NPP kiribathgoda

NPP kiribathgoda 🇱🇰❤️🧭

18/06/2026
14/06/2026
14/06/2026

හුරු පාටට අතවනන්න ...!

නැවතී තිබූ කඩුවෙල ග්‍රාමීය මාර්ග තුනක බස්,
හෙට සිට යලි ධාවනයේ ...!

14/06/2026
12/06/2026

ශ්‍රී ලංකාවේ බලශක්ති සුරක්ෂිතතාව තහවුරු කරමින් සහ පුනර්ජනනීය බලශක්ති ඉලක්ක කරා යන ගමන වේගවත් කරමින්, මන්නාරම දිස්ත්‍රික්කයේ ඉදි කිරීමට නියමිත මෙගාවොට් 150 ක කොන්ඩච්චි සුළං බලාගාර ව්‍යාපෘතිය සහ බැටරි බලශක්ති ගබඩා පද්ධතිය (BESS) සංවර්ධනය කිරීම සඳහා වන ත්‍රෛපාර්ශ්වීය සහයෝගිතා ගිවිසුම (Tri-partite Cooperation Agreement) අද (ජුනි 04) පෙරවරු 9.30 ට කොළඹ පිහිටි බලශක්ති අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී අත්සන් කරන ලදී.

ගරු බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා සහ ගරු බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අර්කම් ඉල්යාස් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම උත්සවය සඳහා අමාත්‍යාංශ ලේකම් ජී. එම්. ආර්. ඩී. අපොන්සු මහතා, නැෂනල් සිස්ටම් ඔපරේටර් (පුද්ගලික) සමාගමේ (NSO) සභාපති ආචාර්ය ප්‍රදීප් පෙරේරා මහතා සහ ආසියානු සංවර්ධන බැංකුවේ (ADB) වෙ‍ෙළඳපල සංවර්ධන හා රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරිත්ව අංශයේ ප්‍රධානී ටකෙයෝ කොයිකේ මහතා ඇතුළු සම්භාවනීය අමුත්තෝ රැසක් සහභාගී වූහ.

මන්නාරම දිස්ත්‍රික්කයේ සිලාවතුර, කොන්ඩච්චි ප්‍රදේශයේ පිහිටි ශ්‍රී ලංකා කජු සංස්ථාවට අයත් රජයේ ඉඩම් තුළ මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරේ. මෙය මන්නාරම් තීරයේ පවතින ඉහළ සුළං බලශක්ති විභවය උපරිම ලෙස ප්‍රයෝජනයට ගැනීමේ උපායමාර්ගික වැඩපිළිවෙලක කොටසකි. අවම වශයෙන් මෙගාවොට් 150 ක ස්ථාපිත ධාරිතාවයකින් යුත් මෙම බලාගාරය සඳහා නවීන සුළං ටර්බයින 31 ක් පමණ භාවිතා වේ.

මෙම ව්‍යාපෘතියේ විශේෂත්වය වන්නේ සුළං බලයේ පවතින විචල්‍යතාවය කළමනාකරණය කරමින් ජාතික විදුලිබල පද්ධතියට ස්ථාවර සහ විශ්වාසනීය සැපයුමක් ලබා දීම සඳහා ඒකාබද්ධ බැටරි බලශක්ති ගබඩා පද්ධතියකින් (BESS) සමන්විත වීමය.

ව්‍යාපෘතිය ක්‍රියාත්මක වීමත් සමඟ වාර්ෂිකව විදුලිය ගිගාවොට් පැය 525 ක් ජාතික පද්ධතියට එක් කිරීමට අපේක්ෂිත අතර, එමගින් ආනයනික ෆොසිල ඉන්ධන මත යැපීම සැළකිය යුතු ලෙස අඩු වේ. එසේම, වාර්ෂිකව කාබන් විමෝචනය ටොන් 372,750 කින් පමණ අඩු වන බැවින්, ශ්‍රී ලංකාවේ දේශගුණික විපර්යාස අවම කිරීමේ ඉලක්ක සපුරා ගැනීමට මෙය සෘජු දායකත්වයක් සපයයි.

මෙම ව්‍යාපෘතිය රජයේ සහ පෞද්ගලික අංශයේ සහයෝගීතාවයකින් (PPP) 'ඉදි කිරීම, අයිතිය දැරීම සහ ක්‍රියාත්මක කිරීම' (BOO) ආකෘතිය යටතේ ක්‍රියාත්මක වීමට නියමිතය. ආසියානු සංවර්ධන බැංකුව (ADB) සිය ගනුදෙනු උපදේශන සේවා (TAS) යටතේ මේ සඳහා අවශ්‍ය තාක්ෂණික හා මූල්‍ය ආධාර ලබා දෙයි.

පක්ෂීන් සම්බන්ධ විද්‍යාත්මක ඇගයීම් සහ විස්තීර්ණ පාරිසරික බලපෑම් ඇගයීම් (EIA) හරහා ජනාවාස සහ ඵලදායී වගා බිම්වලට හානි නොවන පරිදි ව්‍යාපෘතිය සැලසුම් කර ඇත. විදුලිය ජාතික පද්ධතියට සම්බන්ධ කිරීම සඳහා කිලෝ වෝල්ට් 220 ක විශේෂිත සම්ප්‍රේෂණ යටිතල පහසුකම් පද්ධතියක් ද ඉදි කෙරෙනු ඇත.

කොන්ඩච්චි සුළං බලාගාරය ශ්‍රී ලංකාව තිරසාර බලශක්ති අනාගතයක් කරා ගෙන යාමේ තීරණාත්මක සංධිස්ථානයක් ලෙස හඳුන්වා දිය හැකිය.

11/06/2026

Address

Kiribathgoda
Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when NPP kiribathgoda posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share