Legal work in Israel : Home based Caregiver Vacancies for Sri Lankans

Legal work in Israel : Home based Caregiver Vacancies for Sri Lankans Government of Israel has created home-based care giving job opportunities to over 2,000 Sri Lankans.

ශ්‍රී ලංකාව සහ ඊශ්‍රායල් ‍රජය අතර ඇති කරගත් ද්වීපාර්ශ්වික ගිවිසුමක් මත ශ්‍රී ලංකාවේ 2000කට වැඩි පිරිසක් සඳහා ගෘහස්ථ සාත්තු සේවා රැකියා අවස්ථා ලැබී ඇත. මේ පිළිබඳ වැඩි විස්තර සඳහා අපගේ වෙබ් අඩවියට හෝ දුරකතන අංකය හරහා සම්බන්ධ වන්න. A bilateral agreement between Sri Lanka and the Government of Israel has created home-based care giving job opportunities to over 2,000 Sri Lankans. For more information, please refer to our webpage or contact us on our phone number.

ඊශ්‍රායලයේ රැකියාවක් සඳහා නීත්‍යානුකූලව යන්න තියෙන එකම මඟ, විදේශ සේවා නියුක්ති කාර්යාංශය මඟින් පවත්වනු ලබන අයදුම් කිරීමේ...
15/12/2023

ඊශ්‍රායලයේ රැකියාවක් සඳහා නීත්‍යානුකූලව යන්න තියෙන එකම මඟ, විදේශ සේවා නියුක්ති කාර්යාංශය මඟින් පවත්වනු ලබන අයදුම් කිරීමේ හා බඳවාගැනීමේ ක්‍රියාවලිය හරහා පමණයි. ඔබටත් මෙම ක්‍රියාවලියට පිටතින් ඊශ්‍රායල් රැකියාවක් සඳහා අයදුම්කිරීමට අවස්ථාවක් ලැබී ඇත්නම්, එය විදේශ සේවා නියුක්ති කාර්යාංශය හරහා සිදු නොවන්නේ නම්, ඔබත් වංචනික විදේශ රැකියා ජාවාරම්කරුවකුට හසු වී ඇත.

මේ පිළිබඳව වැඩිදුර තොරතුරු දැනගැනීමට අපට කතා කරන්න : 0112 789 367

නීත්‍යානුකූලව ඊශ්‍රායලය තුළ රැකියාවක් සඳහා අයදුම් කළයුතු ආකාරය, බඳවාගැනීමේ ක්‍රියාවලිය සහ වෘත්තීය පුහුණුව ලබාගත යුතු ආකාරය පිළිබඳව වැඩිදුර තොරතුරු දැනගැනීමට අපගේ Facebook පිටුව බලන්න.

වංචනික විදේශ රැකියා ජාවාරම්කරුවන් නිසා ඔබේ මුදල්, කාලය සහ බලාපොරොත්තු විනාශ කරගන්න එපා!

ශ්‍රී ලංකාව සහ ඊශ්‍රායල් රජය අතර ඇති කරගත් ද්වීපාර්ශ්වික ගිවිසුම මත ක්‍රියාත්මකයි.

#සාත්තුසේවය

ඔබත් ඊශ්‍රායලය වෙත පැමිණීමට පෙර ඔබ පැමිණීමට අපේක්ෂිත දිනයට අනුව, ඊශ්‍රායලයේ ඔබ ජීවත් වන ප්‍රදේශයේ උෂ්ණත්වය පරීක්ෂා කර එම...
27/11/2023

ඔබත් ඊශ්‍රායලය වෙත පැමිණීමට පෙර ඔබ පැමිණීමට අපේක්ෂිත දිනයට අනුව, ඊශ්‍රායලයේ ඔබ ජීවත් වන ප්‍රදේශයේ උෂ්ණත්වය පරීක්ෂා කර එම කාලගුණ තත්ත්වයන්ට සුදුසු ඇඳුම් ගෙන ඒමට වග බලා ගන්න.

වැසි සහිත ශීත කාලගුණයක් නොවැම්බර් සිට අප්‍රේල්,මැයි මාස දක්වා පවතින අතර, ඉතිරි මාස හය තුළ වියළි ගිම්හාන කාලගුණයක් දක්නට ඇත.
ශීත කාලයේදීත් ඔබට වැඩ කිරීමට සිදුවන නිසා ඔබව සීතලෙන් ආරක්ෂා වීමට නම් උණුසුම් කබා/ජැකට් අවශ්‍ය වේ. ගිම්හාන කාලයේදී විජලනය වීමෙන් වැළකීමට නිතර ජලය පානය කිරීම සුදුසුයි.

