10/09/2026
ශ්රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සහ ශ්රී ලංකා සංචාරක ප්රවර්ධන කාර්යාංශය යන ආයතනයන්හි නව නිලධාරීන් වෙත ස්ථිර පත්වීම් ලිපි පිරිනැමීමේ අවස්ථාවට 04 වන දින සමුද්ර පුහුණු හෝටල් ශ්රවණාගාරයේදී එක්වීය. දීර්ග කාලයක් තිස්සේ පුරප්පාඩුව පැවති මෙම තනතුරු සඳහා පත්වීම් ලබා දීම, විනිවිදභාවයෙන් යුත් නිල බඳවා ගැනීමේ ක්රියාවලියක් ඔස්සේ සිදු කරන ලදී.
අතීතයේදී රාජ්ය සංචාරක ආයතන තුළ පැවති දේශපාලන අතපෙවීම් සහ විධිමත් නොවන බඳවා ගැනීමේ පටිපාටීන් මුළුමනින්ම අවසන් කරමින් සහ රාජ්ය සේවයේ කාර්යක්ෂමතාව සහ විශ්වසනීයත්වය ආරක්ෂා කරගනිමින් , මෙම බඳවා ගැනීම් සිදු ඇත්තේ දේශපාලන හිතවත්කම් මත නොව සුදුසුකම් සහ කුසලතාවන් පදනම් කරගත් දක්ෂතාවය මත පමණි. සංචාරක ව්යාපාරය යනු අප රටට විදේශ විනිමය උපයා දෙන ප්රධානතම මාර්ගයක් වන බැවින්, විනිවිදභාවයෙන් යුත් ක්රියාවලියක් හරහා දක්ෂයින් තේරී පත්වීම වැදගත් ජයග්රහණයකි. ශ්රී ලංකාවේ සංචාරක කර්මාන්තය නව මගකට යොමු කිරීමේදී මෙම නව නිලධාරීන්ගේ කැපවීම සහ දායකත්වය අපේක්ෂා කෙරේ.
මෙම අවස්ථාව සඳහා ශ්රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති සුරංජිත් වැවිට මහතා, අධ්යක්ෂ ජනරාල් මල්කාන්ති රාජපක්ෂ මහත්මිය, නියෝජ්ය අධ්යක්ෂ ජනරාල් ක්රිෂාන්ත බෝපගේ මහතා, ශ්රී ලංකා සංචාරක ප්රවර්ධන කාර්යාංශයේ කළමනාකාර අධ්යක්ෂ සංජය නිරෝෂණ මහතා ඇතුළු එම ආයතන ද්විත්වයේම ජ්යෙෂ්ඨ නිලධාරීහු පිරිසක් එක්ව සිටියහ.
On September 04th at the Samudra Training Hotel auditorium, I had the privilege of presenting permanent appointment letters to new officers of the Sri Lanka Tourism Development Authority and the Sri Lanka Tourism Promotion Bureau. These appointments, filling long‑standing vacancies, were made through a formal and transparent recruitment process.”
“We have ended the political interference and irregular recruitment practices that once plagued state tourism institutions. Efficiency and integrity in the public service must be safeguarded, and recruitment must be based strictly on merit—qualifications and skills—rather than political affiliations. Tourism is one of our country’s primary engines of foreign exchange, and selecting talented individuals through a transparent process is a significant achievement. I look forward to the dedication of these new officers as we guide Sri Lanka’s tourism industry on a new trajectory.”
“The event was attended by Chairman of SLTDA, Mr. Suranjith Wewita; Director General, Ms. Malkanthi Rajapakshe; Deputy Director General, Mr. Krishantha Bopage; Managing Director of SLTPB, Mr. Sanjaya Niroshana; together with senior officials from both institutions.