Department of Coast Conservation and Coastal Resource Management

Department of Coast Conservation and Coastal Resource Management The Official page of CC&CRMD.

28/08/2026

නිලාවේලියේ දී විවෘත කිරීමට නියමිත කොරල් සංරක්ෂණ විද්‍යාගාරය

ශ්‍රී ලංකාවේ වෙරළබඩ හා සාගර පරිසර පද්ධතිය ආරක්ෂා කරගැනීමේ ජාතික වැඩපිළිවෙළ යටතේ ත්‍රිකුණාමලය, නිලාවේලි ප්‍රදේශයේ ස්ථාපිත කරමින් පවතින සුවිශේෂී කොරල් සංරක්ෂණ මධ්‍යස්ථානය සහ විද්‍යාගාර පරිශ්‍රය පෙරේදා (25) දින ගරු පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි මහතාගේ විශේෂ නිරීක්ෂණයට ලක්විය.

ශ්‍රී ලංකාවේ නැගෙනහිර වෙරළ තීරය ආශ්‍රිතව හඳුනාගෙන ඇති කොරල් විශේෂ 245 අතුරින් දුර්ලභ ගණයේ පවතින බ්ලැක් කොරල් (Black Coral) සහ රෙඩ් කොරල් (Red Coral) වැනි විශේෂ සංරක්ෂණය කිරීම මෙම මධ්‍යස්ථානයේ ප්‍රධාන අරමුණයි. එම දුර්ලභ ගණයේ කොරල් විශේෂ මෙහිදී සංරක්ෂණය කිරීමට සහ කෘතිමව වගා කිරීමට අවශ්‍ය පියවර ගෙන ඇති අතර, දැනටමත් එය සාර්ථකව ප්‍රතිඵල අත්කරගෙන තිබේ.

සාගරයේ පවතින ස්වභාවික උෂ්ණත්වය සහ පාරිසරික තත්ත්වයන් කෘතිමව විද්‍යාගාර තුළ ප්‍රතිනිර්මාණය කරමින් කොරල් වගා කිරීම හා නැවත මුහුදු පත්ලේ රෝපණය කිරීම මෙහි මූලික කටයුතු වන අතර, මෙවසරේ සැප්තැම්බර් මස අවසන් වන විට මෙහි ඉදිකිරීම් අවසන් කිරීමට නියමිතය.
ඉදිරියේදී මෙය විශ්වවිද්‍යාල සිසුන්, පර්යේෂකයන් මෙන්ම මහජනතාව සඳහා කොරල් කෞතුකාගාරයක් හා පර්යේෂණ මධ්‍යස්ථානයක් ලෙස විවෘත වීමට නියමිත අතර, මේ හරහා කොරල් සම්බන්ධ පර්යේෂණ කටයුතු පුළුල් කිරීමට අපේක්ෂා කෙරේ.

මෙම ව්‍යාපෘතිය රජයේ තිරසාර පාරිසරික ප්‍රතිපත්තිය බිම් මට්ටමින් ප්‍රායෝගිකව ක්‍රියාත්මක වීමක ප්‍රතිඵලයක් වන අතර දේශගුණික විපර්යාස හමුවේ රටේ සංවේදී සාගර ජෛව විවිධත්වය සුරැකීම, සාගර සම්පත් තිරසාර ලෙස කළමනාකරණය කිරීම සහ අනාගත පරපුර උදෙසා ස්වභාවික පරිසර පද්ධති සුරක්ෂිත කිරීම වෙනුවෙන් වූ මෙවැනි සුවිශේෂී පාරිසරික සංරක්ෂණ ව්‍යාපෘති රැසක් දිවයින පුරා ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.

இலங்கையின் கரையோர மற்றும் கடல்சார் சூழல் கட்டமைப்பைப் பாதுகாப்பதற்கான தேசிய திட்டத்தின் கீழ், திருகோணமலை நிலாவெளி பகுதியில் நிறுவப்பட்டு வரும் பவளப்பாறை பாதுகாப்பு நிலையம் மற்றும் ஆய்வக வளாகத்தை சுற்றாடல் பிரதி அமைச்சர் அன்டன் ஜயகொடி அவர்கள் கடந்த (25) ஆம் திகதி நேரில் சென்று பார்வையிட்டார்.

