Kotikawatta Mulleriyawa pradeshiya sabha

Kotikawatta Mulleriyawa pradeshiya sabha “බල ප්‍රදේශයේ ජනතාවට උපරිම සේවාව ඉටුකරන ශ්‍රී ලංකාවේ හොඳම ප්‍රාදේශීය සභාව වීම අප සභාවේ දර්ශනයි”.

කසළ පොල 2026...කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාෙද්ශීය සභාව මගින් පවත්වනු ලබන කසළ පොල 2026.08.23 වන ඉරිදා  දින උදෑසන 8.00 සිට...
22/08/2026

කසළ පොල 2026...

කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාෙද්ශීය සභාව මගින් පවත්වනු ලබන කසළ පොල 2026.08.23 වන ඉරිදා දින උදෑසන 8.00 සිට දොඩම්ගහහේන ප්‍රජා ශාලාවේ දී පැවත්වේ.

ඔබගේ නිවසේ හා ගෙවත්තේ එක්රැස් වන භාවිතයෙන් ඉවතලන වීදුරු බොතල්, කැඩුනු වීදුරු කොටස්, කැඩුනු ප්ලාස්ටික් බේසම්, කැඩුනු ප්ලාස්ටික් පුටු, සපත්තු, යකඩ කොටස් හා ඉවතකරන ලද ඉලෙක්ට්‍රොණික උපකරණ අපගේ මෙම කසළ පොල පැවත්වෙන ස්ථානයට ගෙනැවිත් බාර දෙන්න.

සැ.යු - මෙහිදී කිසිදු අයුරකින් දෛයිනික කසළ ලෙස ඔබ විසින් ඉවතලන ඉඳුල්, ආහාරපාන කොටස්, හා මාංශ කොටස් ඇතුලු අනෙකුත් කසළ මෙහිදී බාර නොගන්නා බව මතක තබා ගන්න.

විමසීම් - 0112 410288 / 0112 410770

Kotikawatte Mulleriyawa Pradeshiya Sabha Kolonnawa Divisional SecretariatPrabodhi HansikaThamodya Darshi ゚ Npp Kolonnawa

කසළ පොල 2026...කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාෙද්ශීය සභාව මගින් පවත්වනු ලබන කසළ පොල 2026.08.22 වන සෙනසුරාදා දින උදෑසන 8.00 ...
21/08/2026

කසළ පොල 2026...

කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාෙද්ශීය සභාව මගින් පවත්වනු ලබන කසළ පොල 2026.08.22 වන සෙනසුරාදා දින උදෑසන 8.00 සිට මෙගොඩ කොලොන්නාව ශ්‍රී සෙනෙවිරත්නාරාම විහාරස්ථානයේදී පැවත්වේ.

ඔබගේ නිවසේ හා ගෙවත්තේ එක්රැස් වන භාවිතයෙන් ඉවතලන වීදුරු බොතල්, කැඩුනු වීදුරු කොටස්, කැඩුනු ප්ලාස්ටික් බේසම්, කැඩුනු ප්ලාස්ටික් පුටු, සපත්තු, යකඩ කොටස් හා ඉවතකරන ලද ඉලෙක්ට්‍රොණික උපකරණ අපගේ මෙම කසළ පොල පැවත්වෙන ස්ථානයට ගෙනැවිත් බාර දෙන්න.

සැ.යු - මෙහිදී කිසිදු අයුරකින් දෛයිනික කසළ ලෙස ඔබ විසින් ඉවතලන ඉඳුල්, ආහාරපාන කොටස්, හා මාංශ කොටස් ඇතුලු අනෙකුත් කසළ මෙහිදී බාර නොගන්නා බව මතක තබා ගන්න.

විමසීම් - 0112 410288 / 0112 410770

Kotikawatte Mulleriyawa Pradeshiya Sabha Kolonnawa Divisional Secretariat ゚

"ජාතියේ යශෝරාවය" ලෙස විරුදාවලිය ලත් ප්‍රවීණ ගායන ශිල්පිනී ආචාර්ය නන්දා මාලනී මහත්මියගේ අභාවය පිළිබඳ අපගේ සාතිශය සංවේගය ප...
21/08/2026

"ජාතියේ යශෝරාවය" ලෙස විරුදාවලිය ලත් ප්‍රවීණ ගායන ශිල්පිනී ආචාර්ය නන්දා මාලනී මහත්මියගේ අභාවය පිළිබඳ අපගේ සාතිශය සංවේගය පලකරමු. 1943 - 2026 💐💐
Kotikawatte Mulleriyawa Pradeshiya Sabha
Prabodhi Hansika
Kolonnawa Divisional Secretariat

