Vocational Education Sector

Call Directions Website Contact the organization

Vocational Education Sector This is the Official page of the Vocational Education sector,Ministry of Education ,Higher Education and Vocational Education.

ශ්‍රී ලංකාවේ වෘත්තීය අධ්‍යාපනය නවීකරණයට විදේශීය සහයශ්‍රී ලංකාවේ වෘත්තීය අධ්‍යාපන ක්ෂේත්‍රය නවීකරණය කිරීම සහ වෘත්තීය අධ්‍...
01/10/2026

ශ්‍රී ලංකාවේ වෘත්තීය අධ්‍යාපනය නවීකරණයට විදේශීය සහය
ශ්‍රී ලංකාවේ වෘත්තීය අධ්‍යාපන ක්ෂේත්‍රය නවීකරණය කිරීම සහ වෘත්තීය අධ්‍යාපන ආයතන සඳහා අවශ්‍ය නවීන යන්ත්‍රෝපකරණ හා උපකරණ ලබාදීම සම්බන්ධයෙන් විදේශීය නියෝජිත පිරිසක් සහ වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ මහතා අතර සාකච්ඡාවක් පාර්ලිමේන්තු අමාත්‍ය කාර්යාලයේදී පැවැත්විණි.
Asian Logistic ආයතනයේ සභාපති සනිල් ප්‍රනාන්දු මහතාගේ සම්බන්ධීකරණයෙන් පැවති මෙම සාකච්ඡාවට එංගලන්ත හා පිලිපීන ජාතික නියෝජිත පිරිසක් එක්ව සිටියහ.
මෙරට වෘත්තීය අධ්‍යාපනය හදාරන සිසුන් සඳහා වඩාත් නවීන හා ප්‍රායෝගික පුහුණු පරිසරයක් නිර්මාණය කිරීමේ අරමුණින්, වෘත්තීය අධ්‍යාපන ආයතනවල පන්තිකාමර නවීකරණය කිරීම සහ අවශ්‍ය නවීන යන්ත්‍රෝපකරණ හා උපකරණ ආධාර ලෙස ලබාදීමට තමන් කැමැත්තෙන් සිටින බව විදේශීය නියෝජිත පිරිස මෙහිදී ප්‍රකාශ කළහ.
ඒ සඳහා අවශ්‍ය ක්‍රමවේද සකස් කර ඉදිරි කටයුතු සිදුකරන ලෙස නියෝජ්‍ය අමාත්‍යවරයා සිය පෞද්ගලික ලේකම්වරයා වෙත උපදෙස් ලබා දුන්නේය. එමෙන්ම මෙරට ක්‍රියාත්මක වන වෘත්තීය අධ්‍යාපන ආයතන කිහිපයක් නිරීක්ෂණය කිරීමට ද විදේශීය නියෝජිත පිරිස කැමැත්ත පළ කළහ.

01/10/2026
15/09/2026

Belt and Road වෘත්තීය අධ්‍යාපන සංසදයේ ආරධනයක්, ගරු වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ මහතා චීනයට.

වෘත්තීය අධ්‍යාපනය පිළිබඳ දෙවන Belt and Road ජාත්‍යන්තර සංසදය ඇමතීම සඳහා වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ මහතා විශේෂ ආරාධනයකට අනුව 2026 සැප්තැම්බර් 14 වන දින චීනය බලා පිටත්ව ගියේය.

“නිපුණතා මගින් යහපත් අනාගතයක් නිර්මාණය කිරීම” යන තේමාව යටතේ සැප්තැම්බර් 15 සිට 17 දක්වා චීනයේ හුබෙයි පළාතේ යීචාං නගරයේදී පැවැත්වෙන මෙම සංසදයට රටවල් රැසක අමාත්‍යවරුන්, රාජ්‍ය තාන්ත්‍රිකයන්, වෘත්තීය අධ්‍යාපන විශේෂඥයන්, විද්වතුන් සහ ව්‍යාපාරික නියෝජිතයන් සහභාගී වීමට නියමිතය.

වෘත්තීය අධ්‍යාපනය හා කර්මාන්ත අතර සබඳතා ශක්තිමත් කිරීම, ජාත්‍යන්තර සහයෝගීතාව පුළුල් කිරීම සහ ගෝලීය රැකියා වෙළඳපොළට ගැළපෙන නිපුණතා සංවර්ධනය කිරීම පිළිබඳව මෙහිදී අදහස් හා අත්දැකීම් හුවමාරු කර ගැනීමට නියමිතය.

ශ්‍රී ලංකාවේ වෘත්තීය අධ්‍යාපන ක්ෂේත්‍රයට ජාත්‍යන්තර සහයෝගීතා අවස්ථා ලබා ගැනීම සඳහා නියෝජ්‍ය අමාත්‍යවරයාගේ මෙම සංචාරය වැදගත් අවස්ථාවක් වනු ඇත.

