Sri Lanka Atomic Energy Board

Sri Lanka Atomic Energy Board was established by Act # 04 of 2014

2014 අංක 40 දරණ පරමාණුක ශක්ති පනත මගින් ස්ථාපිත ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති මණ්ඩලය විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ව්‍යවස්ථාපිත ආයතනයකි.

එම පනතට අනුකූලව ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති මණ්ඩලය, ජාතික සංවර්ධනය සඳහා න්‍යෂ්ටික විද්‍යාව හා තාක්ෂණය යොදා ගැනීමටත් ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති නියාමන සභාව, අයනීකරණ විකිරණ හා ප්‍රභව සම්බන්ධ නියාමන කටයුතු සිදු කිරීමටත් වගකිය යුතු වේ. The Atomic E

nergy Board (AEB) of Sri Lanka is a Statutory Body functioning under the Ministry of Power and Energy which was established by the Sri Lanka Atomic Energy Act No.40 of 2014. Radiation and Radioisotope Technology has a wide range of applications in many fields that can make a significant contribution to the development of medical, agricultural, industrial, energy and environmental sectors in Sri Lanka. The Atomic Energy Board (AEB) has the responsibility of facilitating the utilization of this technology in the above-mentioned sectors in Sri Lanka.

17/07/2026
17/07/2026

⚛️📺 ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති මණ්ඩලයේ සැබෑ මෙහෙවර රූපවාහිනී තිරයෙන්! 🇱🇰✨

සාමකාමී අරමුණු වෙනුවෙන් න්‍යෂ්ටික විද්‍යාව සහ තාක්ෂණය මෙරට ජාතික සංවර්ධනයට, සෞඛ්‍ය ක්ෂේත්‍රයට සහ පරිසර සංරක්ෂණයට දායක කරගනිමින් ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති මණ්ඩලය (SLAEB) ඉටුකරන නිහඬ මෙහෙවර පිළිබඳව ඔබ දැනුවත්ද?

ශ්‍රී ලාංකීය අනන්‍යතාවය ලෝකය හමුවේ ඔසවා තබන ප්‍රමුඛතම ව්‍යාපෘති අලලා සිදු කෙරෙන "ධීර්ථ" වාර්තාමය වැඩසටහන් මාලාව මඟින් මෙවර දිග හැරෙන්නේ අප ආයතනයේ සැබෑ ක්‍රියාකාරීත්වය සහ ජාතික මෙහෙවර පිළිබඳවයි.

එය නැරඹීමට ඔබ සැමට ආරාධනා!
🗓️ දිනය: හෙට (සෙනසුරාදා)
🕟 වේලාව: සවස 4.30 ට
📺 නාලිකාව: ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව (Rupavahini)

මෙරට න්‍යෂ්ටික තාක්ෂණයේ අනාගතය සහ අපගේ නවතම ව්‍යාපෘති පිළිබඳව සමීපව දැනගැනීමට හෙට සවස 4.30 ට රූපවාහිනිය සමඟින් එකතු වන්න.

👇 වැඩසටහනේ පූර්ව ප්‍රචාරක පටය (Trailer) පහතින් නරඹන්න!

SLAEB Hosts Global Scientific Experts in Colombo to Solve Regional Water Challenges! From July 20 to 24, 2026, the Sri L...
17/07/2026

SLAEB Hosts Global Scientific Experts in Colombo to Solve Regional Water Challenges!

From July 20 to 24, 2026, the Sri Lanka Atomic Energy Board (SLAEB) is proud to host a major international training course focused on securing one of our most precious resources: groundwater.
Under the framework of the International Atomic Energy Agency (IAEA) project RAS7043 ("Evaluating the Efficacy of Artificial Recharge to Groundwater in Water Scarce Regions using Isotope Techniques"), this intensive program trains scientists on how to use environmental isotopes and advanced mass-balance models to accurately measure and manage aquifer recharge.

🌟 Putting Sri Lanka on the Map of Nuclear Science
We are proud to welcome a highly diverse, international cohort of scientists and experts to Sri Lanka for this event, including:
🌏 21 International Delegates representing 11 nations across Asia:
🇧🇩 Bangladesh | 🇨🇳 China | 🇱🇦 Lao PDR | 🇲🇾 Malaysia
🇲🇳 Mongolia | 🇲🇲 Myanmar | 🇳🇵 Nepal | 🇵🇰 Pakistan
🇵🇭 Philippines | 🇹🇭 Thailand | 🇻🇳 Viet Nam
⚛️ 2 IAEA Experts and the IAEA Technical Officer providing world-class training.

