Sri Lanka Post

Sri Lanka Post Sri Lanka Post is the one and only Government Postal Services Provider in Sri Lanka. We are one of the oldest Government departments in existence today.

Sri Lanka Posts has been in existence for more than 209 years and employs more than 17,000 employees in various positions. We are proud of our history and heritage.

පොකුණුවිට තැපැල් කාර්යාල නව ගොඩනැගිල්ල ජනතා අයිතියට ! සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මැතිතුමාගේ සුරතින...
22/08/2026

පොකුණුවිට තැපැල් කාර්යාල
නව ගොඩනැගිල්ල ජනතා අයිතියට !

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය
වෛද්‍ය නලින්ද ජයතිස්ස
මැතිතුමාගේ සුරතින්
අද පෙරවරුවේදී
විවෘත කිරීමෙන් අනතුරුව
ජනතා අයිතියට පවරන ලදී.

මිලියන 14. 7 වැය කරමින්
ඉදි කරන ලද
මෙම තැපැල් කාර්යාලය මඟින්
සෘජුව සේවය සැලසෙන
පවුල් සංඛ්‍යාව 4319 කි.
රජයේ ආයතන 20,
කර්මාන්ත ශාලා 18 සහ
වෙනත් ආයතන 26 ක
පමණ ප්‍රමාණයකට
ඉදිරියේදී තව දුරටත්
පොකුණුවිට තැපැල් කාර්යාලය මඟින්
සේවය සලසනු ලබයි.

මෙම අවස්ථාව සඳහා
කළුතර දිස්ත්‍රික් පාර්ලිමෙන්තු මංත්‍රී
වෛද්‍ය නිහාල් අබේසිංහ මැතිතුමා,
කළුතර දිස්ත්‍රික් පාර්ලිමෙන්තු මංත්‍රී,
ඔෂානි උමංගා මැතිතුමිය,
ඇතුළු දේශපාලන අධිකාරියද
හොරණ ප්‍රාදේශීය ලේකම්
කේ. ඩී. එස්. සංජීවනා මැතිනිය ඇතුළු
රජයේ නිළධාරි මහත්ම මහත්මින්ද
තැපැල්පති රුවන් සත්තුමාර මහතා,
නියෝජ්‍ය තැපැල්පති (සංවර්ධන)
තුසිත හුලංගමුව මහතා,
නියෝජ්‍ය තැපැල්පති (බස්නාහිර දකුණ)
නිලන්ත කඳනආරච්චි මහතා,
පාලක (මෙහෙයුම්)
ඉන්දිකා පෙරේරා මහත්මිය ඇතුළු
තැපැල් දෙපාර්තමේන්තුවේ
විධායක හා මාණ්ඩලික
නිළධාරී මහත්ම මහත්මින්ද
පොකුණුවිට තැපැල් ස්ථානාධීපති
කේ. කේ. එස්. හසන්ති මහත්මිය ඇතුළු
පොකුණුවිට තැපැල් කාර්යාලයේ
කාර්යය මණ්ඩලයද,
ව්‍යාපාරික ආයතනවල
නිළධාරී මහත්ම මහත්මින්
ප්‍රදේශයේ ජනතාව ඇතුළු
විශාල පිරිසක් එක්ව සිටියහ.

මාධ්‍ය අංශය,
තැපැල් මූළස්ථානය.

19/08/2026

COD පහසුකමෙන් උපරිම ප්‍රතිලාභ ලබන, රත්තරන් වැනි සැබෑ මිනිසුන්!

🚨 විශේෂ නිවේදනයයි! 🚨වටවල තැපැල් කාර්යාලය තාවකාලිකව වසා දැමීමනුවරඑළිය ප්‍රාදේශීය තැපැල් අධිකාරී කොට්ඨාසයට අයත් වටවල තැපැල...
06/08/2026

🚨 විශේෂ නිවේදනයයි! 🚨
වටවල තැපැල් කාර්යාලය තාවකාලිකව වසා දැමීම

නුවරඑළිය ප්‍රාදේශීය තැපැල් අධිකාරී කොට්ඨාසයට අයත් වටවල තැපැල් කාර්යාලය පිහිටි ප්‍රදේශයේ මේ වන විට පවතින දැඩි නායයාමේ අවදානම හේතුවෙන්, අදාළ බලධාරීන්ගේ උපදෙස් මත වහාම එම ස්ථානයෙන් ඉවත් වන ලෙස නියෝග කර ඇත.

