Ministry of Energy - Sri Lanka

Ministry of Energy - Sri Lanka Sri Lanka has reached the national electrification ratio of 99.9%, which is a substantial improvement in the power sector compared with south Asia a.

Electricity is a key ingredient of socio-economic development of the country. Adequate and reliable supply of electricity is an important pre-requisite for attracting both domestic and foreign investment. The Government has given top priority to the development of the sector considering its importance in overall development of the country. The Government has set the goal of providing electricity t

o all citizens by 2012. Media Unit was established in December 2010 under the Ministry of Power and Energy. It is entrusted with the responsibility of overall management of the media related for the Ministry of Power and Energy

Reliable supply of electricity is a pre-condition for poverty reduction and economic development in Sri Lanka, 90% of total populations have access to electricity. To alleviate poverty in the face of resource limitations and high population density, Sri Lanka requires an economic growth rate of more than 10% p. In order to achieve this growth rate, electricity growth need to be achieved by 9.5%. By best utilizing the natural, human and agricultural resources the desired pace of GDP growth could be attained by increasing electricity generation at much higher rate, which is the key target for development. Government of Sri Lanka has made vision and policy statement for power sector development. It is government's constitutional responsibility to provide electricity to all. In the vision statement it was mentioned that providing access to affordable and reliable electricity to all the people of Sri Lanka by 2012 is a befitting national goal to usher the next millennium.

මන්නාරම් ද්‍රෝණියේ අක්වෙරළ (off-shore) ඛනිජ තෙල් ගවේෂණය සඳහා 2026 බලපත්‍ර පිරිනැමීමේ වටය - “Sri Lanka Licensing Round 20...
26/08/2026

මන්නාරම් ද්‍රෝණියේ අක්වෙරළ (off-shore) ඛනිජ තෙල් ගවේෂණය සඳහා 2026 බලපත්‍ර පිරිනැමීමේ වටය - “Sri Lanka Licensing Round 2026” නිල වශයෙන් ප්‍රකාශයට පත් කෙරේ
මන්නාරම් ද්‍රෝණියේ අක්වෙරළ බිම් කොටස් 04ක් සඳහා ශ්‍රී ලංකා රජය, ශ්‍රී ලංකා ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අධිකාරිය හරහා ක්‍රියාත්මක කරන 2026 ශ්‍රී ලංකා ඛනිජ තෙල් ගවේෂණ බලපත්‍ර පිරිනැමීමේ වටය 2026, (Sri Lanka Licensing Round 2026) නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීම අද දින (25), බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා සහ මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත මහතා යන මහත්වරුන්ගේ සිදු කෙරිණි.

2026 ශ්‍රී ලංකා බලපත්‍ර පිරිනැමීමේ වටය හරහා, ශ්‍රී ලංකාවේ ඛනිජ තෙල් සම්පත් වගකීමකින් යුතුව ඇගයීමට සහ සංවර්ධනය කිරීමට අවශ්‍ය විශේෂඥ දැනුම, මූල්‍යමය හැකියාව සහ අක්වෙරළ ගවේෂණ හැකියාවන්ගෙන් පරිපූර්ණ ජාත්‍යන්තර සමාගම් සම්බන්ධ කර ගැනීම රජයේ අපේක්ෂාවයි.

දැනටමත් ක්‍රියාකාරී ඛනිජ තෙල් පද්ධතියක් පවතින බවට සනාථ වී ඇති මන්නාරම් ද්‍රෝණියේ අක්වෙරළ ප්‍රදේශ ඇගයීමට ලක් කිරීම සඳහා අවස්ථාව විවර කරන මෙම බලපත්‍ර පිරිනැමීමේ වටය, ශ්‍රී ලංකාවේ ඛනිජ තෙල් ක්ෂේත්‍රය කෙරෙහි උනන්දුවක් දක්වන ජාත්‍යන්තර සමාගම් සඳහා ආයෝජනය කිරීමට හිමිවන අනගි අවස්ථාවක් ලෙස සැලකිය හැකිය.

මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අධිකාරියේ සභාපති මහාචාර්ය ධම්මික තන්ත්‍රිගොඩ, ශ්‍රී ලංකා ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂක ජනරාල් නීල් ද සිල්වා, ඛනිජ තෙල් සංස්ථාවේ සභාපති ජනක රාජකරුණා මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.