🤝 Local Partnership for National Impact
SLAEB is driving this initiative in close collaboration with our key local stakeholder institutes:
🚰 Water Resources Board (WRB)
💧 National Water Supply and Drainage Board (NWSDB)

🚜 Translating Science to the Field
This program isn't just about formulas in a classroom. SLAEB is coordinating a Technical Tour to the managed aquifer recharge area in Rajanganaya to demonstrate real-world, evidence-based water solutions in action.
Through international collaborations like this, SLAEB continues to spearhead the peaceful, practical application of nuclear technology to address climate change and water scarcity in Sri Lanka and across the region!
We are deeply honoured to announce that the Prof. Chrishantha Abeysena., Minister of Science and Technology will grace the inauguration as our Chief Guest on 20th July 2026 at 9.00 am on Liberty D Hall, Ramada by Wyndham Colombo.

☢️ Basic Radiation Protection Training Course – Register Now! 🔥Are you working with radiation or planning to work in rad...
16/07/2026

☢️ Basic Radiation Protection Training Course – Register Now! 🔥

Are you working with radiation or planning to work in radiation-related medical applications?

The Sri Lanka Atomic Energy Board (SLAEB) invites you to participate in the Basic Radiation Protection Training Course, designed to provide essential knowledge and practical skills in radiation protection in accordance with IAEA Safety Standards (GSR Part 3 & GSG-7).

👨‍⚕️ Who Should Attend?
✅ Radiation workers in government and private healthcare institutions
✅ Medical professionals working with radiation or planning to work in diagnostic radiology, nuclear medicine, radiotherapy, dentistry, and other radiation-related medical applications
✅ Students and other interested individuals seeking a career in the medical radiation field

📅 Dates: 21–24 July 2026
🕘 Time: 9.00 a.m. – 4.00 p.m.
📍 Venue: Sri Lanka Atomic Energy Board (SLAEB)
💰 Course Fee: Rs. 24,000 (Inclusive of Taxes)

🏅 A certificate will be awarded to all participants who successfully complete the course.

📖 Course Prospectus: https://drive.google.com/file/d/165L0Xd-CC7C7pw6AZ8E18V5koP1BWIFM

🚀 Limited seats available – Register today!
👉 https://forms.gle/ErmX42tdGAJD2S1PA

📱 Or simply scan the QR code in the image below.

📞 For more information:

074 111 2598
Mr. Muditha Rathnayake,
Deputy Technical Manager – Personal Monitoring Service Laboratory (PMSL),
Sri Lanka Atomic Energy Board.

📺 ස්වාධීන රූපවාහිනී සේවයේ (ITN) "හත්වෙනි පැය" සජීවී වැඩසටහන සමඟ ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති මණ්ඩලය (SLAEB) එක්වෙයි! විද්‍...
09/07/2026

📺 ස්වාධීන රූපවාහිනී සේවයේ (ITN) "හත්වෙනි පැය" සජීවී වැඩසටහන සමඟ ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති මණ්ඩලය (SLAEB) එක්වෙයි!

විද්‍යා හා තාක්ෂණ අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති මණ්ඩලය නියෝජනය කරමින් අප ආයතනයේ නිලධාරීන් දෙදෙනෙකු වන නියෝජ්‍ය අධ්‍යක්ෂ -ප්‍රවර්ධන, ප්‍රියංග රත්නායක මහතා සහ නියෝජ්‍ය අධ්‍යක්ෂ -විකිරණ ආරක්ෂණ හා තාක්ෂණික සේවා, ප්‍රසාද් මහකුමාර මහතා අද දින (2026 ජූලි 09) ITN නාලිකාවේ විකාශය වූ "හත්වෙනි පැය" සජීවී මාධ්‍ය සාකච්ඡාව සඳහා සහභාගී විය.
මෙහිදී පිළිකා කල්තියා හඳුනාගැනීම සඳහා අත්‍යවශ්‍ය වන FDG (Fluoro-Deoxy-Glucose) වැනි විකිරණශීලී ඖෂධ මෙරටදීම නිෂ්පාදනය කිරීම සඳහා ස්ථාපිත, ශ්‍රී ලංකාවේ ප්‍රථම සයික්ලොට්‍රෝන ව්‍යාපෘතියේ ප්‍රගතිය සහ එමඟින් මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයට ලැබෙන දැවැන්ත දායකත්වය සහ න්‍යෂ්ටික හා විකිරණ තාක්ෂණයන් භාවිත කිරීමේදී මහජනතාවගේ, සේවකයින්ගේ සහ පරිසරයේ ආරක්ෂාව උපරිමයෙන් තහවුරු කිරීම සඳහා ක්‍රියාත්මක වන ජාත්‍යන්තර මට්ටමේ විකිරණ ආරක්ෂණ ක්‍රමවේද පිළිබඳව සාකච්ඡා විය.
මෙම සම්පූර්ණ සාකච්ඡාව නැරඹීම සඳහා පහත YouTube සබැඳිය භාවිතා කරන්න:

