Green Force UNP Official

Green Force UNP Official GREEN FORCE is the Largest Force, among Facebook to support United National Party, Sri Lanka. Which will come to the power by 2015

Green Force was founded by Mohamed Fazaal. Wikipedia - The United National Party, often referred to as the UNP (Sinhala: එක්සත් ජාතික පක්ෂය, pronounced Eksath Jathika Pakshaya, Tamil: ஐக்கிய தேசியக் கட்சி), is a political party in Sri Lanka. It currently is the main opposition party in Sri Lanka and is headed by Ranil Wickremesinghe. The UNP is considered to have right-leaning, pro-capitalist, Liberal conservative policies.

බැඳුම්කර වංචාව හා දූෂණ​: අද දින අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ජාතිය අමතා කළ විශේෂ ප්‍රකාශය.Via CT:අපි බලයට ආවේ දූෂණය හා...
18/01/2018

බැඳුම්කර වංචාව හා දූෂණ​: අද දින අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ජාතිය අමතා කළ විශේෂ ප්‍රකාශය.
Via CT:

අපි බලයට ආවේ දූෂණය හා වංචාව නවත්වන්නයි. පක්‍ෂ පාට තනතුරු කුමක් වුණත් දූෂිතයන්ට දඬුවම් ලබා දෙන්නයි.

බලයට පත් වී ටික කලෙකින් බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳ චෝදනාවක් නැගුණා. අපි එය පාපිස්ස යටට දැම්මේ නෑ.

සති දෙකක් ඇතුළත විමර්ෂණ කමිටුවක් පත් කළා. විමර්ෂණ කාලය තුළ මහබැංකු අධිපති රාජකාරි කටයුතු වලින් ඉවත් වුණා. පාර්ලිමේන්තුව දැනුවත් කළා. පාර්ලිමේන්තුවට වුවමනා නම් තේරීම් කාරක සභාවක් පත්කරන ලෙස මම දැනුම් දුන්නා. විමර්ෂණ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා.

මෙතෙක් කල් කෝප් කමිටුවේ සභාපතීත්වය දැරුවේ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරයෙක්. වත්මන් පාර්ලිමේන්තුවේ කෝප් කමිටු සභාපතිත්වය විපක්‍ෂ මන්ත්‍රීවරයෙකුට දුන්නා. කමිටුව මගින් බැඳුම්කර නිකුතුව පිළිබඳ පරීක්‍ෂණ ආරම්භ කළා. ඒ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. විවාද කළා.

මේ වාර්තාව පිළිබඳ සුදුසු ක්‍රියා මාර්ග ගැනීම සඳහා 2016 ඔක්තෝබර 31 වන දා නීතිපතිවරයාට යොමු කළා.

මේ ගැන, විශේෂයෙන්ම පර්පචුවෙල් ටේ‍රෂරීස් සමාගම ගැන වැඩි දුර පරීක්‍ෂණ පැවැත්විය යුතු බව කෝප් කමිටුව නිර්දේශ කර තිබුණා. ඒ අනුව ජනාධිපතිතුමා මා සමගත් සාකච්ඡා කර ජනාධිපති කොමිසම පත් කළා. කොමිසමේ කටයුතු වලට අපි සහය දුන්නා. අපේ ඇමතිවරු කොමිසම හමුවට ගියා. මමත් ගියා.

චෝදනාවක් එල්ල වූ විට එය විමර්ෂණය කිරීම සඳහා මේ ආකාරයට කටයුතු කළ කිසිම ආණ්ඩුවක් නෑ. තුන් වතාවක් අප මේ ගැන පරීක්ෂණ කළා.

පසුගිය ආණ්ඩුව සමයේ අවස්ථා ගණනාවකදීත් මේ ආකාරයෙන් චෝදනා එල්ල වුණා. නමුත් ඒ කිසිම අවස්ථාවක ඒ පිළිබඳ පරීක්‍ෂණ සිදු කළේ නෑ. පාර්ලිමේන්තුවට කරුණු හෙළි කළේ නෑ. පාර්ලිමේන්තුවේ ප්‍රශ්න කළ අවස්ථාවන්හි පවා පිළිතුරු දුන්නේ නෑ.

