14/01/2025
මම අද ලියන්නෙ අපි හැමෝටම වැදගත්වෙන අපේ මනස සන්සුන් කරගන්න පුළුවන් පොඩි අභ්‍යාසයක් ගැන.
මෛත්‍රී කිරීම
තමන්ගෙන් පටන් අරන් පවුලේ අයට, යාළු මිත්‍රයින්ට, රස්සාව කරන තැන ඉන්න අයට, නෑදෑයන්ට මේ ඕනම කෙනක්ට අපිට පුළුවන් මෛත්‍රී කරන්න.
ඒක මෙන්න මේ වගේ. ඔයා ඔයාට මෛත්‍රී කරන්න ඕනෙ මුලින්ම. මෙන්න මෙහෙම හිතන්න.
මගේ හිතේ කිසි කෙනෙක් එක්ක තරහක් නෑ.වෛරයක් නෑ. මං මට මෛත්‍රී කරනවා.මගේ හිත හරිම සන්සුන්.මගේ හිත හරිම සාමකාමී.
ඒ වගේම පවුලේ අයට මෛත්‍රී කරද්දි අම්මට නම්
මම අම්මට මෛත්‍රී කරනවා, මට අම්මා එක්ක තරහක් නෑ.අම්මට යහපතක්ම වේවා,අම්මා නිදුක් වේවා,නීරෝගී වේවා ඔය වගේ තාත්තා, නංගි, මල්ලි, අයියා, අක්කා,ස්වාමියා, බිරිද, දූ දරුවන් ඔයාගෙ පවුලෙ ඉන්න හැමෝටම මෛත්‍රී කරන්න.
මේක ඔයා බුද්ධාගමේ කෙනෙක් නම් බුදුන් වදින වෙලාවට කරන්නත් පුළුවන් නැත්තං කාත් එක්ක හරි තරහක් ආපු වෙලාවකට නැත්තන් කවුරු හරි ඔයා එක්ක තරහින් ඉන්න වෙලාවක කරන්නත් පුළුවන්.
ඒ වගේම ඔයා වැඩ කරන තැන ඉන්න අය ඔයා ගැන කේලම්, බොරු,කටකතා,ඕපදූප වගේ දේවල් කියනවා නම් ඔයාට කැපිලි කෙටිලි තියනවා නම් ඒ අයටත් මෛත්‍රී කරන්න.
කොයිම වෙලාවක වත් එකට එක කරන්න යන්න එපා. ගැටුම් ඇති කරගන්නත් එපා. ඔයා නිහඩව මෛත්‍රීය ම කරන්න. ඔයා පතුරවන මෛත්‍රිය ස්වාභවයෙන්ම නැවත ඔයා වෙත පැමිණෙනවා. ඒ වෙලාවෙම එහෙම වෙන්නෙ නැති වුනත් කොයිම වෙලාවක හරි එහෙම වෙනවා.
මෛත්‍රී කිරීමෙන් ඔයාට
හිත සන්සුන් කරගන්න, අනවශ්‍ය ගැටුම් වලින් වලකින්න,හිත ඇතුලෙ සාමය පවත්වගෙන යන්න, ආතතිය අඩු කරගන්න, හිතේ බය නැති කරගන්න පුළුවන් වෙනවා වගේම හොදින් නින්ද යන්න උදවු වෙනවා,මූණ පැහැපත් වෙනවා.ලෙඩ රෝග අඩු වෙනවා. සතුටින් ඉන්න පුළුවන් වෙනවා.
ඉතින් ඔයත් මේ අභ්‍යාසය උත්සහ කරලා බලන්න.
සතුටින් , සැහැල්ලුවෙන් ඉන්න.
Sachini Chandrasiri
Dip.in Counselling Psychology
BSc.Management (USJP)