ජීවිතේම දිනන්න, ජීවිතේ විඳින්න
ඊශ්‍රායලයේ ගෘහස්ථ සාත්තු සේවයට අදම අයදුම් කරන්න. මේ අවස්ථාව ඔබේම කරගන්න!

දැන්ම අමතන්න : 0112 789 367

ශ්‍රී ලංකාව සහ ඊශ්‍රායල් රජය අතර ඇති කරගත් ද්වීපාර්ශ්වික ගිවිසුම මත ක්‍රියාත්මකයි.

#සාත්තුසේවය

ගෘහස්ථ සාත්තු සේවයට යන ඔබට, පැය 24 පුරාවටම රෝගියා පිළිබඳව නිරන්තර අධීක්ෂණයකින් සහ අවධානයකින් සිටීමට සිදුවන අතර රෝගියාගේ ...
25/11/2023

ගෘහස්ථ සාත්තු සේවයට යන ඔබට, පැය 24 පුරාවටම රෝගියා පිළිබඳව නිරන්තර අධීක්ෂණයකින් සහ අවධානයකින් සිටීමට සිදුවන අතර රෝගියාගේ දෛනික වැඩ කටයුතුවලට සහාය වීම, වැසිකිලි කටයුතු වලට සහාය වීම, ආහාර පිළියෙල කිරීම, කැවීම, නියමිත වේලාවට ඖෂධ ලබාදීම ඇතුළු විවිධ රාජකාරීන් වල නිරත වීමට සිදුවනු ඇත. එම නිසා මෙම රාජකාරීන් හරියාකාරව සිදුකිරීමට විධිමත් පුහුණුවක් ඔබට අවශ්‍ය වන අතර හෙද පුහුණුව පමණක් තිබීම ගෘහස්ථ සාත්තු සේවය සඳහා අයදුම් කිරීමට ප්‍රමාණවත් නොවේ.

ඔබටත් ගෘහස්ථ සාත්තු සේවය පිළිබඳව පුහුණුවක් අවශ්‍ය නම්, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් පවත්වන දින 45 ක නේවාසික පුහුණු පාඨමාලාවට සම්බන්ධ වෙන්න. එමෙන්ම ද්වීපාර්ශ්වික ගිවිසුමට අනුබද්ධව වෘත්තීය පුහුණුව ලබාදෙන වෙනත් අනුමත ආයතනයකින් ඔබට සාත්තු සේවයට අදාළ වෘත්තීය පුහුණුව ලබාගත හැක. පුහුණුව ලබාගත හැකි ආයතන සහ පාඨමාලා විස්තර අපගේ Facebook පිටුවෙන් ලබාගත හැක.

ශ්‍රී ලංකාව සහ ඊශ්‍රායල් රජය අතර ඇති කරගත් ද්වීපාර්ශ්වික ගිවිසුම මත ක්‍රියාත්මකයි.

#සාත්තුසේවය

ඊශ්‍රායල් අයදුම්පත් සම්පූර්ණ කරන ඔබට ඊළඟ පියවර ලෙස සම්මුඛ පරීක්ෂණයක් සඳහා මුහුණ දීමට සිදුවේ. ඒ සඳහා සම්මුඛ පරික්ෂණයකට සා...
22/11/2023

ඊශ්‍රායල් අයදුම්පත් සම්පූර්ණ කරන ඔබට ඊළඟ පියවර ලෙස සම්මුඛ පරීක්ෂණයක් සඳහා මුහුණ දීමට සිදුවේ. ඒ සඳහා සම්මුඛ පරික්ෂණයකට සාර්ථකව මුහුණ දීමට හැකි තරම් ඉංග්‍රීසි භාෂා දැනුමක් තිබිය යුතු අතර ඉංග්‍රීසි ඉගෙන ගැනීමට අවශ්‍ය නම්, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් පවත්වන ඉංග්‍රීසි පුහුණු පාඨමාලාවට ඔබට සහභාගී විය හැකියි. එසේත් නොමැතිනම් වෙනත් ඕනෑම ආයතනයකින් ඔබට ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගැනීමට හැකිය. ඊශ්‍රායලයේ සේවය කිරීමට ඉංග්‍රීසි භාෂා දැනුමක් තිබීම අත්‍යාවශ්‍ය වේ.