කොටිකාවත්ත  මුල්ලේරියාව ප්‍රාදේශීය සභාව  විසින් 2025 වර්ෂයේ අයවැය යෝජනා යටතේ රු ලක්ෂ 6 මුදලක් උසස් අධ්‍යාපනය හදාරන සිසු ...
17/08/2026

කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශීය සභාව විසින් 2025 වර්ෂයේ අයවැය යෝජනා යටතේ රු ලක්ෂ 6 මුදලක් උසස් අධ්‍යාපනය හදාරන සිසු දරුවන් වෙනුවෙන් ශිෂ්‍යත්ව ප්‍රදානය කිරී‍මේ වැඩසටහන සඳහා වෙන් කර තිබුණි.

ඒ සඳහා බල ප්‍රදේශයේ පාසල් තුළින් දක්ෂතා ඇති අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට සුදුසුකම් ලත් දරුවන් 10 දෙනකු සඳහා මාසිකව රුපියල් 4000/- බැගින් මාස 06 ක් සහ අ.පො.ස උ/ පෙළ විභාගයට පෙනී සිටීන දරුවන් 05 දෙනකු සඳහා රුපියල් 6000/- බැගින් මාස 09 ක් ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමේ අවස්ථාව 2026.08.14 දින ප්‍රධාන කාර්යාල පරිශ්‍රයේදී සිදුකෙරිනි.

මෙම අවස්ථාවට අප සභාවේ ගරු සභාපතිතුමන්, ලේකම්තුමන් මෙන්ම ප්‍රාෙද්ශීය සභා මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු සහ සුදුසුකම් ලත් පාසල් දරුවන් හා ඔවුන්ගේ දෙමාපියන්ද එක්ව සිටියහ.

කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශීය   සභාවේ 2026 වසරේ අගෝස්තු  මස මාසික මහා සභා රැස්වීම 2026.08.04 වන දින පෙ.ව. 9.30 ට සභා...
05/08/2026

කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශීය සභාවේ 2026 වසරේ අගෝස්තු මස මාසික මහා සභා රැස්වීම 2026.08.04 වන දින පෙ.ව. 9.30 ට සභා ශාලාවේදී පවත්වන ලදි.
අද දින ගරු සභාපති ධනුෂ්ක ප්‍රියදර්ශන මහතාගේ ප්‍රධානත්වයෙන් මහා සභාවේ වැඩ කටයුතු ආරම්භ වූ අතර
උප සභාපති චන්ද්‍රසිරි පරණවිතාන මැතිතුමා ප්‍රමුඛ පක්ෂ විපක්ෂ සභිකයින් සහ ලේකම් අනුර සිරිවර්ධන මහතා ඇතුළු නිළධාරීන් මෙන්ම මහජන සෞඛ්‍ය පරීක්ෂක නිළධාරීන්ද මෙම මහ සභා රැස්වීම සඳහා සහභාගී වන ලදි.

Kotikawatte Mulleriyawa Pradeshiya Sabha Prabodhi Hansika Thamodya Darshi @

කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශීය  සභාවේ 2026 වසරේ ජූලි මස මාසික මහා සභා රැස්වීම 2026.07.07 වන දින පෙ.ව. 9.30 ට සභා ශාලා...
08/07/2026

කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශීය සභාවේ 2026 වසරේ ජූලි මස මාසික මහා සභා රැස්වීම 2026.07.07 වන දින පෙ.ව. 9.30 ට සභා ශාලාවේ දී පවත්වන ලදි.
අද දින ගරු සභාපති ධනුෂ්ක ප්‍රියදර්ශන මහතාගේ ප්‍රධානත්වයෙන් මහා සභාවේ වැඩ කටයුතු ආරම්භ වූ අතර
උප සභාපති චන්ද්‍රසිරි පරණවිතාන මැතිතුමා ප්‍රමුඛ පක්ෂ විපක්ෂ සභිකයින් මෙම මහ සභා රැස්වීම සඳහා සහභාගී වන ලදි.
Kotikawatte Mulleriyawa Pradeshiya Sabha

මෙවර පොසොන් පොහොය නිමිත්තෙන් කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශීය  සභා බෞද්ධ සංගමය මගින් සංවිධානය කෙරුණු පොසොන් බැති ගී සරණ...
02/07/2026

මෙවර පොසොන් පොහොය නිමිත්තෙන් කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශීය සභා බෞද්ධ සංගමය මගින් සංවිධානය කෙරුණු පොසොන් බැති ගී සරණිය පසුගිය දා ප්‍රධාන කාර්යාලය ඉදිරිපිටදී පැවත්විණ.

