17/09/2026
න්‍යෂ්ටික සඳෙස - විසිහයවන කලාපය දැන් කියවිය හැක! | 📚
න්‍යෂ්ටික තාක්ෂණය සහ විද්‍යාව යනු මානව ඉතිහාසයේ විනාශකාරී මෙන්ම අතිශය ප්රබල හැරවුම් ලක්ෂ්යයන් රැසකට මුලපිරූ ක්ෂේත්රයකි. විනාශයේ අසිපතක්ව තිබූ න්‍යෂ්ටික බලය, සාමයේ සහ සංවර්ධනයේ මෙවලමක් බවට පරිවර්තනය වූ ඒ ඓතිහාසික ගමනාන්තය පිළිබඳව ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති මණ්ඩලයේ නිල විද්‍යුත් සඟරාව වන “න්‍යෂ්ටික සඳෙස” 26 වන කලාපය (2026 සැප්තැම්බර්) හරහා අප ඔබ වෙත සවිස්තරාත්මක විමර්ශනයක් ගෙන එන්නෙමු.
මෙවර කලාපයෙන්:
• 🕊️ **Atoms for Peace:** ජෙනරාල් ඩ්වයිට් ඩී. අයිසන්හවර් විසින් තැබූ ඓතිහාසික ප්රකාශනය සහ මානව ඉතිහාසය වෙනස් කළ න්‍යෂ්ටික බලයේ සාමකාමී හැරවුම.
• ☢️ **Radium Girls:** විකිරණ ආරක්ෂණයේ දෑස් විවර කළ ඛේදවාචකය සහ එහි උගත් පාඩම්.
• ⚙️ **විකිරණ පිරිසැකසුම් තාක්ෂණය:** කර්මාන්ත හා වෛද්‍ය ක්ෂේත්‍රයේ භාවිත වන විකිරණ මූලාශ්ර (ගැමා කිරණ, ඉලෙක්ට්‍රෝන කදම්භ සහ X කිරණ) පිළිබඳ හැඳින්වීමක්.
• 📜 **න්‍යෂ්ටික බලශක්තියේ මුල්කාලීන ඉතිහාසය:** හිරෝෂිමා-නාගසාකි සිට නූතන ලෝකය දක්වා න්‍යෂ්ටික ගමනාන්තය.
• 💍 **අපූරු මංගල ඡායාරූපය:** නොබෙල් සම්මානලාභී කියුරි යුවළගේ අප්රකට විවාහ ඡායාරූපය පිටුපස ඇති කතාව.
දැනුම සොයන ලාංකීය විද්‍යාත්මක ප්‍රජාව, සිසුන් මෙන්ම සහෘද පාඨක ඔබ සැමට මෙම නවතම කලාපය ඉතා වැදගත් වනු නොඅනුමානය. කියවා බලන්න, ඔබේ මිතුරන් අතරද බෙදාහරින්න!
න්‍යෂ්ටික සඳෙස කණ්ඩායම
ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති මණ්ඩලය