Sri Lanka Freedom Party - Colombo District

Sri Lanka Freedom  Party - Colombo District political party

20/11/2023
22/05/2023

වහල් බැමි බිඳී
ස්වෛරී දේශයක අරුණළු උදාකළ
ජනරජ දිනය

වසර 133ක් බ්‍රිතාන්‍යයට යටත්ව තිබූ ශ්‍රී ලංකාව නිදහස උදාකර ගත්තේ 1948 පෙබරවාරි 04 වැනිදාය.නමුත් ශ්‍රී ලංකාවට ලැබුණු නිදහස ව්‍යවස්ථානුකූලව පරිපූර්ණ නිදහසක් බවටත්,ශ්‍රී ලංකාව ස්වෛරී රාජ්‍යයක් බවටත් පත්කර ගැනීමට හැකිවූයේ 1972 වසරේ මැයි 22 වැනිදාය.
එදා සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය ප්‍රමුඛ සමගි පෙරමුණු ආණ්ඩුව දිනාදුන් ඒ පරිපූර්ණ නිදහසේ අභිමානය රටක් ලෙස අප අද භුක්ති විදිමින් සිටිනවාදැයි සැකයක් තිබෙන නමුත් රටේ සුරක්ෂිතභාවය වෙනුවෙන් ඒ දිනය සැමරීමත්, ඒ දිනාගත් පූර්ණ නිදහසට අනුව රට පෙරට ගෙනයාමත් අප සැමගේ යුතුකමකි,වගකීමකි.

සෑම වසරකම පෙබරවාරි 4 වැනි දින අප නිදහස සමරන්නේ බ්‍රිතාන්‍ය කිරීටයෙන් අප රට නිදහස් වූ දවස අභිමානයෙන් යුතුව සිහිපත් කරමිනි.නමුත් 1948 පෙබරවාරි 4 වැනි දින ශ්‍රී ලංකාවට ලැබුණේ පූර්ණ නිදහසක් නොවේ.එය ඩොමීනියන් තත්ත්වයේ නිදහසකි.

එම ඩොමීනියන් තත්ත්වයේ නිදහස පූර්ණ නිදහසක් ලෙස නොසැලකීමට හේතු කාරණා ගණනාවක් බලපෑවේය. එම ඩොමීනියන් තත්ත්වය යටතේ ශ්‍රී ලංකාවේ රාජ්‍ය නායකයා වූයේ බ්‍රිතාන්‍යයේ කිරුළ හිස දරාගත් රජු හෝ රැජිනය.
බ්‍රිතාන්‍ය කිරීටයෙන් පත්කරන ලද අග්‍රආණ්ඩුකාරවරයා රජුගේ හෝ රැජිනගේ මෙරට නියෝජිතයා ලෙස කටයුතු කළේය. එසේම මෙරට ඇතැම් කරුණු පිළිබඳ අවසන් බලය පැවරී තිබුනේ එංගලන්තයේ ආයතනයන්ටය. බ්‍රිතාන්‍ය කිරීටය වෙනුවෙන් අග්‍රාණ්ඩුකාරවරයා අත්සන් කරන තුරු පාර්ලිමේන්තුව ඒකමතිකව සම්මත කරන පනතක් වුවද නීතිගත වූවේ නැත. විශේෂයෙන්ම මහජන ආරක්ෂක පනත ක්‍රියාත්මක කර හදිසි නීතිය පැනවූ අවස්ථාවේදී සන්නද්ධ සේනාවන්හි සේනාධිනායක වූයේ ඔහුය. එසේම ශ්‍රී ලංකාවේ උපරිමාධිකරණ බලය පැවතියේද එංගලන්තයේ ප්‍රිවි කවුන්සිලයටය.

මෙවැනි කරුණු කාරණා ගණනාවක් හේතුවෙන් 1948 පෙබරවාරි 4 වැනි දින ලැබූ නිදහසෙන් පසුව වුවද අප කිසිදු රාජ්‍යකට හිස නොනමන නිදහස් නිවහල් ජාතියක්යැයි ආඩම්බරයෙන් යුතුව පවසන්නට හැකියාවක් නොතිබිණි.

රටේ ආධිපත්‍යය සැබෑ නිදහසක් බවට පරිවර්තනය කළ හැක්කේ බ්‍රිතාන්‍යය සමඟ ඇති ව්‍යවස්ථානුකූල බැඳීම වෙන් කිරීම සහ දේශපාලන ස්වාධීනත්වය ජනතාව වෙත පැවරීමෙන් පමණක් බව වමේ කදවුර සැමවිටම විශ්වාස කළ කාරණයක් විය.

