Vocational Education Sector

Vocational Education Sector This is the Official page of the Vocational Education sector,Ministry of Education ,Higher Education and Vocational Education.

🏆 Proud to announce that GuideMe has won 1st Place at the GIZ Asia Pacific Digital for Development (D4D) Forum in Cambod...
03/09/2026

🏆 Proud to announce that GuideMe has won 1st Place at the GIZ Asia Pacific Digital for Development (D4D) Forum in Cambodia!

Bringing together regional digitalization experts to explore effective tech-driven development, the D4D Forum showcases the most impactful innovations across the region. Among 27 competitive entries from countries including India, Pakistan, Cambodia, and Vietnam, Sri Lanka's GuideMe took the top honor.

This achievement is a testament to the dedicated collaboration between the Ministry of Education, Higher Education and Vocational Education, and the GIZ-Vocational Training in Sri Lanka project. By transforming how youth navigate vocational education through a scalable Digital Public Good, GuideMe proves that sovereign digital infrastructure is the foundation for inclusive, sustainable development.

වසර 31ක් පුරා ශ්‍රී ලංකාවේ තරුණ පරපුරේ නිපුණතා, දැනුම සහ වෘත්තීය හැකියාවන් වර්ධනය කරමින්, රටේ ශක්තිමත් ශ්‍රම බලකායක් ගොඩ...
23/08/2026

වසර 31ක් පුරා ශ්‍රී ලංකාවේ තරුණ පරපුරේ නිපුණතා, දැනුම සහ වෘත්තීය හැකියාවන් වර්ධනය කරමින්, රටේ ශක්තිමත් ශ්‍රම බලකායක් ගොඩනැගීමේ අභිමානවත් මෙහෙවරක නිරත වූ ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය (VTA) 31 වන සංවත්සරය සමරයි.
“වෘත්තීය පුහුණුවේ ජාතික සන්නාමය” ලෙස දශක තුනකට අධික කාලයක් පුරා දහස් සංඛ්‍යාත තරුණ තරුණියන්ගේ අනාගතයට නිපුණතා එක් කළ VTA, රටේ ආර්ථිකයට දායක වන දක්ෂ හා වෘත්තීයමය ශ්‍රම බලකායක් බිහිකිරීමේ ගමන තවදුරටත් ශක්තිමත් කරමින් සිටී.
31 YEARS OF EXCELLENCE
වසර 31ක අභිමානවත් ගමන සමරමින්, නිපුණතාවයෙන් සවිබල ගැන්වුණු නව පරපුරක් සමඟ ශ්‍රී ලංකාවේ අනාගතය ගොඩනඟමු!
ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියට 31 වන සංවත්සරයට උණුසුම් සුබ පැතුම්! 🇱🇰
இலங்கை இளைஞர்களின் திறன்கள், அறிவு மற்றும் தொழில்முறைத் திறன்களை வளர்த்து, நாட்டில் ஒரு வலுவான தொழிலாளர் படையை உருவாக்கும் பெருமைமிக்க பணியில் 31 ஆண்டுகளாக ஈடுபட்டுள்ள இலங்கை தொழிற்பயிற்சி அதிகார சபை (VTA), தனது 31வது ஆண்டு விழாவைக் கொண்டாடுகிறது.
மூன்று தசாப்தங்களுக்கும் மேலாக ஆயிரக்கணக்கான இளைஞர்களின் எதிர்காலத்திற்குத் திறன்களைச் சேர்த்து வரும் "தொழிற்பயிற்சியின் தேசிய முத்திரை" என்ற வகையில், நாட்டின் பொருளாதாரத்திற்குப் பங்களிக்கும் திறமையான மற்றும் தொழில்முறை தொழிலாளர் படையை உருவாக்கும் தனது பயணத்தைத் தொடர்ந்து வலுப்படுத்தி வருகிறது.
31 ஆண்டுகாலச் சிறப்பு
31 ஆண்டுகாலப் பெருமைமிக்க பயணத்தைக் கொண்டாடும் இவ்வேளையில், திறன்களுடன் வலுவூட்டப்பட்ட ஒரு புதிய தலைமுறையைக் கொண்டு இலங்கையின் எதிர்காலத்தைக் கட்டியெழுப்புவோம்!
இலங்கை தொழிற்பயிற்சி அதிகார சபையின் 31வது ஆண்டு விழாவிற்கு மனமார்ந்த வாழ்த்துக்கள்! 🇱🇰
The Sri Lanka Vocational Training Authority (VTA), which has been engaged in a proud mission of developing the skills, knowledge and professional capabilities of the youth of Sri Lanka for 31 years and building a strong workforce in the country, is celebrating its 31st anniversary.
As the “National Brand of Vocational Training”, VTA, which has added skills to the future of thousands of youth for over three decades, continues to strengthen its journey of creating a skilled and professional workforce that contributes to the country’s economy.
31 YEARS OF EXCELLENCE
Celebrating a proud journey of 31 years, let’s build the future of Sri Lanka with a new generation empowered with skills!
Warm greetings to the Sri Lanka Vocational Training Authority on its 31st anniversary! 🇱🇰
#වෘත්තීයපුහුණුව #නිපුණතාසහිතනවපරපුර