ලංකාවේ මුල්‍ය පාලනය සතු පාර්ලිමේන්තුවටයි. පාර්ලිමේන්තුවේ මේ බලය අමතක කර තිබුණා. අපි පාර්ලිමේන්තුවේ මූල්‍ය පාලන බලය යලිත් තහවුරු කිරීමටයි කෝප් කම්ටුව සහ පාර්ලිමේන්තුවට මේ වගකීම භාර දුන්නේ.එම වගකීම එතනින් ඉවත් කිරීමට බැහැ. පාර්ලිමේන්තුව සිය මුල්‍ය පාලන බලතල නිසි අයුරින් පාවිච්චි කළ අවස්ථාවක් ප්‍රදර්ශනය කිරීමක් ලෙස බැඳුම්කර සිදුවීම උඩ අපි දැක්කා.

ආණ්ඩුව විනිවද භාවයෙන් යුතුව ක්‍රියා කරන බවට හොඳම උදාහරණයක්.

මේ බැඳුම්කර නිසා පර්පචුවෙල් ටේ‍රෂරීස් සමාගම අයුතු ලෙස බිලියන 9.2 ක් උපයා ගෙන ඇති බව කොමිසම් වාර්තාවේ සඳහන්. මා ඇමති ධූරය දරන ජාතික ප්‍රතිපත්ති අමාත්‍යංශය යටතේ ඇති මහ බැංකුව මේ වන විටත් ඒ සමාගමේ බිලයන 12 ක මුදලක් රඳවා ගෙන තිබෙනවා. ඒ නිසා කොමිසම නිර්දේශ කළ පරිදි රුපියල් බිලියන 9. 2 ක නැවත ලබා ගන්න පුළුවන්. අපි ඒ සඳහා කොමිසම විසින් යෝජනා කළ ක්‍රියාමාර්ග අනුගමනය කරනවා. එවිට මේ මුළු මුදලම රජයට ලබා ගන්න පුළුවන්. රජයට කිසිදු අලාභයක් සිදු වන්නේ නෑ.

ඒ වගේම මේ වංචාවට කිසියම් හෝ නිලධාරීන් පිරිසක් හවුල් නම් ඒ අයට නීතිය අනුව ක්‍රියා කරනවා.

බැඳුම්කර පිළිබඳ චෝදනාව එල්ල වූ අවස්ථාවේ පටන් ඒ සඳහා අවශ්‍ය විමර්ෂණ කරන්නට අපි උපරිම සහය දුන්නා. දැන් කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කරන්නත් අපි උපරිමයෙන් ක්‍රියාමාර්ග ගන්නවා. අපේ ආණ්ඩුව ප්‍රතිපත්ති ගරුක, විනය ගරුක, ශීලාචාර ආණ්ඩුවක් බව ක්‍රියාවෙන්ම ඔප්පු කිරීමට අපට පුළුවන් වෙලා තිබෙනවා.

මෑත ඉතිහාසයේ මේ ආකාරයෙන් ආණ්ඩුව කටයුතු කළ අවස්ථාවක් අප දුටුවේ නැහැ. අපේ ඇමතිවරු සම්ප්‍රදාය කඩ කිරීම පිළිබඳව ඉල්ලා අස්වුණා. නීතිය ක්‍රියාත්මක වුණා. ඇඟිලි ගැසීම් නොමැතිව අධිකරණය තීන්දු දුන්නා. ජනතාව නිදහසේ අදහස් දැක්වූවා. ජනමාධ්‍ය බයක් නැතුව කටයුතු කළා.

ඒ විතරක් නෙවෙයි. බැඳුම්කර වාර්තාවෙන් චෝදනා ලබන අපේ පක්‍ෂයේ සාමාජිකයන් ඉන්නවා නම්, ඒ අය පිළිබඳව සොයා බලා තීරණයක් ගන්නට අපි තිලක් මාරපන මහතාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කර තිබෙනවා. කමිටු නිර්දේශය අනුව අපි ක්‍රියා මාර්ග ගන්නවා.