இலங்கையின் கிழக்குக் கடற்கரையோரத்தில் அடையாளம் காணப்பட்டுள்ள 245 பவளப்பாறை இனங்களில், மிகவும் அரிதான கறுப்பு பவளம் (Black Coral) மற்றும் சிவப்பு பவளம் (Red Coral) போன்ற அரிய வகை இனங்களைப் பாதுகாப்பதே இந்த நிலையத்தின் முக்கிய நோக்கமாகும். இந்த அரிய வகை பவளப்பாறைகளைப் பாதுகாப்பதற்கும், அவற்றைச் செயற்கை முறையில் வளர்ப்பதற்கும் தேவையான நடவடிக்கைகள் ஏற்கனவே வெற்றிகரமாக முன்னெடுக்கப்பட்டுள்ளன.

கடலின் இயல்பான வெப்பநிலை மற்றும் சுற்றுச்சூழல் நிலைமைகளை ஆய்வகத்திற்குள் செயற்கையாக மீளுருவாக்கம் செய்து பவளப்பாறைகளை வளர்ப்பதும், பின்னர் அவற்றை மீண்டும் கடலடியில் நடுவதுமே இதன் பிரதான செயற்பாடாகும். இவ்வருட செப்டம்பர் மாத இறுதிக்குள் இதன் கட்டுமானப் பணிகளை நிறைவு செய்ய திட்டமிடப்பட்டுள்ளது. எதிர்காலத்தில் இது பல்கலைக்கழக மாணவர்கள், ஆராய்ச்சியாளர்கள் மற்றும் பொதுமக்களுக்காக பவளப்பாறை அருங்காட்சியகமாகவும் ஆய்வு மையமாகவும் திறக்கப்படவுள்ளதுடன், பவளப்பாறைகள் தொடர்பான ஆய்வுகளை விரிவுபடுத்தவும் எதிர்பார்க்கப்படுகிறது.
இத்திட்டம் அரசாங்கத்தின் நிலையான சுற்றாடல் கொள்கை நடைமுறை ரீதியாகச்

செயற்படுத்தப்படுவதன் பிரதிபலிப்பாகும். காலநிலை மாற்றங்களுக்கு மத்தியில் நாட்டின் உணர்திறன் மிக்க கடல்சார் பல்லுயிர் தன்மையைப் பாதுகாக்கவும், கடல் வளங்களை நிலையான முறையில் முகாமைத்துவம் செய்யவும், எதிர்கால சந்ததியினருக்காக இயற்கை சூழல் அமைப்புகளைப் பாதுகாக்கவும் இதுபோன்ற பல முக்கிய சுற்றுச்சூழல் பாதுகாப்புத் திட்டங்களை நாடு முழுவதும் முன்னெடுக்கத் திட்டமிடப்பட்டுள்ளது.

The coral conservation laboratory set to open in Nilaveli

Under the national initiative to protect Sri Lanka’s coastal and marine ecosystems, the exceptional Coral Conservation Centre and Laboratory complex currently being established in Nilaveli, Trincomalee, was formally inspected by the Deputy Minister of Environment, Anton Jayakody, on August 25.

Out of the 245 coral species identified along Sri Lanka’s eastern coastline, the primary focus of this facility is the conservation of highly rare species, including Black Coral and Red Coral. Necessary measures have been taken to conserve and artificially propagate these rare varieties, yielding successful outcomes already.

The core operations of the centre involve artificially replicating natural marine temperatures and environmental conditions within the laboratory to cultivate corals, which are subsequently outplanted onto the seabed. Construction is scheduled for completion by the end of September this year. In the future, this facility will open to university students, researchers, and the general public as a Coral Museum and Research Centre, aiming to expand scientific marine research.

This project demonstrates the practical, on-the-ground ex*****on of the government’s sustainable environmental policy. To safeguard vulnerable marine biodiversity against climate change, ensure the sustainable management of oceanic resources, and preserve natural ecosystems for future generations, several similar conservation initiatives are planned for rollout across the island.

වෙරළබඩ සම්පත් ආරක්ෂා කිරීමේ නව උපායමාර්ගික සැලැස්ම පිළිබඳ වැඩමුළුව සාර්ථකව අවසන්වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙප...
23/08/2026

වෙරළබඩ සම්පත් ආරක්ෂා කිරීමේ නව උපායමාර්ගික සැලැස්ම පිළිබඳ වැඩමුළුව සාර්ථකව අවසන්

වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුවේ වෙරළ කලාප මෙහෙයුම් අංශයේ නිලධාරීන්ගේ දැනුම, කුසලතා හා වෘත්තීය හැකියාවන් වර්ධනය කිරීමත්, වෙරළබඩ සම්පත් ආරක්ෂා කිරීමට අදාළ නව උපායමාර්ගික සැලැස්ම සමාලෝචනය කිරීමත් අරමුණු කරගනිමින් පැවැත්වූ තෙදින වැඩමුළුව 2026 අගෝස්තු 20, 21 සහ 22 යන දිනවල කොත්මලේ රිවර් සයිඩ්හි පිහිටි වාරිමාර්ග හා ජල කළමනාකරණය පිළිබඳ ජාත්‍යන්තර පුහුණු ආයතනයේදී සාර්ථකව පැවැත්විණි.

