Abhimani Women's Collective

Abhimani Women's Collective Building A Community, Empowering Individuals

ශ්‍රී ලංකාවේ නීතියට අනුව ගණිකා වෘත්තිය හා සම්බන්ධ ක්‍රියාකාරකම් පාලනය වන පනත් පහකි. එනම්, දණ්ඩ නීති සංග්‍රහය (Penal Code...
24/08/2026

ශ්‍රී ලංකාවේ නීතියට අනුව ගණිකා වෘත්තිය හා සම්බන්ධ ක්‍රියාකාරකම් පාලනය වන පනත් පහකි. එනම්, දණ්ඩ නීති සංග්‍රහය (Penal Code), 2005 අංක 12 දරන පනතින් සංශෝධිත 1889 අංක 05 දරන ගණිකාවාස ආඥා පනත (Brothels Ordinance) සහ 1947 අංක 20 දරන පනතින් සංශෝධනය වූ අයාල ආඥාපනත (Vagrants Ordinance ), 1939 අංක 48 දරන ළමයින් හා තරුණයින් පිළිබඳ ආඥාපනත (Children and Young Persons Ordinance) සහ 2005 අංක 30 දරන වෛශ්‍යා වෘත්තිය සඳහා කාන්තාවන් සහ ළමයින් ජාවාරම් කිරීම වැළැක්වීමේ සහ ඊට එරෙහිව කටයුතු කිරීමේ පනත යන ඒවාය.

මේ සියලුම නීති තත්වයන් සලකා බලන කළ කිව හැක්කේ ස්වාධීනව ගණිකා වෘත්තිය ජීවිකාව ලෙස පවත්වාගෙන යන කාන්තාවක අත් අඩංගුවට ගැනීමට හෝ එවන් තැනැත්තියකට එරෙහිව නඩු පැවරීමට ලංකා නීතියේ කිසිඳු ප්‍රතිපාදනයක් නොමැති බවයි.

නීතිමය තත්ත්වය එසේ වුවද ලිංගික ශ්‍රමික කාන්තාවන් දිගින් දිගටම අපහසුතාවයන්ට සහ අසාධාරණකම්වලට මුහුණ දෙන බව නොරහසකි. එය නීතිගත කිරීම පිළිබඳ අදහස් ඉදිරිපත් වීමේදී වැඩි වශයෙන් එයට විරුද්ධව අදහස් ඉදිරිපත් වන්නේ ආගම් මූලික පූජක පක්ෂයෙනි.

හින්දු ආගම තුළ දේවදාසිත්, කතෝලික ආගම තුළ මග්දලේනා වැනි ඓතිහාසික උදාහරණත් බහුතර බෞද්ධ සමාජය තුළ, ‘පංච ශීලය’ යටතේ ‘කාමමිථ්‍යාචාරයෙන් වැළකීම’ පිළිබඳ ඉගැන්වීම, ලිංගික ශ්‍රමික කාන්තාවන් සදාචාර විරෝධීන් ලෙස හැඳින්වීමට හේතු වේ. බහුවිධ ආගම් ශ්‍රී ලංකාව තුළ පැතිරී ඇතත් සාමාන්‍ය ජන වහරේ පවතින්නේ ලංකාව සිංහල බෞද්ධ රටක් වශයෙනි. ලිංගික ශ්‍රමික කාන්තාවන් පිළිබඳ බෞද්ධ දර්ශනය තුළ ඇත්තේ කෙබඳු කියවීමක් ද යන්න පැහැදිලි කරනු ලැබුවේ කරවිලකොටුවේ ධම්මතිලක හිමියන් විසිනි.

“ලිංගිකත්වය සම්බන්ධයෙන් බුද්ධ දර්ශන‍යේ දැක්වෙන්නේ වෙනස් අදහසක්. බුද්ධ දර්ශනය පූද්ගල අනන්‍යතාවය සුරැකෙන විදිහට තමයි සෑම විටම කටයුතු කරලා තියෙන්නේ. කොසොල් රජතුමන්ගේ කතා ප්‍රවෘත්ති වලදි එහෙම පේනවා ඒ අයගෙ නිදන කාමරයට එබෙන මට්ටමකට බුදුදහම ගිහින් නැහැ කියලා. එකිනෙකාගේ අනන්‍යතාවයන්ට, පෞද්ගලිකත්වයට බුදු දහම හැමවෙලාවේම ගරු කරලා තියෙනවා.

