National Library of Sri Lanka

National Library of Sri Lanka The National Library of Sri Lanka is the national knowledge centre which empowers individuals and institutions with knowledge and information.

Sri Lanka National Library Services Board was established in 1970 under the Act No. 17 of the Parliament of Sri Lanka. The prime objective of this institution was the fulfillment of the long felt need for a National Library. Consequently all other activities of the board were geared towards the achievement of this goal. The National Library of Sri Lanka was set up by the Sri Lanka National Library

and Documentation Services Board and was opened to the nation of Sri Lanka on the 27th of April, 1990. Under the Act No. 51 of 1998, Sri Lanka National Library Services board was renamed as National Library and Documentation Services Board and National Library of Sri Lanka was renamed as National Library and Documentation Centre. What We Do

The National Library is mainly a Research and a Reference library and it is technically a library of last resort. It intends to provide library resources as well as information to all Sri Lankans through the National Library, library networks, information centres and resource centres. The library has five floors with a floor area of 11,250 sq m. and 866 meters of shelving. There are three reading areas with a seating capacity for 320 readers and several special study rooms, air conditioned auditorium with 120 seats and a conference room with 30 seats. The library has space to accommodate around one million volumes of library material. The current library martial stock of approximately over 600,000 volumes will form the nucleus of the future national collection. The National Library and Documentation Centre comprises of six divisions namely, Acquisitions, Reader Services, Bibliographic Control, Information Technology, Conservation and Preservation and Library Research. National Library and Documentation Services Board comprises of seven divisions namely Library Extension Services, Education and Training, Publications, Library Co-operation, Administration, Finance and Strategic Planning division

හෙළයේ මහා ගත්කරු මාර්ටින් වික්‍රමසිංහ සූරින්ගේ 136 වන  ජන්ම සංවත්සරය නිමිති කොටගෙන මාර්ටින් වික්‍රමසිංහ භාරකාර මණ්ඩලය සහ...
02/06/2026

හෙළයේ මහා ගත්කරු මාර්ටින් වික්‍රමසිංහ සූරින්ගේ 136 වන ජන්ම සංවත්සරය නිමිති කොටගෙන මාර්ටින් වික්‍රමසිංහ භාරකාර මණ්ඩලය සහ ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලය එක්ව සංවිධානය කරනු ලැබූ සම්මානිත මහාචාර්ය ජයදේව උයන්ගොඩ මහතා විසින් මහා ගත්කරු මාර්ටින් වික්‍රමසිංහ සූරීන් විසින් රචනා කරන ලද බව තරණයේ යථාර්ථ රීතිය, දාර්ශනිකත්වය සහ විමුක්තිවාදී යොමුව පිළිබඳ රචනා කරන ලද
"නවකතාවක් පමණක් නොවන නවකතාවක්" පර්යේෂණාත්මක කෘතිය එළිදැක්වීමේ වැඩසටහන 2026 මැයි 29 (සිකුරාදා) දින ප.ව. 2.30 සිට ජාතික පුස්තකාල ශ්‍රවණාගාරයේ දී උත්කර්ෂවත්ව පැවැත්වුණි.

චාරිත්‍රානුකූලව පොල්තෙල් පහන දැල්වීමෙන් අනතුරුව පිළිගැනීමේ කතාව ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ සභාපති ආචාර්ය රත්න ශ්‍රී විජේසිංහ මහතා විසින් පවත්වනු ලැබීය. කෘතිය පිළිබඳ විද්වත් දෙසුම් ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සඳගෝමි කෝපරහේවා මහතා හා මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා විසින් පවත්වනු ලැබිණි.

නවකතාවක් නොවන නවකතාවක් ග්‍රන්ථයේ කතුවරයා වන සම්මානිත මහාචාර්ය ජයදේව උයන්ගොඩ මහතාගේ දේශනයෙන් අනතුරුව ස්තුති කතාව මාර්ටින් වික්‍රමසිංහ භාරකාර මණ්ඩලයේ පරිපාලන ලේකම් දයාපාල ජයනෙත්ති මහතා විසින් සිදු කරන ලදී.

