Department Of Archaeology. Sri Lanka

Department Of Archaeology. Sri Lanka Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Department Of Archaeology. Sri Lanka, Landmark & historical place, Department Of Archaeology, sir marcus fernando Road, Colombo 7, Colombo.

මාතර තාරකාකොටුව කෞතුකාගාරය ප්‍රතිසංවිධානය කිරීමට පියවර ගැනේ, පුරාවිද්‍යා අධ්‍යක්‍ෂ ජනරාල් එහි නිරීක්ෂණ චාරිකාවකට ද එක්ව...
01/04/2026

මාතර තාරකාකොටුව කෞතුකාගාරය ප්‍රතිසංවිධානය කිරීමට පියවර ගැනේ, පුරාවිද්‍යා අධ්‍යක්‍ෂ ජනරාල් එහි නිරීක්ෂණ චාරිකාවකට ද එක්වෙයි...!

" උරුමයක අරුමය "  ග්‍රන්ථ මාලාවේ කොට්ටිඹුල්වල  බිතුසිතුවම් ඡායාරූප වාර්තාකරණ  ග්‍රන්ථය  ජනගත කෙරේ....!                  ...
11/03/2026

" උරුමයක අරුමය " ග්‍රන්ථ මාලාවේ කොට්ටිඹුල්වල බිතුසිතුවම් ඡායාරූප වාර්තාකරණ ග්‍රන්ථය ජනගත කෙරේ....! ============================== ශ්‍රී ලාංකේය සාහිත්‍ය වංශයේ ද පුරාවිද්‍යා දෙපාර්තමේන්තු ග්‍රන්ථ ඉතිහාසයේද සුවිශේෂී සලකුණක් සනිටුහන් කරමින් " උරුමයක අරුමය " ග්‍රන්ථ මාලාවේ දෙවැන්න ලෙස ඓතිහාසික කොට්ටිඹුල්වල වළගම්බා රාජමහා විහාර බිතුසිතුවම් ඡායාරූප වාර්තාකරණ ග්‍රන්ථය ඊයේ දින ( 2025 03.09 ) බළන්ගොඩ වැලිගේපොල විහාරස්ථ පරිශ්‍රයේදී දොරට වැඩුම සිදුවිය . බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු පිළිබඳ ගරු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති එම උත්සවය වෙනුවෙන් පළාතේ කීර්තිමත්, වියත් සංඝ පීතෘන් වහන්සේලා රැසක් ද එම පළාතේ දේශපාලන අධිකාරියේ හා රාජ්‍ය අංශයේ ඉහළ නිලධාරීන් රැසක් ද එක්ව සිටියහ. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශිත මෙම දැවැන්ත ග්‍රන්ථය ජන ගත කෙරුණු චාම් , එහෙත් ඉතා වර්ණවත් උත්සව සභාව සංවිධාන කිරීමේ පෙරගමන්කරුවා වූයේ විහාරාධිපති ශාස්ත්‍රවේදී ගෞරවනීය මුල්ගම අනෝමදස්සි හිමියන් ය. සම්ප්‍රදායානුකූලව පොල්තෙල් පහන් සිළු දැල්වීමෙන් අනතුරුව ප්‍රශස්ත වෙස් නර්තනයකින් ඇරඹුණු උත්සවයේ පිළිගැනීම හා අරමුණු පැහැදිලි කිරීම වැඩබලන පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ඊ.ඒ.සෙනරත් වික්‍රමසිංහ මහතා විසින් සිදු කෙරිණි. මෙම ග්‍රන්ථයේ සම කතුවරුන් වන රත්නපුර ප්‍රාදේශීය සහකාර ආධ්‍යක්ෂ ( වැඩ ආවරණ ) හේමමාලි විජේසිංහ මෙනවිය සහ ජ්‍යෙෂ්ඨ පුරාවිද්‍යා ප්‍රතිරූපණ ශිල්පී අර්ජුන සමරවීර මහතා විසින් ග්‍රන්ථය පිළිබඳව ඓතිහාසික මෙන්ම තාක්ෂණික පසුබිම පිළිබඳ පැහැදිලි කිරීමක් සිදු කළහ. ගරු අමාත්‍ය හිනිදුම සුනිල් සෙනෙවි මැතිතුමා විසින් ග්‍රන්ථයේ මුල් පිටපතක් විහාරාධිපති හිමියන් වෙත පිළිගන්වන ලදී. විෂයභාර අමාත්‍යවරයා වෙත එහි පිටපතක් පිළිගැන්වූයේ පුරාවිද්‍යා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා විසිනි. ග්‍රන්ථය සම්පාදන කාර්යයට දායකත්වය සැපයූවන් වෙනුවෙන් අමාත්‍යවරයා අතින් ඇගයීම් පත් සහතික ප්‍රදානයක්ද එහිදී සිදු කෙරිණි. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ වැඩ බලන අධ්‍යක්ෂ ( ප්‍රවර්ධන ) ජේ.ඩී. විජේතිලක මහතා විසින් ස්තුති කතාව පවත්වන ලදී. මෙම උත්සවය ආවරණය වෙනුවෙන් ලංකාවේ සියලු ජනමාධ්‍ය ආයතන නියෝජනය කරමින් එහි නියෝජිතයින් රැසක් සහභාගි වී සිටීම කැපී පෙනේ. උත්සවයේ සංවිධාන කටයුතු වෙනුවෙන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයේ සහ රත්නපුර ප්‍රාදේශීය කාර්යාලයේ කාර්ය මණ්ඩලය එක්ව සිටියේය. කිලෝ ග්‍රෑම් හතරක් බරැති පිටු 252 කින් යුත් මෙම ග්‍රන්ථයේ මිල රුපියල් 85 110.00කි. ( අසුපන්දහස් එකසිය දහයකි. ) ග්‍රන්ථය මිල අධික සේම බරසාරය. වියැකී යන ශ්‍රී ලාංකේය , අද්විතීය සිතුවම් කලාවක් සංරක්ෂණය කොට මතු පරපුර උදෙසා සුරක්ෂිත කරලීමේ මහඟු ව්‍යායාමයකි. ජාතියක් සතු අමිල උරුමයක් , වස්තුවක් නූපන් පරපුරකට දායාද කිරීමට ගත් මහඟු ප්‍රයත්නයකි.....

