SL Forces එකමුතුව

SL Forces එකමුතුව Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from SL Forces එකමුතුව, Military Base, Colombo.

🕊️ අනාගත පරපුර දැනුවත් කිරීමේ උදෙසා, තම අත්දැකීම් බෙදාගැනීමට ත්‍රිවිධ හමුදා විරුවන්ට ආරාධනා කරමු. 🇱🇰
යුධ බිමේ සැබෑ අත්දැකීම්, මතකයන් සහ ඡායාරූප විස්තර සමඟ මෙහි පළ කල හැක.
✨ අපේ වීරයන්ගේ කථා — ඉතිහාසයට සටහන් කරමු.
🙏

ශ්‍රී ලංකා ත‍්‍රිවිධ හමුදා සාමාජිකයන් වෙත ලබාදෙන මෙම ටැගය "Dog Tag" (මිලිටරි හඳුනාගැනීමේ ටැගය) ලෙස හැඳින්වේ.රට වෙනුවෙන් ...
08/09/2026

ශ්‍රී ලංකා ත‍්‍රිවිධ හමුදා සාමාජිකයන් වෙත ලබාදෙන මෙම ටැගය "Dog Tag" (මිලිටරි හඳුනාගැනීමේ ටැගය) ලෙස හැඳින්වේ.

රට වෙනුවෙන් තම ජීවිතය පරදුවට තබා සටන් වැදුණු අපේ රටේ අභීත රණවිරුවන්ගේ අනන්‍යතාවය සටහන් වූ "Dog Tag" එක. E

#ප්‍රධාන #අරමුණ🙏

යම් හමුදා සාමාජිකයෙකු සටන් බිමේදී හෝ හදිසි අනතුරකදී තුවාල ලැබුවහොත්, මියගියහොත් හෝ අතුරුදහන් වුවහොත් ඔහුව නිවැරදිව හඳුනාගැනීම සඳහා මෙය භාවිතා කරයි.

තුවාල වූ මොහොතක නිවැරදි ලේ ටික ලබාදීමේ සිට, යම් හදිසියකදී තම අනන්‍යතාවය සුරැකීම දක්වා මේ පුංචි ලෝහ තහඩුව පිටුපස තියෙන්නේ අපේ රටේ විරුවන්ගේ නොමියෙන කැපකිරීම් සහ මතකයන් සමුදායක්...

අපේ මාතෘ භූමිය වෙනුවෙන් අනුපමේය මෙහෙවරක් ඉටුකළ හා ඉටු කරන සියලුම රණවිරුවන්ට අපගේ උත්‍තමාචාරය!

SI Forces එකමුතුව

"ඉරණමඩු ඉදිරි ආරක්ෂක වළල්ලේ දි රට වෙනුවෙන් දිවි පිදූ අභීත පුත්‍රයා, සෙ/363503 සැරයන් ජයවීර"දේශයේ වෙනුවෙන් ජීවිතය පූජා කළ...
08/09/2026

"ඉරණමඩු ඉදිරි ආරක්ෂක වළල්ලේ දි රට වෙනුවෙන් දිවි පිදූ අභීත පුත්‍රයා, සෙ/363503 සැරයන් ජයවීර"