ඒ අනුව, පාරිභෝගික ඔබගේත් අප කාර්ය මණ්ඩලයේත් ජීවිත ආරක්ෂාව තහවුරු කිරීමේ අරමුණින් වටවල තැපැල් කාර්යාලයේ රාජකාරි කටයුතු වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව වසා දමා ඇති බව කාරුණිකව දැනුම් දෙමු.

මෙම හදිසි තත්ත්වය හේතුවෙන් සේවා ලබා ගැනීමේදී ඔබට සිදුවන යම් අපහසුතාවයක් වෙතොත්, ඒ පිළිබඳව අපගේ බලවත් කනගාටුව ප්‍රකාශ කර සිටිමු. තත්ත්වය සමනය වූ වහාම හෝ විකල්ප ක්‍රමවේදයක් හරහා යළි සේවාවන් සැපයීමට අදාළ ඉදිරි පියවරයන් පිළිබඳව ඔබව දැනුවත් කිරීමට කටයුතු කරන්නෙමු.

ඔබගේ කාරුණික අවබෝධයට ස්තූතියි! ආරක්ෂිතව සිටින්න.

ශ්‍රී ලංකා තැපැල

කුරුණෑගල ප්‍රධාන තැපැල් කාර්යාලයට ශාක නිරෝධායන මධ්‍යස්ථානයක්! විදේශ රටවල් වෙත ශාකමය ද්‍රව්‍ය යැවීමේදී අත්‍යවශ්‍ය වන නිරෝ...
04/08/2026

කුරුණෑගල ප්‍රධාන තැපැල් කාර්යාලයට
ශාක නිරෝධායන මධ්‍යස්ථානයක්!

විදේශ රටවල් වෙත ශාකමය ද්‍රව්‍ය යැවීමේදී
අත්‍යවශ්‍ය වන නිරෝධායන සහතික
(Quarantine Certificates)
දැන් වඩාත් පහසුවෙන්
කුරුණෑගල ප්‍රධාන තැපැල් කාර්යාලයෙන් ලබාගත හැක.

ඒ සඳහා වන ශාක නිරෝධායන මධ්‍යස්ථානය
නියෝජ්‍ය තැපැල්පති (මෙහෙයුම්)
නීතිඥ එච්.එම්.ටී.හේරත් මහතා සහ
කෘෂිකර්ම අධ්‍යක්ෂ ජෙනරාල්
ආචාර්ය ඩබ්.එච්.ආර්.ටී. වික්‍රමආරච්චි මහතාගේ
ප්‍රධානත්වයෙන් පසුගියදා (2026.08.03)
විවෘත කරන ලද අතර.
සෑම සඳුදා දිනකම (රජයේ නිවාඩු දින හැර)
පාරිබෝගික පහසුව වෙනුවෙන් විවෘතව පවතියි.

විදේශගත වන ඔබගේ හිතවතුන්ට
හෝ ශාකමය ද්‍රව්‍ය අපනයන කටයුතුවල
නිරත වන සැමට මෙම පහසුව දැන් අත්වේ.