09/03/2026
05/03/2026

පුරාවිද්‍යා දෙපාර් තමේන්තුව විසින් සකස් කර , ප්‍රකාශයට පත් කරණු ලබන " උරුමයක අරුමය " ග්‍රන්ථ මාලාවේ තවත් සුවිශේෂි අදියරක් ලෙස බලංගොඩ කොට්ටිඹුල්වල රාජමහ විහාරය අළලා සැකසුණු ග්‍රන්ථය ලබන සඳුදා ( 09 ) ජනගත කෙරේ.

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ කාර්ය මණ්ඩලය වෙනුවෙන් මුරකරුවන් සහ පුරාවිද්‍ය සහායකයින්  පිරිසක් බඳවා ගැනේ....!             ...
04/03/2026

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ කාර්ය මණ්ඩලය වෙනුවෙන් මුරකරුවන් සහ පුරාවිද්‍ය සහායකයින් පිරිසක් බඳවා ගැනේ....! ========================================== මුරකරු තනතුරු 45 ක් පුරාවිද්‍යා සහායකයින් 52 ක් සඳහා පත්වීම් ප්‍රදානය අද දින ( 03 ) වැඩබලන පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් සෙනරත් වික්‍රමසිංහ මහතා අතින් සිදු කෙරිණි. මෙම අවස්ථාවට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් ( පාලන ) ඇතුළු නිළධාරීන් පිරිසක් එක්ව සිටියහ.

එදා මෙදාතුර පුරාවිද්‍යා දෙපාර්තමේන්තු ඉතිහාසයේ තවත් සුවිශේෂි කඩඉමක් සනිටුහන් කරන අපූරුව වැඩක්......   පුරාවිද්‍යා ඡායාරූ...
27/02/2026

එදා මෙදාතුර පුරාවිද්‍යා දෙපාර්තමේන්තු ඉතිහාසයේ තවත් සුවිශේෂි කඩඉමක් සනිටුහන් කරන අපූරුව වැඩක්...... පුරාවිද්‍යා ඡායාරූප වාර්තාකරණයේ නොමැකෙන පිළිබිඹුවක්...
රත්නපුර දිස්ත්‍රික්කයේ , වැලිගෙපොල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, අටකලන් කෝරලයේ කඳවෙල් පත්තුවට අයත් , කොට්ටිඹුල්වල ග්‍රාම නිළධාරී වසමේ මනරම් භූමි භාගයක පිහිටි ඓතිහාසික හා පුරාවිද්‍යාත්මක වශයෙන් ඉතා ඉහළ කොට්ටිඹුල්වල රාජමහ විහාරයේ බිතුසිතුවම් පිළිබද ග්‍රන්ථය ජනගත කිරීම ලබන ( මාර්තු 09 වන දින ) එම විහාරස්ථ පරිශ්‍රයේ දී....