මේ තත්ත්වය ඉක්මනින්ම වෙනස්කොට ශ්‍රී ලංකා මාතාවට ඉක්මනින්ම පූර්ණ නිදහසක් ලබාගත යුතු බවට වන අදහස එදා වමේ කදවුරේ නායකයන්ගේ සිත් තුළ දැඩිව සනිටුහන්වී තිබිණි.එබැවින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛව ලංකා සමසමාජ පක්ෂය සහ කොමියුනිස්ට් පක්ෂයේද ශක්තිය ඇතිව 1970 මහ මැතිවරණය වෙනුවෙන් බිහිකරගත් සමගි පෙරමුණෙහි ප්‍රධානතම පොරොන්දුව වූයේ ලංකාව බ්‍රිතාන්‍යයෙන් සම්පූර්ණයෙන් නිදහස් ජනරජයක් බවට පත්කිරීමට නීති සකස් කරන බවය.

ඒ පොරොන්දුව ඉටුකිරීමට ශක්තිය ලබාදෙමින් ජනතාව 1970 මහ මැතිවරණයෙන් තුනෙන් දෙකක බලයක් සමගි පෙරමුණට ලබාදුන් අතර, ඒ සමග මහජනතාවගේ සුජාත ආණ්ඩු ක්‍රමයක් බිහිකිරීමේ වගකීම සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගේ නායකත්වයෙන් යුතු සමගි පෙරමුණු ආණ්ඩුව විසින් සියතට ගත්තේය.

සමගි පෙරමුණ රජයේ ප්‍රථම ප්‍රයත්නය වූයේ ජනරජ ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමය. එයට සහායක් ලෙස කලින් එකඟ කරගත් පරිදි ව්‍යවස්ථා කටයුතු පිළිබඳ ඇමැති ධුරයට නීති විශාරදයකු වූ ආචාර්ය කොල්වින් ආර්.ද සිල්වා පත්කෙරුණි. එම අමාත්‍යාංශ ලේකම් ධුරයට පත් කෙරුණේ ප්‍රකට නීතිවේදියකු වූ නොයෙල් තිත්තවැල්ල ය. එසේම එතෙක් අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ තිබූ සංස්කෘතික දෙපාර්තමේන්තුව සංස්කෘතික අමාත්‍යංශය නමින් වෙනම අමාත්‍යංශයක් බවට පත්වූයේද 1970 දීය. ඒ රට ජනරජයක් බවට පත්කිරීමට අවශ්‍ය කටයුතු සකස් කිරීම සදහාය. එහි අමාත්‍යවරයා වූයේ එස්. එස්. ද කුලතිලක ය. ලේකම්වරයා වූයේ එවකට කීර්තිමත් පරිපාලන නිලධාරියකු වූ නිශ්ශංක විජේරත්න ය.


සමගි පෙරමුණු රජය පළමුව සිදුකරන ලද්දේ ආණ්ඩුක්‍රම සම්පාදක මණ්ඩලය පිහිටුවීමට අවශ්‍ය පසුබිම සකස් කිරීමය.ඒ අනුව 1970 ජූලි මස 19වැනි දින කොළඹ නව රගහලේදී ආණ්ඩුක්‍රම සම්පාදක මණ්ඩලයේ මංගල රැස්වීම පවත්වනු ලැබිණි. එහිදී ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්පාදනය කිරීමට පියවර ගනු ලැබූ අතර,එහි ක්‍රමවේදය වූයේ කරුණු 38කින් සමන්විතවූ මූලික යෝජනාවලියක් රජය විසින් ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඒ පිළිබද විවිධ පක්ෂවල යෝජනා ලබාගැනීම හා ඒ පිළිබද විවාද කිරීමය. මෙහිදී ප්‍රධාන මණ්ඩලයට අමතරව විෂය හා මෙහෙයුම් කාරක සභාවක්ද පත්කර එමගින් යෝජනාවන් ගැඹුරු සාකච්ඡාවකට ලක්කරන ලදී. ඊට අමතරව කාරක සභා ගණනාවක් හරහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පතෙහි අන්තරගතය පිළිබඳවද සාකච්ඡා කරන ලදී. මෙම පටිපාටිය නියාමනය සදහා පළමුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලය සදහා ස්ථාවර නියෝග සම්මත කරගෙන තිබිණි.
මේ සියලු ප්‍රත්නයන් අවසානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ව්‍යවස්ථාදාකය සභාවක් ලෙස කටයුතු කරමින් 1972 මැයි 22 දින ජනරජ ව්‍යවස්ථාව සම්මත කරගන්නට යෙදිණ.එය සමස්ත රටම ලැබූ සුවිශේෂී ජයග්‍රහණයක් විය. එමගින් සියවසකටත් වැඩි කලක් ශ්‍රී ලංකාවට අහිමිව තිබූ පූර්ණ නිදහස, ස්වෛරී භාවය සහ මාතෘභූමියේ පරමාධිකාරී බලය නැවතත් මෙරටටම හිමි කරගැනීමට හැකි විය.

පිරිත් සජ්ජායනා මධ්‍යයේ 1972 මැයි 22 දින දහවල් 12.43ට යෙදී තිබූ සුබ මොහොතින් කොළඹ රාජකීය විද්‍යාලයේ නව රඟහලේදීම සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය ශ්‍රී ලංකා සමාජවාදී ප්‍රජාත්‍රන්තවාදී ජනරජයේ ප්‍රථම අග්‍රාමාත්‍යවරිය ලෙස දිවුරුම් දුන්නාය.