දේශයේ වෙනුවෙන් ජීවිතය පූජා කළ අභීත හෙළ විරුවාණන්ට උත්තමාචාර වේවා! 🇱🇰🕊️

1979 පෙබරවාරි 04 වන දින බදුල්ල මහ රෝහලේදී උපත ලබා, කරඳගොල්ල මහා විද්‍යාලයෙන් සිප්සතර හදාරමින් දක්ෂ ශිෂ්‍යයෙකු ලෙස කැපී පෙනුණු කලුපහන බදුල්ලගේ ජයවීර නම් වූ ඒ ආදර්ශමත් පුතණුවන්, කලුපහන බදුල්ලගේ පියතිලක පියාණන්ටත්, කලු විද්දලාගේ සොෆියා මෑණියන්ටත් මහත් අභිමානයක් විය.
තම මාතෘ භූමියත්, රටේ ඒකීයභාවයත් සුරැකීමේ උදාර අභිලාෂයෙන් යුතුව 1998 දෙසැම්බර් 11 වන දින ශ්‍රී ලංකා යුද හමුදාවේ නිකපොත බලසේනාවට ආධුනික සෙබළෙකු ලෙස එක්වූ ඔහු, අඹේපුස්ස ආධුනික පුහුණු පාසලෙන් සාර්ථකව පුහුණුව ලබා, 6 වන බලඇණිය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවටත්, පසුව 2008 ඔක්තෝම්බර් 22 දින 20 වන බලඇණිය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවටත් සම්බන්ධ වෙමින් දේශයේ රැකවලට පෙරමුණ ගත්තේය.

රට දෙකට කිරීමේ පටු අදහසින් සටන් වැදුණු කුරිරු ත්‍රස්තවාදීන්ගෙන් මාතෘ භූමියේ භෞමික අඛණ්ඩතාවයත්, ස්වෛරීභාවයත් ආරක්ෂා කරගැනීම උදෙසා 3 කාර්ය සේනාංක මූලස්ථානය යටතේ ඉරණමඩු ඉදිරි ආරක්ෂක වළල්ලේ සටන් වැදුණු සෙ/363503 සැරයන් ජයවීර කේඩීඩී විරුවාණන්, 2009 ජනවාරි මස 06 වන දින සතුරු ප්‍රහාර හමුවේ තම අවසන් හුස්ම පොද මාතෘ භූමියට පූජා කළේය.

වීරෝදාර රණවිරුවාණෙනි...

ඔබ දිවි පිදුවේ ඔබගේ පුද්ගලික දේපළක් රැකගැනීමේ පටු අරමුණකට නොවේ; සාමය, සමගිය හා සමාදානය අගයන සමස්ත ජාතියේම සුබසිද්ධිය උදෙසාය. එනිසාම ඔබ අපට සදාකාලික අභිමානයකි! අනාගත පරපුරටම අසමසම රණශූරයෙකි!
අද ඔබ අප අතර නොමැති වුවද, 20 වන බලඇණිය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව තුළත්, මුළු මහත් ශ්‍රී ලාංකේය ජන හදවත් තුළත් ඔබ තැබූ මතක සටහන් සදා නොමැකී පවතිනු ඇත.
ඔබ කළ අසමසම තයාගයට අපගේ හිස නමා උත්තමාචාරය!

ඔබට අජරාමර නිවන් සුව පතමු! 💐🙏

හිරු නැගෙන මොහොතෙත් හිරු බැස යන මොහොතේදිත් අප ඔබ සදා සිහි කරන්නෙමු

විරුවා මියගියද වීරත්වය කිසිදිනක මිය නොයනු ඇත.🙏

✍ SL FORCES එකමුතුව (තොරතුරු සියල්ල ඔහුගේ සහොදරයාගෙන් ලබා ගන්නා ලදි)

(දේශය වෙනුවෙන් මිය දුන් වීරයන් ගැන ඔබ අපට ලියන්න)

2009 පෙබරවාරි 04 දින මුලතිව් හී දැයට අහිමි වු  ශ්‍රේෂ්ඨ ජාතික වීරයා 🇱🇰❤️🙏විශේෂ බළකාය මුලික කොටගෙන  තිස් වසරක යුධ ඉතිහාසය...
07/09/2026