වෙරළ සම්පත් කළමනාකරණ අංශය විසින් සංවිධානය කරන ලද මෙම වැඩමුළුව සඳහා වෙරළ කලාප මෙහෙයුම් අංශයේ ප්‍රධාන පරීක්ෂකවරුන්, පරීක්ෂකවරුන්, සැරයන්වරුන් හා නියාමක නිලධාරීන් ඇතුළු නිලධාරීන් 130 ක පමණ පිරිසක් සහභාගී වූහ. වැඩමුළුවේදී නිලධාරීන්ගේ වගකීම් හා කාර්යභාරය, වෙරළ සංරක්ෂණ කටයුතු සඳහා අදාළ නීතිමය පසුබිම, ක්ෂේත්‍ර රාජකාරි කාර්යක්ෂමව ක්‍රියාත්මක කිරීම සහ ඉදිරි වෙරළ සම්පත් කළමනාකරණ කටයුතු පිළිබඳව දේශන, සාකච්ඡා හා කණ්ඩායම් ක්‍රියාකාරකම් රැසක් පැවැත්විණි.
කණ්ඩායම් ක්‍රියාකාරකම් තුළින් ව්‍යාපෘති 09ක්
මෙම වැඩමුළුවේ විශේෂ අංගයක් ලෙස සහභාගි වූ නිලධාරීන් කණ්ඩායම්වලට බෙදා සිදුකළ කණ්ඩායම් ක්‍රියාකාරකම් තුළින් වෙරළ සම්පත් සංරක්ෂණය හා කළමනාකරණයට අදාළ ව්‍යාපෘති යෝජනා 09ක් සකස් කර ඉදිරිපත් කරන ලදී.
එම ව්‍යාපෘති සම්බන්ධයෙන් වැඩමුළුවේදී දීර්ඝ හා ගැඹුරු සමාලෝචනයක් සිදුකරමින් ඒවායේ ප්‍රායෝගිකත්වය, අවශ්‍යතාව, ක්‍රියාත්මක කිරීමේ හැකියාව සහ අපේක්ෂිත ප්‍රතිඵල පිළිබඳව සාකච්ඡා කරන ලදී. එම ව්‍යාපෘති අතරින් ප්‍රමුඛතාවය සහ ප්‍රායෝගික හැකියාව මත තෝරාගත් ව්‍යාපෘති කිහිපයක් ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමටද තීරණය කරන ලදී. මෙම ක්‍රියාවලිය මඟින් නිලධාරීන්ගේ ක්ෂේත්‍ර අත්දැකීම් හා නිර්මාණශීලී අදහස් ප්‍රායෝගික ක්‍රියාමාර්ග බවට පත්කිරීම සඳහා වැදගත් පදනමක් සකස් විය.

සම්පත් දායකයන්ගේ විශිෂ්ට දායකත්වය
වැඩමුළුවේ දේශන, සාකච්ඡා හා දැනුම් හුවමාරු සැසි සඳහා සම්පත් දායකත්වය ලබාදුන් අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය පී. බී. ටර්නි ප්‍රදීප් කුමාර මහතා, වෙරළ සම්පත් කළමනාකරණ අංශයේ අධ්‍යක්ෂ බී. එච්. ජේ. ප්‍රේමතිලක මහතා, නීති නිලධාරිනි කේ. පංචාලි ප්‍රනාන්දු මහත්මිය, ප්‍රධාන ඉංජිනේරු ආර්. පී. එස්. ඩී. පත්මසිරි මහතා ඇතුළු සම්පත් දායක මහත්ම මහත්මීන් විසින් තම දැනුම, අත්දැකීම් හා වෘත්තීයමය මඟපෙන්වීම් ඉතා ඉහළ මට්ටමින් ලබාදෙන ලදී.

ඔවුන්ගේ දායකත්වය වැඩමුළුවේ අරමුණු සාර්ථකව ඉටුකර ගැනීමට මෙන්ම නව උපායමාර්ගික සැලැස්ම සඳහා ප්‍රායෝගික අදහස් හා යෝජනා ලබාගැනීමටද මහත් පිටිවහලක් විය.

දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය පී. බී. ටර්නි ප්‍රදීප් කුමාර මහතාගේ අනුමැතිය හා මඟපෙන්වීම යටතේත්, වෙරළ සම්පත් කළමනාකරණ අංශයේ අධ්‍යක්ෂ බී. එච්. ජේ. ප්‍රේමතිලක මහතාගේ උපදෙස් හා මඟපෙන්වීම යටතේත්, මෙම වැඩමුළුව සාර්ථකව සංවිධානය කරන ලදී. සහකාර අධ්‍යක්ෂ පුෂ්පකුමාර විජේනායක මහතා ඇතුළු සංවිධාන කමිටුවේ නිලධාරීන්ගේ කැපවීම, මනා සම්බන්ධීකරණය හා සැලසුම්ගත ක්‍රියාකාරිත්වය හේතුවෙන් වැඩමුළුවේ සියලුම කටයුතු ඉතා විධිමත්ව හා සාර්ථකව සිදුකිරීමට හැකි විය.

වැඩමුළුවේ අවසානය සනිටුහන් කරමින් පැවති ත්‍යාග හා සහතිකපත්‍ර ප්‍රදානෝත්සවය සහභාගි වූ නිලධාරීන්ගේ දක්ෂතා හා දායකත්වයන් අගය කිරීමේ විශේෂ අවස්ථාවක් විය. එම අවස්ථාව සංගීතමය රසවින්දනාත්මක වැඩසටහනක් සමඟින් පැවැත්වීම හේතුවෙන් වැඩමුළුවට තවත් සුන්දරත්වයක් හා විචිත්‍රත්වයක් එක්විය. එමඟින් තෙදින වැඩමුළුවේ අධ්‍යාපනික හා වෘත්තීයමය අත්දැකීම් සමඟ සුහදත්වය හා කණ්ඩායම් හැඟීමද තවදුරටත් වර්ධනය විය.
මෙම වැඩමුළුව මඟින් ලබාගත් දැනුම, අත්දැකීම්, අදහස් හා යෝජනා ඉදිරි වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ කටයුතු වඩාත් කාර්යක්ෂම, ඒකාබද්ධ හා තිරසර ආකාරයෙන් ක්‍රියාත්මක කිරීම සඳහා වැදගත් පදනමක් වනු ඇතැයි අපේක්ෂා කෙරේ. “සුරක්ෂිත වෙරළක් – තිරසර අනාගතයක්” යන දැක්ම පෙරදැරි කරගනිමින්, ශ්‍රී ලංකාවේ වටිනා වෙරළ සම්පත් වර්තමාන පරපුරට මෙන්ම අනාගත පරපුරටද සුරක්ෂිතව දායාද කිරීම සඳහා දෙපාර්තමේන්තුවේ කැපවීම තවදුරටත් ශක්තිමත් කරමින් මෙම වැඩමුළුව සාර්ථකව අවසන් කරන ලදී.

**Ahangama Kanda Coastal Protection Project Successfully Completed**The Department of Coast Conservation and Coastal Res...
05/08/2026

**Ahangama Kanda Coastal Protection Project Successfully Completed**

The Department of Coast Conservation and Coastal Resource Management has successfully completed the coastal protection gabion wall project at the historic Ahangama Kanda Temple land, located in the Habaraduwa Divisional Secretariat Division of the Galle District.

During the 2025 southwest monsoon, severe wave action caused severe coastal erosion, threatening ahangama kanda temple as well as the adjacent main road. Fully funded by the Government of Sri Lanka (GOSL) and completed in March 2026, this vital infrastructure project successfully stabilizes the shoreline, secures key transport infrastructure, and protects a valuable piece of Sri Lankan cultural heritage for future generations.

කළුතර කැලිඩෝ මුවදොර සහ වෙරළ තීරයේ ඇතිවී ඇති වෙරළ  ඛාදනය ඇතුළු පාරිසරික ගැටලු අවම කිරීම සඳහා වෙරළ සංරක්ෂණ සහ වෙරළ සම්පත් ...
31/07/2026

කළුතර කැලිඩෝ මුවදොර සහ වෙරළ තීරයේ ඇතිවී ඇති වෙරළ ඛාදනය ඇතුළු පාරිසරික ගැටලු අවම කිරීම සඳහා වෙරළ සංරක්ෂණ සහ වෙරළ සම්පත් කළමනාකරන දෙපාර්තමේන්තුව මගින් සිදු කරනු ලබන "කළුතර කැලිඩෝ වෙරළ තීරය, කලපුව හා කළු ගඟ මුවදොර නැවත ප්‍රතිශ්ඨාපනය කිරීමේ ව්‍යාපෘතිය" නිරීක්ෂණය කිරීම අද දින (2026.07.31) කළුතර කැලිඩෝ වෙරළ තීරයේදි සිදු කරන ලදී.