එකල ස්වාමීන් වහන්සේලා ධර්මය දේශනා කරලා තියෙන්නේ බෞද්ධ කියලා තමන් හඳුනගත්ත පිරිසකට නෙවෙයි. ස්වාමීන් වහන්සේලාට තිබුණේ පැවිදි සංචාරක ජීවිතයක්. අවුරුද්දේ වැඩි කාලයක් ගෙවලා තියෙන්නේ ධර්ම චරිකාවේ යෙදෙමින්.

බුදු දහමේ වර්තමාන ස්වරූපයේ තමයි ලිංගිකත්වය හා සමාජභාවය වැනි දේවල් කතාබහට ලක් වන්නේ. බුදුරජාණන් වහන්සේ සිරිමා, සුගලා කියන ලිංගික ශ්‍රමික කාන්තාවන්ගේ නිවෙස් වලට වැඩලා දානය වළඳලා තියෙනවා.

බෞද්ධ දර්ශනයට අනුව ලිංගිකත්වය පිළිබඳ අපට බලපෑම් කරන්න බැහැ. විශේෂයෙන්ම කාමභෝගී ගිහියන්ගෙ. ව්‍යග්ගපජ්ජ වගේ සූත්‍රවල සඳහන් වෙනවා ගිහියන් ඇවිල්ලා කියනවා “අනේ ස්වාමීනි අපිට නිවන ගැන කතා කරන්න ඕන නෑ. අපි කාමභෝගී ජීවිත ගත කරන, සුවඳ විලවුන් ගල්වන, රස මසවුළු බුදින මිනිස්සු. අපට කියන්න ස්වාමීනි මේ ලෝකෙ සතුටින් ඉන්න විදියක් ගැන” කියලා.

‘ලිංගිකත්වය පාපයක්’ වැනි අදහසක් ඇවිත් තියෙන්නේ මුල් බුදු සමයේ නෙවෙයි. බුදුරජාණන් වහන්සේ ජීවමාන දවස අභිසාරිකාවන් සහ ගණිකාවන් හිටියා. අභිසාරිකාවන් කියලා කියන්නේ සමාජයේ සුවිශේෂි බලයක් අත්පත් කරගත්ත ප්‍රතිලාභ ලාභී කණ්ඩායමක්. රජතුමාට ඇමතිවරුන්ට වුණත් බලපෑම් කරන්න පුළුවන් කෙනෙක්. ඒ තරම් ප්‍රබල චරිත. දැන් අපි දකින්නේ වික්ටෝරියානු පන්නයේ බුදු දහමක්. එහි තමයි මේ සම්බන්ධව ඉතාම පහළින් කතා කරන්නේ. පුද්ගල අනන්‍යතාව සහ පුද්ගල සමාජභාවය පිළිබඳ නිවැරදි සහ වඩාත් උසස් කියවීමක් බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙනවා. ඒක විකෘති කරලා තමයි මේ යන ගමන යන්නේ. විශේෂයෙන් ඔය ස්ත්‍රි පුරුෂ සමාජභාවය වැනි කාරණා සම්බන්ධව ගිහියන් සමග සාකච්ජා කළ බවක් සඳහන් වෙන්නෙ නෑ.

Source: https://theleader.lk/featured/30743-2025-03-16-04-40-09

පේතවත්තුව, ධාතු කතා, යමක, පට්ඨාන වගේ පසුකාලීන ග්‍රන්ථවල තියෙන ඒවා අරගෙන තමයි ලිංගික ශ්‍රමික කාන්තාවන් සම්බන්ධ කාරණා කියන...
24/08/2026

පේතවත්තුව, ධාතු කතා, යමක, පට්ඨාන වගේ පසුකාලීන ග්‍රන්ථවල තියෙන ඒවා අරගෙන තමයි ලිංගික ශ්‍රමික කාන්තාවන් සම්බන්ධ කාරණා කියන්නේ. ඒ ඇත්තටම සද්ධර්මය නෙමෙයි. ඒවා අවශේෂ කොටස්. ඒකෙන් ධර්මය කෙලෙසෙනවා. සද්ධර්මය කියන්නේ ඔහොම එකක් නෙවෙයි. බෞද්ධ දර්ශනයේ ඔවැනි කතන්දර නෑ.