මෙම උත්සව අවස්ථාව
කෘෂිකර්ම දෙපාර්තමේන්තුව නියෝජනය කරමින්
අතිරේක අධ්‍යක්ෂ ජෙනරාල් (සංවර්ධන)
ජේ.ජී.වී.ශ්‍යාමලී මෙනවිය
අධ්‍යක්ෂ (බීජ සහතික කිරීම සහ
පැලෑටි සංරක්ෂණ සේවය)
යසිත්තා ලියනගේ මහත්මිය
පළාත් කෘෂිකර්ම අධ්‍යක්ෂ (වයඹ)
ආචාර්ය බුද්ධික අබේසිරිවර්ධන මහතා
අතිරේක අධ්‍යක්ෂ (ජාතික ශාක නිරෝධායන සේවය)
ජේ.පී.ඩී.ලාල්නී මහත්මිය ඇතුළු
එම දෙපාර්තමේන්තු නිලධාරීන්ද

තැපැල් දෙපාර්තමේන්තුව නියෝජනය කරමින්
පාලක (මෙහෙයුම්)
ඉන්දිකා පෙරේරා මහත්මිය
අධිකාරී (ජාත්‍යන්තර තැපැල්)
සමන්මලී පෙරේරා මහත්මිය
ප්‍රදේශයේ තැපැල් අධිකාරී (කුරුණෑගල - උතුර)
ඩී.එච්.එම්.ජේ.කේ. හෙට්ටිආරච්චි මහතා
දිසා පාලන නිලධාරී (කුරුණෑගල)
ඩී.එම්.එන්.කේ.දිසානායක මහතා
දිසා ගණකාධිකාරී (කුරුණෑගල)
දිනුෂා කරුණාරත්න මහත්මිය
සහකාර අධිකාරී (විමර්ශන)
ඩබ්.එම්.ආර්.ටී.ආර්.ස්වර්ණලතා මහත්මිය
ප්‍රධාන තැපැල් ස්ථානාධිපති (කුරුණෑගල)
එම්.එන්.ඒ.කුලතුංග මහතා,
තැපැල් කාර්යාලයේ කාර්යයමණ්ඩලය ඇතුළු
ව්‍යාපාරක ප්‍රජාවද
මෙම අවස්ථාවට එක් වූහ.

01/08/2026

පුංචි හිනාවකට පුළුවන් අපේ දවසම වෙනස් කරන්න. 🌸 රජයේ කාර්යාලයක වුණත් මේ වගේ ප්‍රියමනාපව මහජනතාවට සේවය කරන අයට ගොඩක් ස්තූතියි! මිත්‍රශීලී සේවාවක් කියන්නේ හැමදාමත් අගය කළ යුතු දෙයක්. 👏💌

🚀 ශ්‍රී ලංකා තැපැල් ඉතිහාසයේ රන් අකුරින් ලියැවෙන සුවිශේෂී කඩඉමක්! 🚀​2026 ජූලි මාසය තුළ පමණක් තැපැල් දෙපාර්තමේන්තුවේ අපගේ...
31/07/2026

🚀 ශ්‍රී ලංකා තැපැල් ඉතිහාසයේ
රන් අකුරින් ලියැවෙන සුවිශේෂී කඩඉමක්! 🚀

​2026 ජූලි මාසය තුළ පමණක්
තැපැල් දෙපාර්තමේන්තුවේ අපගේ
ප්‍රධාන සේවාවන් දෙකක් වන
SLP Courier සහ COD (Cash on Delivery) සේවාවන්හි ආදායම වෙන වෙනම
රුපියල් මිලියන 100 සීමාව පසු කරමින්,
එක් මාසයක් තුළ
එම සේවාවන් ද්විත්වයේ සමස්ත ආදායම රුපියල් මිලියන 200 සීමාව
දැවැන්ත ලෙස ඉක්මවා ගොස් ඇති බව අතිශය නිහතමානීව සහ
ආඩම්බරයෙන් යුතුව දැනුම් දෙමු! 🏆

මෙය ශ්‍රී ලංකා තැපැල් ඉතිහාසයේ
එක් මාසයක් තුළ ලැබූ සුවිශාලතම ජයග්‍රහණයයි!