මෙම අවස්ථාව සඳහා වෙරළ සංරක්ෂණ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය පී.බී. ටර්නි ප්‍රදීප් කුමාර මහතා, නිර්මාණ හා පරේෂණ අංශයෙහි ප්‍රධාන ඉංජිනේරු ඩී.ටී.රූපසිංහ මහතා, වෙරළ සම්පත් කළමනාකරණ අංශයෙහි අධ්‍යක්ෂ බී.එච්.ජේ. ප්‍රේමතිලක මහතා නීති නිලධාරී පංචාලී ප්‍රනාන්දු මහත්මිය, ප්‍රදේශීය ඉංජි⁣නේරු (කොළඹ දකුණ) තාරක ගමගේ මහතා ඇතුලු දෙපාර්මේන්තු නිළධාරී මහත්ම මහත්මීන් සහභාගි විය.

27/07/2026
වෙරළ සංරක්ෂණය හා වෙරළ සම්පත් කළමනාකරණය තුළින් තිරසාර ධීවර හා සංචාරක සංවර්ධනය පිළිබඳ වෙරළ කලාපයේ රාජ්ය ආයතන නිළධාරීන් දැන...
25/07/2026

වෙරළ සංරක්ෂණය හා වෙරළ සම්පත් කළමනාකරණය තුළින් තිරසාර ධීවර හා සංචාරක සංවර්ධනය පිළිබඳ වෙරළ කලාපයේ රාජ්ය ආයතන නිළධාරීන් දැනුවත් කිරීමේ ගාල්ල දිස්ත්‍රික් වැඩමුළුව

"අපේ වෙරළ - අපේ වගකීම" යන තේමාව යටතේ වෙරළ කලාපයේ රාජ්‍ය ආයතන නිලධාරීන් දැනුවත් කිරීමේ ගාල්ල දිස්ත්‍රික් වැඩමුළුව 2026 ජූලි 24 වන දින පෙ.ව. 9.30 සිට ප.ව. 1.30 දක්වා ගාල්ල මහ නගර සභා ශ්‍රවනාගාරයේදී සාර්ථකව පැවැත්විණි.
මෙම වැඩමුළුව ගාල්ල ප්‍රාදේශීය ඉංජිනේරු සුරංග නන්දසේන, සහකාර අධ්‍යක්ෂ පුෂ්ප කුමාර විජේනායක හා සංවර්ධන නිලධාරීන්, වෙරළ සංරක්ෂණ පරීක්ෂක/සැරයන්/නියාමක නිලධාරින් ඇතුළු ගාල්ල ප්‍රාදේශීය කාර්යාලයේ සියළු කාර්යමණ්ඩලය එක්ව ඉතා සාර්ථකව සංවිධානය කර තිබුණි.
මෙම අවස්ථාව සඳහා ගරු ධීවර, ජලජ සහ සාගර සම්පත් නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මැතිතුමා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ අතර, ගාල්ල මහ නගර සභාවේ නගරාධිපති සුනිල් ගමගේ මැතිතුමා, ගාල්ල දිස්ත්‍රික්කයේ වෙරළ කලාපයට අයත් නගර සභා හා ප්‍රාදේශීය සභාවල ගරු නගරාධිපතිවරු, සභාපතිවරු, නාගරික හා ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු රැසක් සහභාවි විය.

