Polgasowita Ambalangoda YMBA

Polgasowita Ambalangoda YMBA Social services

ස්තුතිය සහ පුණ්‍යානුමෝදනාව!පොල්ගස්ඕවිට අම්බලන්ගොඩ තරුණ බෞද්ධ සංගමය මඟින් 22 වන වරටත් ප්‍රදේශයේ දරු කැල අරභයා නොමිලේ සංවි...
15/07/2026

ස්තුතිය සහ පුණ්‍යානුමෝදනාව!

පොල්ගස්ඕවිට අම්බලන්ගොඩ තරුණ බෞද්ධ සංගමය මඟින් 22 වන වරටත් ප්‍රදේශයේ දරු කැල අරභයා නොමිලේ සංවිධානය කරන ලද 05 වසර ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණය ඉතා සාර්ථක අයුරින් පවත්වා නිම කිරීමට නන් අයුරින් දායකත්වය දැක්වූ සැමට අපගේ ගෞරවනීය ස්තුතිය පිරිනමමු.

🤝 අධ්‍යාපන ක්ෂේත්‍රයේ සහයෝගය ලබා දුන්
ප්‍රදේශයේ කලාප අධ්‍යාපන කාර්යාලයේ නිලධාරීන් සැමට,

සම්මන්ත්‍රණය සාර්ථක කර ගැනීමට කැපවූ විදුහල්පතිවරුන්ට සහ පාසල් ගුරු මණ්ඩලයට,

සිසු දරුවන්ට මග පෙන්වූ ප්‍රවීණ ඇදුරු මඬුල්ලට,

🏆 සෑම වසරකම ප්‍රධාන අනුග්‍රාහක දායකත්වය ලබා දුන් උන්දුරුගොඩ සණස සමිතියට,

🌟 සෙසු අනුග්‍රාහක දායකත්වය

පොල්ගස්ඕවිට සිංහ සමාජය

දසුන කන්ට්‍රිබියුෂන් ව්‍යාපාරය

සෙව්කෝ පේපර් කෝපරේෂන් ආයතනය

හෝමාගම විවිධ සේවා සමූපකාර සමිතිය

අම්බලන්ගොඩ සණස සමිතිය

ගිම්හාන සෙනෙවිරත්න මහතා

ප්‍රගති සුබ සාධක සමිතිය

රසාර ෆුඩ් ප්‍රඩක්ට් ආයතනය

අම්බලන්ගොඩ ජ්‍යෙෂ්ඨ පුරවැසි සංවිධානය

අම්බලන්ගොඩ ගොවි සංවිධානය ඇතුළු සියලුම අනුග්‍රහක භවතුන්ට,

මෙම උදාර සමාජ සත්කාරය සාර්ථක කර ගැනීම සඳහා නොයෙක් අයුරින් ශ්‍රමයෙන්, ධනයෙන් සහ වචනයෙන් සහයෝගය දැක්වූ ඔබ සැම සිදුකළා වූ මෙම උතුම් පුණ්‍යකර්මය සාංසාරික පින් පිණිසම හේතු වේවායි ප්‍රාර්ථනා කරමු!

ඔබ සැමට තෙරුවන් සරණයි!

පොල්ගස්ඕවිට අම්බලන්ගොඩ තරුණ බෞද්ධ සංගමය

22 වන වරටත් නොමිලේ පවත්වන ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණය පිළිබඳ ප්‍රදේශයේ පාසල් දැනුවත් කිරීම.එහිදී පාසල් විදුහල්පතිවරුන් සහ පහ ...
09/07/2026

22 වන වරටත් නොමිලේ පවත්වන ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණය පිළිබඳ ප්‍රදේශයේ පාසල් දැනුවත් කිරීම.

එහිදී පාසල් විදුහල්පතිවරුන් සහ පහ ශ්‍රේණිය භාරව කටයුතු කරන ගුරු මහත්ම මහත්මීන් මුණගැසී සම්මන්ත්‍රණය පිළිබඳ සාකච්ඡා කළ අතර දරුවන්ගේ අවශ්‍යතා පරිදි සම්මන්ත්‍රණය සංවිධානය කිරීමට අවශ්‍ය උපදෙස් ද ලබා ගතිමු.

දිනය සහ වේලාව - 2026. 07.12 පෙ.ව 8.00 සිට ප.ව 3.00 දක්වා.

තරුණ බෞද්ධ සංගමය පොල්ගස්ඕවිට අම්බලන්ගොඩ.