ඒ එක්සත් ජාතික පක්‍ෂ සම්ප්‍රදායයි. ඒ අප ඇති කරමින් ක්‍රියාත්මක කරන සම්ප්‍රදායයි. අපේ පක්‍ෂයේ සම්ප්‍රදාය සහ යහපාලන සංකල්පය අනුව යමින් අපි රට හදනවා. ගම හදනවා. යහපත් හෙටක් මේ රටට උදා කරනවා.

ජනවාරි 08 වන දා මේ රටේ ජනතාව බලාපොරොත්තු වුණු වෙනස, යහපත් සමාජය අපි උදාකරනවා. එය එක දවසින්, එක රැයෙන් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. මේ විභාගයත් එයට ආරම්භයක් ලෙස සළකන්න පුළුවන්. අපි අතීතයත් වර්තමානයත් පිළිබඳව එක සේම අවධානය යොමු කරනවා. අපි හරි පාරේ ඉදිරියට යනවා. වැරදි නිවැරදි කර ගන්නවා. අඩුපාඩු සකස් කර ගන්නවා.

බැඳුම්කරය පිළිබඳ චෝදනාව එල්ල වූ අවස්ථාවේ සිට මේ දක්වා අප ගත් ක්‍රියා මාර්ග මගින් පෙන්නුම් කරන්නේ අප හොඳ ආරම්භයක් ගෙන ඇති බවයි. අප සොයා බලන්නේ පසුගිය රජයේ දූෂණ වංචා ගැන පමණක් නෙවෙයි. වර්තමානයේ එල්ල වන දූෂණ චෝදනා ගැනත් අප සොයා බලනවා. විමර්ෂණය කරනවා. නිසි පියවර ගන්නවා.

අපේ රටට යහපත් අනාගතයක් උදා කර දීම අපේ අරමුණයි. අපේ රට යහපත් හා පොහොසත් රටක් බවට පත් කිරීම අපේ අරමුණයි. ඒ අරමුණ ජය ගැනීම සඳහා අපි එකට එක්ව කටයුතු කරමු. අභියෝග ජය ගනිමු. බලගතු ශ්‍රී ලංකාවක් නිර්මාණය කරමු.

இனிய பொங்கல் வாழ்த்துகள்!
14/01/2018

இனிய பொங்கல் வாழ்த்துகள்!

07/01/2018

Live !!! 71st UNP Special Convention

06/01/2018

Fun loving Prime Minister!

Who’s responsible for the   between 2008-2015? Will they also be punished?
03/01/2018

Who’s responsible for the between 2008-2015? Will they also be punished?

Wishing you all a Happy New Year !
01/01/2018

Wishing you all a Happy New Year !

Prime Minister scheduled to be present before the   commission tomorrow 20 Nov 2017.
19/11/2017

Prime Minister scheduled to be present before the commission tomorrow 20 Nov 2017.

President Maithripala Sirisena and Mrs Sirisena had an audience with US President Donald Trump and Melania in New York a...
20/09/2017

President Maithripala Sirisena and Mrs Sirisena had an audience with US President Donald Trump and Melania in New York as part of the session.

President sacks Dep. Minister Arundika Fernando! Pic- Udayanga Weeratunga ( Red alert issued against him for his arrest ...
12/09/2017

President sacks Dep. Minister Arundika Fernando!
Pic- Udayanga Weeratunga ( Red alert issued against him for his arrest by the Interpol )

එක්සත් ජාතික පක්ෂයේ 71 වන සංවත්සරය වෙනුවෙන් සිරිකොත එක්සත් ජාතික පක්‍ෂ මූලස්ථානයේ අද (06) දින පැවැති ආගමික වතාවත්වලට සහභ...
06/09/2017

එක්සත් ජාතික පක්ෂයේ 71 වන සංවත්සරය වෙනුවෙන් සිරිකොත එක්සත් ජාතික පක්‍ෂ මූලස්ථානයේ අද (06) දින පැවැති ආගමික වතාවත්වලට සහභාගීවීමෙන් අනතුරුව
ගරු අග්‍රාමාත්‍යතුමන් මෙසේ අදහස් ප්‍රකාශකර සිටියා.