2009 පෙබරවාරි 04 දින මුලතිව් හී දැයට අහිමි වු ශ්‍රේෂ්ඨ ජාතික වීරයා 🇱🇰❤️🙏

විශේෂ බළකාය මුලික කොටගෙන තිස් වසරක යුධ ඉතිහාසය පිරික්සීමේදී අප්‍රකට බොහෝ දෙනා නොදත් වීර නාමයක් ඇත. අප භුක්තිය නිදහස කොට රට අනාගතය වෙනුවෙන් ඒ නිර්භය විරුවා සමස්ත ජාතියක ඉරණම අවාසනාවන්ත එකක් නොකර ඒ වෙනුවෙන් වර්ෂ 2009 පෙබරවාරි මස 04 මුලිතිව් හී හමුදා ඉදිරි ආරක්ෂක වළල්ල වෙත එල්ල වු එල්ටීටීඊ දැවැන්ත ත්‍රස්ත ප්‍රහාරය ඉදිරියේ නොසැලී සටන් වැද දිවි දුන් දුන්හ.නමින් 04 වන විශේෂ බළකායේ ( සෙ / අං 507946 ) දෙවන පන්තියේ බලලත් නිලධාරී ( Warrant Officer Class - 2 ) අනුර ජයන්ත රණසිංහය.

ජන්මය වර්ෂ 1974 අප්‍රේල් 16 වනදා ලබා ජන්මයෙන්ම දායද කරගත් හෙළ වීරත්වය උතුම් මානුෂීය ගති ගුණ ද සමග මුසුව ප්‍රාථමික අධ්‍යාපනය කන්දේගම ශ්‍රී පරාක්‍රම විදුහලෙන් ලැබ ද්විතීයික අධ්‍යාපනය අල්ගම මධ්‍ය මහා විද්‍යාලයෙන් ලැබ කුඩා කාලයේ පටන් තමන් දුටු සුන්දර සිහිනයට පන පෙවීමක් ලෙස පාසල් දිවිය හමාර කොට නිසි වයසට එළඹෙත්ම තරුණ අනුර ජයන්ත තම හිරිමල් යොවුන් විය ලක් මැණියන්ගේ නිදහස වෙනුවෙන් පුදන්නට දෙවරක් නොසිතුහ.

ඒ අනුව වර්ෂ 1994 බක්මස 26 වනදා ශ්‍රී ලංකා යුධ හමුදාවේ නිත්‍ය බළ සේනාවේ ආධුනික සෙබළෙක් ලෙසට යුධ හමුදා මුලික පුහුණුව පුත්තලම වෙතින් ලබන මෙතුමා මුලික පුහුණුව අවසානයේ ධනුද්ධරයාගේ අභිමානයේ කැඩපතක් බඳු 04 වන බළ ඇණිය විජයබාහු පාබල රෙජිමේන්තුවට එක් වීමට වරම් ලැබුහ. එහෙත් කාලයාගේ ඇවෑමෙන් තරුණ රණවිරු අනුර ජයන්ත හට " නහරයක් වැඩි අයට" උරුම විශේෂ බළකාය වෙත ඇතුලත් වන්නට දැඩි ඇල්මක් උපදින්නට විය. ඒ අනුව තම ඉලක්කය ජයගත් මේ නිර්භය වීර විරුවා තම සිහිනය යථාර්ථයක් කරගත් දිනය වර්ෂ 1995 ජනවාරි 15 වනදා විය . යුධ හමුදාවේ විශේෂ බළකාය වෙත ඇතුලත්වන වීර රණවිරු තරුණ අනුර ජයන්ත මාදුරුඔය විශේෂ බළකා පුහුණු පාසලෙන් දීර්ඝ සහ කටුක පුහුණුව ලැබ පාඨමාලා අංක 16 සාර්ථක ලෙස හදාරා 01 වන බළ ඇණිය විශේෂ බළකාය වෙත ඇතුලත්ව එහි " ඇල්ෆා " බළඝනයේ ප්‍රබල සාමාජිකයෙකු වී විශිෂ්ට මෙහෙවරක් වර්ෂ 2008 දක්වා සමස්ත ජාතියේ නිදහස වෙනුවෙන් ඉටු කොට පසුව 04 වන බළ ඇණිය විශේෂ බළකාය වෙත එක්වීමට වරම් ලැබුහ. වන්නි මානුෂීය මෙහෙයුම සමයේ දී එනම් වර්ෂ 2008 ජුනි මස 16 වනදා 04 වන බළ ඇණිය විශේෂ බළකාය වෙත එක්වන මේ අසහාය විරුවා එහි ඛණ්ඩ අවි පාඨමාලාව , කොමිශන් නොලත් නායකත්වය පාඨමාලාව, ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිළධාරී නායකත්ව පාඨමාලාව, ප්‍රගුන වෙඩික්කරු පාඨමාලාව, මෙතෙර පැරෂුට් පාඨමාලාව, ඉන්දියාව වෙතින් පවත්වනු ලබන ගැටෑක් පාඨමාලාව යන පාඨමාලාවන් සාර්ථක ලෙස හදාරා වන්නි මානුෂීය මෙහෙයුමේ අති දැවැන්ත කාර්ය භාරයක් උපන් දේශය වෙනුවෙන් ඉටු කළහ.