මෙම උත්සව අවස්ථාව සඳහා සාහිත්‍යකාමී සම්භාවනීය අමුත්තන් රාශියක් සහභාගි විය.

මුද්‍රණ ආබාධ සහිත පාඨකයින්ගේ තොරතුරු අවශ්‍යතාවය පිළිබඳ දැනුවත් කිරීමේ සම්මන්ත්‍රණය                                      ...
01/06/2026

මුද්‍රණ ආබාධ සහිත පාඨකයින්ගේ තොරතුරු අවශ්‍යතාවය පිළිබඳ දැනුවත් කිරීමේ සම්මන්ත්‍රණය 2026.05.27

ශ්‍රී ලංකා ජාතික පුස්තකාලය මඟින් පාඨකයින් සඳහා විවිධ තොරතුරු සේවා පවත්වාගෙන යනු ලබන අතර, මුද්‍රණ ආබාධ සහිත (අන්ධ/දෘශ්‍යාබාධිත/ඩිස්ලෙක්සියා) පාඨකයින්ගේ ප්‍රයෝජනය සඳහා තොරතුරු සේවා සැපයීම ජාතික පුස්තකාලය විසින් වසර ගණනාවක සිට සිදු කරන සේවාවකි. මෙම සේවාව තවදුරටත් පුළුල් කරමින් නව තොරතුරු තාක්ෂණය භාවිත කරමින් කථන පොත් (Audio Books) මඟින් විශේෂ අවශ්‍යතා සහිත පාඨකයින් සඳහා තොරතුරු සේවා ලබාදීම ද සිදු කරනු ලැබේ.

මෙම තොරතුරු සේවය පිළිබඳව මහජන පුස්තකාලයාධිපතීවරුන්, මුද්‍රණ ආබාධ සහිත පාඨකයින් හා ඔවුන් සඳහා සේවා සපයනු ලබන ආයතනවල වෘත්තිකයින් හා පුස්තකාල හා විඥාපන විද්‍යාව හදාරනු ලබන විද්‍යාර්ථීන් දැනුවත් කිරීමේ සම්මන්ත්‍රණයක් 2026 මැයි මස 27 වන දින ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයීය ශ්‍රවණාගාරයේ දී පෙ.ව 9.00 සිට ප.ව. 2.15 දක්වා පවත්වන ලදී.

එදින සම්මන්ත්‍රණයේ දී “නිහඬ අඩහැරය : අත්දැකිම් හා කියවීම්” යන මැයෙන් විශ්‍රාමික පාඨශාලා ආචාර්ය ගාමිණි කරුණාරත්න මහතා , "තොරතුරු නියඟය සහ මුද්‍රණ ආබාධ සහිත ප්‍රජාව" යන මැයෙන් ලෝක බුද්ධිමය දේපළ සංවිධානයේ, ප්‍රවේශ්‍යතාවය සහ භාවිතයන් පිළිබඳ උපදේශක අශෝක බන්දුල වීරවර්ධන මහතා, “මාරාකේස් ගිවිසුමේ ගෝලීය බැඳීම සහ ශ්‍රී ලංකාවේ බුද්ධිමය දේපළ හිමිකම් නීතිය” යන මැයෙන් ජාතික බුද්ධිමය දේපළ කාර්යාලයේ, අධ්‍යක්ෂ ජනරාල් හිමාලි හෙට්ටිහෙලගේ මහත්මිය හා “ශ්‍රී ලංකා ජාතික පුස්තකාලය මඟින් මුද්‍රණ ආබාධ සහිත පාඨකයින් සඳහා ලබාදෙනු ලබන සේවාවන් යන මැයෙන් ජාතික පුස්තකාලයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ අනෝමා විජේසිංහ මහත්මිය දේශන පවත්වන ලදී .

සම්මානිත මහාචාර්ය ජයදේව උයන්ගොඩයන්ගේ නවතම පර්යේෂණාත්මක කෘතිය දොරට වැඩීමේ උළෙල පසුගිය 29 වැනිදා ජාතික පුස්තකාල හා ප්‍රලේඛ...
01/06/2026

සම්මානිත මහාචාර්ය ජයදේව උයන්ගොඩයන්ගේ නවතම පර්යේෂණාත්මක කෘතිය දොරට වැඩීමේ උළෙල පසුගිය 29 වැනිදා ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේදී ඉතා සාර්ථක අයුරින් පැවැත්විණි.