"ඩී.එස්. සේනානායක මැතිතුමා විසින් මීට වසර 71 කට පෙර රටට වැඩදායී දේශපාලන පක්‍ෂයක් බිහි කළා. එතුමා යටතේ රටේ විශාල දියුණුවක් ඇති වුණා. ඉන්පසුව ඩඩ්ලි සේනානායක, ශ්‍රීමත් ජෝන් කොතලාවල ආදී නායකයන් යටතේ පක්‍ෂයේ වැඩකටයුතු ඉදිරියට ගෙන ආවා. ඒ යටතේ රටේ කඩාවැටුණු ආර්ථිකය නැවතත් ශක්තිමත් වුණා. 1977 දී ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා යටතේ විශාල සේවයක් මේ පක්‍ෂයෙන් සිදු වුණා. යුද්ධයක් පැවතුණත් සංවර්ධන කටයුතු ඉතා හොදින් සිදු කෙරුණා. ප්‍රේමදාස ජනාධිපතිවරයා යටතේ එම කටයුතු තවත් ඉදිරියට ගෙනාවා. එම අවධියේ නිවාස, ඇඟළුම් කර්මාන්ත ආදී ක්ෂේත්‍රයන් තුළ විශාල දියුණුවක් ඇති වුණා. ඩී.බී. විජේතුංග ජනාධිපතිතුමා යටතේත් මෙම සංවර්ධන කටයුතු තවදුරටත් සිදු කෙරුණා. 2002 වසරේදී මට ආණ්ඩු බලය හිමි වුණා. එහිදී කඩාවැටී තිබුණු ආර්ථිකය නඟාසිටුවීමටත්, පසුබැස තිබූ හමුදා බලය ශක්තිමත් කිරීමටත් අපට හැකි වුණා.

නැවතත් 2015 වසරේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා යටතේ ජාතික ආණ්ඩුවක් නිර්මාණය කිරීමට අපට හැකි වුණා. ඒ, එක්සත් ජාතික පක්‍ෂයට දේශපාලනය පිළිබඳ නව ආකාරයකට සිතීමට ඇති හැකියාවත් රට වෙනුවෙන් සහ රටේ තරුණ පරපුර වෙනුවෙන් ඇති හැඟීම නිසයි. පක්‍ෂයක් ලෙස එක් පවුලක් ආකාරයට කටයුතු කරමින් රටේ සෑම පවුලකම දියුණුව වෙනුවෙන් කටයුතු කිරීම අපේ පක්‍ෂයේ ලක්‍ෂණයයි.

එක්සත් ජාතික පක්‍ෂයේ 71 වන සංවත්සරයේ ප්‍රධාන රැස්වීම එළඹෙන ඉරිදා උදේ 10.00 ට රත්නපුරයේදී පැවැත්වෙනවා. එහිදී අප සිදු කර තිබෙන සහ සිදුකිරීමට නියමිත සියලූ වැඩකටයුතු පිළිබඳව ජනතාව දැනුවත් කරනවා. අපේ වැඩකටයුතු අප තවමත් අවසන් කර නැහැ. අපේ පාක්‍ෂිකයන්ගේ බලාපොරොත්තු ගණනාවක් ඉටුකිරීමට තිබෙනවා. ඒ සඳහා අප එළඹෙන වසර දෙකේදී කැපවනවා. මේ සියලූදේ සඳහා ඔබේ සහයෝගය අපට ලබාදෙන්න යැයි මම ඔබෙන් ඉල්ලා සිටිනවා. ඒ වගේම පක්‍ෂය ඉදිරියට මෙහෙයවූ පක්‍ෂයේ හිටපු නායකයන් සියලූ දෙනාටම මම මේ අවස්ථාවේ පිං අනුමෝදන් කරනවා."

"Ranil let me give you a hand" - India - Sri Lanka relationships!! Pic : Ishara Kodikara for AFP
31/08/2017

"Ranil let me give you a hand" - India - Sri Lanka relationships!!
Pic : Ishara Kodikara for AFP

President Maithripala Sirisena has given assurance that this 'Yahapalana' government will continue until 2020! Fingers c...
30/08/2017

President Maithripala Sirisena has given assurance that this 'Yahapalana' government will continue until 2020! Fingers crossed 🤞

Address

Colombo

Telephone

+94112865374

Website

Alerts

Be the first to know and let us send you an email when Green Force UNP Official posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Green Force UNP Official:

Share