​📊 SLP Courier සේවාවේ
ජයග්‍රහණය
(2026 ජූනි 30 සිට 2026 ජූලි 31 දක්වා)
​සමස්ත භාරගැනීම් ප්‍රමාණය: 458,140
​සමස්ත ආදායම: රු. 112,680,760.00

​📊 COD (Cash on Delivery)
සේවාවේ ජයග්‍රහණය
(2026 ජූනි 30 සිට 2026 ජූලි 31 දක්වා):
​සමස්ත භාරගැනීම් ප්‍රමාණය: 304,377
​සමස්ත ආදායම: රු. 108,617,446.00

​මෙම ඓතිහාසික ජයග්‍රහණය කරා
අපව ඔසවා තැබූ,
අප කෙරෙහි විශ්වාසය තැබූ,
අපගේ ගෞරවනීය පාරිභෝගික භවතුන්ට
ප්‍රථමයෙන් අපගේ ශීර්ෂ ප්‍රනාමය.!!

තවද,
මේ සඳහා දිවා රෑ නොබලා
අමිල මෙහෙවරක් ඉටුකළ
සමස්ථ තැපැලේ
අපගේ සියලුම කාර්ය මණ්ඩලයටත්
අපගේ හදපිරි කෘතවේදීත්වය පුද කරමු! 🙏✨

​ඔබගේ පාර්සල් සහ
කුරියර් අවශ්‍යතාවයන්
වඩාත් කාර්යක්ෂමව, සුරක්ෂිතව සහ විශ්වාසදායීව ඉටු කරමින්,
තවදුරටත් කැපවීමට
අපි නිරන්තරයෙන් බැඳී සිටින්නෙමු. 🇱🇰

ශ්‍රී ලංකා තැපෑල
ඔබේ විශ්වාසනීය සබඳතා සහකරු !

සුපිළිපන් සංස්කෘතියක් - ක්ලීන් ශ්‍රී ලංකාවක් ජාතික මෙහෙයුමට සමඟාමීව    තැපැල් මූලස්ථාන සමාරම්භක උත්සවය   2026. 07.27 දින...
28/07/2026

සුපිළිපන් සංස්කෘතියක් - ක්ලීන් ශ්‍රී ලංකාවක්
ජාතික මෙහෙයුමට සමඟාමීව
තැපැල් මූලස්ථාන සමාරම්භක උත්සවය
2026. 07.27 දින පෙ. ව 9.30 ට
තැපැල්පති රුවන් සත්කුමාර මහතාගේ
ප්‍රධානත්වයෙන් පැවැත්වීය.

(එහි විශේෂ අවස්ථාවන්)
මාධ්‍ය අංශය,
තැපැල් මූලස්ථානය.

"පොහොසත් රටක් - ලස්සන ජීවිතයක්" රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයට අනුකූලව, ජයන්තිපුර නව තැපැල් කාර්යාල ගොඩනැගිල්ල ජනතා අයිතියට...
28/07/2026

"පොහොසත් රටක් - ලස්සන ජීවිතයක්"
රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයට අනුකූලව,
ජයන්තිපුර නව තැපැල් කාර්යාල ගොඩනැගිල්ල ජනතා අයිතියට !

උතුරු මැද පළාතේ, පොලොන්නරුව දිස්ත්‍රික්කයේ,
ජයන්තිපුර ප්‍රදේශයට
නවීන පහසුකම්වලින් සමන්විතව
ඉදිකරන ලද තැපැල් කාර්යාල ගොඩනැගිල්ල
පසුගියදා විවෘත කරන ලදී.
ඒ විෂය භාර අමාත්‍ය
වෛද්‍ය නලින්ද ජයතිස්ස මැතිතුමාගේ ප්‍රධානත්වයෙනි.

1958 වර්ෂයේදී උප තැපැල් කාර්යාලයක් ලෙස
ආරම්භ වූ ජයන්තිපුර තැපැල් කාර්යාලය
ශ්‍රී ලංකා මහවැලි අධිකාරියට අයත්
අබලන්ව පැවති ගොඩනැගිල්ලක
දශක ගණනාවක් පුරා පවත්වාගෙන ගොස් තිබිණි.
2000 වර්ෂයේදී
දෙවැනි ශ්‍රේණියේ තැපැල් කාර්යාලයක් ලෙස
උසස් කර ඇති අතර
කාර්යාලයට ස්ථිර ගොඩනැගිල්ලක්
ලබා දීමේ අරමුණින් පසුගිය වර්ෂයේ
ඔක්තෝබර් 1 වන දා මුල්ගල තබා
මාස 09 ක් ඇතුළත ඉදිකිරීම් අවසන් කල
මෙම ගොඩනැගිල්ල වෙනුවෙන්
ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව
රුපියල් මිලියන 29.5ක මුදලක්
වැයකරනු ලැබීය.