🔗 https://www.youtube.com/watch?v=AwitvZUaadQ

04/07/2026

TLD කාඩ්පත
=====================================
විකිරණ ආරක්ෂණය (Radiation Protection ) යටතේ භාවිත වන ප්‍රධාන උපකරණක් ලෙස TLD (Thermoluminescent Dosimeters) කාඩ්පත් හදුන්වා දිය හැක. විකිරණ සමග ක්‍රියාකාරකම් වල නිරත වන පුද්ගලයන් මේ TLD කාඩ්පත් පැළද සිටීම එම පුද්ගලයාගේ විකිරණ ආරක්ෂාව තහවුරු කර ගැනීමට අනිවාර්ය කරුණක් වේ. රෝහල් වල විකිරණ ප්‍රතිකාර ඒකක (Radiotheraphy Department) වලත් විකිරණ ආශ්‍රයෙන් රෝග විනිශ්චය කරන ඒකක (Radiology Department) වලත් විකිරණ සමග ගණුදෙනු කරන පිරිස් වලට TLD කාඩ්පත් ලබා දීම සහ ඒවා සම්බන්ධයෙන් කළමනාකරණය කටයුතු සිදුකිරීම රෝහලේ විකිරණ ආරක්ෂණ නිළධාරියා (RPO - Radiation Protection Officer) විසින් සිදුකරනු ලැබේ. පොදුවේ මේ විකිරණ සමග කටයුතු කරන සියළු දෙනා විකිරණ සේවකයන් (Radiation servants)ලෙස හදුන්වනු ලබනවා.

මෙය පැළැඳ සිටින පුද්ගලයාට කාලයත් සමඟ අවශෝෂණය වූ විකිරණ ප්‍රමාණය මැන ගැනීමට භාවිත කරන මේ කුඩා උපකරණය ඇළුමිනියම් ලෝහයෙන් සෑදූ කාඩ්පතක් තුල Magnesium (Mg) සහ Titanium (Ti) වලින් මාත්‍රණය (Dope) කරන ලද LiF සඵටික වලින් සමන්විත චිප් කිහිපයකින් සමන්විත වෙනවා. මේ ඇළුමීනියම් කාඩ්පත අදාළ පුද්ගලයාට ප්ලාස්ටික් ආවරණයක් තුල බහා සුරැකිව ලබාදීම සිදුකරනවා. අයනීකරණ විකිරණයට ඉහත සදහන් කරන ලද චිප් කොටස් නිරාවරණය වූ විට එය සාදා ඇති ද්‍රව්‍යයේ ස්ඵටික දැලිසෙහි සංයුජතා කලාපයේ (Valance Band) ඇති ඉලෙක්ට්‍රෝන සැකැඹී (exitation) සන්නායක කලාපයට (Conduntion Band) පැමිණ LiF මාත්‍රණය කිරීමට භාවිත කළ ද්‍රව්‍ය මගින් ස්පඨික දැලිසෙහි ඇතිකරන දෝෂ (Defects) තුල මෙම පැමිණි ඉලෙක්ට්‍රෝන සිරවීම සිදුවෙනවා.