එමෙන්ම ඊශ්‍රායලයේ සාත්තු සේවයට ගිය විට රෝගියා සමග කතා කිරීමට සහ අදහස් හුවමාරු කර ගැනීමට, ඊශ්‍රායලයේ බහුලවම භාවිතා කරන Hebrew භාෂාව ඉගෙන ගත යුතුයි. Hebrew භාෂාව ඉගෙන ගැනීමට, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් පවත්වන Hebrew පුහුණු පාඨමාලාවට සහභාගී විය හැකි අතර පිටත්වීමට පෙර නැවත වතාවක් ඔබට දින තුනක Hebrew පුහුණු වැඩසටහනකට සහභාගී වීමට අවස්ථාවක් හිමිවේ. මෙම වැඩසටහනෙන් හෝ වෙනත් ආයතනයකින් ඔබට මෙම භාෂා දැනුමත් ලබාගත හැකිය.

ශ්‍රී ලංකාව සහ ඊශ්‍රායල් රජය අතර ඇති කරගත් ද්වීපාර්ශ්වික ගිවිසුම මත ක්‍රියාත්මකයි.

#සාත්තුසේවය

ඊශ්‍රායලයේ ගෘහස්ථ සාත්තු සේවයට යන්න කලින්, ඔබ කළ යුතු රාජකාරීන් ගැන දැනුවත් වෙන්න.රෝගියාගේ දෛනික වැඩ කටයුතුවලට සහාය වීම,...
20/11/2023

ඊශ්‍රායලයේ ගෘහස්ථ සාත්තු සේවයට යන්න කලින්, ඔබ කළ යුතු රාජකාරීන් ගැන දැනුවත් වෙන්න.

රෝගියාගේ දෛනික වැඩ කටයුතුවලට සහාය වීම, රෝගියාව පිරිසිදු කිරීම, වැසිකිලි කටයුතු සඳහා රෝගියාට සහාය වීම, ඩයපර් මාරු කිරීම, රෝගියාට අවශ්‍ය ආහාර පිසීම, ආහාර පිළියෙල කිරීම, අවශ්‍යතාවය අනුව රෝගියාට ආහාර ලබාදීම, රෝගියාගේ ඇඳුම් සේදීම, ඇඳ ඇතිරිලි සහ ඔහුගේ නිවස පිරිසිදු කිරීම, නියමිත වේලාවට ඖෂධ ලබාදීම, නිවසට සහ ඔහුට අවශ්‍ය දෑ මිලදී ගැනීම, නිවසින් පිටතට රෝගියාව ගෙනයාමට අවශ්‍ය නම් ඒ සඳහා ඔහුට/ඇයට සහාය වීම මෙන්ම ඔහුව/ඇයව නිරන්තරයෙන් අධීක්ෂණය කිරීම වැනි රාජකාරීන් කිරීමට ඔබට සිදුවෙනු ඇත.

රෝගියාට බැහැරින් ඇති අනෙකුත් පදිංචිකරුවන්ගේ හෝ රෝගියාගේ පවුලේ සාමාජිකයන්ගේ රාජකාරීන් කිරීම, සතුන් බලා ගැනීම සහ රිය පැදවීමට ඔබට නොලැබේ.

ශ්‍රී ලංකාව සහ ඊශ්‍රායල් රජය අතර ඇති කරගත් ද්වීපාර්ශ්වික ගිවිසුම මත ක්‍රියාත්මකයි.