ඊ්ට අමතරව ක්ලීන් ශ්‍රී ලංකා දකුණු පලාත් සම්බන්ධීකාරක හා ගාල්ල දිස්ත්‍රික් කැදවුම්කරු කේ. එම්. සංජය ධනුෂ්ක ද සිල්වා මැතිතුමා, දකුණු පලාත් සංචාරක කාර්යංශයේ ගරු සභාපති ජයාන් ගොඩකන්ද මැතිතුමා ද මෙම අවස්ථාවට සහභාගි විය.
ගාල්ල දිස්ත්‍රික් ලේකම් කේ.යූ. චන්ද්‍රලාල් මහතා, වෙරළ කලාපයේ පිහිටා ඇති ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලවල ප්‍රාදේශීය ලේකම්වරුන්, ග්‍රාම නිලධාරීන්, පොලිස් හා ශ්‍රී ලංකා නාවික හමුදා නිලධාරීන්, වෙරළ ආරක්ෂක නිලධාරීන්, විශේෂ කාර්යය බලකායේ නිලධාරීන් ඇතුළු ගාලු උරුමය පදනම, ගාල්ල දිස්ත්‍රික් ධීවර කාර්යාලය, මධ්‍යම පරිසර අධිකාරිය, නාගරික සංවර්ධන අධිකාරිය, දකුණු පලාත් සමූද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය, පුරා විද්‍යා දෙපාර්තමේන්තුව, දකුණු පලාත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව, මාර්ග සංවර්ධන අධිකාරිය, ජාතික ජලසම්පාදන හා ජලාප්‍රවාහන මණ්ඩලය, විදුලිබල මණ්ඩලය යන රාජ්‍ය ආයතනවල ප්‍රධානීන් සහ රාජ්‍ය නිලධාරී මහත්ම මහත්මීන් 300 කට අධික පිරිසක් සහභාගී වූහ.
ප්‍රධාන ආරාධිත ගරු ධීවර, ජලජ සහ සාගර සම්පත් නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මැතිතුමා ඇතුව ආරාධිත අමුත්තන් හා ආරාධීත රාජ්‍ය නිලධාරීන් විසින් ඉතා අලංකාර අන්දමින් නිර්මානය කර ලිබූ චාරිත්‍රානුකූල පොලතෙල් පහන දල්වමින් වැඩමුළුව ආරම්භ කරන ලදි.
මෙහිදී ගාල්ල ප්‍රාදේශීය කාර්යාලයේ සහකාර අධ්‍යක්ෂ පුෂ්ප කුමාර විජේනායක මහතා විසින් මෙම විශේෂ දැනුවත් කිරීමේ වැඩමුළුවට සහභාගිවී සිටින ආරාධිත අමුත්තන් හා සියලළුම රාජ්‍ය නිලධාරීන් ඉතාමත් ගෞරවයෙන් සහ හෘදයාංගමව පිළිගනිමින් "අද අප මෙහි රැස්වී සිටින්නේ සාමාන්‍ය වැඩසටහනක් සඳහා නොවන බවත් අප එක්වී සිටින්නේ ශ්‍රී ලංකාවේ වටිනාම ස්වභාවික සම්පත් අතරින් එකක් වන අපගේ වෙරළ තීරය ආරක්ෂා කිරීම සඳහා අප සියලු දෙනාටම පැවරී ඇති වගකීම පිළිබඳ එකම වේදිකාවක සිට සාකච්ඡා කිරීමට හා මෙම වෙරළ කලාපය පරිසර පද්ධතියක අගනා කොටසක් පමණක් නොව, ධීවර කර්මාන්තය, සංචාරක කර්මාන්තය, නාවික කටයුතු, වෙළෙඳාම සහ වෙරළාශ්‍රිත ජනතාවගේ ජීවනෝපාය රඳා පවතින ජාතික සම්පතක්" බවත් පැවසීය.
තවද අද වන විට වෙරළ ඛාදනය, අනවසර ඉදිකිරීම්, පරිසර දූෂණය, ප්ලාස්ටික් අපද්‍රව්‍ය, දේශගුණික විපර්යාස සහ අවිධිමත් සංවර්ධන ක්‍රියාකාරකම් හේතුවෙන් මෙම සම්පත විවිධ අභියෝගවලට මුහුණ දී සිටින බැවින් මෙවැනි අභියෝගවලට සාර්ථකව මුහුණ දිය හැක්කේ එක් ආයතනයකට පමණක් නොවන බවත් ඒ සඳහා මධ්‍යම රජය, පළාත් පාලන ආයතන, ආරක්ෂක අංශ, නීතිය ක්‍රියාත්මක කරන ආයතන, ධීවර හා සංචාරක අංශ, රාජ්‍ය ආයතන සහ මහජනතාව අතර ශක්තිමත් හවුල්කාරිත්වයක් අවශ්‍ය බවත් ඒ හවුල්කාරිත්වය තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින් මෙම වැඩමුළුව සංවිධානය කර තිබෙන බවත් වැඩිදුරටත් පැවසීය

මෙහිදී ආරම්භක දේශනය සිදු කරමින් වැඩසටහනෙහි අරමුණ සහ 2026 වර්ෂයේ ගාල්ල දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක කල ව්‍යාපෘති හා වැඩසටහන් පිලිබඳ ප්‍රගතිය සම්බන්ධයෙන් අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය පී.බී ටර්නි ප්‍රදීප් කුමාර මහතා විසින් කරුණු පැහැදිලි කරන ලදී.