ක්‍රියාන්විත භුමිය තුලදී සතුරාට මරණ බිය ගෙන දුන් අති දැවැන්ත ප්‍රහාර එල්ල කිරීමට බලලත් නිළධාරී අනුර ජයන්ත රණසිංහ තුල වු හැකියාව සුලු පටු එකක් නොවුනි. තම යටතේ වු සහෝදර සෙබළුන්ට අවවාදයට වඩා ආදර්ශය උතුම් යන මාහැඟි චේතනාවෙන් ආදර්ශමත් නායකයෙක් වු බලලත් නිලධාරී අනුර ජයන්ත රණසිංහ වීර රණවිරුවා තුල වු එඩිතරකම සහ මනුෂ්‍යත්වය තුලින් සහෝදර සෙබළුන්ට කියා දුන් පාඩම් බොහෝය.

සතුරාට එරෙහිව දියත් කළ ක්‍රියාන්විත තුලදී පෑ අසම රණකාමීත්වය නිසාම පුර්ණ භුමි පදක්කම, උතුරු නැගෙනහිර සංග්‍රාමික පදක්කම, රිවිරැස පදක්කම, රණවිරුවෙක් හට ජීවත්ව සිටියදී ලබා ගත හැකි ඉහළම සම්මානය වන රණ වික්‍රම පදක්කමෙන් වීර රණවිරු අනුර ජයන්ත රණසිංහ පිදුම් ලැබීය.

වර්ෂ 2009 පෙබරවාරි 04 යනු මෙරට 61 වන නිදහස් දිනය විය. මෙය ලක් මවගේ ඒකීයභාවය සුරක්ෂා කරන්නට අප වීරෝධාර රණවිරුවන් එකා පිට එකා මැරුණත් වන්නියේ කොටි බළකොටු එකින් එක සිඳලමින් සිටි කාල සීමාවකි. කොටි නායක ප්‍රභාකරන් ගේ සිහිනය වුයේ පෙබරවාරි 04 වනදා මුලතිව් නැවත අල්ලාගෙන කොටි කොටිය ඔසවන්නට සහ හමුදා ආරක්ෂක වළල්ල ඔඩ්ඩුසුඩාන් දක්වා පසුපසට තල්ලු කිරීමටය. ඒ අනුව එම ප්‍රධාන අරමුණු දෙක පෙරදැරිව මරාගෙන මැරෙන පුපුරණ ද්‍රව්‍ය පිරවු තිරිංග විරහිත කළ කැබ් රථ සහ නන්දිකඩාල් කලපුවේ බටහිර කොටසේ සිට පැමිණි එල්ටීටීඊ රැලි ප්‍රහාරය වර්ෂ 2009 ක් වු පෙබරවාරි මස අලුයම 1.00 ට පමණ මුලතිව් යුධ හමුදා ආරක්ෂක වළල්ල වෙත එල්ල වන්නට විය.

