Sri Lanka Atomic Energy Regulatory Council

Sri Lanka Atomic Energy Regulatory Council Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Sri Lanka Atomic Energy Regulatory Council, Government Official, No. 977/18 , Kandy Road, Bulugaha Junction, Colombo.

We are working with ionizing radiation regulatory control in Sri Lanka. Protect and ensure safety security and safegurds...
14/04/2026

We are working with ionizing radiation regulatory control in Sri Lanka. Protect and ensure safety security and safegurds of RM in SL

01/04/2026
26/03/2026

Each year, about 20 million shipments of radioactive material are transported worldwide — supporting essential uses in medicine, industry and research.

This week, the IAEA Conference brings together global experts to address how these vital materials are managed as they move across borders and complex supply chains, ensuring this movement remains safe, resilient and future-ready.

Read more and follow throughout the week ➡️ https://atoms.iaea.org/4sx4Vtt

ORPAS mission by IAEA
29/01/2026

ORPAS mission by IAEA

Sri Lanka is committed to enhancing its national programme to strengthen the radiation protection of workers, according to a recent IAEA review mission.

2026 නව වසරේ රාජකාරි ආරම්භ කිරීම අධ්‍යක්ෂ ජනරාල් වරයාගේ ප්‍රධනත්වයෙන්
02/01/2026

2026 නව වසරේ රාජකාරි ආරම්භ කිරීම අධ්‍යක්ෂ ජනරාල් වරයාගේ ප්‍රධනත්වයෙන්

ශ්‍රී ලංකා පොලිස් විශේෂ කාර්ය බලකායේ (STF) ආරාධනයකට අනුව, ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති නියාමන සභාව විසින් සංවිධානය කරන ලද ...
26/12/2025

ශ්‍රී ලංකා පොලිස් විශේෂ කාර්ය බලකායේ (STF) ආරාධනයකට අනුව, ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති නියාමන සභාව විසින් සංවිධානය කරන ලද "න්‍යෂ්ටික හා විකිරණශීලී හදිසි සූදානම සහ ප්‍රතිචාර දැක්වීම" පිළිබඳ විශේෂ වැඩමුළුවක් පසුගියදා සාර්ථකව නිමවිය.
කළුතර, කටුකුරුන්ද STF පුහුණු පාසලේදී දෙසැම්බර් 18 සහ 19 යන දෙදින පුරා පැවැත්වුණු මෙම පුහුණුව සඳහා විශේෂ කාර්ය බලකායේ CBRN ඒකකයේ නිලධාරීන් සහ ශ්‍රී ලංකා නාවික හමුදාවේ තෝරාගත් නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.
🔍 වැඩමුළුවේ ප්‍රධාන අරමුණු:
න්‍යෂ්ටික හෝ විකිරණශීලී හදිසි අනතුරකදී හෝ හදිසි අවස්ථාවකදී පළමු ප්‍රතිචාරකයින් (First Responders) ලෙස කටයුතු කරන ආකාරය පිළිබඳව නිලධාරීන් දැනුවත් කිරීම මෙහි ප්‍රධාන අරමුණ විය.
🛠️ ප්‍රායෝගික පුහුණුව සහ ක්ෂේත්‍ර අභ්‍යාස:
න්‍යායාත්මක දේශනවලට අමතරව, නිලධාරීන්ට ප්‍රායෝගික අත්දැකීම් ලබාදීම සඳහා විශේෂ ක්ෂේත්‍ර අභ්‍යාසයක් ද මෙහිදී ක්‍රියාත්මක කෙරිණි.
විකිරණ මිනුම් උපකරණ භාවිතය: විකිරණ මට්ටම් මැනිය හැකි නවීන උපකරණ නිවැරදිව හසුරුවන ආකාරය පිළිබඳ පෙරහුරුවක් පැවැත්වීම.
අනතුරට ලක්වූ විකිරණ ප්‍රභවයක් නැවත නිසි පරිදි සුරක්ෂිත කිරීම (Source Recovery): හදිසි අවස්ථාවකදී අස්ථානගත වූ හෝ අනතුරට පත් වූ විකිරණශීලී ප්‍රභවයක් ආරක්ෂිතව සොයාගෙන එය සුරක්ෂිත කරන ආකාරය පිළිබඳ පෙරහුරුව.
අනතුරු අවස්ථාවන්ට ප්‍රතිචාර දැක්වීම: යම් විකිරණ අනතුරක් සිදුවුවහොත් ඒ මොහොතේම ක්‍රියාත්මක විය යුතු ආකාරය පිළිබඳව සැබෑ අත්දැකීමක් ලබාදෙන ලදී.
👨‍🏫 සම්පත් දායකත්වය:
ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති නියාමන සභාවේ නිලධාරීන් වන K.N.R. ප්‍රනාන්දු මහතා (නියෝජ්‍ය අධ්‍යක්ෂ), C.S. හේරත් මහත්මිය (නියෝජ්‍ය අධ්‍යක්ෂ) සහ W.M.D.M. පියරත්න මහතා (විද්‍යාත්මක නිලධාරී) විසින් මෙම පුහුණු සැසිය මෙහෙයවන ලදී.
මෙම ක්ෂේත්‍ර අභ්‍යාස අවසානයේ එහි කොටසක් ලෙස මාධ්‍ය හමුවක්ද (Mock Media Drill) අභ්‍යාසයක් ලෙස පවත්වන ලදී. අවසානයේ පුහුණුව පිළිබඳ සමාලෝචනයක් ද සිදුකරන ලදී. න්‍යෂ්ටික හෝ විකිරණ අනතුරු වලට ප්‍රතිචාර දැක්වීමේ යාන්ත්‍රනය ක්‍රියාත්මක කරන ප්‍රධාන ජාතික ආයතනය ලෙස එවැනි අනතුරකදී ප්‍රතිචාර දක්වන්නන් පෙර සුදානම් කරමින් මෙරට මහජනතාවගේ සහ පරිසරයේ ආරක්ෂාව තහවුරු කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති නියාමන සභාව නිරන්තරයෙන් කැපවී සිටී.

ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සිය (IAEA) විසින් සාමජික රටවල අයනීකරණ විකිරණවලට නිරාවරණය වන සේවකයින් ආරක්ෂා කිරීම සඳහා නි...
23/12/2025

ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සිය (IAEA) විසින් සාමජික රටවල අයනීකරණ විකිරණවලට නිරාවරණය වන සේවකයින් ආරක්ෂා කිරීම සඳහා නියාමන සහ තාක්ෂණික විධිවිධානවල කාර්යක්ෂමතාව තක්සේරු කිරීමෙන්, වෛද්‍ය, කාර්මික, පර්යේෂණ සහ අධ්‍යාපන අංශ හරහා වෘත්තීය විකිරණ ආරක්ෂාව සඳහා වන ජාතික රාමුව ශක්තිමත් කිරීමට ජාත්‍යන්තර ආරක්ෂක ප්‍රමිතීන්ට අනුකූලව පවත්වන ORPAS (Occupational Radiation Protection Appraisal Service) 2019 දී ශ්‍රී ලංකාවේ ඉල්ලීම පරිදි සිදු කරන ලද අතර එහිදී සේවක විකිරණ ආරක්ෂණය සම්බන්ධව නිර්දේශ 37ක් සහ යෝජනා 46ක් සමග හොද පුරුදු 2ක් ඉදිරිපත් විය. පසුගිය වසර 5ක් කාලය තුල එම නිර්දේශ සාර්ථකව ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති නියාමන සභාව (SLAERC) , ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති මණ්ඩලය(SLAEB) ඇතුළු එම මුල් විපරමට අදාල කරගත් ආයතන කටයුතු කර ඇත. මුල් මෙහෙයුමේ IAEA මගින් ලබාදුන් එම නිර්දේශ වල ප්‍රගතිය සමලෝචනය කිරීම සඳහා ශ්‍රී ලංකාවේ ඉල්ලීම මත IAEA විසින් ශ්‍රී ලංකාව සඳහා වන Extended follow up Occupational Radiation Protection Appraisal Service මෙහෙයුම 2025 නොවැම්බර් 23 සිට 28 දක්වා SLAERC සහ SLAEB සම දායකත්වයෙන් සාර්ථකව පවත්වන ලදී.
🏥 2025 මෙහෙයුම සිදු වූ ආකාරය
ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති නියාමන සභාව සහ මණ්ඩලය එක්ව සංවිධානය කළ මෙම මෙහෙයුමේදී IAEA විශේෂඥ කණ්ඩායම විසින් මුල් නිරීක්ෂනයන්ට අදාල කරගත් සියළු ආයතන නිරීක්ෂනය කල අතර නියාමන සභාවේ යෝජනාවට අනුව මහරගම අපේක්ෂා රෝහල මුල් නිරීක්ෂනයට ලක් විය. ✅ පරමාණුක බලශක්ති නියාමන සභාව සහ මණ්ඩලය ✅ විකිරණ මාත්‍රා මැනීමේ (Dosimetry) රසායනාගාර ✅ රජයේ සහ පෞද්ගලික රෝහල් ✅ විකිරණ ප්‍රභවයන් භාවිතා කරන කර්මාන්තශාලා සහ පර්යේෂණ ආයතන මේ අතර විය.
