26/08/2026
ආදරණීයයන් වෙනුවෙන් click එකක් !
සැප් 19 වන දා සිට ක්‍රියාත්මක සීට් බෙල්ට් නීතිය පිළිබද දැනුවත් කිරීම් අඛන්ඩව ඉදිරියට !
අධිවේගී මාර්ගවල ගමන් ගන්නා සියලුම වාහනවල රියදුරන් මෙන්ම සියලුම මගීන් ද ආරක්ෂිත ආසන බඳ පටි පැළඳීමේ නීතිය 2026 සැප්තැම්බර් 19 වෙනිදා සිට අනිවාර්ය කර ඇති බැවින් ඒ පිළිබඳ අධිවේගී මාර්ගය භාවිත කරන්නන් දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහනක් කොට්ටාව අන්තර් හුවමාරු මධ්‍යස්ථානයේ දී 2026.08.25 දින පැවැත්විණ !
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය මගින් සංවිධානය කරන ලද මෙම අවස්ථාවේ රියදුරන් සහ මගී ජනතාව දැනුවත් කිරීමට කාන්තා බස් කොන්දොස්තරවරියන් සමග ජනප්‍රිය නිළි සමනලී ෆොන්සේකා මහත්මියද එක්වූවාය !
2025 වසරේ අගෝස්තු මාසයේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ මෙම ආරක්ෂිත ආසන පටි පැළඳීමේ නීතිය වසරකට ආසන්න කාලයක් විවිධ හේතූන්මත ක්‍රියාත්මක කිරීම කල්දැමුණද එලැඹෙන සැප්තැම්බර් මස 19 වන දින සිට අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කෙරේ !
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති සජීව කනකරත්න, එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි (පුහුණු හා සංවර්ධන) ඉන්දික චන්දිමාල්, අතුරුගිරිය අධීවේගී මාර්ග අනුපාලක ස්ථානයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක දිලුන් චමීර, කොට්ටාව පොලිස් ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ලලිත් සන්දනායක, මහරගම ඩිපෝ කළමනාකරු එම්.කේ.පී.කේ. ජයවර්ධන, සමස්ත ලංකා ප්‍රවාහන සේවක සංගමයේ කොළඹ දිස්ත්‍රික් ලේකම් එච්.යූ.කේ. චන්ද්‍රසිරි යන මහත්වරු ඇතුළු නිලධාරීහු රැසක් මෙම දැනුවත් කිරීමේ අවස්ථාවට එක්ව සිටියහ !