දරුවනි දෙමාපියනි,22 වන වරටත් නොමිලේ පවත්වන ප්‍රදේශයේ පැරණිතම හා විශාලතම 05 වසර ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණයජූලි මස 12 දින පෙ.ව...
09/07/2026

දරුවනි දෙමාපියනි,

22 වන වරටත් නොමිලේ පවත්වන ප්‍රදේශයේ පැරණිතම හා විශාලතම 05 වසර ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණය

ජූලි මස 12 දින පෙ.ව 8.00 සිට ප.ව 4.00 දක්වා පොල්ගස්ඕවිට අම්බලන්ගොඩ ශ්‍රී සුධර්මාරාම විහාරස්ථානයේ දී පැවැත්වේ.

🔘 නොමිලේ පැවැත්වෙන ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණය සඳහා සහභාගි වන ප්‍රවීණ ශිෂ්‍යත්ව උපදේශක මණ්ඩලය*

⚫ ඊ.ඩී. නන්දශීලි ගුරු මහත්මිය (හිටපු පාඨශාලාචාරිණී - කැස්බෑව ධර්මසේන ආටිගල බාලිකා විද්‍යාලය)
⚫ සේපාලිකා බණ්ඩාර ගුරු මහත්මිය (පිළියන්දල ඇරැව්වල ධර්මපාල විද්‍යාලය)
⚫ ජානකී පතිරණගේ ගුරු මහත්මිය (ජාතික අධ්‍යාපන ආයතනයේ කථිකාචාරිණී)
⚫ ලසන්ත කස්තුරිආරච්චි ගුරු මහත්මා (කැස්බෑව ධර්මසේන ආටිගල බාලිකා විද්‍යාලය)
⚫ සමල් අසංග ගුරු මහත්මා (පිළියන්දල මාම්පේ කනිෂ්ඨ විද්‍යාලය)
⚫ අයේෂා මඤ්ජුලා ගුරු මහත්මිය (පිළියන්දල සෝමවීර චන්ද්‍රසිරි විද්‍යාලය)
⚫ ලක්‌මිණි තෙන්නකෝන් ගුරු මහත්මිය (කැස්බෑව ධර්මසේන ආටිගල බාලිකා විද්‍යාලය)
⚫️ ආර් ඒ නිරෝෂිණි ගුරු මහත්මිය (වෑතර කනිෂ්ඨ විද්‍යාලය)

සහභාගි වන සියලු දරුවන් සඳහා ප්‍රශ්න පත්‍ර සහිත ලිපි ගොනුවක්,
ත්‍යාගයක්,
දිවා ආහාරය,
ඇතුළු සියලු පහසුකම් නොමිලේ සැපයේ. දෙමාපියන්ටත් දිවා ආහාර ලබා දේ.

දිනය - ජූලි 12 පෙ.ව 8.00 සිට ප.ව 3.00
දක්වා.
පාසල් නිල ඇඳුමින් සම්බන්ධ වන්න.

තරුණ බෞද්ධ සංගමය පොල්ගස්ඕවිට අම්බලන්ගොඩ.

වැඩි විස්තර සඳහා අමතන්න. 0717945770

ශිෂ්‍යත්ව විභාග අපේක්ෂකයන් දැනුවත් කිරීමට ෂෙයාර් කරන්න.

https://chat.whatsapp.com/F9XXCCMQHEi3BNFgpkvwKQ

#පහවසරශිෂ් #අනුමානප්

ජනප්‍රිය ශිෂ්‍යත්ව උපදේශකවරුන් රැසකගේ සහභාගිත්වයෙන් නොමිලයේ පැවැත්වෙන ප්‍රදේශයේ පැරණිම හා විශාලතම 05 වසර ශිෂ්‍යත්ව සම්මන...
03/07/2026

ජනප්‍රිය ශිෂ්‍යත්ව උපදේශකවරුන් රැසකගේ සහභාගිත්වයෙන් නොමිලයේ පැවැත්වෙන ප්‍රදේශයේ පැරණිම හා විශාලතම 05 වසර ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණය. සහභාගි වන සියලු ම දරුවන්ට දෙමාපියන්ට දිවා ආහාරය හා තේ පැන් සංග්‍රහයන් පැවැත්වේ. දරුවන් සඳහා විශේෂයෙන් අනුමාන ප්‍රශ්න පත්‍ර රැසක් සහිත ලිපි ගොනුවක් හා වටිනා ත්‍යාගයක් පිරිනැමේ. තෙරුවන් සරණයි!

