පී.එච්.අයි මහත්තයාගෙන් අහන්න

  • Home
  • Sri Lanka
  • Colombo
  • පී.එච්.අයි මහත්තයාගෙන් අහන්න

පී.එච්.අයි මහත්තයාගෙන් අහන්න අභිමානණීය සේවයක පුනරාගමනය

ඌරගස්මංහන්දිය මහජන සෞඛ්‍ය පරීක්ෂක  බලප්‍රදේශයේ පසුගිය දින වල සිදු කරන ලද ආහාර වැටලීමකදී ,සෞඛ්‍ය ආරක්ෂිත නොවන ආකාරෙන් පවත...
26/08/2026

ඌරගස්මංහන්දිය මහජන සෞඛ්‍ය පරීක්ෂක බලප්‍රදේශයේ පසුගිය දින වල සිදු කරන ලද ආහාර වැටලීමකදී ,සෞඛ්‍ය ආරක්ෂිත නොවන ආකාරෙන් පවත්වා ගෙන ගිය ආහාර පරිහරන ආයතන සඳහා ඌරගස්මංහන්දිය මහජන සෞඛ්‍ය පරීක්ෂක එච්.පී.බී හංසික නදීල් විසින් ඇල්පිටිය මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පවරන ලදී.

අහාර නියමිත් උෂ්ණත්වයේ ගබඩා නොකිරීම,හරස් දූහනය වන අයුරින් අමු කුකුළු මස් සමග අහාර එකම ශීතකරණ තුල ගබඩා කිරීම,ඉවතලන අසූචි සහිත කුකුළු අපද්‍රවය සමග ආහාර එකම ශීතකරණයේ එකට ගබඩා කරීම,ගුල්ලන් සහිත සහල් විකීනීමට ප්‍රදර්ශනය කිරීම,සෞඛ්‍ය ආරක්ශිත නොවන ආකාරයට ආහාර විකිණීමට ගබඩා කර තැබීම,ලේබල් නොමැති ඇසුරුම් සහිත ආහාර විකිනිම, යන චෝදනා යටතේ නඩු පවරා ඇති අතර,එහිදී වරද පිලිගත් එම කඩ හිමියන්ට රුපියල් 117,000/= ක දඩ මුදලක් ඇල්පිටිය මහේස්ත්‍රාත්තුමා විසින් නියම කරන ලදී.

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු විසින් අත්අඩංගුවට ගෙන මුද්‍රා තබා ඇති ශිතකරන වල ඇති අහාරයට නුසුදුසු ආහාර තොගය විනාශ කිරීමට නියෝගයක් ඉල්ලාසිටින ලද අතර, එම භාණ්ඩ මහජන සෞඛ්‍ය පරීක්ෂක නිරීක්ෂණය යටතේ විනාශා කිරීමට මහේස්ත්‍රාත්තුමා නියෝග කරන ලදී.

ඒ අනුව අතඅඩංගුවට ගෙන තුබූ රුපියල් තුන්ලක්ෂ තිස් දෙදහක (332,000/=) පමණ ආහාර තොගයක් මහජන සෞඛ්‍ය පරීක්ෂක අධීක්ෂණය යටතේ එම කඩහිමියන් ඉදිරියේදීම විනාශ කරන ලදී.. මෙම වැටලීම ඌරගස්මංහන්දිය මහජන සෞඛ්‍ය පරීක්ෂක එච්.පී.බී හංසික නදීල් සහ ප්‍රසාද් ප්‍රනාන්දු,විනුදක මිහිරංගන ,රවිදු ගයාන්,නුවන් මෙන්ඩිස් යන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් සිදුකරන ලදී..

උපුටා ගැනීමකි.

විදුරු බෝල අන්තර්ගත ඇසුරුමක් භාවිත කර බීම නිෂ්පාදනය කළ නිෂ්පාදකයෙකුට රුපියල් 109,000ක දඩයක් මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධික...
22/08/2026

විදුරු බෝල අන්තර්ගත ඇසුරුමක් භාවිත කර බීම නිෂ්පාදනය කළ නිෂ්පාදකයෙකුට රුපියල් 109,000ක දඩයක් මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයෙන් අද නියම කළා.

එම අත්අඩංගුවට ගන්නා ලද තොගය විනාශ කිරිමට ද මහේස්ත්‍රාත්වරයා නියෝග කළා.

කොළඹ ප්‍රදේශයේ බීම නිෂ්පාදනය හා අලෙවියට අදාලව සිදුකළ වැටලීමකදී අනාවරණය වූ ආහාර සුරක්ෂිතතා හා සෞඛ්‍ය නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් චෝදනා ලැබූ බීම නිෂ්පාදකයෙකුට රුපියල් 109,000ක දඩ මුදලක් එලෙස නියම වුවා.

මෙම නඩුව 2026 අගෝස්තු 21 වන දින මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ විභාගයට ගත් අතර, සැකකරුට එරෙහිව චෝදනා 29ක් ඉදිරිපත් කර තිබුණා.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් අධිකරණයට කරුණු දැක්වු විමර්ශන නිලධාරීන් පවසා සිටියේ විදුරු බෝල අන්තර්ගත ඇසුරුමක් භාවිත කර බීම නිෂ්පාදනය කිරීම ඇතුලු ආහාර සුරක්ෂිතතාවට හා පාරිභෝගික සෞඛ්‍යයට බලපාන නීති උල්ලංඝනය කිරීම් රැසක් සම්බන්ධයෙන් චෝදනා ඉදිරිපත් කර ඇති බවයි.

නඩුවේදී පැමිණිල්ල වෙනුවෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් වන ශෙහාන් අතුකෝරාල, ප්‍රගීත් ජාලිය ජයතිලක, චමිදු නිමේෂ් දිල්ශාන් චන්ද්‍රරත්න සහ පැතුමි රත්නායක යන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පෙනී සිටියා.

අධිකරණ නියෝගය අනුව නඩුවට අදාළව අත්අඩංගුවට ගෙන තිබූ ආහාර/බීම තොගය විනාශ කිරීමට ද මාලිගාකන්ද මහේස්ත්‍රාත්තුමිය නියෝග කර තිබෙනවා.

https://hirunews.lk/484441/fined-for-producing-drinks-using-a-package-containing-glass-balls

උපුටා ගැනීමකි

05/08/2026

රටේ අනාගතය ❤️❤️

31/07/2026
30/07/2026

NIHS expo

30/07/2026

NIHS expo මහජන සෞඛ්‍ය ප්‍රදර්ශනය

24/07/2026

🔴🔴👇👇👇

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when පී.එච්.අයි මහත්තයාගෙන් අහන්න posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to පී.එච්.අයි මහත්තයාගෙන් අහන්න:

Shortcuts

Share