01/04/2025
කුංකුම නොහොත් Saffron ගැන ..🌿💫🌺
==============
දෙවන කොටස දිගහැරුම ..
🍂🌹ආයුර්වේද ඖෂධ සංග්‍රහය අනුව ප්‍රභේද:
1. ආරණ්‍ය කුංකුම
2. වවාගත්
කුංකුම යනුවෙන් දෙකකි.
🍂🌹 ජන්ම ස්ථාන අනුව ප්‍රභේද?
1. යුරෝපීය
2. ඉන්දීය (කාශ්මීර) යනුවෙන් දෙකෙකි.
🍂🌹කාශ්මීර කුංකුම ඖෂධ සඳහා ශ්‍රේෂ්ඨය.
🍂🌹පර්යාය: කාශ්මීරජ, රක්තජ, රුධිර සංකෝච, රක්තචන්‍දන.
🍂🌹 හඳුනාගත් රසායනික සංයෝග: මේදස් මිශ්‍ර තෛල පදාර්ථද තික්ත රසයෙන් යුක්ත ග්ලූකෝස් පදාර්ථ ද ඉටි පදාර්ථ ද අන්තර්ගතය.
🍂🌹ආයුර්වේදයට අනුව
🤜 රස -කටුක, තික්ත,
🤜ගුණ - ලඝු, ස්නිග්ධ
🤜වීර්යය - උෂ්ණ
🤜විපාක - කටුක .
🍂 දෝෂානුරූපකම් - ත්‍රිදෝෂ හර.
කු කුමං කටුකං සස්නිණ්ග්ධං
ශිරොරුග් ව්‍රණ ජන්තුජිත්
තික්තං වමීහරං වර්ණ්‍යං ව්‍යංග දොෂත්‍රයා පහම් (හා)
🍂🌹 වර්ණ ප්‍රසාදක, ශිරෝ රෝග, ව්‍රණ, ක්‍රිමි, වමන නසයි.
කුංකුමං සුරභි තික්ත කටු උෂ්ණ
කාස කළුවාත කණ්ඨ රුජානාසනම් මූඨ ශූල විෂ දොෂ නාශනම් රොචනං ච තනුකාන්ති කාරකං (රා)
🍂🌹තනුකාන්ති(කුංකුමප්පු) ශරීර වර්ණය ඇති කරයි.
🍂🌹 වාජිකරණයෙන් යුක්තයි.
🍂🌹ආමාශයට හිතයි. 🍂🌹නාඩි ව්‍යුහය ශාමක ගුණයෙන් යුක්තයි.
🍂🌹සෘතුශ්‍රාව දෝෂ වලට හිත කරයි.
🍂🌹 ජනනේන්‍ද්‍රිය දුබලතාව, ශ්වෙත ප්‍රදරය, ආධිමාන ශූලය ආදියට ගුණදායකයි. 🍂🌹ඖෂධ ශෝධනයට භාවිත කරති.
🍂🌹මේ ද්‍රව්‍යයෙහි අන්තර්ගතය වාෂ්පශීල පදාර්ථ ආමවාතයට සහ නාඩිව්‍යු හයේ රෝගවලට ගුණදායක විය හැකිය.