දහවල් 1 .00 පමණ වන විට රැලි ප්‍රහාර ගණනකට මුහුණ දීමට අප වීරෝධාර රණවිරුවන් සමත් වුවද එම ප්‍රදේශය භාරව සිටි 59 වන සේනාංකයේ සහයට 53 සහ 57 වන සේනාංක පැමිණියේ තත්ත්වය එන්න එන්නම බරපතල වු බැවිනි. පෙබරවාරි 1,2,3 දින සටන් තව දුරටත් බරපතල වු නිසා හමුදාපති සරත් ෆොන්සේකා මහතාගේ උපදෙස් මත කපිතාන් සුදේශ් බුලත්සිංහල අණ 04 වන විශේෂ බළකායේ ඩෙල්ටා බලඝනයද කැදවීය. බලලත් නිලධාරී අනුර ජයන්ත රණසිංහ වීර රණවිරුවා තම අණ දෙන නිලධාරියා සමග මනා ලෙස සම්බන්ධ වෙමින් තම සහෝදර සෙබළුන්ට නිවැරදි නායකත්වයක් ලබා දෙමින් සතුරාට හමුදා ආරක්ෂක වළල්ල අත්පත්කර ගැනීමට ඉඩ නොදීම තිර අදිටන කරගෙන සටන් වැදුණහ. මෙම සටනේදී කපිතාන් සුදේශ් බුලත්සිංහලගේ පාදයකට තුවාල සිදු වී පසුපසට යැව්වද තම සහෝදර සෙබළුන්ගේ චිත්ත ධෛර්යය පසුපසට යන්නට ඉඩ නොදුන් මේ වීර රණවිරුවා සතුරාට හමුදා ඉදිරි ආරක්ෂක වළල්ල අත්පත්කර ගැනීමට ඉඩ නොදෙමින් නිර්භය අන්දමින් සටන් වදිමින් සිටි මොහොතක එල්ල වු එක් මාරාන්තික ත්‍රස්ත ප්‍රහාරයකින් තම සිඟිති පුතුගේ හුරතල් මුහුණ නොදැකම මෙලොවින් සදහටම සමුගත්තේය. තම අරමුණ වු යුධ හමුදා ඉදිරි ආරක්ෂක වළල්ල සතුරු ග්‍රහණයට නතු වීම වැළැක්වීම වෙනුවෙන් 04 වන විශේෂ බළකායේ "ඩෙල්ටා" කණ්ඩායමේ සිටි ජ්‍යෙෂ්ඨතම ශ්‍රේෂ්ඨ රණවිරුවෙක් වු දෙවන පන්තියේ බලලත් නිලධාරී අනුර ජයන්ත රණසිංහ නම් ශ්‍රේෂ්ඨ විරුවා තම උදාර රක්ත ලෙයින් මුලතිව් යුධ ඉදිරි ආරක්ෂක වළල්ල නහවා තම අවසන් සුසුම් පොද මුලතිව් අහස් කුසේ නිදන් කොට තම පුතු වැනි දහස් ගණනක් පුතුන්ගේ අනාගතය වෙනුවෙන් තම ජීවිතය පුද දී සදහටම නෙත් පියාගත්හ...

04 වන විශේෂ බළකායේ දෙවන පන්තියේ බලලත් නිලධාරී අනුර ජයන්ත රණසිංහ වැනි ශ්‍රේෂ්ඨ විරුවන්ගේ මතක අද සමාජයේ කාලයේ වැලි තලාවෙන් යටපත් වී ගිය මුත් ඒ උදාර මිනිසුන් ඒදා කළ කී දෑ වල ප්‍රතිඵලය අප අද භුක්ති විඳින නිදහස බව අප කිසිදු දිනක අමතක නොකරමු...

විරයා මිය ගියද වීරත්වය කිසි දිනක මිය නොයයි

උපුටා ගැනිම -✍රමේෂ් හසන්ත...