මෙම පසු විපරම් මෙහෙයුමේදී පටන්ගැන්මේ මුල් රැස්වීම (Entrance Meeting) මෙන්ම මෙහෙයුම අවසන් කිරීමේ රැස්වීමද (Exit Meeting) නියාමන සභාවේ සංවිධානයෙන් කොළඹ ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත් Light house galley හිදී පවත්වන ලදී.
🏆 ප්‍රධාන ජයග්‍රහණ
ORPAS විශේෂඥයින්ගේ ඇගයීමට අනුව:
• 2019 වසරේ ලබාදුන් නිර්දේශවලින් බහුතරයක් මේ වන විට සාර්ථකව ක්‍රියාත්මක කර ඇත.
• විකිරණ සේවකයින්ගේ ආරක්ෂාව සහ අධීක්ෂණය සම්බන්ධයෙන් කැපී පෙනෙන ප්‍රගතියක් ශ්‍රී ලංකාව අත්කර ගෙන තිබේ.
• නියාමන සභාව පිහිටුවා ඉතා කෙටි කාලයකදී පවත්වන ලද මුල් විමසුමේදී ලබාදුන් නිර්දේශ බොහොමයක් ක්‍රියාත්මක කිරීමට නියාමන සභාව කටයුතු කර ඇති බවත් මණ්ඩලය ඇතුළුව අනෙක් ආයතනද විශාල ප්‍රගතියක් ලබා ඇති බවත් නිරීක්ෂනය කර ඇත.
• ජාත්‍යන්තර ආරක්ෂණ ප්‍රමිතීන් ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකාව සතු කැපවීම මෙහිදී අගය කෙරිණි.

🚀 ඉදිරි පියවර
මෙම මෙහෙයුමේ ප්‍රතිඵල උපයෝගී කරගනිමින්, ඉදිරියේදී විකිරණ තාක්ෂණය වඩාත් සුරක්ෂිතව භාවිතා කිරීමටත්, නව ප්‍රතිපත්ති සහ පුහුණු වැඩසටහන් හරහා සේවක ආරක්ෂාව තවදුරටත් ඉහළ නැංවීමටත් පියවර ගනු ඇත.

සංවිධානය සහ සහභාගිත්වය
මෙම සුවිශේෂී කාර්යය සඳහා ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති නියාමන සභාවේ අධ්‍යක්ෂ කේ.කේ.පී.අයි.කේ. කඩදුන්න මහතා සහ ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති මණ්ඩලයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ පී.ඩී. මහකුමාර මහතා ජාතික සම්බන්ධීකාරකවරුන් ලෙස ඉතා සාර්ථක ලෙස මෙම වැඩසටහන සංවිධානය කරතිබූ බව ORPAS ජාත්‍යන්තර නිරීක්ෂකයින්ගේ පැසසුමට ලක් වූ අතර ආයතන දෙකේ සභාපතිවරුන් අධ්‍යක්ෂ ජනරාල් වරුන් මෙන්ම සම්බන්ධිත සියළු දෙනා විශාල දායකත්වයක් ලබා දුන්හ. මෙහි අවසන් රැස්වීමට IAEA හි න්‍යෂ්ටික ආරක්ෂක හා සුරක්ෂිතතා දෙපාර්තමේන්තුවේ Radiation, Transport and waste safety අංශයේ අධ්‍යක්ෂ Hilderguard VANDENHOVE මහත්මිය ද සහභාගිවිය.

