Department of Prisons - Sri Lanka

Department of Prisons - Sri Lanka 𝐂𝐮𝐬𝐭𝐨𝐝𝐲, 𝐂𝐚𝐫𝐞, 𝐂𝐨𝐫𝐫𝐞𝐜𝐭𝐢𝐨𝐧𝐬

15/07/2026
10/07/2026

මීගමුව බන්ධනාගාරය තුල ඇති වූ හදිසි තත්වය හේතුවෙන් දිවිපිදූ විරුවන්ට බන්ධනාගාර දෙපාර්තමේන්තුව අවසන් ගෞරවය පුදකිරීම.

මීගමුව බන්ධනාගාරයේ ඇතිවූ හදිසි තත්වය හේතුවෙන් රාජකාරියේදී දිවි පිදූ විරුවනි, ඔබගේ වියෝව වෙනුවෙන් අපගේ සාතිශය සංවේගය...!
07/07/2026

මීගමුව බන්ධනාගාරයේ ඇතිවූ හදිසි තත්වය හේතුවෙන් රාජකාරියේදී දිවි පිදූ විරුවනි, ඔබගේ වියෝව වෙනුවෙන් අපගේ සාතිශය සංවේගය...!

වැලිකඩ බන්ධනාගාරය තුල නවක මානවක බාලදක්ෂ සමාජිකයින් සදහා නිළ ලාංඡන පළදවයිරැඳවි පුනරුත්ථාපන ක්‍රියාවලිය යථාවත් කිරීමේ අරමු...
24/06/2026

වැලිකඩ බන්ධනාගාරය තුල නවක මානවක බාලදක්ෂ සමාජිකයින් සදහා නිළ ලාංඡන පළදවයි

රැඳවි පුනරුත්ථාපන ක්‍රියාවලිය යථාවත් කිරීමේ අරමුණ පෙරදැරිව බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ බාලදක්ෂ කටයුතු නැවත ප්‍රතිස්ථාපනය කිරීමේ වැඩසටහන යටතේ වැලිකඩ බන්ධනාගාර ආයතනයෙහි මානවක බාලදක්ෂ සමාජ ආරම්භ කර නිල ලාංඡන පැලදවීමේ උත්සවය 2026.06.19 වන දින පවත්වන ලදි.

ම අවස්ථාවන් සදහා ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ විශේෂ කොමසාරිස් හා බන්ධනාගාර කොමසාරිස් (සැපයුම් හා සේවා) ගාමිණි බී දිසානායක මහතා,බන්ධනාගාර කොමසාරිස්(පුනරුත්ථාපන) සේනක පල්ලෙතැන්න මහතා, වැලිකඩ බන්ධනාගාර අධිකාරී ඊ.එම්.එස්.මහානාම මහතා, ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ සහය ප්‍රධාන කොමසාරිස් (මානවක) දිලුම් දුමින්ද මහතා, ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ ජාතික මූලස්ථාන කොමසාරිස් අනිල් විජේකොන් මහතා හා ලී පදක්කම් ලාභී නායකයින් මෙන්ම බන්ධනාගාර නිළධාරීන් රැසක් සහභාගී විය.

දුම්බර, පල්ලේකැලේ එලිමහන් සිර කදවුර, තල්දෙන තරුණ වරදකරුවන්ගේ විශෝධන මධ්‍යස්ථානය හා බදුල්ල බන්ධනාගාරයන් තුල මානවක බාලදක්ෂ...
20/06/2026

දුම්බර, පල්ලේකැලේ එලිමහන් සිර කදවුර, තල්දෙන තරුණ වරදකරුවන්ගේ විශෝධන මධ්‍යස්ථානය හා බදුල්ල බන්ධනාගාරයන් තුල මානවක බාලදක්ෂ සමාජ ආරම්භ වේ.

රැඳවි පුනරුත්ථාපන ක්‍රියාවලිය යථාවත් කිරීමේ අරමුණ පෙරදැරිව බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ බාලදක්ෂ කටයුතු නැවත ප්‍රතිස්ථාපනය කිරීමේ වැඩසටහන යටතේ දුම්බර බන්ධනාගාරය, පල්ලේකැලේ එලිමහන් සිර කදවුර, තල්දෙන තරුණ වරදකරුවන්ගේ විශෝධන මධ්‍යස්ථානය හා බදුල්ල බන්ධනාගාරය යන ආයතනයන්හි මානවක බාලදක්ෂ සමාජ ආරම්භ කර නිල ලාංඡන පැලදවීමේ උත්සවය 2026.06.13 හා 14 වන දින පවත්වන ලදි.