රාජකාරිය වෙනුවෙන් දිවි පිදූ ලුතිනන් තිළිණ උදයප්‍රිය නාවික විරුවාගේ වෙන්වීම මුළු මහත් නාවික හමුදාවම මෙන්ම මුළු රටම සංවේගය...
07/09/2026

රාජකාරිය වෙනුවෙන් දිවි පිදූ ලුතිනන් තිළිණ උදයප්‍රිය නාවික විරුවාගේ වෙන්වීම මුළු මහත් නාවික හමුදාවම මෙන්ම මුළු රටම සංවේගයට පත් කර තිබේ. දේශයේ ආරක්ෂාව උදෙසා තම ජීවිතය පරදුවට තබා ඉටුකළ අමිල මෙහෙවර අගය කරමින්, අභාවප්‍රාප්ත නාවික විරුවාගේ දේහයට නාවික හමුදාපතිතුමා විසින් හදපිරි සංවේගයෙන් යුතුව සිය අවසන් ගෞරවය පිරිනමන ලදී.🫡🙏

මව්බිම වෙනුවෙන් හෙළූ ඒ උතුම් ලේ බිඳුව සහ කළ කැපකිරීම අපගේ හදවත් තුළ සදා අමරණීයව රැඳෙනු ඇත. විරුවාණෙනි, ඔබට නිවන් සුව!🙏🎚️

"තාත්තාගේ නම පපුවේ ගහන්න හැමෝටම බැ ඒකටත් පින තියෙන්න ඕනි ♥️💪"⁠ ⁠ ⁠ ⁠ ⁠ ⁠ ⁠ ⁠ ⁠ ⁠ ⁠
06/09/2026

"තාත්තාගේ නම පපුවේ ගහන්න හැමෝටම බැ ඒකටත් පින තියෙන්න ඕනි ♥️💪"

⁠ ⁠
⁠ ⁠
⁠ ⁠
⁠ ⁠
⁠ ⁠

🇱🇰 ශ්‍රී ලංකා නාමය ලෝකය හමුවේ රන් අකුරෙන් සටහන් කළ රුමේෂ් තරංගට හිමි වූ ඓතිහාසික ජයග්‍රහණය! 🏆🔥බෙල්ජියමේ බ්‍රසල්ස් නුවර ප...
06/09/2026

🇱🇰 ශ්‍රී ලංකා නාමය ලෝකය හමුවේ රන් අකුරෙන් සටහන් කළ රුමේෂ් තරංගට හිමි වූ ඓතිහාසික ජයග්‍රහණය! 🏆🔥

බෙල්ජියමේ බ්‍රසල්ස් නුවර පැවති 2026 Diamond League අවසන් තරගයේ හෙල්ල විසි කිරීමේ අංශයෙන් මීටර් 89.04 ක දක්ෂතාවයක් දක්වමින් 2026 Diamond League හෙල්ල විසි කිරීමේ ලෝක ශූරතාවය දිනා ගැනීමට රුමේෂ් තරංග මීට සුළු මොහොතකට පෙර සමත් වුණා! 🇱🇰🥇

මෙය Diamond League අවසන් තරගයක් ජයගත් පළමු ශ්‍රී ලාංකිකයා ලෙස ඉතිහාසගත වන සුවිශේෂී අවස්ථාවකි.

📌 2026 Diamond League තරගාවලියේ රුමේෂ්ගේ අදහාගත නොහැකි දක්ෂතාවයන්

🔹 RABAT (Morocco): 2 වන ස්ථානය (මීටර් 85.97)
🔹 ROME (Italy): 1 වන ස්ථානය (මීටර් 92.62 - MR / WL / NR) 💥
🔹 DOHA (Qatar): 1 වන ස්ථානය (මීටර් 88.68)
🔹 LAUSANNE (Switzerland): 1 වන ස්ථානය (මීටර් 88.14)
🔹 ZURICH (Switzerland): 1 වන ස්ථානය (මීටර් 92.07)
🏆 FINALS - BRUSSELS (Belgium): 1 වන ස්ථානය (මීටර් 89.04)

මූලික අදියර 5න් 4කම ප්‍රථම ස්ථානය ලබා ගනිමින් සමස්ත ලකුණු සටහනේ පෙරමුණ ගත් රුමේෂ්, අවසන් තරගයත් ජයගනිමින් ඇමරිකානු ඩොලර් 116,000 ක (ශ්‍රී ලංකා රුපියල් ලක්ෂ 380 කට අධික) ජයග්‍රාහී මුදලක් සහ විශේෂ ශූරතාවය තමන් සතු කර ගත්තා.

