04/04/2025
ගරු ආණ්ඩුකාරතුමන්ගේ සංකල්පයකට අනුව බස්නාහිර පළාත ඩිජිටල්කරණය කිරීමේ මූලෝපාය (Digitalization Strategy of WPC) ක්‍රියාවට නැංවීමේ ක්‍රමවේද පිළිබඳව පළාත් රාජ්‍ය ආයතන ප්‍රධානීන් දැනුවත් කිරීම සඳහා එක් දින වැඩමුළුව 2025.04.03 දින පළාත් සභා ගොඩනැගිල්ලේ ප්‍රධාන ශ්‍රවණාගාරයේදී ගරු ආණ්ඩුකාරවර හනීෆ් යූසුෆ් මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
පුහුණු වැඩසටහන සඳහා සම්පත් දායකත්වය වසන්ත දේශප්‍රිය මහතා (සභාපති - ITRDA), සමන්ති සේනානායක මෙය (අති. ලේකම් - අධ්‍යාපන අමාත්‍යංශය, වෘත්තීය පුහුණු) සහ දිනුක පෙරේරා (ප්‍රධාන විධායක නිලධාරී - LankaPay) යන මහත්ම මහත්මීන් විසින් සිදුකරන ලදී.
මෙම පුහුණු වැඩමුළුව බස්නාහිර පළාත් තොරතුරු තාක්ෂණ සම්පත් සංවර්ධන අධිකාරිය සහ නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (පිරිස් හා පුහුණු) ඒකකය ඒකාබද්ධව සංවිධානය කල අතර නිලධාරීන් සියයකට වැඩි පිරිසක් සහභාගි විය.