සැකැඹී පැමිණ සන්නායක කලාපයේ දැලිසේ දෝෂ තුල සිරවූ ඉලෙක්ට්‍රෝන වලට වහාම සංයුජතා කලාපයට ආපසු යා නොහැකි වෙනවා. බාහිරින් තාපය ලබාදීම මගින් සිරවී ඇති මෙම ඉලෙක්ට්‍රෝන වලට සිරවූ ස්ථාන වලින් ගැලවී සන්නායක කලාපයට නැවත පැමිණීමට ප්‍රමාණවත් ශක්තියක් සපයනු ලබනවා.ඒ සඳහා තාපය සැපයීමට විශේෂයෙන් සකසන ලද උපකරණයක් (TLD reader) භාවිත කරන අතර නිදහස් වන ඉලෙක්ට්‍රෝන සංක්‍රමණය වී දැලිසේ සිදුරු (Holes) සමඟ නැවත ඒකාබද්ධ වීමෙන් ආලෝක ෆෝටෝන (light photons) ස්වරූපයෙන් ශක්තිය මුදා හැරීම සිදුකරන අතර මේ සංසිද්ධිය තාපදීප්තතාවය ලෙස හඳුන්වනු ලබනවා. මේ විමෝචනය වන ආලෝකයේ ත්‍රීවෘතාවය ක්‍රියාවලිය ආරම්භයේ අවශෝෂණය වූ අයණීකරණ විකිරණ ප්‍රමාණයට සමානුපාතික වීම තුලින් අදාළ පුද්ගලයා මේ මෙම උපකරණය පැළඳ සිටින කාලය අතරතුර අයනීකරණ විකිරණවලට වූ නිරාවරණය පිළිබඳ දත්ත ලබාදීමක් සිදුවෙනවා.

මෙරට තුල මේ TLD උපකරණ පිළිබඳව භාරදූර වගකීම හසුරුවන්නේ ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති මණ්ඩලය (SLAEB) විසිනි. විකිරණ ආශ්‍රිතව කටයුතු කරන සේවකයන් සියළු දෙනාට මාස දෙකකට වතාවක් TLD මාරු කිරීම සිදුකරන අතර සෑම මාස දෙකකට වතාවක් පරමාණුක බලශක්ති අධිකාරිය මගින් මේ එක් TLD කාඩ් පත පැළඳ සිටි නිලධාරීන්ට අදාළව එම මාස දෙකේ ඔවුන්ගේ මාත්‍රා පිළිබඳ වාර්තාවක් ආයතන වෙත ලබාදෙයි. එම වාර්තාවල අදාළ පුද්ගලයන්ගේ මුළු සිරුරට ආදාළවත් , සමට අදාළවත් මාත්‍රා සටහන් වේ.

ආයතනන වෙත වාර්තාවන් ලබාදෙන සෑම විටම ඒ හා සමගාමීව ඒ වාර්තාවකට අදාළ උපකරණ සියල්ල නැවත අළුතෙන් භාවිතයට සුදුසු ආකාරයට සකසා ලබාදීමට කටයුතු සලස්වන අතර ඒ වන තෙක් ආයතනය තුල මෙතෙක් භාවිත කළ TLD උපකරණ සියල්ල එකතුකර නිසි වේලාවට පරමාණුක බලශක්ති අධිකාරිය වෙත ලබාදීම සිදු වේ. ආයතනික වශයෙන් සිදුවන මේ සියළු කටයුතු සමග අධිකාරිය සම්බන්ධීකරණ කටයුතු සිදුකරන්නේ අදාළ ආයතනයේ විකිරණ ආරක්ෂණ නිළධාරියා හා එක්වයි. විකිරණ කටයුතු හා සබැඳි නිලධාරීන් සදහා වසරකට උපරිම 50 msv අගයක් හෝ අනුයාත වසර 5 ක් සැලකීමේදී 20 msv සාමාන්‍ය අගයයන් පවත්වාගෙන යාම අන්තර්ජාතිව පිළිගත් සීමාවන් වේ.

- හේමාල් සෙන්දනායක -

💫 ශ්‍රී ලාංකීය න්‍යෂ්ටික වෛද්‍ය විද්‍යාවේ නව යුගයක උදාව - අපේම දේශීය විකිරණශීලී ඖෂධ මාත්‍රාවක් පළමු වරට රෝගියෙකුට! විද්‍...
01/07/2026

💫 ශ්‍රී ලාංකීය න්‍යෂ්ටික වෛද්‍ය විද්‍යාවේ නව යුගයක උදාව - අපේම දේශීය විකිරණශීලී ඖෂධ මාත්‍රාවක් පළමු වරට රෝගියෙකුට!

විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති මණ්ඩලය (SLAEB) ලෙස අප වසර අටක් පුරා නොසැලී දුටු ජාතික සිහිනයක් අද සැබෑවක් බවට පත්ව තිබෙනවා. මෙරට ඉතිහාසයේ ප්‍රථම වතාවට දේශීයව නිෂ්පාදනය කරන ලද පළමු FDG (18F-fluorodeoxyglucose) විකිරණශීලී ඖෂධ මාත්‍රාව ජූලි 1 වනදා සාර්ථකව රෝගියෙකු වෙත ලබා දෙමින්, රටේ පිළිකා රෝග විනිශ්චය ක්ෂේත්‍රයේ දැවැන්ත පෙරළියක් සිදු කිරීමට අපට හැකි වුණා.

