National Council for Road Safety - Sri Lanka

National Council for Road Safety - Sri Lanka Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from National Council for Road Safety - Sri Lanka, Government Organization, 1 McCallum Road, Colombo.

මෝටර් වාහන වේග සීමා නියෝග සංශෝධනය කිරීමට අදාළ නියමු ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් උස්වැටකෙයියාව හෙප්පමුල්ල මා...
22/05/2023

මෝටර් වාහන වේග සීමා නියෝග සංශෝධනය කිරීමට අදාළ නියමු ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් උස්වැටකෙයියාව හෙප්පමුල්ල මාර්ගය ආශ්‍රිතව අදාළ වේග සීමාවන් මාර්ගය මත ලකුණු කිරීමේ සමාරම්භක අවස්ථාව 2023.05.17 දින 2023 ගෝලීය මාර්ග ආරක්ෂණ සතියට සමගාමීව සිදුකරන ලදී.

මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව හා කොළඹ නගර සභාව ඒකාබද්ධව මෙහෙය වන පාසල් මාර්ග ආරක්ෂණ අධ්‍යයන ඒකකය  (Road Safety Educati...
20/05/2023

මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව හා කොළඹ නගර සභාව ඒකාබද්ධව මෙහෙය වන පාසල් මාර්ග ආරක්ෂණ අධ්‍යයන ඒකකය (Road Safety Educations Children Park) සඳහා පාපැදි 20 ක්, මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභා අරමුදලින් ලබා දීම හා පාසල් සිසුන් 60 දෙනෙකු, මාර්ග නීති සම්බන්ධයෙන් පුහුණු කිරීමේ වැඩසටහන 2023.05.19 දින “7 වන එක්සත් ජාතීන්ගේ ගෝලීය මාර්ග ආරක්ෂණ සතියට” (7th UN Global Road Safety Week) සමගාමීව සිදු කරන ලදී.

මෝටර් වාහන වේග සීමා නියෝග සංශෝධනය කිරීමට අදාළ නියමු ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සදහා 2023.05....
12/05/2023

මෝටර් වාහන වේග සීමා නියෝග සංශෝධනය කිරීමට අදාළ නියමු ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සදහා 2023.05.10 දින ගම්පහ දිස්ත්‍රික් කමිටුව රැස්වන ලදී.

මහර වෙසක් කළාපයට සමගාමීව,  විරිදු ගායනා හා වීඩීයෝපට යොදාගනිමින්  මාර්ග ආරක්ෂාව සම්බන්ධයෙන්  ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන...
11/05/2023

මහර වෙසක් කළාපයට සමගාමීව, විරිදු ගායනා හා වීඩීයෝපට යොදාගනිමින් මාර්ග ආරක්ෂාව සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන.

11/05/2023

2023.05.05 දින සිට 2023.05.07 දින දක්වා රාජ්‍ය අනුග්‍රහයෙන් පවත්වනු ලැබූ මහර වෙසක් කළාපයට සමගාමීව, විරිදු ගායනා හා වීඩීයෝපට යොදාගනිමින් මාර්ග ආරක්ෂාව සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනක් මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව මගින් ක්‍රියාත්මක කරන ලදී.

අප්‍රේල් මස 8 වෙනිදා සවස කොළඹ සිට බදුල්ල දක්වා ධාවනය වූ දුම්රිය ගමන්ගත් මාර්ගයට හපුතලේ ග්ලැනෝර් වතුයායේ රේල් ගේට්ටුව ආසන...
25/04/2023

අප්‍රේල් මස 8 වෙනිදා සවස කොළඹ සිට බදුල්ල දක්වා ධාවනය වූ දුම්රිය ගමන්ගත් මාර්ගයට හපුතලේ ග්ලැනෝර් වතුයායේ රේල් ගේට්ටුව ආසන්නයේ දැවැන්ත ගසක් පෙරලීම නිසා මාර්ගය අවහිරවී තිබිණි. එහි දී සිදුවීමට ගිය විශාල ජීවිත සහ දේපල විනාශයක් වළක්වා ගැනීමට ක්ෂණිකව ක්‍රියාත්මක වෙමින් දුම්රිය ගමන් ගන්නා මාර්ගයට පැමිණ දුම්රියට අනතුර පිලිබඳ සංඥා කරමින් දුම්රිය නතර කිරීමට කටයුතු කළ තංගමලේ වතුයායේ මුරකරුවකු ලෙස සේවය කරන හපුතලේ එච්.එම්. විජයරත්න මහතා ජීවිතය පවා පරදුවට තබමින් සිදුකළ වීර ක්‍රියාවට උපහාර දැක්විම සඳහා විශේෂ උත්සවයක් හපුතලේ දුම්රිය ස්ථානයේදී සංවිධානය කර තිබිණි.
විජයරත්න මහතා විසින් සිදුකරන ලද වීර ක්‍රියාව අගය කරමින් ඔහු විසින් කරන ලද මෙහෙවර වෙනුවන් රුපියල් ලක්ෂයක මුදල් ත්‍යාගයක් පිරිනමන්නට ප්‍රවාහන හා මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මැතිතුමාගේ උපදෙස් පරිදි මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව කටයුතු කරන ලදී.