ඩිජිටල් තාක්ෂණයෙන් දැනුවත් කරමින් දරුවන් වෘත්තීය අධ්‍යාපනයට යොමු කිරීමට නිපුණතා සංවර්ධන නිලධාරීන් සවිබල ගැන්වේ.අධ්‍යාපන,...
18/08/2026

ඩිජිටල් තාක්ෂණයෙන් දැනුවත් කරමින් දරුවන් වෘත්තීය අධ්‍යාපනයට යොමු කිරීමට නිපුණතා සංවර්ධන නිලධාරීන් සවිබල ගැන්වේ.

අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ වෘත්තීය අධ්‍යාපන අංශයට අනුයුක්ත ක්ෂේත්‍ර නිලධාරීන්ගේ වෘත්තීය මාර්ගෝපදේශන කටයුතු ඇතුළු ක්ෂේත්‍ර රාජකාරී වඩාත් කාර්යක්ෂම හා ගුණාත්මකව සිදු කිරීම සඳහා ලැප්ටොප් පරිගණක බෙදාදීමක් 2026 අගෝස්තු 17 වන දින “නිපුණතා පියස” පරිශ්‍රයේදී සිදු කෙරිණි.
ගරු වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම වැඩසටහන යටතේ ක්ෂේත්‍ර නිලධාරීන් සඳහා ලැප්ටොප් පරිගණක 150ක් ලබා දෙන ලදී.

මේ වන විට අදියර තුනක් යටතේ දිවයිනේ දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට අනුයුක්ත නිපුණතා සංවර්ධන නිලධාරීන් සඳහා පරිගණක උපකරණ බෙදාදීම සිදු කර ඇත. එහි පළමු අදියර ලෙස 2026 ජූලි 13 වන දින දිස්ත්‍රික් සම්බන්ධීකාරකවරුන් සඳහා ඩෙස්ක්ටොප් පරිගණක 25ක් ලබා දී තිබූ අතර, දෙවන අදියර යටතේ ලැප්ටොප් පරිගණක 150ක්ද, තෙවන අදියර යටතේ තවත් ලැප්ටොප් පරිගණක 67ක්ද ලබා දීමට කටයුතු කර තිබේ. ඒ අනුව සමස්තයක් ලෙස පරිගණක 242ක් බෙදා දී ඇත.

මෙම ක්ෂේත්‍ර නිලධාරීන් විසින් “Skill Vista” වැඩසටහන යටතේ අ.පො.ස. උසස් පෙළ සහ සාමාන්‍ය පෙළ සිසුන්, පාසල් හැරගිය තරුණ තරුණියන්, රැකියා අපේක්ෂිතයන් මෙන්ම විවිධ වයස් කාණ්ඩවල පුරවැසියන් සඳහා වෘත්තීය මාර්ගෝපදේශන සේවා සපයනු ලබයි. එමෙන්ම සමෘද්ධි ව්‍යාපාරය සමඟ ඒකාබද්ධවද වෘත්තීය මාර්ගෝපදේශන හා නිපුණතා සංවර්ධන කටයුතු ක්‍රියාත්මක කරමින් සිටී.

ඩිජිටල් සහ තොරතුරු තාක්ෂණ මෙවලම් ක්ෂේත්‍ර නිලධාරීන් වෙත ලබාදීම තුළින් ඔවුන්ගේ රාජකාරී කටයුතු සඳහා අවශ්‍ය නවතම දැනුම හා තොරතුරු කඩිනමින් ලබාගැනීමටත්, ප්‍රතිලාභීන් වෙත වඩාත් කාර්යක්ෂම හා ගුණාත්මක වෘත්තීය මාර්ගෝපදේශන සේවාවක් ලබාදීමටත් හැකියාව ලැබෙනු ඇත.

මෙම වැඩපිළිවෙළ හරහා දිවයින පුරා වෘත්තීය මාර්ගෝපදේශන සේවා තවදුරටත් ශක්තිමත් කරමින්, අධ්‍යාපනයෙන් පසු නිවැරදි වෘත්තීය මාර්ගයක් තෝරා ගැනීමට අපේක්ෂා කරන තරුණ පරපුර ඇතුළු සියලු පුරවැසියන් වෙත වඩාත් ප්‍රවේශවත්, නවීන හා තාක්ෂණය මත පදනම් වූ සේවාවක් ලබාදීම අරමුණු කෙරේ.