ශ්‍රී ලාංකිකයින් ලෙස අප සැමටම මෙය අප්‍රමාණ ආඩම්බරයක්! ❤️
ලෝකය හමුවේ අපේ රටේ නාමය ඉහළින්ම ඔසවා තැබූ රුමේෂ් තරංගට Sl FORCES අපගේ උණුසුම් සුබ පැතුම්! 🇱🇰🙌

05/09/2026

තලෙයිමන්නාරම වැලිපරයක සිරවී සිටි පිරිසක් නාවික හමුදාවෙන් බේරා ගනියි
♥️🙏

ගෞරවනීය සමුගැනීමක්! 🫡🇱🇰ශ්‍රී ලංකා නාවික හමුදාවේ, 63 වන බඳවා ගැනීමට (63rd Intake) අයත්, දක්ෂ මෙන්ම නිහතමානී නිලධාරියෙකු ව...
05/09/2026

ගෞරවනීය සමුගැනීමක්!
🫡🇱🇰

ශ්‍රී ලංකා නාවික හමුදාවේ, 63 වන බඳවා ගැනීමට (63rd Intake) අයත්, දක්ෂ මෙන්ම නිහතමානී නිලධාරියෙකු වූ ලුතිනන් ආර්පීටීඑස් උදයප්‍රිය (NRX 4511),ඔබ රට වෙනුවෙන් දැක්වූ අසමසම කැපවීම, ධෛර්යය සහ ඔබ සතු වූ අසීමිත කරුණාව, ඔබව හඳුනන සැමගේ මතකයේ සදාකාලිකව රැඳෙනු ඇත. ඔබ භෞතිකව අප අතර නැතත්, ඔබගේ මතකය අපගේ හදවත් තුළ සැමදා ජීවමානයි.

ලුතිනන් උදයප්‍රිය විරුවාණෙනි, ඔබගේ ආත්මයට සදාකාලික සාමය ලැබේවා! 💐✨🎚️

විරයා මිය ගියද වීරත්වය කිසිදිනක මිය නොයයි

ජීවිතේ ගැන මේ තරම් දේ දන්න හැටි පුදුමයිආදරේ හංගලා දෙන්නෙ පියවරුමයි ♥️🌍 🇱🇰"මගේ තාත්තා (හෝ අම්මා) රට රකින වීරයෙක්. ඒ නිල ඇ...
05/09/2026

ජීවිතේ ගැන මේ තරම් දේ දන්න හැටි පුදුමයි
ආදරේ හංගලා දෙන්නෙ පියවරුමයි ♥️🌍 🇱🇰

"මගේ තාත්තා (හෝ අම්මා) රට රකින වීරයෙක්. ඒ නිල ඇඳුමට, ඒ කැපකිරීමට මම හැමදාමත් ගරු කරනවා. හමුදා විරුවෙකුගේ දරුවෙක් වෙන්න ලැබීම මගේ ජීවිතේ ලොකුම ආඩම්බරයයි. ❤️

/
/


/


🇱🇰

අඳුරු වූ මව්බිමක හෙට දිනය ආලෝකවත් කරනු වස්,ජාතියේ අවාසනාවන්ත ඉරණම වාසනාවක් බවට පෙරළන්නටසිය සුපෙම් තරුණ දිවිය පූජා කළ,57 ...
05/09/2026

අඳුරු වූ මව්බිමක හෙට දිනය ආලෝකවත් කරනු වස්,
ජාතියේ අවාසනාවන්ත ඉරණම වාසනාවක් බවට පෙරළන්නට
සිය සුපෙම් තරුණ දිවිය පූජා කළ,

57 වන සේනාංකයේ 16 වන සිංහ රෙජිමේන්තුවේ අමරණීය විරුවෝ... ❤️🇱🇰

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when SL Forces එකමුතුව posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category