💢 SLAEB අපගේ සුවිශේෂී මැදිහත්වීම:

💎 ජාතික වගකීම ඉටු කිරීම: මෙතෙක් කල් ඉන්දියාවෙන් ආනයනය කිරීමේදී සිදු වූ 97% ක අධික විකිරණශීලී ක්ෂය වීම් වළක්වා, වාර්ෂිකව PET/CT පරීක්ෂණ අවශ්‍ය වන දසදහස් සංඛ්‍යාත දේශීය රෝගීන්ට අඛණ්ඩව ඖෂධ සැපයීමේ අභියෝගය අප ආයතනය විසින් භාරගනු ලැබුවා.

💎 රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරිත්වය (PPP): සෞඛ්‍ය අමාත්‍යාංශය සහ Access Medical Tracers (Pvt) Ltd සමඟ ඒකාබද්ධ වෙමින්, ඩොලර් මිලියන 7.5 ක මෙම මහා පරිමාණ අධි-තාක්ෂණික ආයෝජනයේ ප්‍රධාන තාක්ෂණික නියමුවා ලෙස SLAEB අප කටයුතු කළා.

💎 තාක්ෂණික ස්වෛරීභාවය: ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ (IAEA) වටිනා උපදේශකත්වය ඇතිව, අතිසංකීර්ණ සයික්ලොට්‍රෝන් මධ්‍යස්ථානය මාස 14 ක කෙටි කාලයකදී ඉදි කර අවසන් කිරීමට ගැනීමට අපගේ ව්‍යාපෘති කණ්ඩායමට සහ දේශීය ඉංජිනේරුවන්ට හැකි වුණා.

💢 රටට සහ අනාගතයට අපෙන් දායකත්වයක්:

මෙමඟින් පිළිකා හඳුනාගැනීමේ FDG ඖෂධ මාත්‍රාවක පිරිවැය 50% කින් පමණ අඩු වන අතර, එම ඉතිරිය සෘජුවම අපේ රටේ රෝගී ජනතාවට හිමි වෙනවා. තවද ඉදිරි පෞද්ගලික අංශය වෙත කෙරෙන අලෙවියෙන් 2.2% ක ප්‍රතිශතයක් සෘජුවම SLAEB අප ආයතනයේ පර්යේෂණ හා සංවර්ධන (R&D) කටයුතු වෙනුවෙන් වෙන් කෙරෙන බැවින්, ඉදිරි දශක කිහිපය තුළ න්‍යෂ්ටික තාක්ෂණයෙන් තවත් නවීන වෛද්‍ය විද්‍යාත්මක සොයාගැනීම් රැසක් රටට දායාද කිරීමට අප සූදානම්.

මෙම ඓතිහාසික ජයග්‍රහණය වෙනුවෙන් කැප වූ SLAEB වර්තමාන සහ අතීත කළමනාකාරීත්වයටත්, අපගේ ව්‍යාපෘති කණ්ඩායමටත්, සෞඛ්‍ය අමාත්‍යාංශයට සහ Access ආයතනයටත් අපගේ ප්‍රණාමය පුද කර සිටිමු.

න්‍යෂ්ටික තාක්ෂණය මානව හිතවාදී ලෙස රටේ පොදු ජනතාවගේ ජීවිත සුවපත් කිරීම උදෙසා යෙදවීමට ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති මණ්ඩලය සැමදා කැපවී සිටී !

| න්‍යෂ්ටික සඳෙස - විසිපස්වන කලාපය දැන් කියවිය හැක! | 📚න්‍යෂ්ටික තාක්ෂණය කියන්නේ හුදෙක් බලශක්තියට පමණක් සීමාවූවක් නෙවෙයි...
24/06/2026

| න්‍යෂ්ටික සඳෙස - විසිපස්වන කලාපය දැන් කියවිය හැක! | 📚
න්‍යෂ්ටික තාක්ෂණය කියන්නේ හුදෙක් බලශක්තියට පමණක් සීමාවූවක් නෙවෙයි. මානව වර්ගයා මුහුණ දෙන දරුණුතම සෞඛ්‍ය අභියෝගයක් වන පිළිකා මර්ධනය වෙනුවෙන් නූතන වෛද්‍ය ලෝකය න්‍යෂ්ටික විද්‍යාව සමඟ අත්වැල් බැඳගන්නේ කෙසේද?
ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති මණ්ඩලයේ නිල විද්‍යුත් සඟරාව වන “න්‍යෂ්ටික සඳෙස” 25 වන කලාපය (2026 ජූනි) හරහා වෛද්‍ය ඉතිහාසය උඩුයටිකුරු කරමින් පවතින විප්ලවීය විකිරණශීලී ඖෂධවේදය (Radiopharmaceuticals) සහ තෙරනොස්ටික්ස් (Theranostics) යුගය පිළිබඳව සවිස්තරාත්මක විද්‍යාත්මක විමර්ශනයක් අප ඔබ වෙත ගෙන එන්නෙමු.