2026-08-13මෙරට විදුලිබල සම්ප්‍රේෂණ ජාලය ශක්තිමත් කරනදැවැන්ත වැඩපිළිවෙලක්.හෝමාගම ඉදිවන ග්‍රිඩ් උපපොළ ඉදිකිරිමේ කටයුතු ආරම...
14/08/2026

2026-08-13

මෙරට විදුලිබල සම්ප්‍රේෂණ ජාලය ශක්තිමත් කරන
දැවැන්ත වැඩපිළිවෙලක්.
හෝමාගම ඉදිවන ග්‍රිඩ් උපපොළ ඉදිකිරිමේ කටයුතු ආරම්භ කෙරේ.

මෙරට විදුලිබල සම්ප්‍රේෂණ ජාලය ශක්තිමත් හා නවීකරණය කෙරෙන දැවැන්ත ව්‍යාපෘතියක් ලෙස සැලකෙන "බලශක්ති පද්ධතිය බලගැන්වීමේ සහ පුනර්ජනනීය බලශක්ති අවශෝෂණය කිරීමේ ව්‍යාපෘතිය“ (POWER SYSTEM STRENGTHENING AND RENEWABLE ENERGY INTEGRATION PROJECT – PACKAGE 1B) දියත් කරමින් හෝමාගම 132/33 kV ග්‍රිඩ් උපපොළේ ඉදිකිරීම් කටයුතු බලශක්ති, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය අනුර කරුණාතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (13) දින හෝමාගමදී ආරම්භ කෙරුණි.
ඉහත ව්‍යාපෘතිය යටතේ පහත උපපොළවල් ඉදිකිරීමට සහ සම්ප්‍රේෂණ රැහැන් කොටස් සංවර්ධනය කිරීමට නියමිතය.
• පැකේජය 1A –GIS ග්‍රිඩ් උපපොළවල්:
මීරිගම 220/33 kV GSS/SS සහ පෑලියගොඩ 132/33 kV GSS ඉදිකිරීම.
• පැකේජය 1B –AIS ග්‍රිඩ් උපපොළවල්:
හෝමාගම 132/33 kV GSS සහ මීගමුව 132/33 kV GSS ඉදිකිරීම.
• පැකේජය 2 –සම්ප්‍රේෂණ රැහැන්:
කිලෝමීටර 78 ක් දිගු හම්බන්තොට-මාතර 132 kV ද්විත්ව පරිපථ සම්ප්‍රේෂණ රැහැන් සහ අනෙකුත් උපපොළවන් සදහා LILO (Line-In Line-Out) සම්බන්ධතා ඇතුළුව ග්‍රිඩ් 132 kV සහ 220 kV සම්ප්‍රේෂණ රැහැන් කොටස් සංවර්ධනය කිරීම.
• පැකේජය 4 – භූගත සම්ප්‍රේෂණ කේබල්:
කැලණිය-කොටුගොඩ සම්ප්‍රේෂණ රැහැනේ සිට පෑලියගොඩ GSS වෙත LILO සම්බන්ධතාවයක් සපයමින්, කිලෝමීටර 2 ක් පමණ දිගු 132 kV තනි-පරිපථ භූගත කේබලයක් ස්ථාපනය කිරීම.
• පැකේජය 5 – ජාල-පරිමාණ බැටරි බලශක්ති ගබඩා පද්ධතිය (BESS)
• පැකේජය 6 – පුනර්ජනනීය බලශක්ති මධ්‍යස්ථානය
ආසියානු සංවර්ධන බැංකුවේ සහන ණය යටතේ ඇමරිකානු ඩොලර් මිලියන 328.25ක දැවැන්ත ආයෝජනයකින් ක්‍රියාත්මක කෙරෙන මෙම ව්‍යාපෘතිය විදුලිබල මණ්ඩල අනුප්‍රාප්තික සමාගම් වන ජාතික සම්ප්‍රේෂණ ජාල සේවා සපයුම්කරු (පුද්ගලික) සමාගම (National Transmission Network Service Provider (Private) Limited - NTNSP) හා ජාතික පද්ධති ක්‍රියාකරු (පුද්ග-ලික) සමා¬ගම (National System Operator (Private) Limited - NSO) සහ ලංකා විදුලි පුද්ගලික සමාගම (LECO) හරහා ක්‍රියාත්මක වනු ඇත.
මෙම ව්‍යාපෘතිය හරහා මෙරට ජාතික විදුලිබල පද්ධතියේ වර්ධනය වන ඉල්ලුම සපුරාලීම, අවශ්‍ය ධාරිතාව වර්ධනය කිරීම, විදුලිබල පද්ධතියේ විශ්වාසනීයත්වය වැඩිදියුණු කිරීම සදහා වන සැපයුම් සුරක්ෂිතතාව සහ මෙහෙයුම් ස්ථාවරභාවය ශක්තිමත් කිරීම, විදුලියේ වෝල්ටීයතාව සම්බන්ධ ගැටළු අවම කිරීම මෙන්ම කාර්මික, වාණිජ, සංචාරක සහ යටිතල පහසුකම් වර්ධනයට ඉඩ සැලසීමත් අනාගත පුනර්ජනනීය බලශක්ති ඒකාබද්ධ කිරීම සදහා ශක්තිමත් ජාලයක් සැකසීමත් අරමුණු කෙරේ.
මෙම ව්‍යාපෘතිය යටතේ හෝමාගම - මීගමුව 132/33 kV ග්‍රිඩ් උපපොළ දෙකක් ඉදිකිරීමට නියමිත අතර අද දින හෝමාගම ඉදිකිරීම් ආරම්භ කෙරුණු ග්‍රිඩ් උපපොළ 2028දී ඉදිකර අවසන් කිරීමට නියමිතය.
බස්නාහිර පළාතේ සීඝ්‍ර නාගරීකරණය සහ වැඩි දියුණු වන කාර්මික වාණිජ සහ සේවාවාසික විදුලි ඉල්ලුම වේගයෙන් වර්ධනය වන ප්‍රදේශයක් ඉලක්ක කරමින් මෙම හෝමාගම ග්‍රිඩ් උපපොළ ඉදිකෙරෙයි.
අද (13) දින පෙරවරුවේ යෙදුණු සුබ මොහොතින් බලශක්ති, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය අනුර කරුණාතිලක මහතාගේ සුරතින් ග්‍රිඩ් උපපොළේ ඉදිකිරීම් ආරම්භ කරමින් මංගල පස් පිඩැල්ල කැපීම සිදුකෙරුණ අතර ජාතික සම්ප්‍රේෂණ ජාල සේවා සැපයුම්කරු (පුද්ගලික) සමාගමේ (National Transmission Network Service Provider (Private) Limited - NTNSP) සභාපති නුසිත් කුමාරතුංග, අධ්‍යක්ෂක හා ප්‍රධාන විධායක නිළධාරී එන්.එස්. වෙත්තසිංහ යන මහත්වරුන්ද ඒ සමග එක් වූහ.
මෙම අවස්ථාව සදහා ඉහත පිරිසට අමතරව විදුලිබල ක්ෂේත්‍රයේ සහ අනෙකුත් සමාගම් වල ඉහළ නිළධාරීහු මෙන්ම බලශක්ති අමාත්‍යංශයේ ඉහළ නිළධාරීන් රැසක්ද එක්ව සිටියහ.