ශ්‍රී ලංකාව අයනික විකිරණ භාවිතා කරමින් වෛද්‍ය හා කර්මාන්ත කේෂ්ත්‍රයේදී රෝග නිධාන සොයා ගැනීම, රෝග වලට ප්‍රතිකාර කිරීම, ගැ...
15/12/2025

ශ්‍රී ලංකාව අයනික විකිරණ භාවිතා කරමින් වෛද්‍ය හා කර්මාන්ත කේෂ්ත්‍රයේදී රෝග නිධාන සොයා ගැනීම, රෝග වලට ප්‍රතිකාර කිරීම, ගැමා ප්‍රවිකිරණ භාවිතය, න්‍යෂ්ටික ආමන භාවිතය, කර්මාන්ත විකිරණ චායාරුප ශිල්පය වැනි ක්‍රියාකාරකම් සිදුකරනු ලබයි. එහිදී අධි විකිරණශීලී (Category I) විකිරණ ප්‍රභව ඇති ස්ථාන 11ක් ලංකාව තුළ භාවිතා කරයි. ජාත්‍යන්තර නිර්දේශ ප්‍රමිති හා ජාතික නීතිමය ක්‍රියාවලට අනුකුලව මෙම විකිරණශීලි ප්‍රභව භාවිතා කරන අතර ඒවා ආරක්ෂාකාරීව (Safety) හා සුරක්ෂිතව (Security) භාවිතා කිරීම සඳහා නියාමන කටයුතු ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති නියාමන සභාව (SLAERC) විසින් සිදු කරනු ලබයි. 2014 අංක 40 දරණ ශ්‍රී ලංකා පරමාණු බලශක්ති පනතට අනුව පැවරෙන බලතල හා කාර්යයන් අතැර න්‍යෂ්ටික සුරක්ෂිතතව Nuclear Security ප්‍රධාන අංගයක්.

IAEA විසින් සාමාජික රටවල නෂ්ටික සුරක්ෂිතතාව දියුණු කිරීම හා සහයෝගය සැපයීම සඳහා ප්‍රධාන රාමු 2ක් සකස් කර ඇත. එහි පළමුවැන්න IAEA ඒකාබද්ධ න්‍යෂ්ටික ආරක්ෂක තිරසාර සැලැස්ම (The IAEA Integrated Nuclear Security Sustainability Plan (INSSP) වන අතර එය IAEA සහ සාමාජික රටවල් අතර ජාතික න්‍යෂ්ටික ආරක්ෂක හැකියාවන් තක්සේරු කිරීම, ශක්තිමත් කිරීම සහ පවත්වා ගැනීම සඳහා වන රාමුවයි. (a cooperative framework developed between the International Atomic Energy Agency (IAEA) and Member States to assess, strengthen, and sustain national nuclear security capacities දෙවැන්න නෂ්ටික සුරක්ෂිතතාව සදහා IAEA හා සාමාජික රටවල් නීතිමය රාමුවට බැදෙන න්‍යෂ්ටික ද්‍රව්‍ය භෞතිකව ආරක්ෂා කිරීම පිළිබඳ සම්මුතිය (CPPNM) සහ 2005 සංශෝධනය (CPPNM/A) - The Convention on the Physical Protection of Nuclear Material (CPPNM) and the 2005 and the Amendment ACPPNM.

