Sri Lanka Customs

Sri Lanka Customs Sri Lanka Customs is one of the oldest Customs administrations in the world which celebrated its 200 years in 2009.

The Sri Lanka Customs is dedicated to enforce revenue and social protection laws of the state while facilitating the trade with the objective of contributing to the national effort and in due recognition thereof. However, there is evidence of the existence of Customs tax collection in Sri Lanka over 2000 years ago at the Godawaya Harbor in Hambanthota. The present Sri Lanka Customs administration

is a Department coming under the Ministry of Finance. The Director General of Customs is assisted by five Additional Director Generals and there are over two thousand employees working for the Department. Our functions includes:

* Collection of revenue
* Prevention of revenue leakages and other frauds
* Facilitation of legitimate trade
* Collection of import and export data to provide statistics.
* Cooperation and coordination with other Government Departments and stakeholders in respect of imports and exports. This is the official page of Sri Lanka Customs.

25.01.2026 දින අලුයම 4.45ට පමන මස්කට් සිට පැමිනි සලාම් එයා(ර්) ගුවන් සේවයේ OV437 ගුවන් යානයෙන් ලංකාවට පැමිනි ශ්‍රී ලාංකි...
25/01/2026

25.01.2026 දින අලුයම 4.45ට පමන මස්කට් සිට පැමිනි සලාම් එයා(ර්) ගුවන් සේවයේ OV437 ගුවන් යානයෙන් ලංකාවට පැමිනි ශ්‍රී ලාංකික ගුවන් මගීන් තිදෙනෙක් කුශ් හා හශීස් මත්ද්‍රව්‍ය තොගයක් සමග අත්අඩංගුවට ගැනීමට රේගු නිලධාරීන් සමත්විය.

සැකකරුවන් තිදෙනා සතුව තිබී කුශ් මත්ද්‍රව්‍ය කිලෝ 10.394 ක් හා හශීස් මත්ද්‍රව්‍ය කිලෝ 1.912ක් අත්අඩංගුවට ගැනුණු අතර අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය ප්‍රමාණයේ වීදි වටිනාකම රුපියල් කෝටි 13කට අධික වේ. මොවුන් බැංකොක් නගරයෙන් මත්ද්‍රව්‍ය රැගෙන රේගු නිලධාරීන් මුලා කිරීමේ අරමුනින් මස්කට් වෙත ගොස් එතැන්සිට ශ්‍රී ලංකාවට පැමින ඇත.

රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් හා හරිත මාර්ගයට අනුයුක්තව රාජකාරී සිදුකරන රේගු නිලධාරීන් විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති අතර වැඩි දුර නෛතික කටයුතු සඳහා අදාළ සැකකරුවන් හා මත්ද්‍රව්‍ය තොගය ශ්‍රී ලංකා පොලිස් මත්ද්‍රව්‍ය කාර්‍යංශය වෙත බාර දී ඇත.

ශ්‍රී ලංකා රේගු මත්ද්‍රව්‍ය පාලන ඒකකයේ නිලධාරීන් විසින්  කුෂ් වර්ගයේ මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 7ක් රට තුළට නීති විරෝධී ලෙ...
07/01/2026

ශ්‍රී ලංකා රේගු මත්ද්‍රව්‍ය පාලන ඒකකයේ නිලධාරීන් විසින් කුෂ් වර්ගයේ මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 7ක් රට තුළට නීති විරෝධී ලෙස ගෙන ඒමට උත්සාහ කළ ශ්‍රී ලාංකිකයකු 2026.01.07 දින අත්අඩංගුවට ගන්නා ලදී.