#සාත්තුසේවය

ඊශ්‍රායල් ගෘහස්ථ සාත්තු සේවය සඳහා බඳවාගන්නා පිරිමි සාත්තු සේවකයන් සංඛ්‍යාව තීරණය කිරීමට, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති ...
17/11/2023

ඊශ්‍රායල් ගෘහස්ථ සාත්තු සේවය සඳහා බඳවාගන්නා පිරිමි සාත්තු සේවකයන් සංඛ්‍යාව තීරණය කිරීමට, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයට අවස්ථාවක් නොමැති අතර, ඒ සඳහා ඇති ඉල්ලුම ඊශ්‍රායල් රජයෙන් පමණක් ලැබේ. පිරිමි සාත්තු සේවා අයදුම්කරුවන්ගේ අයදුම්පත් වරින් වර අප වෙත ලැබෙමින් පවතින නමුත් ඊශ්‍රායලයේ රෝගීන්ගෙන් සහ සේවායෝජකයින්ගෙන් ප්‍රධාන ඉල්ලුමක් පවතින්නේ කාන්තා සාත්තු සේවා අයදුම්කරුවන්ටයි. මේ හේතුවෙන් පිරිමි සාත්තු සේවා අයදුම්කරුවන්ගේ අයදුම්පත් භාර ගත හැකි ප්‍රමාණය සීමා කිරීමට අපට සිදු වී ඇත.

ශ්‍රී ලංකාව සහ ඊශ්‍රායල් රජය අතර ඇති කරගත් ද්වීපාර්ශ්වික ගිවිසුම මත ක්‍රියාත්මකයි.

#සාත්තුසේවය

ගෘහස්ථ සාත්තු සේවයට අයදුම් කිරීමට අවශ්‍ය සුදුසුකම්,01. වයස අවුරුදු  25-45 අතර විය යුතුයි.02. අවම වශයෙන් උස මීටර් 1.5 ක් ...
14/11/2023

ගෘහස්ථ සාත්තු සේවයට අයදුම් කිරීමට අවශ්‍ය සුදුසුකම්,

01. වයස අවුරුදු 25-45 අතර විය යුතුයි.
02. අවම වශයෙන් උස මීටර් 1.5 ක් සහ බර කිලෝ ග්‍රෑම් 45 කට නොඅඩු විය යුතුයි.
03. පිළිගත් බලධාරියකු විසින් අනුමත කරන ලද මාස 11ක ප්‍රායෝගික හෙද පුහුණුවක් හෝ ගෘහස්ථ සාත්තු සේවය පිළිබඳ දින 45 නේවාසික පුහුණු සහතිකයක් තිබිය යුතුයි.
04. සාර්ථකව සම්මුඛ පරීක්ෂණයක් සඳහා මුහුණ දීමට හැකි තරම් ඉංග්‍රීසි භාෂා දැනුමක් තිබිය යුතුයි.
05. අවම වශයෙන් වසර 10ක පාසල් අධ්‍යාපනයක් තිබිය යුතුයි.
06. මීට පෙර ඊශ්‍රායලයේ සේවය කර නොතිබිය යුතුයි.
07. ළඟම ඥාතියෙකු ඊශ්‍රායලයේ සේවය කර නොතිබිය යුතුයි. (දෙමව්පියන්, ළමුන්, සැමියා හෝ බිරිඳ)
08. අයදුම්කරු ශාරීරිකව සහ මානසිකව නිරෝගී විය යුතු අතර ක්ෂය රෝගය, හෙපිටයිටිස්, සිපිලිස්, ගොනෝරියා, ඒඩ්ස් වැනි රෝග පිළිබඳ ඉතිහාසයක් නොතිබිය යුතුයි.
09. බර ඉසිලීම වැනි දෑ ඇති බැවින් මත්ද්‍රව්‍ය හෝ මත්පැන් පාවිච්චිය පිළිබඳ ඉතිහාසයක් අයදුම්කරුට නොතිබිය යුතුයි.
10. ශ්‍රී ලංකා පුරවැසියකු විය යුතු අතර කිසිදු අපරාධ ක්‍රියාවක් සම්බන්ධ ඉතිහාසයක් හෝ වාර්තාවක් නොතිබිය යුතුයි.

ශ්‍රී ලංකාව සහ ඊශ්‍රායල් රජය අතර ඇති කරගත් ද්වීපාර්ශ්වික ගිවිසුම මත ක්‍රියාත්මකයි.

#සාත්තුසේවය

In appreciation of your dedicated work especially during these trying times.
02/11/2023

In appreciation of your dedicated work especially during these trying times.

