Youth politics

Youth politics Youth politics

21/01/2017

මාගේ ඉල්ලීමකට අනුව බෙන්තර යෞවන සමාජ ප්‍රාදේශීය බළමණ්ඩලය හා එක්ව දකුණු පළාත් සමාජ සේවා අමාත්‍යංශයේ හා අමාත්‍ය වීරසුමන වීරසිංහ මැතිතුමාගේ මැදිහත්වීමෙන් බෙන්තර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ අඩු ආදායම් ලාභීන් 300 කට ආසන්න පිරිසකට ඇස් කණ්ණාඩි ලබා දීමේ වැඩසටහන අද දින ගෝනගල සුධර්මකාර පිරිවෙන් විහාරස්ථානයේ දී පැවැත්විය
(2017/01/21)

31/12/2016
06/12/2016

අද දින මගේ ප්‍රතිපාදන මගින් ඇල්පිටිය ගෝල්ඩන් ස්ටාර් ක්‍රීඩා සමාජයට ක්‍රීඩා භාණ්ඩ ලබා දීම
(2016/12/06)

23/11/2016

දක්ෂිණ යොවුන් පළාත් සභාවේ සාමාජිකයන් හා දකුණු පළාත් සභාවේ මහජන නියෝජිතයන් අතර පළමු වරට පැවති සුහද ක්‍රිකට් තරඟය සදහා සහභාගී වීම .එහි ජයග්‍රහණය යොවුන් පළාත් සභා කණ්ඩායම දිනාගන්නා ලදී..
(2016/11/22)

21/11/2016

Come and join with us ..

02/11/2016
31/10/2016

ජාතික තරුණ සේවා සභාවේ මගපෙන්වීමෙන් බෙන්තර යෞවන සමාජ ප්‍රාදේශීය මණ්ඩලය විසින් තෙදිනක් පුරා සංවිධානය කරන ලද Hope 2016 ප්‍රාදේශීය යොවුන් නායකත්ව පුහුණු කදවුර සදහා ඔවුන්ගේ ආරාධනය පරිදි සහභාගී වීම
(2016/10/29)

24/10/2016

සංජීව් කරුණාතිලක ප්‍රජා සංවර්ධන පදනම මගින් සංවිධානය කරනු ලබන "තරැ සවිය"
නායකත්ව පුහුණු කඳවුරේ දෙවන අදියර මෙවර සුනිල් සේනානායක පදනම හා එක්ව නෙලුව හප්පිටිය කනිෂ්ඨ විද්‍යාලයේදී
ඔක්තොම්බර් මස 21/22 සහ 23 වන තෙදින පුරා සාර්ථකව පැවැත්වණි .
ප්‍රථම දිනය (2016/10/21)

16/10/2016

ස්වදේශ කටයුතු අමාත්‍යාංශය සංවිධානය කරන ගාල්ල දිස්ත්‍රික්කයේදී පැවැත්වීමට නියමිත නිල මෙහෙවර ජනපති ජනතා සේවයේ 2 වැනි වැඩසටහන පිළිබඳව දිස්ත්‍රික් නිලධාරින් හා දිස්ත්‍රික් ප්‍රධාන නිලධාරින් දැනුවත් කිරීමේ සාකච්ඡාවක් 16 (අද) දින ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන ගාල්ල, ලබුදූව, සිරිධම්ම විද්‍යාලයේදී පැවැත්විණි . ඒ සදහා සහභාගී වීම .

මෙමගින් දිස්ත්‍රික්කයේ ප්‍රජාවගේ විවිධ ගැටලු හඳුනා ගැනීමත් ඒ සඳහා කඩිනම් විසඳුම් සැපයීමත් නිල මෙහෙවර ජංගම සේවාවේ මුලික ම අරමුණයි. ඉඩම් සම්බන්ධ ගැටලු, ගොවිජන සේවා ගැටලු,සමාජ සේවා ඉල්ලීම්, ජාතික හැඳුනුම්පත් ලබාදීම, නිවාස ගැටලු, වෘත්තිය පුහුණු අවස්ථා,පාරිසරක ගැටලු, බැංකු ණය ලබාදීම් ආදී බහුවිධ අවශ්‍යතාවයන් හඳුනා ගැනීම දිස්ත්‍රික්කයේ සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස ආවරණය වන පරිදි සිදු වේ.

12/10/2016

Ada news paper (2016/10/11)

05/10/2016

ජාතික මහා ක්‍රීඩා උලෙළේ දකුණු පළාත දෙවන ස්ථානයට ගෙන ඒමට මුලික වු ගරු ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය වීරසුමන වීරසිංහ මැතිතුමාටත්,ක්‍රීඩා නිලධාරීන්ටත්, ක්‍රීඩා පුහුණු කරුවන්ටත්, ආදරණීය ක්‍රීඩක,ක්‍රීඩිකාවන්ටත් මාගේ සුබ පැතුම්.

මෙය සැබවින්ම දකුණට සිහිනයක් වුවකි.එය සැබෑවක් කර ගැනීමට කැප වු ඔබ සැමට මාගේ ප්‍රණාමය......

දක්ශිණ යොවුන් පළාත් සභා සභාපති
තිළිණි මැදගොඩ

04/10/2016

Ada news paper (2016/10/04)

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when Youth politics posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share