31/01/2025
මිනිස්සුන්ට ආදරේ ඕනි, මිනිස්සුන්ට මොනම තත්වෙක හරි තමන්ව දරාගන්න ආදරයක් ඕනි, තමන්ගෙ ජයග්‍රහණයක් වේවා පරාජයක් වේවා කියන්න මනුස්සයෙක් ඕන, ජයග්‍රහණයක් නම් ඒ සන්තෝසෙ බෙදාගන්න, "මං මේක කරා මම මේක වෙනුවෙන් මෙච්චර මහන්සිවුණා මට මෙච්චරක් සන්තෝසයි"කියල කියන්න මනුස්සයෙක් ඕන, පරාජයක් නම් ඒ දුක බෙදාගන්න, ඇඬෙනව නම් බය නැතුව නිදහසේ අඬන්න තමන්ව දියකරල හරින්න මනුස්සයෙක් ඕන, විඩාබර දවස්වල තමන්ගෙ ඉහ තියාගන්න ලෝකෙ තියෙන සුවපහසුම කොට්ටයටත් වඩා සුවපහසු උරිස්සක්, උකුළක් ඕන, අපි කැඩපතක් ඉස්සරහට ගිහින් දෙයක් කියනකොට බය වෙන්නෙ නෑනෙ, ලැජ්ජාවක් චකිතයක් දැනෙන්නෙ නෑනෙ, ඒ වගේ තමන්ට දැනෙන හැඟෙන හිතෙන ඕනමදෙයක් ආයෙ දෙපාරක් නොහිතා කියන්න පුළුවන් අහන් ඉන්න පුළුවන් කැඩපතක් වගෙ මනුස්සයෙක් ඕන...
ඔවු මට ඔයාව ඕනේ කවදම හරි දවසක මට මාව නැති නොවෙන දවසක් එන්න ඕනෙ..🤍✨🙂🙏