මෙම අවස්ථාවට සමගාමීව පල්ලේකැලේ එලිමහන් සිර කදවුරේදී හා තල්දෙන තරුණ වරදකරුවන්ගේ විශෝධන මධ්‍යස්ථානයේ දී බාලදක්ෂ කටයුතුවල නිරතව සිටින රැඳවියන් සම්බන්ධ කර ගනිමින් කඳවුරු ගිණිමැල සංදර්ශනය පවත්වන ලදි.

මෙම අවස්ථාවන් සදහා ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ විශේෂ කොමසාරිස් හා බන්ධනාගාර කොමසාරිස් (සැපයුම් හා සේවා) ගාමිණි බී දිසානායක මහතා, ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ සහය ප්‍රධාන කොමසාරිස් (මානවක) දිලුම් දුමින්ද මහතා,
ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ සහය ප්‍රධාන කොමසාරිස් (බාලදක්ෂ) කපිල ප්‍රියන්ත මහතා, ජාතික මූලස්ථාන කොමසාරිස් අනිල් විජේකොන් මහතා, මහනුවර දිස්ත්‍රික් බාලදක්ෂ සංගමයේ දිසා කොමසාරිස් මංජුල විජේසිර්වර්ධන යන මහතා ඇතුලු මහනුවර හා බදුල්ල දිසාවන් නියෝජනය කරමින් බාලදක්ෂ කොමසාරිස්වරු හා ලී පදක්කම් ලාභී නායකයින් රැසක් සහභාගී විය.

දුම්බර,පල්ලේකැලේ,තල්දෙන,බදුල්ල යන ආයතනයන්හී අධිකාරීවරු හා සෙසු නිලධාරීන් විසින් මෙම කටයුතු ඉතා සාර්ථක ලෙස සංවිධානය කර තිබුණි.

දිත්වා සුලි කුණාටුවෙන් විනාශ වූ අනුරාධපුර බන්ධනාගාරයට නව කාන්තා රෝහලක් හා අංශ රාශියක් ප්‍රතිස්ථාපනය කෙරේ.දිත්වා සුළිකුණා...
15/06/2026

දිත්වා සුලි කුණාටුවෙන් විනාශ වූ අනුරාධපුර බන්ධනාගාරයට නව කාන්තා රෝහලක් හා අංශ රාශියක් ප්‍රතිස්ථාපනය කෙරේ.

දිත්වා සුළිකුණාටුව හේතුවෙන් විනාශයට පත්වූ අනුරාධපුර බන්ධනාගාරයේ බන්ධනාගාර රෝහල, රැඳවියන්ගේ කලා නිර්මාණ සඳහා සිරකරු සුභසාධක උප කමිටුව මගින් පවත්වාගෙන ගිය අත්කම් පියස හා කරණවෑමි අංශය තුල පැවැති ප්‍රතිසංස්කරණ කටයුතුවලින් පසු හා එම බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් සඳහා අඩුපාඩුවක්ව පැවැති රෝහලක් ඉදිකරන ලද අතර, 2026.06.12 වන දින බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ආර්. ප්‍රසාද් හේමන්ත කුමාර මහතා හා බන්ධනාගාර වෛද්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය දිලිප් එච්. ලියනගේ මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කරන ලදි.

මෙම අවස්ථාව සඳහා අනුරාධපුර බන්ධනාගාර අධිකාරි ප්‍රසාද් ප්‍රේමතිලක මහතා, ප්‍රධාන ජේලර් ලක්මාල් මහතා ඇතුළු බන්ධනාගාර නිලධාරීන්,වෛද්‍ය කාර්ය මණ්ඩලය හා සිරකරු සුභසාධක උප කමිටු සාමාජිකයන් රැසක් සහභාගි විය.

තවද, අනුරාධපුර බන්ධනාගාර අධිකාරි ප්‍රමුඛ සියළු නිලධාරීන්ගේ අතිමහත් කැපවීම හා උත්සාහය මෙම අවස්ථාවේදී මහත් ඇගයීමට ලක්වූ කරුණකි.

අඹේපුස්ස පබෝධා මෙත් සෙවන හා කෑගල්ල රිමාන්ඩ් බන්ධනාගාරය තුල මානවක බාලදක්ෂ සමාජ ආරම්භ වේ.රැඳවි පුනරුත්ථාපන ක්‍රියාවලිය යථා...
14/06/2026

අඹේපුස්ස පබෝධා මෙත් සෙවන හා කෑගල්ල රිමාන්ඩ් බන්ධනාගාරය තුල මානවක බාලදක්ෂ සමාජ ආරම්භ වේ.