තරුණ බෞද්ධ සංගමය
අම්බලන්ගොඩ පොල්ගස්ඕවිට
(පිළියන්දල)

විමසීම් - 0717945770

#ශිෂ්‍යත්වවිභාගය
#පහවසරශිෂ්‍යත්වවිභාගය

#ශිෂ්‍යත්වසම්මන්ත්‍රණය
#අනුමානප්‍රශ්නෝත්තර

#ශිෂ්‍යත්වවිභාගය #පහවසරශිෂ්‍යත්වය

පොල්ගස්ඕවිට අම්බලන්ගොඩ ශ්‍රී සුධරමාරාම විහාරස්ථ මහා බත් දන්සල පොසොන් පොහොයට පසු දින (30) සවස 6 සිට පැවැත්වේ. ඔබ සැමට කෙර...
29/06/2026

පොල්ගස්ඕවිට අම්බලන්ගොඩ ශ්‍රී සුධරමාරාම විහාරස්ථ මහා බත් දන්සල පොසොන් පොහොයට පසු දින (30) සවස 6 සිට පැවැත්වේ. ඔබ සැමට කෙරෙන කාරුණික ඇරයුමයි!

#පොසොන්_දන්සල
#බත්_දන්සල
#පොසොන්_පෝය
#මිහින්තලේ
#දන්සැල
#බොදු_බැති_ගී
#සැදැහැ_සිතින්
#ආමිස_පූජා
#ශ්‍රී_ලංකා_දන්සල්

දිට්වා සුළි කුණාටුව නිසා ආපදාවට පත් වූ මාතලේ දිස්ත්‍රීක්කයට අයත් අලවතුගොඩ විලාන් නන්දන කිනිටු විදුහලේ දරුවන් වෙනුවෙන් පා...
16/04/2026

දිට්වා සුළි කුණාටුව නිසා ආපදාවට පත් වූ මාතලේ දිස්ත්‍රීක්කයට අයත් අලවතුගොඩ විලාන් නන්දන කිනිටු විදුහලේ දරුවන් වෙනුවෙන් පාසල් උපකර පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් පසුගිය දිනෙක සිදු කරන ලදී. මෙම පාසලෙහි පාසල් දරුවන් 200 කට වඩා වැඩි පිරිසක් ඉගෙනුම ලබන අතර මෙම සුළි කුණාටු තත්ත්වය මත නිවෙස් හා දේපල හානි සිදුවී අධ්‍යාපන කටයුතු අඩාල වූ දරුවන් රාශියක් ද වෙති.

විද්‍යාලය තුළ අවුරුදු උත්සවයක් පවත්වා ත්‍යාග වශයෙන් අප පිරිනැමූ ආධාර කොටසක් ලබා දුන් අතර සෙසු ආධාර විද්‍යාලයේ ක්‍රීඩා උත්සවය අවස්ථාවේදී හා වාර්ෂික විවිධප්‍රසංගය අවස්ථාවේදී ප්‍රදානය කිරීමට නියමිතයි.

මෙම ආධාර ලබාදීම වෙනුවෙන් සහයෝගය දැක්වූ සුධර්මාරාම විහාරස්ථ දායක පිරිසටත් තරුණ බෞද්ධ සංගමයට හා දහම් පාසලටත් පිං දෙමි. තෙරුවන් සරණයි!

20/01/2026
අම්බලන්ගොඩ පොල්ගස්ඕවිට තරුණ බෞද්ධ සංගමයේ ගරු ලේකම් තුමාට පිංවන්ත සුබ උපන් දිනයක් වේවා! තෙරුවන් සරණයි!
19/01/2026

අම්බලන්ගොඩ පොල්ගස්ඕවිට තරුණ බෞද්ධ සංගමයේ ගරු ලේකම් තුමාට පිංවන්ත සුබ උපන් දිනයක් වේවා! තෙරුවන් සරණයි!

වාර්ෂික සත්වරු පිරිත් පිංකම සහ  #දේවදූත  #පෙරහැර මංගල්‍යය.ඔබටත්  #සත්වරුපිරිත් පිංකමට හා  #අලිඇතුන්  සහිත පෙරහැරෙහි  #නර...
16/01/2026

වාර්ෂික සත්වරු පිරිත් පිංකම සහ #දේවදූත #පෙරහැර මංගල්‍යය.

ඔබටත් #සත්වරුපිරිත් පිංකමට හා #අලිඇතුන් සහිත පෙරහැරෙහි #නර්තනකණ්ඩායම් සඳහා දායක විය හැකියි.

පෙරහැර සංවිධාන කමිටුව

ශ්‍රී සුධර්මාරාමය
අම්බලන්ගොඩ
පොල්ගස්ඕවිට
0112704507
0717945770

තෙරුවන් සරණයි!

#පෙරහැර #සතිපිරිත

Address

Colombo
01

Alerts

Be the first to know and let us send you an email when Polgasowita Ambalangoda YMBA posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Polgasowita Ambalangoda YMBA:

Shortcuts

Share