IAEA විසින් සාමාජික රටවල නෂ්ටික සුරක්ෂිතතාව දියුණු කිරීම හා සහයෝගය සැපයීම සඳහා සැකසුණු ‍පළමුවැන්න IAEA ඒකාබද්ධ න්‍යෂ්ටික ආරක්ෂක තිරසාර සැලැස්ම සඳහා ශ්‍රී ලංකාව 2014 දී අනු ගත වූ අතැර 2026- 2029 කාලය සඳහා මෙම සැලසුම සකස් කිරීම සඳහා IAEA නියෝජිතයන් හා SLAERC ඇතුළු අනික් පාර්ශව අතැර review රැස්වීම දෙසැම්බර් 08 වනදා සිට 11 දක්ව බත්තරමුල්ල watersedge හෝටලයේදී 35 දෙනෙකුගෙ සහභාගිත්වයෙන් සාර්ථකව පැවැත්විණි
මෙහිදී Nuclear security දියුණු කිරිම සඳහා රටක ලෙස කලයුතු දේවල් සාකච්ඡා කර අවශ්‍ය ක්‍රියාමාර්ග ඇතුළත් සැලසුම සකස් කරන ලදී. මෙම වැඩසටහන ශ්‍රී ‍ලංකා ව සඳහා IAEA INSSP නිලධාරී Andrew PROSSER පාකිස්තාන න්‍යෂ්ටික රෙගුලාසි ආයතනයේ නිලධාරී අන්වර් hayat US DOE නියෝජිත mandalina man යන Expert ලා සහභාගිත්වයෙන් පැවැත්විණි. ශ්‍රී ලංකාවෙ INSSP නිලධාරී SLAERC අධ්‍යක්ෂ Prageeth Indika Kumara Kadadunna මහතා සියලු සම්බන්ධීකරණ කටයුතු කල අතැර මෙය ඉතා වැදගත් කාර්යයk වේ. මෙම වැඩසටහන සඳහා ආරක්ෂක අමාත්‍යාංශය ශ්‍රී ලංකා පොලිසිය ශ්‍රී ලංකා යුධ හමුදාව ශ්‍රී ලංකා ගුවන් හමුදාව ශ්‍රී ලංකා නාවික හමුදාව සිවිල් ගුවන් සේවා අධිකාරිය airport Aviation services Ltd. ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති මණ්ඩලය ඇතුළු ආයතන ගණනාවක් සම්බන්ධ විය.

15/12/2025
ශ්‍රී ලංකා   ලංකා පරමාණුක බලශක්ති නියාමන  සභාව විසින් Ansell ආයතනයේ ස්ථාපිත ගැමා පෘථක් කාරකය තුළ සිදුවිය හැකි විකිරණ අනත...
20/11/2025

ශ්‍රී ලංකා ලංකා පරමාණුක බලශක්ති නියාමන සභාව විසින් Ansell ආයතනයේ ස්ථාපිත ගැමා පෘථක් කාරකය තුළ සිදුවිය හැකි විකිරණ අනතුරු සඳහා ප්‍රතිචාර දැක්වීමේ යාන්ත්‍රණය වැඩි දියුණු කිරීම සඳහා විකිරණ හදිසි අවස්ථා සැලැස්මට අනුව තෝරාගත් සංසිද්ධිය සඳහා tabletop exercise එකක් අද දින සපුගස්කන්ද romana හෝටලයේදී ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති නියාමන සභාවේ අධ්‍යක්ෂ ජාතික ආපදා සම්බන්ධීකරණ (National Emergency Coordinator) Prageeth Indika Kumara Kadadunna සහ Ansell ආයතනයේ විකිරණ ආරක්ෂණ නිලධාරී Ravi Sankalpa මහත්වරුන් ගේ සහභාගිත්වයෙන් හා අධීක්ෂණය යටත්ව ඉතා සාර්ථකව පවත්වන ලදී. මෙම වැඩසටහන සඳහා තෝරාගත් හදිසි අවස්ථාව සඳහා scenario එකක් develop කර controllers ලෙස නියෝජ්‍ය අධ්‍යක්ෂ Jayantha Hirimuthugoda කටයූතු කල අතැර ඔවුන් විදේශ පුහුණු වීම් හා ක්‌ෂේත්‍රයේ අත්දැකීම් තුළින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කල අතැර අධ්‍යක්ෂ තුමා විසින් අවශ්‍ය මඟ පෙන්වීම සිදු කරන ලදී. මෙම වැඩ සටහන සඳහා STF නිලධාරීන් පොලිස් නිලධාරීන් මෙන්ම BOI ආරක්ෂක නිලධාරීන් සහභාගි විය. මෙම වැඩසටහන නිරීක්ෂණය කිරීම සඳහා නියාමන සභාවේ සභාපති මහාචාර්ය Jagath Pitawala මහතා ද එක් විය.

12/11/2025

Address

No. 977/18 , Kandy Road, Bulugaha Junction
Colombo
KELANIYA

Alerts

Be the first to know and let us send you an email when Sri Lanka Atomic Energy Regulatory Council posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Sri Lanka Atomic Energy Regulatory Council:

Share