රැඳවි පුනරුත්ථාපන ක්‍රියාවලිය යථාවත් කිරීමේ අරමුණ පෙරදැරිව බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ බාලදක්ෂ කටයුතු නැවත ප්‍රතිස්ථාපනය කිරීමේ වැඩසටහන යටතේ අඹේපුස්ස පබෝධා මෙත් සෙවන හා කෑගල්ල බන්ධනාගාරය යන ආයතනයන්හි මානවක බාලදක්ෂ සමාජ ආරම්භ කර නිල ලාංඡන පැලදවීමේ උත්සවය 2026.06.11 හා 12 වන දින පවත්වන ලදි.

මෙම අවස්ථාවට සමගාමීව අඹේපුස්ස පබෝදා මෙත්සෙවන මධ්‍යස්ථානයේ නවක බාලදක්ෂ කටයුතුවල නිරතව සිටින රැඳවියන් සම්බන්ධ කර ගනිමින් කඳවුරු ගිණිමැලයක් 2026.06.11 වන දින ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ විශේෂ කොමසාරිස් හා බන්ධනාගාර කොමසාරිස් (සැපයුම් හා සේවා) ගාමිණි බී දිසානායක මහතා, ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ සහය ප්‍රධාන කොමසාරිස් (මානවක) දිලුම් දුමින්ද මහතා, කැගල්ල දිසා බාලදක්ෂ සංගමයේ සහය දිසා කොමසාරිස් (පරිපාලන) උත්පල ලියනගේ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විය.

කොළඹ බන්ධනාගාර වෙසක් කලාපය - 2026ශ්‍රී බුද්ධ වර්ෂ 2570 වන වෙසක් පුරපසළොස්වක පොහෝ දිනය වෙනුවෙන් කොළඹ බන්ධනාගාර ආයතන වෙසක්...
02/06/2026

කොළඹ බන්ධනාගාර වෙසක් කලාපය - 2026

ශ්‍රී බුද්ධ වර්ෂ 2570 වන වෙසක් පුරපසළොස්වක පොහෝ දිනය වෙනුවෙන් කොළඹ බන්ධනාගාර ආයතන වෙසක් සැමරුම් වැඩසටහන් රාශියක් බන්ධනාගාර මූලස්ථාන පරීශ්‍රයේදී සිදු විය.

ශ්‍රී ලංකා බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ බෞද්ධ සංගමයේ මූලිකත්වයෙන් ශ්‍රී ලංකාව පුරා පිහිටි සියළුම බන්ධනාගාර ආයතනයන්හි සහභාගීත්වයෙන් වෙසක් පහන් කූඩු තරගාවලියක් වැලිකඩ බන්ධනාගාර පරිශ්‍රය ඉදිරිපිට පැවැත්වූ අතර, එම වෙසක් පහන් කූඩු අතුරින් ප්‍රථම ස්ථානය පොළොන්නරු බන්ධනාගාරයද, දෙවන ස්ථානය යාපනය බන්ධනාගාරය හා තෙවන ස්ථානය කෑගල්ල බන්ධනාගාරය හිමි කරගන්නා ලදී.

ඊට සමගාමීව, වැලිකඩ බන්ධනාගාරය, කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරය හා හදිසි ප්‍රතිචාර උපක්‍රමික බලකායේ සහයෝගය සහිතව නව මැගසින් බන්ධනාගාරය විසින් සංවිධානය කරනු ලබූ මඤ්ඤොක්කා දන්සල 2026.05.31 වන දින හා බන්ධනාගාර මූලස්ථාන නිළධාරීන් විසින් සංවිධානය කරනු ලැබූ බෙලිමල් දන්සල 2026.05.30 වන දින බන්ධනාගාර වෙසක් කලාපය නැරඹීමට පැමිණි මහජනතාවට ලබා දීමට කටයුතු කරනු ලැබීය.

මෙම සමාරම්භක උත්සවයන් සදහා බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුමා ප්‍රමුඛ සියළු බන්ධනාගාර කොමසාරිස්වරුන්, ජ්‍යෙෂ්ඨ බන්ධනාගාර අධිකාරීවරුන්, බන්ධනාගාර අධිකාරීවරුන් ඇතුළු බන්ධනාගාර නිළධාරීන් රැසක් සහභාගී විය.

Address

Prison Headquarters, No. 150, Baseline Road
Colombo
00900

Opening Hours

Monday 08:30 - 16:00
Tuesday 08:30 - 16:00
Wednesday 08:30 - 16:00
Thursday 08:30 - 16:00
Friday 08:30 - 16:00
Saturday 08:30 - 16:00

Alerts

Be the first to know and let us send you an email when Department of Prisons - Sri Lanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share