නවීන පහසුකම්වලින් සමන්විත
මෙම නව තැපැල් කාර්යාලය
විවෘත කිරීමත් සමඟ,
ජයන්තිපුර හා අවට ප්‍රදේශවල ජනතාවට
වඩාත් කාර්යක්ෂම, විශ්වාසනීය
තැපැල් සේවාවක් සැලසිය හැකිය.

මෙම අවස්ථාවට
පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු
මන්ත්‍රී පද්මසිරි බණ්ඩාර මහතා,
තැපැල්පති රුවන් සත්කුමාර මහතා,
නියෝජ්‍ය තැපැල්පති (සංවර්ධන)
තුසිත හුලංගම මහතා,
නියෝජ්‍ය තැපැල්පති (උතුරු මැද පලාත)
සංජීව ප්‍රනාන්දු මහතා,
ප්‍රධාන ගණකාධිකාරී
ජේ.එම්. නාලිර් මහතා,
ගණකාධිකාරී(මුද්දර)
රංජිත් මහකුඹුර මහතා,
පොළොන්නරුව ප්‍රාදේශීය තැපැල් අධිකාරී
සුදත් සිරිසේන මහතා,
ජයන්තිපුර තැපැල් ස්ථානාධිපති
කේ.එල්.ඩී. වීරසේන මහතා ඇතුළු
තැපැල් කාර්යාලයේ කාර්යය මණ්ඩලය,
ආරාධිතයන්, පාරිභෝගික මහත්ම මහත්මින් ඇතුළු
ප්‍රදේශවාසින් ද එක්ව සිටියහ.

මාධ්‍ය අංශය,
තැපැල් මූලස්ථානය.

"வளமான நாடு - அழகான வாழ்க்கை"
அரசின் கொள்கைப் பிரகடனத்திற்கு இணங்க, புதிய ஜெயந்திபுர தபால் நிலையக் கட்டடம் மக்கள் உரிமையாக்கப்பட்டது!

வடமத்திய மாகாணம், பொலன்னறுவை மாவட்டம், ஜெயந்திபுர பிரதேசத்தில் நவீன வசதிகளுடன் நிர்மாணிக்கப்பட்ட புதிய தபால் நிலையக் கட்டடம் அண்மையில் திறந்து வைக்கப்பட்டது. துறைசார் அமைச்சர் கௌரவ வைத்தியர் நலிந்த ஜயதிஸ அவர்களின் தலைமையில் இந்நிகழ்வு இடம்பெற்றது.

1958 ஆம் ஆண்டு உப தபால் நிலையமாக ஆரம்பிக்கப்பட்ட ஜெயந்திபுர தபால் நிலையம், இலங்கை மகாவலி அதிகார சபைக்குச் சொந்தமான பழுதடைந்த நிலையில் இருந்த கட்டடமொன்றில் பல தசாப்தங்களாக இயங்கி வந்தது. 2000 ஆம் ஆண்டில் இரண்டாம் தர தபால் நிலையமாகத் தரமுயர்த்தப்பட்ட இவற்றுக்கு நிலையான கட்டடமொன்றைப் பெற்றுக்கொடுக்கும் நோக்கத்துடன் கடந்த ஆண்டு அக்டோபர் 1 ஆம் திகதி அடிக்கல் நாட்டப்பட்டு, 10 மாதங்களுக்குள் நிர்மாணப் பணிகள் நிறைவு செய்யப்பட்டன. இக்கட்டடத்திற்காக இலங்கை தபால் திணைக்களம் 29.5 மில்லியன் ரூபா செலவிட்டுள்ளது. நவீன வசதிகளுடன் கூடிய இந்த புதிய தபால் நிலையம் திறக்கப்பட்டதன் மூலம், ஜெயந்திபுர மற்றும் சுற்றியுள்ள பிரதேச மக்களுக்கும் மிகவும் பயனுள்ள, நம்பகமான தபால் சேவையை வழங்க முடியும்.

