21/07/2026
“පිවිතුරු පුරවර” ජාතික කසළ කළමනාකරණ වැඩසටහනේ කෑගල්ල දිස්ත්‍රික් සැලැස්ම ඇරඹෙයි
ජනාධිපති අනුර කුමාර දිසානායක සහෝදරයාගේ සංකල්පයකට අනුව දිවයින පුරා පවතින කසළ කළමනාකරණය පිළිබඳ ගැටලුව මුළුමණින්ම අවසන් කිරීම වෙනුවෙන් රජය ප්‍රායෝගික වැඩපිළිවෙළක් දියත් කර ඇත.
ඒ යටතේ, සමස්ත ලංකාවේම කසළ ගැටලුව සඳහා ස්ථිරසාර විසඳුම් ලබා දී, ලෝකයේ දියුණු රටවල මෙන් කසළ යනු පරිසරයට බරක් නොවන, මුදල් උපයන වටිනා සම්පතක් බවට පත්කිරීමේ අරමුණින් ක්‍රියාවට නැංවෙන “පිවිතුරු පුරවර” ජාතික කසළ කළමනාකරණ වැඩසටහනේ කෑගල්ල දිස්ත්‍රික් මූලික සාකච්ඡාව පවත්වන ලදී.
පළාත් පාලන ආයතන ප්‍රධානීන් සහ නිලධාරීන් දැනුවත් කිරීම වෙනුවෙන් මීට පෙර අරලියගහ මන්දිරය ඇතුලු දිවයිනම ආවරණය වන ලෙස ස්ථාන 4ක පැවැත්වුණු සමාරම්භක වැඩමුළු වල මීළඟ පියවර ලෙස, මෙම දිස්ත්‍රික් මට්ටමේ සාකච්ඡා මාලාව සංවිධානය කර ඇත. ජාතික වැඩසටහන වෙනුවෙන් පත්කළ විශේෂඥ කමිටුවේ සාමාජිකයින්ගේ සහභාගීත්වයෙන් පැවැති මෙම සාකච්ඡාවේදී, කෑගල්ල දිස්ත්‍රික්කයේ කසළ ගැටලුව සම්බන්ධයෙන් රැස්කරගත් දත්ත, ඒ සඳහා යෝජිත විසඳුම්, ඒවායේ සාර්ථකත්වය මෙන්ම ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීමේදී ඇතිවිය හැකි ගැටලු පිළිබඳවද දීර්ඝ වශයෙන් සමාලෝචනය කෙරිණි.
රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන ගරු නියෝජ්‍ය අමාත්‍ය ප්‍රභා රුවන් සෙනරත්
මැතිතුමාගේ මූලිකත්වයෙන් පැවති මෙම සාකච්ඡාව සඳහා රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත්පාලන අමාත්‍යාංශයේ කෑගල්ල දිස්ත්‍රික් සම්බන්ධීකාරක අරණායක ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු සභාපති
කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නන්ද බණ්ඩාර සහෝදරයා, කෑගල්ල දිස්ත්‍රික් ලේකම්තුමා,ක්ලීන් ශ්‍රීලංකා ලේකම් කාර්‍යාලය වෙනුවෙන්, අධ්‍යක්ෂ (පාරිසරික) ඉංජි. අංජුල ප්‍රේමරත්න මහතා, අධ්‍යක්ෂ (සම්බන්ධීකරණ) දසුන් විජේසේකර මහතා, පිවිතුරු පුරවර විශේෂඥ කමිටුව වෙනුවෙන්
නිමල් ප්‍රේමතිලක මහතා ,සබරගමුව පළාත් ප්‍රධාන ලේකම්තුමා, සබරගමුව පලාත් පාලන කොමසාරිස් තුමා ඇතුලු නිලධාරීන්, දිස්ත්‍රික්කයේ පලාත්පාලන ආයතන වල නගරාධිපතිවරුන් , සභාපතිවරුන් ඇතුලු දේශපාලන අධිකාරිය සහ සභාවේ නිලධාරීන්, ක්ලීන් ශ්‍රීලංකා ප්‍රාදේශීය සම්බන්ධීකාරකවරුන් /වරියන් මෙයට සම්බන්ධ විය.
රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ සහ “ක්ලීන් ශ්‍රී ලංකා” (Clean Sri Lanka) ජාතික වැඩසටහනේ පූර්ණ අධීක්ෂණය හා මෙහෙයවීම යටතේ, පළාත් පාලන ආයතනවල සක්‍රීය දායකත්වයෙන් යුතුව ඉදිරි වසර තුනක (03) කාලරාමුවක් තුළ මෙම ජාතික වැඩපිළිවෙළ සමස්ත දිස්ත්‍රික්කය පුරා සාර්ථකව ක්‍රියාත්මක කිරීමට සියලු කටයුතු සූදානම් කර ඇත.