එසේම, වෙරළ කලාපයේ සංවර්ධන කටයුතු සඳහා අවසරපත්‍ර ක්‍රියාවලිය, අනවසර ඉදිකිරීම් සම්බන්ධ නීතිමය ක්‍රියාමාර්ග සහ වෙරළ ඛාදනය වැළැක්වීමේ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී පැන නගින ගැටලු පිළිබඳව වෙරළ සම්පත් කළමනාකරණ අංශ ප්‍රධානී අධ්‍යක්ෂ බී.එච්.ජේ. ප්‍රේමතිලක මහතා සහ කේ. නීති නිලධාරීනී පංචාලි ප්‍රනාන්දු මහත්මිය විසින් පුළුල් සාකච්ඡාවක් පවත්වන ලදී
මෙම වැඩසටහනේ සුවිශේෂී අවස්ථාවක් සනිටුහන් කරමින් වෙරළ සංරක්ෂණය හා වෙරළ සම්පත් කළමනාකරණ කටයුතු සාර්ථකව ඉටු කිරීම සඳහා විශිෂ්ට නායකත්වය, කැපවීම සහ අගනා සහයෝගය ලබාදුන් රාජ්‍ය ආයතන නිලධාරීන් ඇගයීම හා උපහාර තිළිණ ප්‍රදානය කිරීමක්ද සිදු කෙරිණි.
මෙම වැඩමුළුව අතරතුර කෙටි විවේකයන් හිදී නර්ථන හා ගීත අංගයන් ද ඉදිරිපත් කරන ලද අතර ඒ තුලින් වැඩමුළුව තවත් අලංකාර විය.
මෙහිදී සංවර්ධන නිලධාරී මධුෂි ගමගේ මහත්මිය විසින් වැඩමුළුවට සහභාගි වූ ආරාධිත අමුත්තන් ඇතුළු සියළු රාජ්‍ය නිලධාන් හට මෙන්ම මෙම වැඩමුළුව සාර්තව පැවැත්වීම සදහා නන් අයුරින් සහයෝගය දැක්වූ සැමට විශේෂ ස්තූතිය ප්‍රකාශ කරමින් වැඩමුළුව අවසන් කරන ලදි.

"එක්ව කටයුතු කරමු.
අපේ වෙරළ රැකගනිමු.
වෙරළ සම්පත් සුරකිමු.
තිරසාර අනාගතයක් ගොඩනඟමු"

වෙරළ සංරක්ෂණ සහ වෙරළ සම්පත් කළමනාකරන දෙපාර්තමේන්තුව - පරිසර අමාත්‍යාංශය

කෝකිලායි කලපුව හරහා මාර්ග සංවර්ධන අධිකාරිය මගින් ඉදිකිරීමට යෝජිත මීටර් 700 ක් පමණ දුරකින් යුක්ත පුල්මුඩේ හා මුලතිව් යා ව...
23/07/2026

කෝකිලායි කලපුව හරහා මාර්ග සංවර්ධන අධිකාරිය මගින් ඉදිකිරීමට යෝජිත මීටර් 700 ක් පමණ දුරකින් යුක්ත පුල්මුඩේ හා මුලතිව් යා වන පාලම පිළිබඳ, ඊට සම්බන්ධ පාර්ශවකරුවන් සමඟ පැවැති ක්ෂේත්‍ර නිරීක්ෂණය 2027.07.22 දින සිදු කරන ලදී.
මෙම අවස්ථාව වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මාර්ග සංවර්ධන අධිකාරිය මූලිකත්වයෙන් සිදු වුන අතර ඊට අදාල රාජ්‍ය ආයතන වල නිලධාරින් හා අනෙකුත් පාර්ශව වල මහත්ම මහත්මීන් ද සහභාගී වූ අතර මෙම කටයුත්ත සම්බන්ධයෙන් දැනුවත් කරන ලදී.

කඩොලාන පරිසර පද්ධති ආරක්ෂා කිරීම, පෘථිවිය උණුසුම් කරන කාබන් විමෝචනය අවම කිරීම සඳහා වන තීරණාත්මක පියවරක්. මෙම පරිසර පද්ධත...
15/07/2026

කඩොලාන පරිසර පද්ධති ආරක්ෂා කිරීම, පෘථිවිය උණුසුම් කරන කාබන් විමෝචනය අවම කිරීම සඳහා වන තීරණාත්මක පියවරක්.