இந்நிகழ்வில் பொலன்னறுவை மாவட்ட பாராளுமன்ற உறுப்பினர் பத்மசிறி பண்டார, தபாற்பதி ருவான் சத்7குமார, பிரதி தபாற்பதி (அபிவிருத்தி) துசித ஹுலங்கமுவ, பிரதி தபாற்பதி (வடமத்திய மாகாணம்) சஜீவ பெர்னாண்டோ, பிரதம கணக்காளர் ஜே.எம். நளிர், கணக்காளர் (வில்லி) ரஞ்சித் மஹாகும்புர, பொலன்னறுவை பிராந்திய தபால் அதிகாரி சுதத் சிரிசேன, ஜெயந்திபுர தபால் நிலையப் பொறுப்பதிகாரி கே.எல்.டி. வீரசேன உள்ளிட்ட தபால் நிலைய ஊழியர்கள், அழைப்பாளர்கள், வாடிக்கையாளர்கள் மற்றும் பிரதேசவாசிகள் பலரும் கலந்துகொண்டனர்.

ஊடகப் பிரிவு,
தபால் தலைமையகம்.

"A Prosperous Country - A Beautiful Life"
In accordance with the Government Policy Statement, the new Jayanthipura Post Office building vested in the public!

The newly constructed Post Office building equipped with modern facilities in the Jayanthipura area, Polonnaruwa District, North Central Province, was declared open recently under the patronage of the Minister in charge of the subject, Dr. Nalinda Jayatissa.

Having commenced as a sub-post office in the year 1958, the Jayanthipura Post Office had been operated for decades in a dilapidated building belonging to the Mahaweli Authority of Sri Lanka. Promoted to a Grade II post office in the year 2000, with the objective of providing a permanent building for the office, the foundation stone was laid on October 1st of last year, and construction was completed within 10 months. The Department of Posts spent Rs. 29.5 million for this building. With the opening of this modern post office, the residents of Jayanthipura and surrounding areas can now be provided with a much more efficient and reliable postal service.

Member of Parliament for Polonnaruwa District Padmasiri Bandara, Postmaster General Ruwan Sathkumara, Deputy Postmaster General (Development) Thusitha Hulangamuwa, Deputy Postmaster General (North Central Province) Sanjeewa Fernando, Chief Accountant J.M. Nalir, Accountant (Stamps) Ranjith Mahakumbura, Polonnaruwa Regional Superintendent of Posts Sudath Siriwardena, Jayanthipura Postmaster K.L.D. Weerasena, along with the post office staff, invitees, customers, and local residents participated in this occasion.

Media Division,
Postal Headquarters.

"පොහොසත් රටක් - ලස්සන ජීවිතයක්" රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයට අනුකූලව, කළුවාන්චිකුඩි තැපැල් කාර්යාල නව ගොඩනැගිල්ල ජනතා අයි...
27/07/2026

"පොහොසත් රටක් - ලස්සන ජීවිතයක්"
රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයට අනුකූලව,
කළුවාන්චිකුඩි
තැපැල් කාර්යාල නව ගොඩනැගිල්ල
ජනතා අයිතියට !

නැගෙනහිර පළාතේ,
මඩකලපුව දිස්ත්‍රික්කයේ,
කළුවාන්චිකුඩි ප්‍රදේශයට
නවීන පහසුකම්වලින් සමන්විතව
ඉදිකරන ලද (පළමු ශ්‍රේණියේ)
තැපැල් කාර්යාල ගොඩනැගිල්ල
පසුගියදා විවෘත කරන ලදී.
ඒ විෂය භාර අමාත්‍ය වෛද්‍ය
නලින්ද ජයතිස්ස මැතිතුමාගේ ප්‍රධානත්වයෙනි.

