NPP-Aranayaka

Directions Contact the organization

NPP-Aranayaka NPP Aranayaka(ජාතික ජන බලවේගය-අරණායක)

ප්‍රජා ශක්ති ජාතික වැඩසටහන යටතේ සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම - 2026===================================අරණායක ආසනය...
13/10/2026

ප්‍රජා ශක්ති ජාතික වැඩසටහන යටතේ
සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම - 2026
===================================

අරණායක ආසනයේ ප්‍රජා ශක්ති වැඩසටහන යටතේ ක්‍රියාත්මක අට්ටාපිටිය වසමේ පින්කනටිය වෙල් යායේ පැතිබැම්ම ඉදිකිරීමේ කටයුතු අට්ටාපිටිය ජයතිලකාරාම විහාරවාසී චන්දාන්නද ගරු ස්වාමීන් වහන්සේගේ ආශිර්වාදයෙන් හා අනුශාසනයෙන් අද දින ආරම්භ විය.

මෙම අවස්ථාව අරණායක ප්‍රාදේශීය සභා කණ්ඩායම් නායක රෝහණ කුමාර සහෝදරයාගේ මූලිකත්වයෙන් ආරම්භ විය.

එමෙන්ම මෙම අවස්ථාව සදහා ජාතික ජනබලවේගයේ අරණායක ප්‍රාදේශීය සභා මන්ත්‍රී සරත් මල්වත්තගේ සහෝදරයා,අට්ටාපිටිය ප්‍රජා සංවර්ධන සභා සභාපති චමිලා සහෝදරිය හා වසමේ රාජ්‍ය නිලධාරීන් ඇතුලු වසමේ ප්‍රජා සංවර්ධන සභා සාමාජිකයින්ද කොට්ඨාස සභා සාමාජිකයින් ද සම්බන්ධවිය

12/10/2026

ආබාධ සහිත තැනැත්තන් සඳහා වූ ජාතික මහ ලේකම් කාර්යාලය හා අරණායක ප්‍රාදේශීය ලේකම් කාර්යාලය එක්ව සංවිධානය කරනු ලැබූ
ඇස් පරීක්ෂාව සහ නොමිලේ ඇස් කණ්ණාඩි ලබා දීමේ වැඩසටහන 2026.10.11 (ඉරිදා) දින අරණායක ප්‍රාදේශීය සම්බන්දධීකරණ කමිටුවේ සභාපති කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නන්ද බණ්ඩාර සහෝදරයාගේ ප්‍රධානත්වයෙන් අරණායක ප්‍රාදේශීය ලේකම් කාර්යාල පරිශ්‍රයේදී පැවැත්විනි.

අදිටන හමුව - කෑගල්ල දිස්ත්‍රික්කයඔක්තෝබර් 11 පෙරවරු 09.00 ටමාවනැල්ල උතුවන්කන්ද පැරඩයිස් හෝටලයේ දී.
05/10/2026

අදිටන හමුව - කෑගල්ල දිස්ත්‍රික්කය
ඔක්තෝබර් 11
පෙරවරු 09.00 ට

මාවනැල්ල උතුවන්කන්ද පැරඩයිස් හෝටලයේ දී.

ලෝක ජනාවාස දිනය 2026ඇති තැන හිසට සෙවනක් -එය වෙයි සිතට නිවනක් !නිවාස 5000 අලුත් බලාපොරොත්තුවක් !අද දින (ඔක්තෝබර් 05) ලෝක ...
05/10/2026

ලෝක ජනාවාස දිනය 2026

ඇති තැන හිසට සෙවනක් -එය වෙයි සිතට නිවනක් !

නිවාස 5000 අලුත් බලාපොරොත්තුවක් !

අද දින (ඔක්තෝබර් 05) ලෝක ජනාවාස දිනයට සමගාමීව නිවාස 5000ක් ජනතා අයිතියට පත්කිරීමේ ජාතික වැඩසටහන සමගාමීව නිවාස සංවර්ධන අධිකාරියේ ප‍්‍රතිපාදන මත අරණායක ආසනයේ

👉 මෝරාගම්මන
👉 කුමාරපුර
👉 හකුරුගම්මන
👉 උඩගම
👉 රුවන්දෙනිය

යන වසම්වල ඉදිකරන ලද නිවාසයන් 05ක් අරණායක සම්බන්ධීකරණ කමිටු සභාපති, කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නන්ද බණ්ඩාර සහෝදරයාගේ ප්‍රධානත්වයෙන් අයිතියට පත් කරන ලදි.