AI සහ VR තාක්ෂණයෙන් වෘත්තීය අධ්‍යාපනයට නව මුහුණුවරක් – ‘GuideMe’ එළිදකීකොළඹ: ශ්‍රී ලංකාවේ තරුණ තරුණියන්ට වෘත්තීය හා තාක්...
14/08/2026

AI සහ VR තාක්ෂණයෙන් වෘත්තීය අධ්‍යාපනයට නව මුහුණුවරක් – ‘GuideMe’ එළිදකී

කොළඹ: ශ්‍රී ලංකාවේ තරුණ තරුණියන්ට වෘත්තීය හා තාක්ෂණික අධ්‍යාපන අවස්ථා පිළිබඳ තොරතුරු පහසුවෙන් ලබාදීමේ අරමුණින් සංවර්ධනය කළ ජාතික TVET මාර්ගෝපදේශන වේදිකාව වන ‘GuideMe’ ජංගම යෙදුම අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මියගේ සහ වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය බදාදා නිල වශයෙන් එළිදක්වන ලදී.
අධ්‍යාපන අමාත්‍යාංශය සහ තෘතීයික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව (TVEC), GIZ-Vocational Training in Sri Lanka (VTSL) ව්‍යාපෘතියේ සහාය ඇතිව මෙම යෙදුම සංවර්ධනය කර තිබේ.

දිස්ත්‍රික්ක 25ම ආවරණය වන ‘GuideMe’ හරහා NVQ සහ කුසලතා සංවර්ධන වැඩසටහන් 9,800කට අධික සංඛ්‍යාවක් සහ රාජ්‍ය හා පෞද්ගලික ආයතන 2,500කට අධික සංඛ්‍යාවක තොරතුරු එකම ඩිජිටල් වේදිකාවකින් ලබාගත හැකිය.

මෙහි විශේෂත්වයක් වන ‘Savi’ AI වෘත්තීය මාර්ගෝපදේශකයා සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි භාෂාවලින් පරිශීලකයන් සමඟ සංවාද කරමින් ඔවුන්ගේ රුචිකත්වයන් හා අධ්‍යාපනික පසුබිමට ගැළපෙන වෘත්තීය මාර්ග සහ පාඨමාලා පිළිබඳ මාර්ගෝපදේශ ලබාදෙයි.
මේ සමඟ GIZ ආයතනය විසින් Virtual TVET Mobile Learning Kit එකක් ද හඳුන්වා දුන් අතර, අන්තර්ජාල සම්බන්ධතාවයකින් තොරව භාවිත කළ හැකි එම පද්ධතිය තුළ 3D, AR සහ VR තාක්ෂණය යොදාගත් අධ්‍යයන මොඩියුල 4,200කට අධික සංඛ්‍යාවක් ඇතුළත් වේ.

එමෙන්ම GIZ-VTSL ව්‍යාපෘතියේ නිමාව සනිටුහන් කරමින් පුහුණුව සාර්ථකව නිම කළ Master Trainers 63 දෙනෙකු අග්‍රාමාත්‍යවරිය අතින් ඇගයීමට ලක් කෙරිණි.

මෙම අවස්ථාවට අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කළුවැව මහතා, අතිරේක ලේකම් (වෘත්තීය පුහුණු) සමන්ති සේනානායක මහත්මිය ඇතුළු අමාත්‍යාංශ නිලධාරීන් සහ GIZ නිලධාරීන් එක්ව සිටියහ.

AI, AR සහ VR වැනි නවීන තාක්ෂණයන් වෘත්තීය අධ්‍යාපනයට එක්කරමින් ශ්‍රී ලංකාවේ TVET ක්ෂේත්‍රය ඩිජිටල් පරිවර්තනයකට යොමු කිරීමේ වැදගත් පියවරක් ලෙස ‘GuideMe’ හඳුන්වාදීම සැලකිය හැකිය.

13/08/2026
📲 GuideMe — Sri Lanka’s TVET Navigation Platform is Now Live! 🇱🇰Finding the right vocational education and training path...
13/08/2026

📲 GuideMe — Sri Lanka’s TVET Navigation Platform is Now Live! 🇱🇰

Finding the right vocational education and training pathway in Sri Lanka is now easier with GuideMe, a digital platform bringing together NVQ and non-NVQ training opportunities offered by government, private-sector and NGO training institutions.

Developed under the Vocational Training in Sri Lanka (VTSL) Phase II Project, implemented through the Ministry of Education, Higher Education and Vocational Education in collaboration with GIZ, GuideMe supports young people to make better-informed choices about skills, training and careers.