මෙම පරිසර පද්ධති මඟින් ඒවායේ ජෛව ස්කන්ධය (biomass) සහ පස තුළ, හෙක්ටයාරයකට කාබන් ටොන් 1,000ක් දක්වා ප්‍රමාණයක් ගබඩා කර ගනු ලබනවා.

වනස්පති ජාතික වැඩසටහන යටතේ කඩොලාන වනාන්තර ද රක්ෂිත ලෙස ආරක්ෂා වුණා

අම්පාර දිස්ත්‍රික්කයේ - පාලකුඩා ,අන්නමලයි 01, අන්නමලයි 02 කඩොලාන වනාන්තර රක්ෂිතය ලෙස ප්‍රකාශයට පත්වුණා.

පුත්තලම දිස්ත්‍රික්කයේ මැරවල, වවුල්කැලේ, මරම්බැට්ටිය, කුසල, මැරවල 1, මැරවල 2, මැරවල 3 සහ කරුකපයන් 2 කඩොලාන වනාන්තර රක්ෂිත ලෙස ප්‍රකාශයට පත්වුණා.

இந்தச் சூழல் அமைப்புகள், அவற்றின் தாவரத் தொகுதிகளிலும் (biomass) மண்ணிலும் ஹெக்டேருக்கு 1,000 டன்கள் வரை கார்பனைச் சேமித்து வைக்கின்றன.

கண்டல் காடுகளின் பலதரப்பட்ட நன்மைகள் பற்றிய மேலதிக விபரங்கள்:

"வனஸ்பதி" தேசிய வேலைத்திட்டத்தின் கீழ், கண்டல் காடுகளும் பாதுகாக்கப்பட்ட வன வலயங்களாகப் பிரகடனப்படுத்தப்பட்டன.
• அம்பாறை மாவட்டத்தில் - பாலக்குடா, அண்ணாமலை 01 கண்டல் காடு மற்றும் அண்ணாமலை 02 கண்டல் காடு ஆகியன பாதுகாக்கப்பட்ட வன வலயங்களாகப் பிரகடனப்படுத்தப்பட்டன.
• புத்தளம் மாவட்டத்தில் - மரவல, வவுல்கலெ, மரம்பட்டிய, குசல, மரவல 1, மரவல 2, மரவல 3 மற்றும் கருக்கபயன் 2 ஆகிய கண்டல் காடுகள் பாதுகாக்கப்பட்ட வன வலயங்களாகப் பிரகடனப்படுத்தப்பட்டன.

Protecting mangroves is a crucial step to lowering planet-warming carbon emissions.

These ecosystems store up to 1,000 tonnes of carbon per hectare in their biomass and soils.

Under the "Vanaspathi" National Program, mangrove forests were also protected as forest reserves.

In the Ampara District, the Palakuda, Annamalai 01 Mangrove, and Annamalai 02 Mangrove forests were declared as forest reserves.

In the Puttalam District, the Marawala, Wavulkale, Marambattiya, Kusala, Marawala 1, Marawala 2, Marawala 3, and Karukapayan 2 mangrove forests were declared as forest reserves.

බංගලා භාරකරු - තනතුරු 04පරිසර අමාත්‍යාංශය වෙරළ සංරක්ෂණ සහ වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුවෙහි ප්‍රාථමික අර්ධ ශිල්පීය ...
07/07/2026

බංගලා භාරකරු - තනතුරු 04

පරිසර අමාත්‍යාංශය

වෙරළ සංරක්ෂණ සහ වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුවෙහි ප්‍රාථමික අර්ධ ශිල්පීය සේවා ගණයට අයත් සංචාරක බංගලා භාරකරු තනතුරට බඳවා ගැනීම - 2026

අයදුම්පත් කැඳවන අවසාන දිනය වන 2026.07.13 වන දිනට අදාළ සුදුසුකම් සපුරන අයදුම්කරුවන්ගෙන් බඳවා ගැනේ.

අයදුම් කිරීමට හා වැඩිදුර තොරතුරු 2026.06.12 ගැසට් පත්‍රය මගින්

Address

PO Box. 556, New Secretariat Building, Maligawatte, Colombo 10
Colombo
01000

Opening Hours

Monday 08:30 - 16:15
Tuesday 08:30 - 16:15
Wednesday 08:30 - 16:15
Thursday 08:30 - 16:15
Friday 08:30 - 16:15

Telephone

+94112449754

Alerts

Be the first to know and let us send you an email when Department of Coast Conservation and Coastal Resource Management posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Department of Coast Conservation and Coastal Resource Management:

Shortcuts

Share