වයස අවුරුදු 24 පසුවන වන සැකකරු AI277 දරන එයාර් ඉන්දියානු ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් බැංකොක් නුවර සිට දිල්ලිය හරහා මෙරට බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළට පැමිණ පිට වීමට තැත් කිරීමේදී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත. එහිදී සැකකරුගේ ගමන් මළු තුළ සඟවා තිබියදී මෙම මත්ද්‍රව්‍ය සොයා ගැනුණු අතර එහි වීදි වටිනාකම ආසන්න වශයෙන් රුපියල් මිලියන 70ක් බවට ගණනය කර ඇත.

මේ සම්බන්දව ශ්‍රී ලංකා රේගු මත්ද්‍රව්‍ය පාලන ඒකකය විසින් වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබයි.

ශ්‍රී ලංකා රේගු මත්ද්‍රව්‍ය පාලන ඒකකයේ නිලධාරීන් විසින්  කුෂ් වර්ගයේ මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 50ක් රට තුළට නීති විරෝධී ල...
06/01/2026

ශ්‍රී ලංකා රේගු මත්ද්‍රව්‍ය පාලන ඒකකයේ නිලධාරීන් විසින් කුෂ් වර්ගයේ මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 50ක් රට තුළට නීති විරෝධී ලෙස ගෙන ඒමට උත්සාහ කළ ඉන්දියානු ජාතිකයයින් තිදෙනෙක් 2026.01.06 දින අත්අඩංගුවට ගන්නා ලදී.

වයස අවුරුදු 25,27 පසුවන වන සැකකරුවන් UL403 දරන ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් බැංකොක් නුවර සිට මෙරට බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළට පැමිණ පිට වීමට තැත් කිරීමේදී රේගු නිලධාරීන් විසින් සිදු කල විශේෂ මෙහෙයුමකදී මොවුන් අත්අඩංගුවට ගැනීමට හැකියාව ලැබී ඇත. එහිදී සැකකරුවන්ගේ ගමන් මළු තුළ සඟවා තිබියදී මෙම මත්ද්‍රව්‍ය සොයා ගැනුණු අතර එහි වීදි වටිනාකම ආසන්න වශයෙන් රුපියල් මිලියන 500ක් බවට ගණනය කර ඇත.

මෙම මත්ද්‍රව්‍ය වැටලීම ගුවන්තොටුපල ඉතිහාසයේ එක්වරක් තුළ අත්අඩංගුවට ගත් විශාලතම මත්ද්‍රව්‍ය තොගය වන අතර, ශ්‍රී ලංකා රේගු මත්ද්‍රව්‍ය පාලන ඒකකය විසින් වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබයි.

FitsAir ගුවන් සේවයේ ඩුබායි සිට පැමිණි ගුවන් යානයක සේවයේ නියුතු ගුවන් සේවිකාවකගේ පෞද්ගලික බෑගය තුල තිබී රත්රන් 1,163g ප්‍...
04/01/2026

FitsAir ගුවන් සේවයේ ඩුබායි සිට පැමිණි ගුවන් යානයක සේවයේ නියුතු ගුවන් සේවිකාවකගේ පෞද්ගලික බෑගය තුල තිබී රත්රන් 1,163g ප්‍රමානයක ස්වර්ණාභරණ සහ රන් බිස්කට් සොයාගැනීමට ශ්‍රී ලංකා රේගුවේ කටුනායක බණ්ඩාරනායක ගුවන්තොටුපලට අනියුක්ත රේගු නිලධාරීන් සමත්ව තිබෙනවා.

සැකකාර ගුවන් සේවිකාව තම රාජකාරී නිමවී මෙරට ගුවන් තොටුපලින් පිටවන අවස්ථාවේදී මෙලස නීතිවිරෝධීව මෙරටට රත්‍රන් ගෙන ඒමට තැත් කර ඇති අතර ස්වර්ණාභරණ තොගයේ වටිනාකම මිලියන 45කට අධික වන බවට තක්සේරු කර ඇත.

එසේ නමුදු රේගු නිලධාරීන්ගේ විමසිලිමත් භාවය නිසා එම උත්සහය ව්‍යර්ථ කිරීමට හැකියාව ලැබී ඇති අතර සැකකාරිය සම්බන්දව වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක වේ.