නිපුණතා ගවේෂණය සඳහා අමාත්‍යාංශ මට්ටමේ සහයෝගිතාව පිළිබඳ සාකච්ඡාවක්“Skill Expo 2026 – Skills for Life” වැඩසටහන සාර්ථකව ක්‍...
11/09/2026

නිපුණතා ගවේෂණය සඳහා අමාත්‍යාංශ මට්ටමේ සහයෝගිතාව පිළිබඳ සාකච්ඡාවක්

“Skill Expo 2026 – Skills for Life” වැඩසටහන සාර්ථකව ක්‍රියාත්මක කිරීම සඳහා අමාත්‍යාංශ මට්ටමින් සහයෝගිතාව ලබාදීම පිළිබඳ විශේෂ සාකච්ඡාවක් පැවැත්විණි.

ශ්‍රී ලංකාවේ තරුණ පරපුරේ වෘත්තීය හා තාක්ෂණික නිපුණතා හඳුනාගනිමින්, එම නිපුණතා සංවර්ධනය කිරීම සහ අනාගත රැකියා හා ව්‍යවසායකත්ව අවස්ථා සඳහා තරුණයින් සූදානම් කිරීම අරමුණු කරගත් “Skill Expo 2026 – Skills for Life” වැඩසටහන පැවැත්වීම සම්බන්ධයෙන් අමාත්‍යාංශ මට්ටමින් අවශ්‍ය සහයෝගිතාව ලබාදීම පිළිබඳ විශේෂ සාකච්ඡාවක් 2026 සැප්තැම්බර් 10 වන දින පාර්ලිමේන්තු ශාලාවේදී පැවැත්විණි.

ගරු අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මියගේ සහ වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ මහතාගේ සහභාගිත්වයෙන් මෙම සාකච්ඡාව පැවැත්විණි.
අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය සහ තෘතීය හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව එක්ව සංවිධානය කිරීමට නියමිත “Skill Expo 2026 – Skills for Life” වැඩසටහනේ අරමුණු, වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේ ක්‍රමවේදය සහ ඒ සඳහා විවිධ පාර්ශ්වයන්ගේ සහයෝගිතාව ලබාගැනීම පිළිබඳව මෙහිදී පුළුල් ලෙස සාකච්ඡා කෙරිණි.
විශේෂයෙන්ම, මෙරට තරුණ තරුණියන් අතර පවතින විවිධ දක්ෂතා සහ නිපුණතා හඳුනාගෙන ඒවා වෘත්තීයමය වශයෙන් සංවර්ධනය කිරීමට අවශ්‍ය අවස්ථා නිර්මාණය කිරීමත්, වෘත්තීය අධ්‍යාපනය සහ කුසලතා සංවර්ධනය පිළිබඳ සමාජයේ ඇති අවබෝධය තවදුරටත් පුළුල් කිරීමත් මෙවැනි වැඩසටහන් හරහා අපේක්ෂා කෙරේ.

එමෙන්ම, ශ්‍රී ලංකාවේ මානව සම්පත රටේ ආර්ථික හා සමාජ සංවර්ධනය සඳහා වඩාත් ඵලදායී ලෙස යොදාගැනීම සඳහා නිපුණතා සංවර්ධනයට ප්‍රමුඛතාව ලබාදීමේ අවශ්‍යතාව පිළිබඳවද මෙහිදී අවධානය යොමු කෙරිණි.
මෙම සාකච්ඡාව සඳහා විද්‍ය හා තාක්ෂණ අමාත්‍යතුමන්,ඩිජිටල් ආර්ථික කටයුතු අමාත්‍යාංශයේ නියෝජ්‍ය ඇමතිතුමා සහ ලේකම්,පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් නාලක කළුවැව මහතා, අතිරේක ලේකම් හිමාලි අතාවුද මහත්මිය ඇතුළු අමාත්‍යාංශයේ සහ අදාළ ආයතනවල නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.

“Skills for Life” – ජීවිතය ජයගැනීමට අවශ්‍ය නිපුණතාවලින් තරුණ පරපුර සවිබල ගැන්වීම සඳහා එක්වෙමු.

🏆 Proud to announce that GuideMe has won 1st Place at the GIZ Asia Pacific Digital for Development (D4D) Forum in Cambod...
03/09/2026

🏆 Proud to announce that GuideMe has won 1st Place at the GIZ Asia Pacific Digital for Development (D4D) Forum in Cambodia!

