05/08/2026
තෙරපුම් ජනපති 🌷
නාමල් ඊයේ පාර්ලිමේන්තුවේ කළ ප්‍රකාශයක්
සමග NPP මන්ත්‍රිවරුන් බොහොමයකට
සුලු දිය පහව ඇති බව දැනෙනව.
නජිත් සහ ජීවිතයට නොදැකපු මන්ත්‍රීවරුන්
දැන් දැන් නාමල්ට ප්‍රතිප්‍රහාර එල්ල කරනව.
නාමල් ඊයේ කියන්නෙ අපි කවදාවත්ම පස්සෙ
දොරින් පලා නොගිය බවත්, අපි ගැන හොදින්
දැන ගන්නා ලෙසයි.
ඇත්තටම රාජපක්ෂවරුන් ගෙන් රටේ
ජනාධිපතිකම් කළේ මහින්ද සහ ගෝටාබයයි.
මහින්ද යුගය මේ රටේ ස්වර්ණම යුගයක්.
ඒක අවිවාධාත්මකයි. එදත් කොන්දක් නැති
ප්‍රතිපත්තියක සිටි JVP කඩ වල බඩු ශුවර්
නෑ කියමින් මහින්ද එළවන්න රනිල්ට සහ
සිරිසේන ඇතුලු NGO නඩයට උදවු කළා.
පසුව ගෝටාබය මේ රටේ ජනාධිපති ලෙස
බොහෝ වැඩ කටයුතු කරමින් සිටින
මොහොතකයි කොවිඩ් රටට ආවේ.ඒ වසංගත
ය තම පටු දේශපාලන අරමුණු සදහා භාවිතා
කළ JVP ය රටේ කැරැල්ලක් දක්වා අරගලය
ගෙන ගියා.තම වටේ සිටින යුධ හමුදාපති
පවා විශ්වාස නැති විටක ගෝටාබයට නැවු
නගින්නට හැර විකල්ප තිබුණේ නෑ.හැබැයි
ඔහු නැවු නගින විට JVP බලාපොරොත්තු වුණ
ලේ ගංගාව මේ රට තුල ගලන්නට ගෝටාබය
ඉඩ තැබුවේ නැහැ.එයම සේනාධිනායක ලෙස
ගත් එඩිතර තීන්දුවක්.
ඉන් වියරුව පාර්ලිමේන්තුව ගිනි තියන්න
මිනිස්සු කුලප්පු කළ අද ඇමතිවරු, ගෙවල්
ගිනි තියපං කියපු JVP කළාකාරියන් ඉන්නා
පරිසරයක හිරවුණ නාමල් සහ මහින්ද අවසන් මොහොත වන තුරු තම ඉතුරු වුණ
පාක්ෂිකයන් වෙනුවෙන් මන්දිරයේ සිටියා.ඒ
ඒවන විට මන්දිරය වට කළ මෘගයන් ලේ
ඉවක් ඉල්ලමින් සිටින මොහොතක.
තම මන්ත්‍රිවරයෙක් ඉතා සහාසික ලෙස
නිට්ටඹුවේ ඝාතනය වෙද්දි, හෙල්මට් බලකාය
ක් විසින් පාක්ෂිකයන්ගේ ඔලුවලට හෙල්මට්
පහර දෙද්දී නාමල් හෝ මහින්ද දේශපාලනය
අත හැර ගියා නම් අන්න එය බියගලුව පැන
යාමක් වෙනව.
තම පවුලේ සැමට නඩු වැටුණේ මේ ආණ්ඩුවෙ
න් නොවේ.එය යහපාලන FCID වෛරයේ
ප්‍රථිපලයක දිගුවක්.එවක පොලිස්පති පූජිතට
ඕන වුණේ රාජපක්ෂවරුන්ට ජම්පර් අන්දවන්
නය.ඒ තුලින්ම ඒ කාලයේ සිට තිබුණු අනීතික
දේශපාලන පළිගැනීම පැහැදිලිය.
අනුර කුමාර ජනාධිපති වීමට පෙර කැබ්
එකකින් ගෙන ආ ෆයිල් ගොනුවෙන් එක
ෆයිල් එකක්වත් තවම නීතිය ඉදිරියට ගෙන
ඇවිත් නැත.එනම් සිදුවන්නෙ එවක ගොනු
කළ නඩු, නැවත ගරු උසාවිය විසින්ම අවසන්
කළ නඩු නැවත නැවත ඇද ගැනීමය.
බලය වෙනුවෙන් සහ සමාජයේ ප්‍රතිරෝධය
ඉහළ නැංවීම වෙනුවෙන් කොට්ටච්චි ල
කියපු, ඇස් දෙකෙන් දැකපු උගණ්ඩා සල්ලි
වැනි දේ අද පුස්සක් වෙමින් ඇත.
එදා යහපාලනය විසින් මහින්දට ද අනේක
වද වේදනා ලබා දුන් තැන ඔහු පැවසුවේ
තමාව බිත්තියට හේත්තු නොකරන ලෙසය.
ඔහුගේ පුතා වන නාමල් ද ඊයෙ ප්‍රකාශ
කරන්නේමද එයිට සමානම කතාවකි.රටේ
නීතිය සාධරණව ඉටු කිරීම සහ කාලයක් තිස්සෙ, විමල් ඇතුලු පිරිසක් කඩා ගැනීමේ
වෛරය වෙනුවෙන් සමාජය තව තවත්
අවුස්සමින් දේශපාලන පළිගැනීම් දියත්
කිරීම එකක් නොව දෙකකි.
Namal Rajapaksa 🌷❣️🇱🇰