මෙතෙක් විවිධ ස්ථානවල
කුලී පදනම මත පවත්වාගෙන ගිය
කළුවාන්චිකුඩි තැපැල් කාර්යාලයට
ස්ථිර ගොඩනැගිල්ලක් ලබා දීමේ අරමුණින්
පසුගිය වර්ෂයේ සැප්තැම්බර් 18 වන දා
මුල්ගල තබා මාස 10ක් ඇතුළත
ඉදිකිරීම් අවසන් කල
මෙම ගොඩනැගිල්ල වෙනුවෙන්
ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව
රුපියල් මිලියන 29.5ක මුදලක්
වැයකරනු ලැබීය.
නවීන පහසුකම්වලින් සමන්විත
මෙම නව තැපැල් කාර්යාලය
විවෘත කිරීමත් සමඟ,
කළුවාන්චිකුඩි හා අවට ප්‍රදේශවල ජනතාවට
වඩාත් කාර්යක්ෂම, විශ්වාසනීය
තැපැල් සේවාවක් සැලසිය හැකිය.

මෙම අවස්ථාවට
මඩකළපුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි
කන්දසාමි ප්‍රභූ මහතා,
කලුවංචිගුඩි ප්‍රාදේශීය සභාවේ සභාපති
මෙගසුන්දරම් විනෝරාජ් මහතා,
තැපැල්පති රුවන් සත්කුමාර මහතා,
නියෝජ්‍ය තැපැල්පති (සංවර්ධන)
තුසිත හුලංගම මහතා,
නියෝජ්‍ය තැපැල්පති (නැගෙනහිර පළාත)
එස්. ප්‍රකාශ් මහතා,
ප්‍රධාන ගණකාඩිකාරී
ජේ.එම්. නාලිර් මහතා,
ගණකාඩිකාරී(මුද්දර)
රංජිත් මහකුඹුර මහතා,
මඩකළපුව ප්‍රාදේශීය තැපැල් අධිකාරී
තිරුබාලනී අරුල්චෙල්වම් මහත්මිය,
කළුවාංචිකුඩි තැපැල් ස්ථානාධිපති
එස්. කුගදාසන් මහතා ඇතුළු
තැපැල් කාර්යාලයේ කාර්යය මණ්ඩලය,
ආරාධිතයන්,
පාරිභෝගික මහත්ම මහත්මින් ඇතුළු
ප්‍රදේශවාසින් ද එක්ව සිටියහ

මාධ්‍ය අංශය,
තැපැල් මූලස්ථානය.

In accordance with the government's
policy manifesto
Kaluwanchikudy Post Office Building
Dedicated to the Public !

"A Prosperous Country - A Beautiful Life"
The newly constructed,
fully-equipped (First Class)
post office building in Kaluwanchikudy,
located in the Batticaloa District of the
Eastern Province,
was declared open recently.
The opening ceremony was held under the
auspices of the Minister
in charge of the subject,
Dr. Nalinda Jayatissa.

With the objective of providing a
permanent building for the
Kaluwanchikudy Post Office,
which had previously been operated in
rented premises across
various locations,
construction began with the
laying of the foundation stone on .
September 18 of last year.
Completed within a span of 10 months,
the Department of Posts
invested Rs. 29.5 million for
this building project.

With the opening of
this modernly equipped
new post office,
an efficient and reliable
postal service can now be
extended to the residents of
Kaluwanchikudy and surrounding areas.

The event was attended by
Batticaloa District Member of Parliament
Kandasamy Prabhu,
Chairman of the
Kaluwanchikudy Pradeshiya Sabha
Megasundaram Vinoraj,
Postmaster General
Ruwan Satkumara,
Deputy Postmaster General (Development)
Thusitha Hulangamuwa,
Deputy Postmaster General
(Eastern Province)
S. Prakash,
Chief Accountant
J.M. Nalir,
Accountant (Stamps)
Ranjith Mahakumbura,
Batticaloa Regional Postal Superintendent
Thirubalani Arulchelvam,
Kaluwanchikudy Postmaster
S. Kugadasan,
along with the postal staff,
invited guests,
customers, and local residents.