Bringing together regional digitalization experts to explore effective tech-driven development, the D4D Forum showcases the most impactful innovations across the region. Among 27 competitive entries from countries including India, Pakistan, Cambodia, and Vietnam, Sri Lanka's GuideMe took the top honor.

This achievement is a testament to the dedicated collaboration between the Ministry of Education, Higher Education and Vocational Education, and the GIZ-Vocational Training in Sri Lanka project. By transforming how youth navigate vocational education through a scalable Digital Public Good, GuideMe proves that sovereign digital infrastructure is the foundation for inclusive, sustainable development.

වසර 31ක් පුරා ශ්‍රී ලංකාවේ තරුණ පරපුරේ නිපුණතා, දැනුම සහ වෘත්තීය හැකියාවන් වර්ධනය කරමින්, රටේ ශක්තිමත් ශ්‍රම බලකායක් ගොඩ...
23/08/2026

වසර 31ක් පුරා ශ්‍රී ලංකාවේ තරුණ පරපුරේ නිපුණතා, දැනුම සහ වෘත්තීය හැකියාවන් වර්ධනය කරමින්, රටේ ශක්තිමත් ශ්‍රම බලකායක් ගොඩනැගීමේ අභිමානවත් මෙහෙවරක නිරත වූ ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය (VTA) 31 වන සංවත්සරය සමරයි.
“වෘත්තීය පුහුණුවේ ජාතික සන්නාමය” ලෙස දශක තුනකට අධික කාලයක් පුරා දහස් සංඛ්‍යාත තරුණ තරුණියන්ගේ අනාගතයට නිපුණතා එක් කළ VTA, රටේ ආර්ථිකයට දායක වන දක්ෂ හා වෘත්තීයමය ශ්‍රම බලකායක් බිහිකිරීමේ ගමන තවදුරටත් ශක්තිමත් කරමින් සිටී.
31 YEARS OF EXCELLENCE
වසර 31ක අභිමානවත් ගමන සමරමින්, නිපුණතාවයෙන් සවිබල ගැන්වුණු නව පරපුරක් සමඟ ශ්‍රී ලංකාවේ අනාගතය ගොඩනඟමු!
ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියට 31 වන සංවත්සරයට උණුසුම් සුබ පැතුම්! 🇱🇰
இலங்கை இளைஞர்களின் திறன்கள், அறிவு மற்றும் தொழில்முறைத் திறன்களை வளர்த்து, நாட்டில் ஒரு வலுவான தொழிலாளர் படையை உருவாக்கும் பெருமைமிக்க பணியில் 31 ஆண்டுகளாக ஈடுபட்டுள்ள இலங்கை தொழிற்பயிற்சி அதிகார சபை (VTA), தனது 31வது ஆண்டு விழாவைக் கொண்டாடுகிறது.
மூன்று தசாப்தங்களுக்கும் மேலாக ஆயிரக்கணக்கான இளைஞர்களின் எதிர்காலத்திற்குத் திறன்களைச் சேர்த்து வரும் "தொழிற்பயிற்சியின் தேசிய முத்திரை" என்ற வகையில், நாட்டின் பொருளாதாரத்திற்குப் பங்களிக்கும் திறமையான மற்றும் தொழில்முறை தொழிலாளர் படையை உருவாக்கும் தனது பயணத்தைத் தொடர்ந்து வலுப்படுத்தி வருகிறது.
31 ஆண்டுகாலச் சிறப்பு
31 ஆண்டுகாலப் பெருமைமிக்க பயணத்தைக் கொண்டாடும் இவ்வேளையில், திறன்களுடன் வலுவூட்டப்பட்ட ஒரு புதிய தலைமுறையைக் கொண்டு இலங்கையின் எதிர்காலத்தைக் கட்டியெழுப்புவோம்!
இலங்கை தொழிற்பயிற்சி அதிகார சபையின் 31வது ஆண்டு விழாவிற்கு மனமார்ந்த வாழ்த்துக்கள்! 🇱🇰
The Sri Lanka Vocational Training Authority (VTA), which has been engaged in a proud mission of developing the skills, knowledge and professional capabilities of the youth of Sri Lanka for 31 years and building a strong workforce in the country, is celebrating its 31st anniversary.
As the “National Brand of Vocational Training”, VTA, which has added skills to the future of thousands of youth for over three decades, continues to strengthen its journey of creating a skilled and professional workforce that contributes to the country’s economy.
31 YEARS OF EXCELLENCE
Celebrating a proud journey of 31 years, let’s build the future of Sri Lanka with a new generation empowered with skills!
Warm greetings to the Sri Lanka Vocational Training Authority on its 31st anniversary! 🇱🇰
#වෘත්තීයපුහුණුව #නිපුණතාසහිතනවපරපුර

ඩිජිටල් තාක්ෂණයෙන් දැනුවත් කරමින් දරුවන් වෘත්තීය අධ්‍යාපනයට යොමු කිරීමට නිපුණතා සංවර්ධන නිලධාරීන් සවිබල ගැන්වේ.අධ්‍යාපන,...
18/08/2026

ඩිජිටල් තාක්ෂණයෙන් දැනුවත් කරමින් දරුවන් වෘත්තීය අධ්‍යාපනයට යොමු කිරීමට නිපුණතා සංවර්ධන නිලධාරීන් සවිබල ගැන්වේ.

අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ වෘත්තීය අධ්‍යාපන අංශයට අනුයුක්ත ක්ෂේත්‍ර නිලධාරීන්ගේ වෘත්තීය මාර්ගෝපදේශන කටයුතු ඇතුළු ක්ෂේත්‍ර රාජකාරී වඩාත් කාර්යක්ෂම හා ගුණාත්මකව සිදු කිරීම සඳහා ලැප්ටොප් පරිගණක බෙදාදීමක් 2026 අගෝස්තු 17 වන දින “නිපුණතා පියස” පරිශ්‍රයේදී සිදු කෙරිණි.
ගරු වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම වැඩසටහන යටතේ ක්ෂේත්‍ර නිලධාරීන් සඳහා ලැප්ටොප් පරිගණක 150ක් ලබා දෙන ලදී.

මේ වන විට අදියර තුනක් යටතේ දිවයිනේ දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට අනුයුක්ත නිපුණතා සංවර්ධන නිලධාරීන් සඳහා පරිගණක උපකරණ බෙදාදීම සිදු කර ඇත. එහි පළමු අදියර ලෙස 2026 ජූලි 13 වන දින දිස්ත්‍රික් සම්බන්ධීකාරකවරුන් සඳහා ඩෙස්ක්ටොප් පරිගණක 25ක් ලබා දී තිබූ අතර, දෙවන අදියර යටතේ ලැප්ටොප් පරිගණක 150ක්ද, තෙවන අදියර යටතේ තවත් ලැප්ටොප් පරිගණක 67ක්ද ලබා දීමට කටයුතු කර තිබේ. ඒ අනුව සමස්තයක් ලෙස පරිගණක 242ක් බෙදා දී ඇත.

මෙම ක්ෂේත්‍ර නිලධාරීන් විසින් “Skill Vista” වැඩසටහන යටතේ අ.පො.ස. උසස් පෙළ සහ සාමාන්‍ය පෙළ සිසුන්, පාසල් හැරගිය තරුණ තරුණියන්, රැකියා අපේක්ෂිතයන් මෙන්ම විවිධ වයස් කාණ්ඩවල පුරවැසියන් සඳහා වෘත්තීය මාර්ගෝපදේශන සේවා සපයනු ලබයි. එමෙන්ම සමෘද්ධි ව්‍යාපාරය සමඟ ඒකාබද්ධවද වෘත්තීය මාර්ගෝපදේශන හා නිපුණතා සංවර්ධන කටයුතු ක්‍රියාත්මක කරමින් සිටී.

ඩිජිටල් සහ තොරතුරු තාක්ෂණ මෙවලම් ක්ෂේත්‍ර නිලධාරීන් වෙත ලබාදීම තුළින් ඔවුන්ගේ රාජකාරී කටයුතු සඳහා අවශ්‍ය නවතම දැනුම හා තොරතුරු කඩිනමින් ලබාගැනීමටත්, ප්‍රතිලාභීන් වෙත වඩාත් කාර්යක්ෂම හා ගුණාත්මක වෘත්තීය මාර්ගෝපදේශන සේවාවක් ලබාදීමටත් හැකියාව ලැබෙනු ඇත.

මෙම වැඩපිළිවෙළ හරහා දිවයින පුරා වෘත්තීය මාර්ගෝපදේශන සේවා තවදුරටත් ශක්තිමත් කරමින්, අධ්‍යාපනයෙන් පසු නිවැරදි වෘත්තීය මාර්ගයක් තෝරා ගැනීමට අපේක්ෂා කරන තරුණ පරපුර ඇතුළු සියලු පුරවැසියන් වෙත වඩාත් ප්‍රවේශවත්, නවීන හා තාක්ෂණය මත පදනම් වූ සේවාවක් ලබාදීම අරමුණු කෙරේ.

Address

354/2, Elvitigala Mawatha
Colombo

Opening Hours

Monday 09:00 - 16:15
Tuesday 09:00 - 17:00
Wednesday 08:30 - 16:15
Thursday 08:30 - 16:15
Friday 09:00 - 17:00

Telephone

+94112136500

Alerts

Be the first to know and let us send you an email when Vocational Education Sector posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Vocational Education Sector:

Shortcuts

Share