ශ්‍රී ලංකා රේගු මත්ද්‍රව්‍ය පාලන ඒකකයේ නිලධාරීන් විසින්  කුෂ් වර්ගයේ මත්ද්‍රව්‍ය ග්‍රෑම් 3,419ක් රට තුළට නීති විරෝධී ලෙස...
03/01/2026

ශ්‍රී ලංකා රේගු මත්ද්‍රව්‍ය පාලන ඒකකයේ නිලධාරීන් විසින් කුෂ් වර්ගයේ මත්ද්‍රව්‍ය ග්‍රෑම් 3,419ක් රට තුළට නීති විරෝධී ලෙස ගෙන ඒමට උත්සාහ කළ ඉන්දියානු ජාතිකයකු 2026.01.02 දින අත්අඩංගුවට ගන්නා ලදී.

වයස අවුරුදු 35ක් වන සැකකරු UL403 දරන ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් බැංකොක් නුවර සිට මෙරට බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළට පැමිණ පිට වීමට තැත් කිරීමේදී රේගු නිලධාරීන් විසින් පරීක්ෂා කිරීම සිදු කර ඇත. එහිදී සැකකරුගේ ගමන් මල්ල තුළ සඟවා තිබියදී මෙම මත්ද්‍රව්‍ය සොයා ගැනුණු අතර එහි වීදි වටිනාකම ආසන්න වශයෙන් රුපියල් මිලියන 34.19ක් බවට ගණනය කර ඇත.

ශ්‍රී ලංකා රේගු මත්ද්‍රව්‍ය පාලන ඒකකය වැඩිදුර පරීක්ෂණ පවත්වන අතර, සැකකරු සහ රාජසන්තක කරන ලද මත්ද්‍රව්‍ය ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග සඳහා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයට භාර දෙනු ලැබීය.

30/12/2025
බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ පිටත්වීමේ පර්යන්තයෙන්, රුපියල් කෝටියකට අධික වටිනාකමකින් යුත්  මැණික් ගල් තොගයක් සූක්‍...
07/12/2025

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ පිටත්වීමේ පර්යන්තයෙන්, රුපියල් කෝටියකට අධික වටිනාකමකින් යුත් මැණික් ගල් තොගයක් සූක්‍ෂම ලෙස රටින් පිටකිරීමට උත්සාහ කල ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු ගුවන්තොටුපල රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු විසින් මෙම මැණික් ගල් තම ගුද මාර්ගයේ සඟවාගෙන මෙරටින් පිටවීමට තැත්කල අවස්ථාවේ, ඔහුගේ හැසිරීම පිළිබඳව ඇතිවූ සැකයක් මත ගුවන්තොටුපල පිටවීමේ පර්යන්තයේ රේගු නිලධාරීන් විසින් ඔහුව අත්අඩංගුවට ගත් අතර සැකකරු, රෝහල් ගත කිරීමෙන් අනතුරුව දවස් කීපයකට පසු එම මැණික් ගල් තොගය ශරීරයෙන් ඉවතට ගැනීමට හැකිවිය.

සැකකරු 2025.11.25 දින කටුනායක සිට තායිලන්තයේ බැංකොක් නුවර දක්වා ගමන් කරනු ලබන UL 402 දරණ ගුවන් යානයෙන් පිටවීමට පැමිණ සිටියදී මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත.

මොහු 39 හැවිරිදි විවාහකයෙකු වන අතර,ඔහු දැනට මොරටුව ප්‍රදේශයේ පදිංචි අයෙකි. ගුවන්තොටුපල රේගු නිලධාරීන් විසින් විමර්ශන කටයුතු සිදුකර, අවසානයේදී අදාළ මැණික් ගල් තොගය 2025.12.05 දින රාජසන්තක කිරීමට කටයුතු කරන ලදී.