ඉහත වසම්වල තෝරාගත් අඩු ආදායම්ලාභී පවුල් 5ක් වෙනුවෙන් මෙම නව නිවාස ඉදිකර අයිතිය පවරා දෙන ලදී.

මෙම අවස්ථාව සදහා ජාතික ජනබලවේගයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රී කණ්ඩායම් නායක රෝහණ කුමාර සහෝදරයා ඇතුලු මන්ත්‍රී සහෝදරවරු ද ​සහකාර ප්‍රාදේශීය ලේකම් සනෝජ් නිශ්ශංක මහතා, නිවාස සංවර්ධන අධිකාරියේ සහකාර ඉංජිනේරු චාමර රුක්ෂාන් මහතා, තාක්ෂණික නිලධාරී සුමිත් මහතා ඇතුළු සියලූම වසම්හි ප්‍රජා සංවර්ධන සභාපති වරුන්ද වසම්හි රාජ්‍ය නිලධාරීන් හා ගම්වාසීන් ද සහභාගී විය.

ලෝක ජනාවාස දිනයට සමගාමීව කෑගල්ල දිස්ත‍්‍රික්කයේ විවෘත කරන නිවාස 50 අතුරින් අරණායක ආසනයේ නිවාස 05ක් ජනතා අයිතියට පත් කිරී...
04/10/2026

ලෝක ජනාවාස දිනයට සමගාමීව කෑගල්ල දිස්ත‍්‍රික්කයේ විවෘත කරන නිවාස 50 අතුරින් අරණායක ආසනයේ නිවාස 05ක් ජනතා අයිතියට පත් කිරීම

2026/10/05 දින
අරණායක සම්බන්ධීකරණ කමිටු සභාපති,
නන්ද බණ්ඩාර සහෝදරයාගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට පත් කෙරේ.

අලුත් ගෙවල් 5000ක්...?ඔව්.. අලුත් ගෙවල් 5000ක් එක්ක ලස්සන වෙන ජීවිත දහස් ගණනක්..!
04/10/2026

අලුත් ගෙවල් 5000ක්...?
ඔව්.. අලුත් ගෙවල් 5000ක් එක්ක ලස්සන වෙන ජීවිත දහස් ගණනක්..!

ආණ්ඩුවට වසර දෙකයි…රටට සුබයි!2026.10.03 ඊයේ දින (සෙනසුරාදා) අරණායක ආසනයේ වැඩ ආරම්භ කරන ලද සංවර්ධන ව්‍යාපෘතීන්.1.අට්ටාපිටි...
04/10/2026

ආණ්ඩුවට වසර දෙකයි…
රටට සුබයි!

2026.10.03 ඊයේ දින (සෙනසුරාදා) අරණායක ආසනයේ වැඩ ආරම්භ කරන ලද සංවර්ධන ව්‍යාපෘතීන්.

1.අට්ටාපිටිය වසමේ දිට්වා ආපදාවෙන් හානියට පත් රුවන්දෙනිය අළුපොත මාර්ගයේ පාලම අසල ප්‍රතිසංස්කරණය කිරීම. ප්‍රතිපාදන මුදල ලක්ෂ 21

2.රුවන්දෙනිය වසමේ රුවන්දෙනිය අළුපොත මාර්ගයේ දිට්වා ආපදාවෙන් හානියට පත් රැදවුම් බැම්ම ඉදිකිරීම.ප්‍රතිදාන මුදල ලක්ෂ 89

3.එලගිපිටිය,දෙබත්ගම පල්ලෙබාගේ, එලගපිටිය ජනපද මාර්ගයේ සහ ප්‍රධාන මාර්ගයේ දෙබත්ගම දක්වා පානීය ජල පහසුකම් ලබාදීමේ ව්‍යාපෘතිය ප්‍රතිපාදන මුදල ලක්ෂ 240

4. ගොඩිගමුව වසමේ ගොඩිගමුව කන්ද මාර්ගයේ ආරාමය හා අලුදෙනිය බෝක්කුව අසල මාර්ගය සංවර්ධන කිරීම.ප්‍රතිපාදන මුදල ලක්ෂ 20

අරණායක ආසනයේ ග්‍රාමීය මාර්ග  සංවර්ධන කිරීමේ වැඩසටහන - 2026================================අරණායක ආසනයේ ගොඩිගමුව වසමේ ගොඩ...
03/10/2026

අරණායක ආසනයේ ග්‍රාමීය මාර්ග
සංවර්ධන කිරීමේ වැඩසටහන - 2026
================================

අරණායක ආසනයේ ගොඩිගමුව වසමේ ගොඩිගමුව කන්ද මාර්ගයේ ආරාමය හා අලුදෙනිය බෝක්කුව අසල මාර්ගය සංවර්ධන කිරීම අද දින (03) ආරම්භ විය.