✨ What GuideMe offers:
• Browse thousands of NVQ and non-NVQ courses across key sectors
• Locate accredited training institutes through an interactive map
• Get career guidance through Savi, an AI assistant supporting Sinhala, Tamil and English
• Explore career options through a career-matching quiz
• Access real-time insights on local and overseas employment opportunities

07/08/2026
වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලයේ පවතින ගැටලු විසඳීමට රජයේ අවධානයඅග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ නියෝජ්‍ය අමාත්‍ය නලි...
06/08/2026

වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලයේ පවතින ගැටලු විසඳීමට රජයේ අවධානය

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්
වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලයේ (UoVT) වර්තමානයේ පවතින ගැටලු, අභියෝග සහ ඉදිරි සංවර්ධන සැලසුම් පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මියගේ සහ අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක් 2026 අගෝස්තු 5 වන දින පාර්ලිමේන්තු කමිටු ශාලාවේදී පැවැත්විණි.

මෙම සාකච්ඡාව සඳහා අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් සමන්ති සේනානායක මහත්මිය, වෘත්තීය අධ්‍යාපන අංශයේ අතිරේක ලේකම් හිමාලි අතාවුද මහත්මිය, වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය ප්‍රසන්න ප්‍රේමදාස මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් සහ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ නියෝජිතයන් සහභාගී වූහ.

මෙහිදී විශ්වවිද්‍යාලයේ දැනට පවතින ආයතනික හා අධ්‍යයන ගැටලු පිළිබඳ දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි. ශිෂ්‍ය නියෝජිතයන් විසින් තමන් මුහුණ දෙන ප්‍රායෝගික ගැටලු සහ අභියෝග සෘජුවම ඉදිරිපත් කළ අතර, ඒ සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරිය විසින් කරුණු පැහැදිලි කරමින් විසඳුම් සඳහා රජයේ මැදිහත්වීම පිළිබඳව දැනුම් දෙන ලදී.

සාකච්ඡාවේදී විශ්වවිද්‍යාලයේ සංවර්ධනය සඳහා ප්‍රමාණවත් ඉඩම් නොමැති වීම ප්‍රධාන ගැටලුවක් ලෙස හඳුනාගත් අතර, ඒ සඳහා ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය භාවිතා කරන ඉඩම් කොටසක් විශ්වවිද්‍යාලයට ලබාදීම සම්බන්ධයෙන් එකඟතාවකට පැමිණිණි.

එමෙන්ම උතුරු මැද පළාත තුළ නව වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලයක් ස්ථාපිත කිරීම සම්බන්ධයෙන්ද මූලික එකඟතාව පළ වූ අතර, ඒ සඳහා පොළොන්නරුවේ ඉන්දියානු ආධාර යටතේ ආරම්භ කර අර්ධ වශයෙන් සංවර්ධනය කර අතහැර ඇති ත්‍රෛභාෂා සංවර්ධන මධ්‍යස්ථානය නිරීක්ෂණය කිරීමට තීරණය කෙරිණි.

තවද, දැනට ක්‍රියාත්මක වසර තුනක උපාධි පාඨමාලා වසර හතරක උපාධි පාඨමාලා ලෙස සංවර්ධනය කිරීමත්, ඒ සඳහා විෂය නිර්දේශ නවීන ලෝකයේ ශ්‍රම වෙළෙඳපොළ අවශ්‍යතාවලට ගැළපෙන පරිදි යාවත්කාලීන කිරීමත් පිළිබඳවද එකඟතාව පළ විය.
විශ්වවිද්‍යාල සිසුන් සඳහා නේවාසිකාගාර පහසුකම් ඉදිකිරීමේ අවශ්‍යතාව පිළිබඳව දීර්ඝ ලෙස අවධානය යොමු කළ අතර, ඒ සඳහා අවශ්‍ය පියවර කඩිනමින් සොයා බැලීමට ද තීරණය කෙරිණි.

මීට අමතරව, ඉදිරි දස අවුරුදු සංවර්ධන සැලැස්මට අනුව විශ්වවිද්‍යාලයට අවශ්‍ය අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මණ්ඩල අවශ්‍යතා විද්‍යාත්මකව සැලසුම් කිරීම කෙරෙහිද අග්‍රාමාත්‍යවරියගේ විශේෂ අවධානය යොමු වූ අතර, වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලය ජාත්‍යන්තර මට්ටමේ වෘත්තීය උසස් අධ්‍යාපන ආයතනයක් බවට පත් කිරීම සඳහා අවශ්‍ය ප්‍රතිසංස්කරණ කඩිනමින් ක්‍රියාත්මක කිරීමටද මෙහිදී එකඟතාව පළ වි

Address

354/2, Elvitigala Mawatha
Colombo

Opening Hours

Monday 09:00 - 16:15
Tuesday 09:00 - 17:00
Wednesday 08:30 - 16:15
Thursday 08:30 - 16:15
Friday 09:00 - 17:00

Telephone

+94112136500

Alerts

Be the first to know and let us send you an email when Vocational Education Sector posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Vocational Education Sector:

Shortcuts

Share