ලසා

ලසා ජීවන චාරිකාව කෙටි බැවින් ලියමින් කියවමින් ඇවිදිමින් නොපමාව චාරිකාවේ යෙදෙන්න!

18/07/2026

ප්‍රශ්න කියන්නෙ,නිකම්ම නිකං වචනයක්
විතරයි 😌🤙

ප්‍රශ්න 😂 මට ඉතින් පාන්ද ? පොඩිකාලෙ ඉඳන් කට්ට කාලබඩගින්නට වතුරත් බීලාසමහර වේල් බඩගින්නෙ ඉඳලඒත් පාඩුවෙ හිටපු අපිට ප්‍රශ්න...
17/07/2026

ප්‍රශ්න 😂

මට ඉතින් පාන්ද ?

පොඩිකාලෙ ඉඳන් කට්ට කාල
බඩගින්නට වතුරත් බීලා
සමහර වේල් බඩගින්නෙ ඉඳල
ඒත් පාඩුවෙ හිටපු අපිට

ප්‍රශ්න කියන්නෙ වචනයක් විතරයි !!!

අමාරුවෙන් ඉගෙන ගෙන
එක්සෑම් පාස් වෙලා
ගෙව්මක් ගහල ඉස්සරහට ඇවිල්ල
තාමත් ප්‍රශ්න එක්ක ඔට්ටුවෙන ගමන්
අහසට හිනාවෙන අපිට

ප්‍රශ්න කියන්නෙ මොන මගුලක් ද !!!

හොඳම විදියට කැපවෙලා
අවංක වෙන්න ගිහින් රැවටිලා
පෙනි පෙනි අසාධාරනකං උන ජීවිතේ
අරගෙන - ඒත් හිනාවෙවී ඉස්සරහට යන

අපිට ප්‍රශ්න කියන්නෙ වචනයක්
විතරයි බං

ඉස්සරහට ප්‍රශ්න එයි
ඒත් අපි නවතිනවද ?

නෑ

හෙට අලුතෙන් ප්‍රශ්නයක්
කඩාගෙන වැටුනත් අපි
නතර වෙනවද ?

නෑ

අනිද්ද වෙද්දි මේ හැමදේම 0 ට වැටිලා
ඇඳිවතත් නැති උනත් අපිව නවත්වන්න
පුලුවන් ද ?

බෑ !!!

ප්‍රශ්න කියන්නෙ අපිට අකුරු තුනක් විතරයි

ඒ වචනෙ ඇහුවත් අපිට
හු කෑස් ගාල හිනා යනවා

එච්චරයි 😁

ලසා 🐜

17/07/2026

ඕනවට වඩා දෙන්න යන්න එපා 😊

සතුට හොයන එක නැවත්තුවා 🤙සතුටට ඕන නම් මාව හොයපං 🖕දන්න කාලෙ ඉඳන් සතුට හොයන එකමයි කරේ.ඒ වෙනුවෙන් මොනවද අපි නොකරෙ .... සතුට ...
17/07/2026

සතුට හොයන එක නැවත්තුවා 🤙
සතුටට ඕන නම් මාව හොයපං 🖕

දන්න කාලෙ ඉඳන් සතුට හොයන එකමයි කරේ.ඒ වෙනුවෙන් මොනවද අපි නොකරෙ ....

සතුට හොයන්න කියල ලව් කරා
අන්තිමට එව්ව ඉලව් උනා

සතුට හොයන්න කියල
රස්තියාදු ගැහුවා
ඒ හැම එකම මතකයක් උනා
සමහරු ඒ මතකත් විනාස කරා

සතුට හොයන්න කියල අපි
මිනිස්සු පස්සෙ ගියා
ඒ මිනිස්සු අන්තිමට අපිව
පස්සටම දැම්මා

සතුට හොයන්න කියල
මිනිස්සුන්ට ප්‍රතිලාභ දීල
තියාගත්තා

ප්‍රතිලාභ ඉවර උනාට පස්සෙ
මිනිස්සුත් ගියා
මිනිස්සු පස්සෙ සතුටත් ගියා

අන්තිමට අපිට මොකද උනේ ?

අපි හොම්බෙන් ගියා 🤙

ආයෙ සතුටක් ඕන නෑ

දුකද එන්නෙ ඉස්සරහට, වරෙං
මට ගානක් නෑ - මොකද නුපුරුදු
දෙයක් නෙවේ

සතුට අතන තියනවා එතන්ට
යමු කිව්වොත් මම නෙවේ
අඩියක් හොල්ලන්නෙ

තියන තැනක සතුට තිබ්බ දෙං
මට දුකත් එකයි
සතුටත් එකයි
ඕන පුපක් - ප්‍රීති වෙසක්

ඩෙස්පරේශන් - එහෙමත් නැත්තම්
ලෝ ඔෆ් ඩිටෑච්මන්ට් - අන්න ඒක තමා මේක

අද ඉඳන් මම කිසි දෙයක්
හොයන්නෙත් නෑ
ලැබෙන දෙයක් ලැබෙයි
නොලබෙන දෙයක් නොලැබෙයි

සතුට හොයන එක නැවත්තුවා 🤙
සතුටට ඕන නම් මාව හොයපං 🖕

එච්චරයි

ලසා 🐜

16/07/2026

ෆිල්ටර් කරල කරට ගත්තෙ නැත්තම්
ඔයා විනාසයි ☺️

16/07/2026

අම්මෝ එපා 🙏

29/05/2026

🌀

24/05/2026

අහසේ කෙලවරක මම
එක ළගින් තරු දෙකක්
ඇන්දා .. 🤍

24/05/2026

බොහෝ දේ කියන්නට තිබුනා හිතේ..🤍

Address

Colombo
01300

Website

Alerts

Be the first to know and let us send you an email when ලසා posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to ලසා:

Shortcuts

Share