ධර්මය ලෙස උපුටා දැක්වෙන ඇතැම් කරුණු ධර්මය නොවන බවත්, ඒවායින් ධර්මය විකෘති වන බවත් ධම්මතිලක හිමියෝ පෙන්වා දෙති.

බුදු දහමේ මූලික හරයන් වන කරුණාව, මෛත්‍රිය වගේ දේවල් තියෙන්නේ ගණිකාවකටද එහෙම නැත්නම් මේ සංක්‍රාන්ති සමාජභාවී පුද්ගලයෙකුට ද යන්න විමසීමට අවශ්‍ය වන්නේ නැහැ. ඉන්දියාව පදනම් කර ගත් දකුණු ආසියාතික රටවල් වල තිබුණේ බ්‍රාහ්මණ ඉගැන්වීම්. ඒ නිසා තමයි ලිංගික හැසිරීම් පාපයක් ලෙස හිතන්නේ.

කුරුණෑගල යුගයේ දී බෞද්ධ දර්ශනය පිරිහීම ආරම්භ වුණා. මහනුවර යුගයේ දී කාන්තාවන්ට පමණක් නොව බෞද්ධ ස්වාමින් වහන්සේලාටත් ඉතාමත් පහත් අන්දමින් තමයි සලකලා තියෙන්නේ. එකල අධ්‍යාත්මික සංවර්ධනයක් හෝ නායකත්වයක් තිබිලා නෑ. එහින් බිහි වූ පරම්පරාවේ පූර්වාදර්ශයෙන් තමයි වර්තමානයේ දී එක් එක් සමාජ කණ්ඩායම් පහත්කොට සලකන්නේ. අපි නිර්මාණය කළ යුත්තේ ලිංගික ශ්‍රමිකයන් ඇතුළු අනෙක් සියලුම දෙනාට නිවැරදි ධර්ම ඥානයක් ලබා දිය හැකි වැඩ පිළිවෙළක්. ඔවුන් බිය වද්දා තවත් ධර්මයෙන් ඈත් කිරීම නොකළ යුතුයි. ලිංගික ශ්‍රමිකයන් යෙදෙන්නේ වෘත්තියක පමණක් බව අවබෝධ කර ගත යුතුයි.

කරවිලකොටුවේ ධම්මතිලක හිමියන් එසේ පැවසුව ද තම නිවෙස්වලින් බොහෝ දුර බැහැරට විත් රැකියා කරන ඔවුන්ට තම නවාතැන් වලින් හිටිහැටියේ ඉවත් වන්නට සිදු වෙයි. ඔවුන්ගේ දරුවන්ට අධ්‍යාපනය ලබාදීමට පාසල් නොමැතිව අසරණ වන්නට සිදුවෙයි. අසනීපයකට රෝහලකට ගොඩවන්නට නොහැකිය. ඒ සියලු වෙනස්කොට සැලකීම් ඔවුන්ගේ රැකියාව නිසාය. ඔවුන්ගේ හෝ පවුල්වල අයගේ කුසගින්න වෙනුවෙන් ඔවුන්ගේ තේරීම නීතියෙන් වරදක් නොවන රැකියාවක් නම් ඒ පිළිබඳ සමාජයට ගැටලුවක් ඇති විය හැකිද? රටේ බහුතරයක් බෞද්ධයන් වූ කළ ලිංගික ශ්‍රමික කාන්තාවන් කෙරේ වෛරී හැඟීමක් හෝ ආන්තීකරණයට ලක් කිරීමක් සිදුවිය හැකිද? කාන්තාවන්ගේ ආරක්‍ෂාව පිළිබඳ කතාබහක් ඇති වී ඇති මොහොතක ලිංගික ශ්‍රමික කාන්තාවන් ද කාන්තාවන් බව අමතක නොකළ යුතුව ඇත.

Source: https://theleader.lk/featured/30743-2025-03-16-04-40-09

On 24th October 2025, Abhimani Women’s Collective, together with DAST, organized a Legal Clinic at the TET Office with 1...
28/10/2025

On 24th October 2025, Abhimani Women’s Collective, together with DAST, organized a Legal Clinic at the TET Office with 15 s*x workers.