‘බව තරණය’ නවකතාවේ යථාර්ථ රීතිය, දාර්ශනිකත්වය සහ සමාජ විමුක්තිවාදී යොමුව පිළිබඳව ගැඹුරින් සාකච්ඡා කෙරුණු මෙම සුවිශේෂී අවස්ථාවට සහභාගී වී, එය අර්ථවත් කළ ඔබ සැමට අපගේ හෘදයාංගම ස්තූතිය!

එදින කැමරා කාචයේ සටහන් වූ සුන්දර මතක සටහන් කිහිපයක් මෙසේ ඔබ වෙත ගෙන එන්නෙමු. 📸✨

The launch of the latest research work by Emeritus Prof. Jayadeva Uyangoda concluded highly successfully on the 29th at the National Library and Documentation Services Board Auditorium.

A heartfelt thank you to everyone who joined us to explore the realism, philosophy, and socio-emancipatory vision of the novel 'Bawa Tharanaya'. Your presence made this event truly memorable!

Here are a few beautiful glimpses from the day.

ONLINE SHOP : https://shop.martinwickramasinghe.com/?p=4123

Martin Wickramasinghe Trust

2026.05.03 වන දිනට යෙදුනු ලෝක ජනමාධ්‍ය නිදහස් දිනය සැමරිම වෙනුවෙන් Meet an Expert 50 වන වැඩසටහන ජනමාධ්‍ය සහ වගකීම යන තේම...
29/05/2026

2026.05.03 වන දිනට යෙදුනු ලෝක ජනමාධ්‍ය නිදහස් දිනය සැමරිම වෙනුවෙන් Meet an Expert 50 වන වැඩසටහන ජනමාධ්‍ය සහ වගකීම යන තේමාව යටතේ 2026.05.19 වන දින ප.ව. 2.30 සිට ZOOM අවකාශය ඔස්සේ හා ජාතික පුස්තකාල ශ්‍රවණාගාරයේ දී පවත්වන ලදී.

අද දෙරණ නාලිකාවේ සාමාන්‍යාධිකාරි වසන්ති නානායක්කාර මහත්මිය විසින් මෙම වැඩසටහන සඳහා සම්පත් දායකත්වය ලබා දෙන ලදී.

මෙම දේශනය සඳහා ජාතික පුස්තකාලයේ අධ්‍යක්ෂ ජනරාල් ඩබ්ලිව්. සුනිල් මහතා, අධ්‍යක්ෂ ආචාර්ය පද්මා බණ්ඩාරනායක මහත්මිය හා නියෝජ්‍ය අධ්‍යක්ෂ අනෝමා විජේසිංහ මහත්මිය ඇතුළු මණ්ඩලයීය කාර්ය මණ්ඩලය මෙම වැඩසටහන සඳහා සහභාගි වූ අතර, මාර්ගගතව ද පාඨකයින් සහභාගි විය.

මහා ගත්කරු මාර්ටින් වික්‍රමසිංහ සූරින්ගේ 136 වන ජන්ම දිනය - මැයි 29‘’ බෝරුකට මඳක් ඈතින් සෙමින් ගලායන නදිය සෙමින් ගෙවෙන අ...
29/05/2026

මහා ගත්කරු මාර්ටින් වික්‍රමසිංහ සූරින්ගේ 136 වන ජන්ම දිනය - මැයි 29

‘’ බෝරුකට මඳක් ඈතින් සෙමින් ගලායන නදිය සෙමින් ගෙවෙන අපිස් ජීවිතය සිහිකරවන සුන්දර සංකේතයක් සේ බුදුන් වහන්සේගේ සිත් ගත්තේය. ’’
බව තරණය - මහා ගත්කරු මාර්ටින් වික්‍රමසිංහ සූරින්

මාර්ටින් වික්‍රමසිංහ සූරින් පරිහරණය කරන ලද කෘති හා එතුමා විසින් රචනා කරන ලද බව තරණය කෘතිය ඇතුළු සියලු කෘති ශ්‍රී ලාංකේය පාඨක ප්‍රජාවගේ පරිශීලනය සඳහා ශ්‍රී ලංකා ජාතික පුස්තකාලයේ මාර්ටින් වික්‍රමසිංහ ජන ජීවිතය හා ලේඛන කලාගාරයේ තැන්පත් කර ඇත.