ශාන් මොහොමඩ්
(0703 47 47 47)
බලශක්ති අමාත්‍යතුමාගේ
මාධ්‍ය ලේකම්

(මෙම අවස්ථාවේදී ගරු අමාත්‍ය අනුර කරුණාතිලක මහතා සිදුකළ සම්පූර්ණ කථාවේ විඩියෝ දර්ශන මේ සමගම යොමු කොට ඇත.)

කෙරවලපිටිය සිට කොළඹ වරාය දක්වා දිවෙන 220kV භූගත විදුලි සම්ප්‍රේෂණ රැහැන් පද්ධතිය ඉදිකිරීම් කටයුතුවල සමාරම්භය සනිටුහන් කි...
07/08/2026

කෙරවලපිටිය සිට කොළඹ වරාය දක්වා දිවෙන 220kV භූගත විදුලි සම්ප්‍රේෂණ රැහැන් පද්ධතිය ඉදිකිරීම් කටයුතුවල සමාරම්භය සනිටුහන් කිරීම ගරු බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අර්කම් ඉල්යාස් මහතාගේ ප්‍රධානත්වයෙන් කෙරවලපිටිය ග්‍රිඩ් උපපොළ පිවිසුම අසලදී සිදු විය.

පූර්ණ වශයෙන් මහා භාණ්ඩාගාරයට අයත් ආයතනයක් වන නැෂනල් ට්‍රාන්ස්මිෂන් නෙට්වර්ක් සර්විසස් ප්‍රොවයිඩර් පෞද්ගලික සමාගම (National Transmission Network Services Provider - NTNSP) ස්ථාපනය කිරීමෙන් පසු ක්‍රියාත්මක කරනු ලබන පළමු ව්‍යාපෘතිය වන මෙම ව්‍යාපෘතිය සඳහා AIIB බැංකුව විසින් අමෙරිකානු ඩොලර් මිලියන 52ක සහනදායී ණයක් ඔස්සේ අරමුදල් සම්පාදනය කෙරෙයි.