මෙවර කලාපයෙන්:
• 🧬 සාම්ප්‍රදායික පිළිකා ප්‍රතිකාරවලින් ඔබ්බට යන තෙරනොස්ටික්ස් ප්‍රාතිහාර්යය.
• 💥 පිළිකා සෛල පවතින ස්ථානයටම ප්‍රහාර එල්ල කරන ඇල්ෆා ප්‍රතිකාරයේ විද්‍යාත්මක පසුබිම.
• 🧪 සහශ්‍රයේ අණුව ලෙස හැඳින්වෙන FDG පිළිබඳ රසවත් තොරතුරු.
දැනුම සොයන ලාංකීය විද්‍යාත්මක ප්‍රජාව, සිසුන් මෙන්ම සහෘද පාඨක ඔබ සැමට මෙම නවතම කලාපය ඉතා වැදගත් වනු නොඅනුමානය. කියවා බලන්න, ඔබේ මිතුරන් අතරද බෙදාහරින්න!

න්‍යෂ්ටික සඳෙස කණ්ඩායම
ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති මණ්ඩලය.

06/06/2026

පිළිකා මර්දනයේ නවතම වෛද්‍ය විද්‍යාත්මක විප්ලවය: තෙරනොස්ටික්ස් (Theranostics) සහ ඇල්ෆා ප්‍රතිකාර යුගය! 🧬✨

සාම්ප්‍රදායික පිළිකා ප්‍රතිකාර ක්‍රමවේදයන්ගෙන් ඔබ්බට යමින්, අණුක මට්ටමින් රෝගය හඳුනාගැනීම (Diagnosis) සහ ඉලක්කගත ප්‍රතිකාර කිරීම (Therapeutics) එකම අවස්ථාවක සිදුකළ හැකි අතිශය විස්මිත "තෙරනොස්ටික්ස්" තාක්ෂණය පිළිබඳව ඔබ දැනුවත්ද?

"අපට පෙනෙන දේට අප ප්‍රතිකාර කරයි, අප ප්‍රතිකාර කරන දේ අපට පෙනේ" (We treat what we see, and we see what we treat) යන මූලධර්මය මත පදනම් වූ මෙම විප්ලවීය විකිරණශීලී ඖෂධවේදය, අනාගත වෛද්‍ය ලෝකය සම්පූර්ණයෙන්ම උඩුයටිකුරු කරමින් පවතී. නිරෝගී සෛලවලට හානි නොකර, පිළිකා සෛලවල DNA ද්විත්ව දාමයන්ම මුලිනුපුටා දමන ඉලක්කගත ඇල්ෆා ප්‍රතිකාර ක්‍රමයේ (Targeted Alpha Therapy) විද්‍යාත්මක රහස් සහ රේඩියෝ සමස්ථානික සතු "අර්ධ ආයු කාලයේ" (Half-life) ඇති සුවිශේෂී වැදගත්කම පිළිබඳ ගැඹුරු විශ්ලේෂණයක්...

🔬 ඉදිරියේදී නිකුත් වන "න්‍යෂ්ටික සඳෙස" e-Magazine හි විශේෂාංග ලිපියෙන් බලාපොරොත්තු වන්න!

📅 සම්පූර්ණ ලිපිය කියවන්න - 2026 ජූනි 25 වනදා නිකුත් වන "න්‍යෂ්ටික සඳෙස" e-Magazine Volume එකත් සමඟ එකතු වන්න.

Address

60/460, Base Line Road, Orugodawatta
Colombo
10300

Opening Hours

Monday 08:30 - 16:15
Tuesday 08:30 - 16:15
Wednesday 08:30 - 16:15
Thursday 08:30 - 16:15
Friday 08:30 - 16:15

Telephone

+94112533427

Alerts

Be the first to know and let us send you an email when Sri Lanka Atomic Energy Board posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Sri Lanka Atomic Energy Board:

Shortcuts

Share