Media Division,
Postal Headquarters.

"வளமான நாடு - அழகான வாழ்க்கை"
அரசாங்கக் கொள்கைப் பிரகடனத்திற்கமைய
களுவாஞ்சிகுடி தபால் அலுவலக கட்டிடம் மக்கள் உரிமையாக்கப்பட்டது!

கிழக்கு மாகாணம், மட்டக்களப்பு மாவட்டம், களுவாஞ்சிகுடி பகுதிக்கு நவீன வசதிகளுடன் நிர்மாணிக்கப்பட்ட (முதலாம் தர) புதிய தபால் அலுவலக கட்டிடம் அண்மையில் திறந்து வைக்கப்பட்டது. துறைசார் அமைச்சர் டொக்டர் நளிந்த ஜயதிஸ அவர்களின் தலைமையில் இந்நிகழ்வு இடம்பெற்றது.

இதுவரை பல்வேறு இடங்களில் வாடகை அடிப்படையில் இயங்கி வந்த களுவாஞ்சிகுடி தபால் அலுவலகத்திற்கு நிரந்தர கட்டிடமொன்றை பெற்றுக்கொடுக்கும் நோக்கத்துடன், கடந்த வருடம் செப்டம்பர் 18 ஆம் திகதி அடிக்கல் நாட்டப்பட்டு, 10 மாதங்களுக்குள் நிர்மாணப் பணிகள் முடிக்கப்பட்ட இக்கட்டிடத்திற்காக இலங்கை தபால் திணைக்களம் 29.5 மில்லியன் ரூபா பணத்தை செலவிட்டுள்ளது.

நவீன வசதிகள் கொண்ட இந்த புதிய தபால் அலுவலகம் திறக்கப்பட்டதன் மூலம், களுவாஞ்சிகுடி மற்றும் அதனைச் சுற்றியுள்ள பகுதி மக்களுக்கு மிகவும் பயனுள்ள, நம்பகமான தபால் சேவையை வழங்க முடியும்.

இந்நிகழ்வில் மட்டக்களப்பு மாவட்ட நாடாளுமன்ற உறுப்பினர் கந்தசாமி பிரபு, களுவாஞ்சிகுடி பிரதேச சபையின் தவிசாளர் மேகசுந்தரம் வினோராஜ், தபாற்தலைவர் ருவன் சத்3குமார, பிரதி தபாற்தலைவர் (அபிவிருத்தி) துசித ஹுளங்கமுவ, பிரதி தபாற்தலைவர் (கிழக்கு மாகாணம்) எஸ். பிரகாஷ், பிரதான கணக்காளர் ஜே.எம். நாளிர், கணக்காளர் (தபால்தலை) ரஞ்சித் மஹாகும்புர, மட்டக்களப்பு பிராந்திய தபால் அதிகாரி திருபாலனி அருள்செல்வம், களுவாஞ்சிகுடி தபால் நிலைய பொறுப்பதிகாரி எஸ். குகதாசன் உள்ளிட்ட தபால் நிலைய ஊழியர்கள், அழைப்பாளர்கள், நுகர்வோர் மற்றும் பிரதேசவாசிகள் பலரும் கலந்துகொண்டனர்.

ஊடகப் பிரிவு,
தபால் தலைமையகம்.

Address

310, D R Wijewardena Mawatha
Colombo
01000

Opening Hours

Monday 08:30 - 16:15
Tuesday 08:30 - 16:15
Wednesday 08:30 - 16:15
Thursday 08:30 - 16:15
Friday 08:30 - 16:15

Telephone

+94112328301

Alerts

Be the first to know and let us send you an email when Sri Lanka Post posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Sri Lanka Post:

Shortcuts

Share