ශ්‍රී ලංකා රේගු මත්ද්‍රව්‍ය පාලන ඒකකයේ නිලධාරීන් විසින් කොකේන් වර්ගයේ මත්ද්‍රව්‍ය ග්‍රෑම් 4,870ක් රට තුළට නීති විරෝධී ලෙ...
24/11/2025

ශ්‍රී ලංකා රේගු මත්ද්‍රව්‍ය පාලන ඒකකයේ නිලධාරීන් විසින් කොකේන් වර්ගයේ මත්ද්‍රව්‍ය ග්‍රෑම් 4,870ක් රට තුළට නීති විරෝධී ලෙස ගෙන ඒමට උත්සාහ කළ මැලේසියානු ජාතිකයකු 2025.11.24 දින අත්අඩංගුවට ගන්නා ලදී.

වයස අවුරුදු 33ක් වන සැකකරු EY369 එටිහාඩ් ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් අබුඩාබි නුවර සිට මෙරට බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළට පැමිණ පිට වීමට තැත් කිරීමේදී රේගු නිලධාරීන් විසින් පරීක්ෂා කිරීම සිදු කර ඇත. එහිදී සැකකරුගේ ගමන් මල්ලේ තිබූ චොකලට් අසුරන තුළ සඟවා තිබියදී මෙම මත්ද්‍රව්‍ය සොයා ගැනුණු අතර එහි වීදි වටිනාකම ආසන්න වශයෙන් රුපියල් මිලියන 243.5ක් බවට ගණනය කර ඇත.

ශ්‍රී ලංකා රේගු මත්ද්‍රව්‍ය පාලන ඒකකය වැඩිදුර පරීක්ෂණ පවත්වන අතර, සැකකරු සහ රාජසන්තක කරන ලද මත්ද්‍රව්‍ය ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග සඳහා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයට භාර දෙනු ලැබීය.

Sri Lanka Customs Surpasses 2025 Revenue Target Ahead of Schedule!Sri Lanka Customs has proudly surpassed its annual rev...
12/11/2025

Sri Lanka Customs Surpasses 2025 Revenue Target Ahead of Schedule!

Sri Lanka Customs has proudly surpassed its annual revenue target of Rs. 2,115 billion for the year 2025, achieving an impressive Rs. 2,117.2 billion as of November 11, well ahead of schedule.

Sri Lanka Customs is very happy and proud to announce that on 11th November, it surpassed the revenue target set for the year 2025. As of end Tuesday, 50 days before the close of 2025, the Department had collected a total revenue of Rs. 2,117.2 billion. Considering the current pace of revenue collection, it is expected that the annual target will be exceeded by over Rs. 300 billion by year’s end.

This remarkable accomplishment stands as a testament to the dedication, professionalism, and collective effort of the entire Sri Lanka Customs team, whose unwavering commitment continues to drive the nation’s fiscal success.

The Department remains steadfast in its mission to strengthen the national economy, ensure efficient revenue collection, facilitate trade, and uphold the highest standards of public service and integrity.

බැංකොක් සිට චෙන්නායි හරහා පැමිණි ශ්‍රී ලාංකිකයෙක් රුපියල් මිලියන 21කට වැඩි වටිනාකමින් යුත් කුෂ් කැනබිස් කිලෝග්‍රෑම් 2.07...
03/11/2025

බැංකොක් සිට චෙන්නායි හරහා පැමිණි ශ්‍රී ලාංකිකයෙක් රුපියල් මිලියන 21කට වැඩි වටිනාකමින් යුත් කුෂ් කැනබිස් කිලෝග්‍රෑම් 2.07 ක් සමඟ රේගු අත්අඩංගුවට ගෙන ඇත.