මේ කාලය තුළ ඔබ කරන සුවිශේෂී කැපකිරීම වෙනුවෙන් අපි ඔබට ස්තූතිවන්ත වෙනවා. 🙏
02/11/2023

මේ කාලය තුළ ඔබ කරන සුවිශේෂී කැපකිරීම වෙනුවෙන් අපි ඔබට ස්තූතිවන්ත වෙනවා. 🙏

ශ්‍රී ලංකාව සහ ඊශ්‍රායලය අතර ද්වීපාර්ශ්වික ගිවිසුම යටතේ නීත්‍යානුකූලව ඊශ්‍රායල් ගෘහස්ථ සාත්තු සේවයට පැමිණීමට පෙර, බඳවා ග...
06/10/2023

ශ්‍රී ලංකාව සහ ඊශ්‍රායලය අතර ද්වීපාර්ශ්වික ගිවිසුම යටතේ නීත්‍යානුකූලව ඊශ්‍රායල් ගෘහස්ථ සාත්තු සේවයට පැමිණීමට පෙර, බඳවා ගැනීමේ ක්‍රියාවලියේදී ඔබට මුහුණ දීමට සිදුවන වැදගත්ම පියවර වන්නේ ඉංග්‍රීසි භාෂාවෙන් පවත්වන රැකියා සම්මුඛ පරීක්ෂණය වන අතර එය වීඩියෝ පටිගත කිරීමක් කරනු ලැබේ. එහිදී අයදුම්කරුගෙන් අපේක්ෂා කරන්නේ කුමක්ද? ඒ සඳහා සාර්ථකව මුහුණ දීමට ඔබ දැනගත යුතු සහ ඔබ ඉගෙන ගත යුතු සියලු කරුණු කාරණා පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරෙන අතර සම්මුඛ පරික්ෂණයේදී ඔබෙන් අසන ප්‍රශ්නාවලිය පිළිබඳවද මෙහිදී පැහැදිලි කිරීමක් සිදුවේ. ඔබට මෙම සම්මුඛ පරික්ෂණය සම්බන්ධ කුමක් හෝ ගැටලුවක් ඇත්නම්, එයද මෙම සාකච්ඡාවේදී අසා දැනගැනීමට හැකියාවක් ඇත.

සජීවී විකාශය සමඟ සම්බන්ධ වීමට ඔක්තෝම්බර් 11 වන දින සවස 7 ට අපගේ FB පිටුව වෙත සම්බන්ධ වෙන්න.

#සාත්තුසේවය

27/09/2023
வாழ்க்கையில் முன்னேறுவதற்கு, 10 படிமுறைகளில் ஐந்து இலட்சம்* சம்பளத்துக்கு ஈஸ்ரேலில் இல்லப் பராமரிப்பு பெண்ணாக விண்ணப்பிக...
25/09/2023

வாழ்க்கையில் முன்னேறுவதற்கு, 10 படிமுறைகளில் ஐந்து இலட்சம்* சம்பளத்துக்கு ஈஸ்ரேலில் இல்லப் பராமரிப்பு பெண்ணாக விண்ணப்பிக்கும் முறையை அறிந்து கொள்ளுங்கள்.
*ஈஸ்ரேல் ஷெகெல் 5,571.75 தொகை.

மேலதிக தகவல்களுக்கு தற்போதே அழையுங்கள் : 011-2-789367

Online விண்ணப்பப்படிவத்தை பார்வையிட பிரவேசியுங்கள்: https://services.slbfe.lk/IsraelData/index?%22

Online விண்ணப்பப்படிவத்தை பூர்த்தி செய்ய அவசியமான ஆலோசனைகளுக்காக:http://services.slbfe.lk/upload/ISR/isr.pdf

தேவையான சான்றிதழ்கள்: அங்கீகாரம் பெற்ற அரச நிறுவனமொன்றினால் சான்றளிக்கப்பட்ட 11 மாத கால தாதியர் சேவை பயிற்சி சான்றிதழ் அல்லது பராமரிப்பு சேவைக்கான NVQ LVL 3 பயிற்சி சான்றிதழ் மற்றும் SLBFE ஆங்கில திறன் சான்றிதழ்.

இலங்கை மற்றும் ஈஸ்ரேல் அரசாங்கங்களுக்கிடையே ஏற்படுத்திக் கொண்ட பரஸ்பர உடன்படிக்கையின் பிரகாரம் செயலிலுள்ளது.

#සාත්තුසේවය

Address

12 Old Kesbewa Road, Nugegoda
Colombo
10250

Telephone

+94112789367

Website

Alerts

Be the first to know and let us send you an email when Legal work in Israel : Home based Caregiver Vacancies for Sri Lankans posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share