The session created a safe space to raise awareness on legal issues, share guidance on how to respond and mitigate challenges, and better understand the current realities faced by s*x workers.

*xWorkersRights

24/09/2025
23/09/2025

The Reality Behind S*x Work: It’s Not “Easy Money”

One of the biggest misconceptions about s*x work is that it requires no investment — that s*x workers “just want money for free.” That's not true!

💡 The reality is:
✔️ S*x workers invest time, energy, and emotional labor every single day.
✔️ We invest in our safety — from paying for secure spaces, transportation, health check-ups, and protection.
✔️ We invest in our appearance and presentation — clothing, makeup, grooming, healthcare, everything society demands from us to even be accepted in our work.
✔️ We invest in mental resilience — managing stigma, discrimination, and sometimes even violence, just to survive.

S*x work is not free. S*x work is not effortless.
It is labor — just like any other work. And it deserves the same recognition, respect, and rights.

✊ Stop dismissing our struggles.
✊ Stop spreading false assumptions.
✊ Respect s*x workers as workers.

*xWorkIsWork *xWorkersRights

On 19th September 2025, Abhimani Women’s Collective, together with DAST, organized a Legal Clinic at the TET Office with...
22/09/2025

On 19th September 2025, Abhimani Women’s Collective, together with DAST, organized a Legal Clinic at the TET Office with 15 s*x workers.

The session created a safe space to raise awareness on legal issues, share guidance on how to respond and mitigate challenges, and better understand the current realities faced by s*x workers.

*xWorkersRights

On 16th September 2025, Abhimani Women’s Collective together with DAST held a meaningful police training at Renuka City ...
18/09/2025

On 16th September 2025, Abhimani Women’s Collective together with DAST held a meaningful police training at Renuka City Hotel to build awareness on the rights of s*x workers.

A total of 25 police officers from the Colombo and Kelaniya divisions, including six OIC officers, joined the dialogue. The session was gracefully facilitated by Dr. Janaki Vidanapathirana, Director – Planning, Ministry of Health.

The discussion focused on recognizing s*x workers’ rights, understanding their daily struggles, and addressing violations faced at the hands of law enforcement. This was an important step toward fostering empathy, justice, and respect.

*xWorkersRights

S*x work is real work — and every worker deserves dignity.It’s time to stand up, speak out, and protect the rights of s*...
02/06/2025

S*x work is real work — and every worker deserves dignity.

It’s time to stand up, speak out, and protect the rights of s*x workers. No more arbitrary arrests. No more discrimination.
No more insults, violence, or silence.

Justice, safety, and respect for all.

S*x Workers Allies South Asia - SWASA Apnsw Red Umbrella Network

- International S*x Workers' Day 2025 -
*xworkersday *xwork

ලිංගික ශ්‍රමයද රැකියාවකි! ඔවුන්ගේ අයිතිවාසිකම් සුරක්ෂිත කරමු.අත්තනෝමතික ලෙස සිරභාරයට ගැනීම, වෙනස්කොට සැලකීම, අපහාස කිරීම...
02/06/2025

ලිංගික ශ්‍රමයද රැකියාවකි!

ඔවුන්ගේ අයිතිවාසිකම් සුරක්ෂිත කරමු.
අත්තනෝමතික ලෙස සිරභාරයට ගැනීම, වෙනස්කොට සැලකීම, අපහාස කිරීමහා වදහිංසා කිරීම පිටුදකින්නෙමු...

- ජාත්‍යන්තර ලිංගික ශ්‍රමිකයින්ගේ දිනය 2025 -

*xworkersday *xwork

A high-level advocacy meeting organized by the Red Umbrella Network and the CARE Consortium was held on 20th May 2025 at...
02/06/2025

A high-level advocacy meeting organized by the Red Umbrella Network and the CARE Consortium was held on 20th May 2025 at the Sheraton Hotel, Colombo.

The event was convened to launch the Gender-Based Violence (GBV) analysis conducted by the Red Umbrella Network and the CARE Consortium.

The meeting brought together high-level stakeholders working on human rights, health, women's rights, and feminist issues in Sri Lanka.

Key findings from the GBV analysis on female s*x workers and LGBTIQ individuals were presented and discussed during the session.

Address

265 Galle Road Kollupitiya
Colombo
00300

Website

Alerts

Be the first to know and let us send you an email when Abhimani Women's Collective posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category