04/10/2026
අක්කරෙයිපත්තු නගරය මුදා ගැනිම 1990
..සරත් ෆොන්සේකා විසින් දෙවන ලුතිනන්වරයකු වන ඔහුගේ බුද්ධි නිලධාරියා අමතා
සන්නද්ද ආවරණ සහිත, වෙඩි නොවදින, නවිකරණය කරන ලද, මැෂින්
තුවක්කුවක් සවි කර ඇති buffel රථයේ නැගී බොහෝ අවස්ථාවන් වලදී රථ පෙළේ ඉදිරියෙන් ගමන් කිරීමට කටයුතු කරන මෙන් දැන්වීය.
SF, ඔහුගේ සන්නද්ධ නොවන ජීප් රථයට නැගී buffel රථය පිටුපසින් සමීපව
ගමන් කළ අතර අනෙකුත් සන්නද්ධ වාහන ඒ පිටුපසින් පැමිණියේය. ඉන්
අනතුරුව ගමන් කළේ සොල්දාදුවන් ප්රවාහනය කරන බස් රථයි. රථ පෙළ
කිලෝමීටර් භාගයක් පමණ ගමන් කරන විට මුස්ලිම් වැසියෙක් දුවගෙන පැමිණ
SF ට වවනයක්වත් නොතේරෙන දෙමළ භාෂාවෙන් යමක් කියන්නට උත්සාහ කළේය.
මුස්ලිම් ප්රදේශ වල LTTE ත්රස්තවාදීන් නැතැයි බුද්ධි අංශ ප්රකාශ කර තිබු නිසාත්, මෙහෙයුමට පෙර ඔහුට ලැබුණු බුද්ධි තොරතුරු අනුව පැවසුවේ මුස්ලිම් ප්රදේශවල බරපතළ LTTE තර්ජනයක් නොමැති බවත් නිසා SF ගේ රථ පෙළට නොනවත්වා ඉදිරියට ගමන් කිරීමට උපදෙස් දුන්නේය. එය ජනාවාස ප්රදේශයක් හරහා ගොස් මීටර් 150 ක් පමණ දිග, දෙපස වගුරු බිම් සහිත මාර්ගයක් දිගේ ගමන් කර අක්කරෙයිපත්තු නගරයට ඇතුළු වීමට තිබිණි. අක්කරෙයිපත්තු නගරයට ඇතුළු වීමට තිබූ එකම මාර්ගය වූයේ ඉහත වගුරුබිම හරහා වැටී ඇති මාර්ගය (Causeway) යයි. අක්කරෙයිපත්තු නගරය දිගින් මීටර් 600 ක් සහ පළලින් මීටර් 200 ක් පමණ වේ.
රථ පෙළ මඩවගුර හරහා දිවෙන මාර්ගයට ඇතුළු වන විට බෆල් සන්නාහ සන්නද්ධ රථය බුද්ධි අංශ නිලධාරියා ඇතුළු තවත් තිදෙනෙකු සමඟ ඉදිරියෙන් ගමන් කළේය. එයට මීටර් 30 ක් පිටුපසින් SF සමග ඔහුගේ රියදුරු සහ ආරක්ෂකයින් දෙදෙනාත් රැගත් ජීප් රථය විය. SF පිටුපසින් ගමන් කළේ සන්නද්ධ රථ තුනක් වූ අතර ඉතිරි හමුදා භටයන් ගමන් කළේ බස් රථ හතරකිනි.
බෆල් රථය මීටර් 50 ක් සහ SF ගේ වාහනය මීටර් 20 ක් පමණ මඩ වගුර මැදින් ඇති මාර්ගයේ මෙම අවස්ථාවේදී ගමන් කරමින් තිබිනි. සරත් ෆොන්සේකා ඉතා සුපරීක්ෂාකාරීව භූමිය නිරීක්ෂණ කළේ මාර්ගයේ අවසානයේදී සතුරු ප්රහාර එල්ල වීමේ ප්රවණතාවය බැහැර කිරීමට නොහැකි වූ නිසාය.
ඊළඟ මොහොතේ විශාල ගිගුරුම් සහිත ශබ්දයක් ඇසිණි. වගුරු බිම හරහා දකුණු පැත්තේ සිදුවූ පිපිරීමක් හේතුවෙන් විශාල ගිනි බෝලයක් අහසේ දිස්වනු දුටු SF වාහනය නවත්වන ලෙස තම රියදුරුට කෑගැසුවේය. රියදුරු වාහනය නැවැත්වීමත් සමඟම වාහනයට ඉහළින් විශාල පිපිරීමක් ඇති විය.
මාර්ගයේ දකුණු පස වගුරු බිමට එහා ඉදිරි අන්තයෙන් (far end) මැෂින් තුවක්කු වෙඩි වරුසාවක් ද එල්ල විය. ඊළඟ මොහොතේ රියැදුරු ජීප් රථය නවත්වන විටම SF රථයෙන් ඉවතට පැන කඩාවැටී, ගිනි පුපුරු නිකුත් වෙමින් තිබූ විදුලි රැහැන් කීපයක් මඟ හරිමින් මඩවගුර හරහා වූ මාර්ගයේ (Causeway) ආරම්භක කෙළවර දෙසට, එනම් පසුපසට, සතුරු ප්රහාරයන් මගහරිමින් ගමන් කළේය........
තීරණාත්මක ඊලග මොහොතේ සිදු වූයේ කුමක්ද......
කියවන්න.. "යුධ හමුදාපති ජාතියට දුන් පොරොන්දුව" - සරසවි ප්රකාශනයකි.
AI generated graphic