙනෙකුට පමණක් හිමිවන මෙම අවස්ථාවට සම්බන්ධ වීමට නම, ලිපිනය, වයස සදහන් කර Whatsapp පණිවිඩයක් යොමුකරන්න. 0772038587

නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා.

Address

Colombo
10600

Website

Alerts

Be the first to know and let us send you an email when නිවී සැනසෙමු posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category