කිලෝමීටර් 16ක දුරකින් යුතු මෙම නව භූගත රැහැන් පද්ධතිය ඉදි කිරීමට සමගාමීව උපපොළවල් නවීකරණය කිරීම සහ පාලන පද්ධති ස්ථාපිත කිරීම ද සිදු වේ.

වේගයෙන් සංවර්ධනය වන කොළඹ වරාය නගරය ආශ්‍රිත ප්‍රදේශයට අවශ්‍ය වන විදුලි ධාරිතාව සපුරාලමින් අඛණ්ඩ සහ ගුණාත්මක විදුලි සැපයුමක් තහවුරු කිරීමට මෙම භූගත විදුලි සම්ප්‍රේෂණ මාර්ගය මහෝපකාරී වේ.

ජනාකීර්ණ නාගරික ප්‍රදේශ හරහා ඉදිකෙරෙන මෙම සම්ප්‍රේෂණ රැහැන් පද්ධතිය භූගතව ඉදිකිරීම නිසා ඉදිකිරීම් කාල සීමාවේදී සහ භාවිත කාල සීමාවේදී ජනතාවට සිදු වන පීඩාව අවම වේ. එමෙන්ම නඩත්තු කටයුතු හෝ හදිසි බිඳවැටීමකදී විදුලි සැපයුමට බාධාවක් නොවී විකල්ප මාර්ගයක් ලෙස ක්‍රියා කිරීමට මෙම පද්ධතියට හැකියාව ඇත.

මහා සංඝ රත්නය ඇතුළු පූජ්‍ය පක්ෂයේ පූර්ණ ආශිර්වාදය යටතේ සමාරම්භය සනිටුහන් කළ මෙම අවස්ථාවට ගරු විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන මහතා, බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් රසල් අපෝන්සු මහතා, NTNSP ආයතනයේ සභාපති නුසිත් කුමාරතුංග මහතා, එහි ප්‍රධාන විධායක නිලධාරී නන්දන වෙත්තසිංහ මහතා, උපදේශක පුබුදු නිරෝෂණ මහතා ඇතුලු නිලධාරීහු රැසක් සම්බන්ධ වූහ.

සුපිළිපන් සංස්කෘතියක් - ක්ලීන් ශ්‍රී ලංකාවක්රාජ්‍ය සේවයේ ගුණාත්මකභාවය කාර්යක්ෂමතාවය හා පාරදෘශයභාවය ඉහළ නැංවීම මෙන්ම දූෂන...
03/08/2026

සුපිළිපන් සංස්කෘතියක් - ක්ලීන් ශ්‍රී ලංකාවක්

රාජ්‍ය සේවයේ ගුණාත්මකභාවය කාර්යක්ෂමතාවය හා පාරදෘශයභාවය ඉහළ නැංවීම මෙන්ම දූෂනයෙන් තොර ආදර්ශමත් පරිපාලන ව්‍යුහයක් ගොඩනැංවීම අරමුණු කරගනිමින් රට පුරා ක්‍රියාත්මක සුපිළිපන් සංස්කෘතියක් - ක්ලීන් ශ්‍රී ලංකා වැඩපිළිවෙල සමග බලශක්ති අමාත්‍යංශයද එක්විය.

මෙම අවස්ථාව සදහා බලශක්ති අමාත්‍යංශ ලේකම් රසල් අපෝන්සු, අතිරේක ලේකම් (සංවර්ධන) සුනෙත් නන්දලෝචන ඇතුළු අතිරේක ලේකම්වරුන් සහ අනෙකුත් නිළධාරීන් රැසක් එක්ව සිටි අතර ජාතික සුපිළිපන් සතිය ජූලි 27 – 31 දක්වා දිවයින පුරා ක්‍රියාත්මක විය.

31/07/2026

Address

Ministry Of Power # 437, Galle Road
Colombo
00300

Opening Hours

Monday 08:30 - 16:30
Tuesday 08:30 - 16:30
Wednesday 08:30 - 16:30
Thursday 08:30 - 16:30
Friday 08:30 - 16:30

Alerts

Be the first to know and let us send you an email when Ministry of Energy - Sri Lanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share