හිටපු පුරාවිද්‍යා කොමසාරිස්වරයෙකු වූ විද්‍යාජෝති ආචාර්ය රාජා ද සිල්වා මහතා අභාවප්‍රාප්ත වෙයි.                           ...
24/02/2026

හිටපු පුරාවිද්‍යා කොමසාරිස්වරයෙකු වූ විද්‍යාජෝති ආචාර්ය රාජා ද සිල්වා මහතා අභාවප්‍රාප්ත වෙයි.
අවසන් ගෞරවය වෙනුවෙන් එතුමන්ගේ දේහය හෙට ( 24 ) පෙ.ව. 8.00 සිට 12.30 දක්වා, බොරැල්ල ඒ.එෆ්. රේමන්ඩ් අවමංගල්‍ය ශාලාවේ තැන්පත් කෙරෙනු ඇති.
අවසන් කටයුතු බොරැල්ල කනත්තේ දී සිදු කිරීමට නියමිතය.
එතුමන්ට නිවන් සුව ලැබේවා.

19/02/2026

නඩත්තු කටයුතු හේතුවෙන් තාවකාලිකව වසා දැමුණු පුරාවිද්‍යා දෙපාර් තමේන්තුවේ පුස්තකාලය යළි විවෘත කෙරේ...! ========================================= පුරාවිද්‍යා දෙපාර් තමේන්තුවේ ප්‍රධාන කාර් යාලීය විමර් ශන පුස්තකාලය මීට ටික කලකට පෙර වසා දැමුණේ එහි නඩත්තු කටයුතු හේතුවෙනි.
නඩත්තු කටයුතු අවසන් කිරීමෙන් අනතුරුව එම විමර් ශන පුස්තකාලය 2026.02.20 දින සිට ( එනම් හෙට සිකුරාදා දින සිට ) පාඨක ප්‍රජාව වෙත විවෘත කෙරේ. උදෑසන 9.00 සිට ප.ව. 3.00 දක්වා සතියේ දිනවල විවෘතව තැබෙන මෙය විමර් ශන පුස්තකාලයක් බැවින් පාඨයින්ට පොත් බැහැර රැගෙන යාමට අවකාශ නොලැබේ.
පුරාවිද්‍යා ක්ෂේත්‍රයේ සහ අනෙකුත් විෂයයන්හි සුවහසක් ශාස්ත්‍ර්‍රකාමීන්ගේ ප්‍රඥාලෝකය පුබුදු කළ මෙම දැනුම් කෝෂ්ඨාගාරය , ලක්දෙරණේ බිහිවූ අද්විතීය විශිෂ්ඨයින් රැසකගේ පහස ලද්දකි. එදා මෙදාතුර මෙරට බිහිවූ දැවැන්ත හා ප්‍රතාපවත් ප්‍රාඥයින් රැසක් මෙහි සෙවනේ ජීව ගුණය ලද්දෝය.
පොතපත ඇසුරේ වැඩෙන මානවකයෙකුගෙන් ලොවට සෙතක් මිස ඇවැඩක් සිදු නොවන්නේය. " කියවීම මිනිසා සම්පූර් ණ කරයි." ලොව පරසිදු කියමනකි.

මෙවර ජාතික පුරාවිද්‍යා සමුළුව වෙනුවෙන් පත්‍රිකා කඳවීම දැන් සිදු කෙරේ...
19/01/2026

මෙවර ජාතික පුරාවිද්‍යා සමුළුව වෙනුවෙන් පත්‍රිකා කඳවීම දැන් සිදු කෙරේ...

නව පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් රාජකාරි කටයුතු අරඹයි...!                                                  ===============...
12/01/2026

නව පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් රාජකාරි කටයුතු අරඹයි...! =============================== නව වැඩබලන පුරාවිද්‍යා අධ්‍යක්‍ෂ ජනරාල් ලෙස ඊ. ඒ. සෙනරත් වික්‍රමසිංහ මහතා අද දින ( 12 ) පෙරවරුවේ, කොළඹ - 07 පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයේදී වැඩ භාරගනු ලැබීය. ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් ( සංස්කෘතික ) ලෙස ද එතුමන් කටයුතු කරමින් සිටි. වැඩබාර ගැනීමේ අවස්ථාවට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් ( වැඩ බලන ) තුසිතා රණසිංහ මහත්මිය, ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල් සනූජා කස්තුරිආරච්චි මහත්මිය ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

05/01/2026

ඌරුසිටා වැව පැරණි සොරොව්ව, පිළිබද කෙටි වීඩියෝපටය..... මොනරාගල දිස්ත්‍රික්කයේ, සෙවනගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මහගම,කඳවුරු පෙදෙසේ මෙම ඌරුසිටා වැව පිහිටියේය. මෙය ශ්‍රී ලාංකේය වාරිකර්මාන්ත ඉතිහාසයේ අනභිභවනීය නිර් මාණයකි. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිර්මාණයකි .

Address

Department Of Archaeology, Sir Marcus Fernando Road, Colombo 7
Colombo

Alerts

Be the first to know and let us send you an email when Department Of Archaeology. Sri Lanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Department Of Archaeology. Sri Lanka:

Share