මෙම අවස්ථාවට කොලොන්නාව ප්‍රාදේශීය ලේකම් ප්‍රියනාත් පෙරේරා, අප සභාවේ වැඩ බලන සභාපති චන්ද්‍රසිරි පරණවිතාන මහතා ඇතුළු මන්ත්‍රී මණ්ඩලය කොලොන්නාව නගරසභාවේ නාගරික ලේකම්තුමිය, හා අප සභාවේ ලේකම් අනුර සිරිවර්ධන මහතා ඇතුළු අප සභාවේ කාර්යය මණ්ඩලය, හා ගොතටුව පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිතුමන් මෙන්ම ප්‍රදේශවාසීන්ද එක්ව සිටියහ. 2026.06.30

Kotikawatte Mulleriyawa Pradeshiya Sabha Kolonnawa Divisional Secretariat

පොසොන් පොහොය නිමිත්තෙන් දෙනු ලබන  අයිස්ක්‍රීම්  දන්සැලකොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශීය සභා බෞද්ධ සංගමය මගින් දෙනු ලබන  ...
26/06/2026

පොසොන් පොහොය නිමිත්තෙන් දෙනු ලබන අයිස්ක්‍රීම් දන්සැල

කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශීය සභා බෞද්ධ සංගමය මගින් දෙනු ලබන අයිස්ක්‍රීම් දන්සැල.

2026.06.30 වන දින සවස 4.00 සිට.
කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශීය සභා ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට දී...

ඔබ සැමට බැති සිතින් ආරාධනා..!
Kotikawatte Mulleriyawa Pradeshiya Sabha Kolonnawa Divisional Secretariat

පොසොන් පොහොය නිමිත්තෙන් දෙනු ලබන  කහ බත් දන්සැලකොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශීය සභා සෞඛ්‍ය අංශයේ සේවක මහතුන් විසින් සංව...
26/06/2026

පොසොන් පොහොය නිමිත්තෙන් දෙනු ලබන කහ බත් දන්සැල

කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශීය සභා සෞඛ්‍ය අංශයේ සේවක මහතුන් විසින් සංවිධානය කරනු ලබන කහ බත් දන්සැල.

2026.06.30 වන දින රාත්‍රී 7.00 සිට.
අංගොඩ පරණ පොලිස් සථානය පිහිටි භූමියේදී...

ඔබ සැමට බැති සිතින් ආරාධනා..!
Kotikawatte Mulleriyawa Pradeshiya Sabha Kolonnawa Divisional Secretariat

පොසොන් බැති ගී සරණිය - 2026මහින්දාගමනය හෙවත් අනුබුදු මිහිඳු හිමියන් ලක්දිවට වැඩම කිරීම මගින් ශ්‍රී ලංකාවේ බෞද්ධ දහම ස්ථා...
25/06/2026

පොසොන් බැති ගී සරණිය - 2026

මහින්දාගමනය හෙවත් අනුබුදු මිහිඳු හිමියන් ලක්දිවට වැඩම කිරීම මගින් ශ්‍රී ලංකාවේ බෞද්ධ දහම ස්ථාපිත කිරීම සිහි කිරීම පිණිස සමරන පොසොන් පොහෝ දිනයට සමගාමීව සංවිධානය කෙරෙන,

පොසොන් බැති ගී සරණිය - 2026

2026.06.30 වන දින සවස 6.30 සිට 8.30 දක්වා.
කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශීය සභා ප්‍රධාන කාර්යාල ඉදිරිපිට.

ඔබ සැමට බැති සිතින් ආරාධනා..!

Kotikawatte Mulleriyawa Pradeshiya Sabha Kolonnawa Divisional Secretariat MOH Office Gothatuwa fans

Address

280 Kotikawattha Road Gothatuwa New Town
Colombo
10600

Alerts

Be the first to know and let us send you an email when Kotikawatta Mulleriyawa pradeshiya sabha posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Kotikawatta Mulleriyawa pradeshiya sabha:

Shortcuts

Share