සියලු මුස්ලිම් බැතිමතුන් හට ප්‍රීතීමත් රාමසාන් උත්සවයක් වේවා. සියලුදෙනා එක්ව ආරක්ෂිතව රාමසාන් සමරමු.
21/04/2023

සියලු මුස්ලිම් බැතිමතුන් හට ප්‍රීතීමත් රාමසාන් උත්සවයක් වේවා. සියලුදෙනා එක්ව ආරක්ෂිතව රාමසාන් සමරමු.

රිය පැදවීමේදී අන් අයගේ ජීවිත වලට වටිනාකමක් දීම සඳහා සෑමවිටම වේග සීමා පිළිපදිමින් ආරක්ෂාකාරීව රිය ධාවනය කරන්න.
17/04/2023

රිය පැදවීමේදී අන් අයගේ ජීවිත වලට වටිනාකමක් දීම සඳහා සෑමවිටම වේග සීමා පිළිපදිමින් ආරක්ෂාකාරීව රිය ධාවනය කරන්න.


මේ අලුත් අවුරුද්දේ නෑගම් යන ඔබත්, පවුලේ සැමත්, මාර්ග නීති පිළිපදිමින් ආරක්ෂාකාරීව රිය ධාවනයේ යෙදෙමින් අලුත් අවුරුද්දේ සත...
12/04/2023

මේ අලුත් අවුරුද්දේ නෑගම් යන ඔබත්, පවුලේ සැමත්, මාර්ග නීති පිළිපදිමින් ආරක්ෂාකාරීව රිය ධාවනයේ යෙදෙමින් අලුත් අවුරුද්දේ සතුට භුක්ති විඳින්න.

ඔබ සැමට සාමය සතුට ආරක්ෂාව සපිරි සුභ අලුත් අවුරුද්දක් වේවා..!!

ඔබ යම් කිසි දෙයක් සඳහා ප්‍රමාද වී, කලබලකාරී ලෙස මාර්ගය භාවිත කරයි නම්, එම තප්පරය තුළ ඔබගේ ජීවිතය පවා අහිමි විය හැකි බව න...
10/04/2023

ඔබ යම් කිසි දෙයක් සඳහා ප්‍රමාද වී, කලබලකාරී ලෙස මාර්ගය භාවිත කරයි නම්, එම තප්පරය තුළ ඔබගේ ජීවිතය පවා අහිමි විය හැකි බව නිතර සිහි තබා ගන්න.

31/03/2023

සුදු ඉරක් ආසන්නයේදී අවධානය වගේම, රථයේ වේගය අඩු කිරීමත් ඉතාම වැදගත්. අවධානයෙන අවධානම වලකමු.

රිය ධාවනයේදී ඔබේ අවධානය ගිලිහෙන එක තත්පරයත් ඔබට මරණය ගෙන දිය හැකියි. එම නිසා නිරතුරුවම අවධානයෙන් රිය ධාවනයේ යෙදෙන්න.    ...
31/03/2023

රිය ධාවනයේදී ඔබේ අවධානය ගිලිහෙන එක තත්පරයත් ඔබට මරණය ගෙන දිය හැකියි. එම නිසා නිරතුරුවම අවධානයෙන් රිය ධාවනයේ යෙදෙන්න.

Address

1 McCallum Road
Colombo
01000

Opening Hours

Monday 08:00 - 16:00
Tuesday 08:00 - 16:00
Wednesday 08:00 - 16:00
Thursday 08:00 - 16:00
Friday 08:00 - 16:00
Saturday 08:00 - 17:00
Sunday 08:00 - 16:00

Website

Alerts

Be the first to know and let us send you an email when National Council for Road Safety - Sri Lanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to National Council for Road Safety - Sri Lanka:

Share