ශ්‍රි ව්‍යෛශාක්‍ය  මංගල්‍යය නිමිත්තෙන් ජාතික පුස්තකාල කාර්ය මණ්ඩලය විසින් සංවිධානය කරනු ලැබු පූජෝපහාර වෙසක් බැති ගී සරණි...
28/05/2026

ශ්‍රි ව්‍යෛශාක්‍ය මංගල්‍යය නිමිත්තෙන් ජාතික පුස්තකාල කාර්ය මණ්ඩලය විසින්
සංවිධානය කරනු ලැබු පූජෝපහාර වෙසක් බැති ගී සරණිය 2026 මැයි මස 26 වන දින ජාතික පුස්තකාල ශ්‍රවණාගාරයේ දී පවත්වන ලදි.

27/05/2026
ග්‍රන්ථ නාමාවලිකරණයේ ශ්‍රී ලාංකේය සන්නාමය   : ආචාර්ය එච්. ඒ. අයි. ගුණතිලක ශාස්ත්‍රීය ප්‍රයාණයපේරාදෙණිය විශ්ව විද්‍යාල පු...
26/05/2026

ග්‍රන්ථ නාමාවලිකරණයේ ශ්‍රී ලාංකේය සන්නාමය : ආචාර්ය එච්. ඒ. අයි. ගුණතිලක ශාස්ත්‍රීය ප්‍රයාණය

පේරාදෙණිය විශ්ව විද්‍යාල පුස්තකාලයේ කීර්තිමත් පුස්තකාලයාධිපතිවරයෙකු මෙන්ම, ග්‍රන්ථ නාමාවලිකරණයේ පුරෝගාමීයෙකු වන ආචාර්ය එච්. ඒ. අයි. ගුණතිලක මැතිතුමාගේ ගුණ සැමරීම සඳහා වැඩසටහනක් 2026/06/05 වන දින (පෙ.ව. 9.00 - ප.ව. 12.30 දක්වා) ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලීය ශ්‍රවණාගාරයේ දී පැවැත්වේ.

දේශන මාතෘකා

මහාචාර්ය ඩබ්ලිව්. ඒ. වීරසූරිය මහතා - ආචාර්ය එච්. ඒ. අයි. ගුණතිලක ශූරීන්ගෙන් අපට ගත හැකි ආදර්ශ කිහිපයක්

ආචාර්ය චම්පා අලහකෝන් මෙනවිය - ශාස්ත්‍රවන්තයෙකුගේ බුද්ධිමය රුචිකත්වය සහ පේරාදෙණිය විශ්ව විද්‍යාලපුස්තකාලයට ලැබුණු දායකත්වය

උදිත අලහකෝන් මහතා - ඇල්ගෝරිදම් අවකාශයක ග්‍රන්ථ නාමාවලිකරණයේ අවශ්‍යතාව

මේ සඳහා සහභාගි වන ලෙස ඔබ සැමට ආරාධනා කරමු.

ලියාපදිංචිවීමට : https://docs.google.com/forms/d/e/1FAIpQLScgIz34-7peDn8m-o8ekD7ztBv0b5AxqWp3u3D3mOUvQ_0UQg/viewform?usp=header

වැඩිදුර විමසිම් : 0714435475 (මෛත්‍රී ජයසුන්දර)

26/05/2026

Address

No 14, Independence Avenue
Colombo
00700

Opening Hours

Monday 08:30 - 16:15
Tuesday 08:30 - 16:15
Wednesday 08:30 - 16:15
Thursday 08:30 - 16:15
Friday 08:30 - 16:15

Telephone

0094112698847

Website

https://libcat.natlib.lk/, https://diglib.natlib.lk/

Alerts

Be the first to know and let us send you an email when National Library of Sri Lanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to National Library of Sri Lanka:

Share

Category