ශ්‍රී ලංකා රේගුවේ මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් බැංකොක්, තායිලන්තයෙන් චෙන්නායි හරහා පැමිණි 28 හැවිරිදි ශ්‍රී ලාංකික තරුණයෙකු මෙලස මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරු 2025.11.03 දින ඉන්ඩිගෝ ගුවන්සේවා 6E1171 ගුවන් යානයෙන් මෙරටට පැමිණ තිබුණි. මත්ද්‍රව්‍ය එම පුද්ගලයා රැගෙන ආ ගමන් මල්ලක පතුලේ ඉතා සූක්ෂම ලෙස සඟවා තිබුණි.

අත්අඩංගුවට ගත් කුෂ් කැනබිස් ප්‍රමාණය ග්‍රෑම් 2,079 (කිලෝග්‍රෑම් 2.07) ක් වන අතර එහි වීදී වටිනාකම රුපියල් මිලියන 21කට වැඩි බව ඇස්තමේන්තු කර ඇත.

මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් පූර්ව පරීක්ෂණ සිදු කරනු ලබන අතර, පසුව සැකකරු සහ අදාල මත්ද්‍රව්‍ය තොගය පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයට (PNB) වෙත බාර දීමට නියමිතයි.

A Historic Milestone for Sri Lanka Customs!Sri Lanka Customs has officially surpassed Rs. 2 Trillion (Rs. 2,000 Billion)...
31/10/2025

A Historic Milestone for Sri Lanka Customs!

Sri Lanka Customs has officially surpassed Rs. 2 Trillion (Rs. 2,000 Billion) in revenue collection for the year as of October 30th.

Announcing this achievement, Director General Seevali Arukgoda stated that the Department is well on track to reach its annual target of Rs. 2.115 Trillion for 2025, marking the highest ever tax revenue collected by a single government department in Sri Lanka’s history.

With strong performance across all revenue streams, Sri Lanka Customs remains confident of exceeding the annual target by nearly Rs. 300 Billion by year’s end.

This remarkable accomplishment reflects the dedication and commitment of all officers and staff of Sri Lanka Customs, working together to strengthen the nation’s economy.

2025.10.22 දින ශ්‍රී ලංකා තැපෑලේ EMS සේවය ඔස්සේ බෙල්ජියමේ සිට මෙරට මුතූර් ප්‍රදේශයේ ලිපිනයකට ආ පාර්සලයක තිබී M**A (මැන්ඩ...
30/10/2025

2025.10.22 දින ශ්‍රී ලංකා තැපෑලේ EMS සේවය ඔස්සේ බෙල්ජියමේ සිට මෙරට මුතූර් ප්‍රදේශයේ ලිපිනයකට ආ පාර්සලයක තිබී M**A (මැන්ඩි) වර්ගයේ යැයි සැකකරන මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 6ක ප්‍රමාණයක් ශ්‍රී ලංකා රේගුවේ ත්‍රිකුණාමල තැපැල් කාර්‍යාලයට අනුයුක්තව රාජකාරී කරන රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

මෙම පාරසලය තුල තිබූ සෙල්ලම් භාණ්ඩ අසුරන තුල සූක්ෂමව සඟවා තිබියදී මෙම මත්ද්‍රව්‍ය සොයාගෙන ඇති අතර මෙම පාර්සලය ලබා ගැනීමට පැමිනි වයස අවුරුදු 26ක තරුණයකු ද අතඩංගුවට ගෙන ඇත.

මෙම මත්ද්‍රව්‍ය තොගයේ වීදිවටිනාකම රුපියල් මිලියන 90ක් පමණ වන බවට ගණනය කර ඇති අතර මේ පිළිබඳව වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

Address

40, Main Street, Colombo 11
Colombo
01100

Opening Hours

Monday 09:00 - 16:45
Tuesday 09:00 - 16:45
Wednesday 09:00 - 16:45
Thursday 09:00 - 16:45
Friday 09:00 - 16:45

Telephone

+94112342507

Alerts

Be the first to know and let us send you an email when Sri Lanka Customs posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Sri Lanka Customs:

Share