මිලියන 2 ක පමණ ප්‍රතිපාදන වෙන්කොට සංවර්ධනය කරනු ලබන මෙම මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීමේ අවස්ථාවට අරණායක ප්‍රාදේශිය සභා මන්ත්‍රී උමයංග ලියනගේ සහෝදරයාගේ මූලිකත්වයෙන් ආරම්භ විය.

අරණායක ආසනයේ පානීය ජල ව්‍යාපෘති ආරම්භ කිරීම===================================අරණායක ආසනයේ එලගිපිටිය, පල්ලෙබාගේ, එලගපිටි...
03/10/2026

අරණායක ආසනයේ පානීය
ජල ව්‍යාපෘති ආරම්භ කිරීම
===================================

අරණායක ආසනයේ එලගිපිටිය, පල්ලෙබාගේ, එලගපිටිය ජනපද මාර්ගයේ සහ ප්‍රධාන මාර්ගයේ දෙබත්ගම දක්වා පානීය ජල පහසුකම් ලබාදීමේ ව්‍යාපෘතිය අරණායක ප්‍රදේශීය සම්බන්දධීකරණ කමිටුවේ සභාපති කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නන්ද බණ්ඩාර සහෝදරයාගේ මූලිකත්වයෙන් අද දින ආරම්භ විය.

මිලියන 24 ක පමණ ප්‍රතිපාදන වෙන්කොට සිදුකරනු ලබන මෙම ව්‍යාපෘතිය ආරම්භ කිරීමේ අවස්ථාව සදහා අරණායක ප්‍රාදේශීය සභා ජාතික ජනබලවේගයේ දෙබත්ගම කොට්ඨාසයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රී වසන්ත වික්‍රමසිංහ සහෝදරයා,දෙබත්ගම පල්ලේබාගේ වසමේ ප්‍රජා සංවර්ධන සභා සභාපති තරංග ප්‍රභාත් සහෝදරයා ද වසමේ රාජ්‍ය නිලධාරීන් සහ අවට ගම්වාසීන් ද සම්බන්ධවිය.

අරණායක ආසනයේ දිට්වා ආපදාවෙන් හානියට පත් මාර්ග ප්‍රතිසංස්කරණය===================================අට්ටාපිටිය වසමේ රුවන්දෙනි...
03/10/2026

අරණායක ආසනයේ දිට්වා ආපදාවෙන් හානියට පත් මාර්ග ප්‍රතිසංස්කරණය
===================================

අට්ටාපිටිය වසමේ රුවන්දෙනිය අළුපොත මාර්ගයේ පාලම අසල ප්‍රතිසංස්කරණය කිරීම (මිලියන 2.1) හා ‍රුවන්දෙනිය වසමේ රුවන්දෙනිය අළුපොත මාර්ගයේ රැදවුම් බැම්ම ඉදිකිරීම (මිලියන 8.9) අරණායක ප්‍රදේශීය සම්බන්දධීකරණ කමිටුවේ සභාපති කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නන්ද බණ්ඩාර සහෝදරයාගේ මූලිකත්වයෙන් අද දින ආරම්භ විය.

මිලියන 11 ක පමණ ප්‍රතිපාදන වෙන්කොට ඉදිකරනු ලබන මෙම මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීමේ අවස්ථාව සදහා අරණායක ප්‍රාදේශීය සභා ජාතික ජනබලවේගයේ කණ්ඩායම් නායක රෝහණ කුමාර සහෝදරයා,අට්ටාපිටිය කොට්ඨාසයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රී සරත් මල්වත්තගේ සහෝදරයා, ඇතුලු අට්ටාපිටිය ප්‍රජා සංවර්ධන සභා සභාපති චමිලා සහෝදරියද වසමේ රාජ්‍ය නිලධාරීන් සහ අවට ගම්වාසීන් ද සම්බන්ධවිය.

Address

Aranayaka
Colombo
71540

Website

Alerts

Be the first to know and let us send you an email when NPP-Aranayaka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to NPP-Aranayaka:

Shortcuts

Share