එතෙක් සිලෝන් , නැතිනම් ලංකාව ලෙස හඳුන්වනු ලැබූ අපේ රට ජනරජයක් බවට පත්වීමෙන් අනතුරුව "ශ්‍රී ලංකාව " බවට පත්විය. නව ව්‍යවස්ථාව සම්මත වීමත් සමග ශ්‍රී ලංකාව සමාජවාදී ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය යනුවෙන් හැදින්වෙන්නට වූ අතර, එම ව්‍යවස්ථාව මගින් මෙරට ඒකීය රාජ්‍යයක් බවට ප්‍රකාශයට පත්කෙරුණි.බෞද්ධාගමට ප්‍රමුඛස්ථානය ලබාදෙන බවත් එහි සදහන් විය.

ශ්‍රී ලංකාව ජනරජයක් බවට පත්වූ විට ජාතික කොඩියේ මුළු හතරේ නියම බෝපත් පෙනුම ලැබෙන සේ වෙනස් කළ අතර,1972 මැයි 22 ජනරජ දින උත්සවයේදී මෙම සංශෝධිත කොඩිය ඔසවනු ලැබිණි.

ශ්‍රී ලංකා ජනරජය නිදහස් ස්වෛරී ස්වාධීන ජනරජයක් බව 1972 සම්මත කරගන්නා ලද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ප්‍රකාශයට පත්කෙරුණු අතර, ජනරජයේ පරමාධිපත්‍ය බලය ජනතාව කෙරෙහි පිහිටා ඇති බවත්, ඒ පරමාධිපත්‍ය බලය අත්හල හෝ අන්සතු කළ නොහැකි බවද
මේ සියලු කාරණා කැටිකොට ගත් කළ නිදහස්, නිවහල් ජාතියක් ලෙස ඉදිරියට යෑමට එදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායිකාව වූ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ නායකත්වයෙන් යුතු වමේ කඳවුර විසින් මග හසර එළිපෙහෙළිකරදුන් බව මෙරට දේශපාලන ඉතිහාසයේ රන් අකුරින් සටහන් වී ඇති බව අවිවාදිතය. සැබෑ නිදහස් පාක්ෂිකයන් ලෙස සිරිමාවෝ මැතිණිය සිය නායකත්වය යටතේ එදා ගත් අභිමානවත් තීන්දු තීරණ ගැන අද අපට ඇත්තේ මහත්වූ අභිමානයකි.
එබැවින් ඒ ඒ වටිනා තත්ත්වයට රට ඔසවා තැබූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු නායිකා, ලොව ප්‍රථම අගමැතිනි සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය ප්‍රමුඛ දේශපාලන නායකයන් අප සැමදා සිහිපත් කරන්නේ මහත්වූ කෘතවේදීත්වයෙන් යුතුවය.
ශ්‍රී ලංකාව ස්වෛරී රටක් බවට පත්වීම සැමරීම වෙනුවෙන් විශේෂ ජනරජ දින සැමරුම් උත්සවයක් 2023 ක්වූ මැයි මස 22 වැනි දින පෙ.ව. 10.00ට කොළඹ, බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී පැවැත්වීමටද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානය විසින් සියලු කටයුතු සූදානම් කර ඇත.

තිලංග සුමතිපාල
ප්‍රධාන ලේකම්
එක්සත් ජනතා නිදහස් සන්ධානය

17/05/2023
මෙම වසරේ ඔක්තෝබර් මාසයේ මෙරටදී පැවැත්වීමට නියමිත ලෝක තරුණ සාම සමුළුවේ(GYPF 2023)සංවිධාන කටයුතු පිළිබඳ මූලික සාකච්ඡාව අද(...
09/05/2023

මෙම වසරේ ඔක්තෝබර් මාසයේ මෙරටදී පැවැත්වීමට නියමිත ලෝක තරුණ සාම සමුළුවේ(GYPF 2023)සංවිධාන කටයුතු පිළිබඳ මූලික සාකච්ඡාව අද(09)දින එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප්‍රධාන ලේකම්,හිටපු නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප්‍රධාන කාර්යාලයේදී පැවැත්විය.එම සාකච්ඡාව සදහා ලෝක තරුණ සාම සමුලුවේ ගෝලීය සම්බන්ධීකාරක ප්‍රමෝද් ෂර්මා මහතා සහ ජාතික තරුණ සේවා සභාවේ සභාපති පසන් ගුණරත්න මහතා zoom තාක්ෂණය ඔස්සේ සම්බන්ධ විය.

30/03/2023

තිලංග සුමතිපාල සමග චමුදිත සමරවික්‍රම.Thilanga Sumathipala with Chamuditha Samarawickrama (මෙම වැඩසටහන අවසරයකින් තොරව page හෝ වෙනත් YouTube Channel ව...

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when Sri Lanka Freedom Party - Colombo District posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Sri Lanka Freedom Party - Colombo District:

Share