09/08/2026
මහකිතුල ජලාශ සංකීර්ණයට මහවැලි ජලය ගේන්න තව මීටර් 580යි.....
වයඹ පළාත් මහ ඇළ ව්‍යාපෘතියේ ඉදිකිරීම් නැවත ආරම්භ කිරීම සඳහා අදාළ වන මධ්‍යම පරිසර අධිකාරියේ අනුමැතියට අදාළ නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා වූ සාකච්ඡාවක් සහ ක්ෂේත්‍ර නිරීක්ෂණ වැඩසටහනක් පවත්වා තිබෙනවා. මෙම වැඩසටහනේදී ව්‍යාපෘතියට අදාළ වන පරිසර හිතකාමී වැඩපිළිවෙල රැසක් සාකච්ඡාවට ලක් කළා. මෙම සාකච්ඡාවේදී,
ඉදිකිරීම් සඳහා අවශ්‍ය බැහැරලීමේ අංගන තෝරා ගැනීම.
ඉදිකිරීම් වැඩබිම් සඳහා වූ ප්‍රවේශ මාර්ග සකස් කිරීම.
වනජීවී කළමනාකරණ සැළැස්ම ක්‍රියාත්මක කිරීම, ඒ යටතේ වන සතුන් සඳහා ආහාර සුලභ කිරීම මෙන්ම ආක්‍රමණශීලි ශාඛ ඉවත් කිරීම සහ වන සතුන් සඳහා වේනම කුඩා වැව් සකස් කිරීමට අවශ්‍ය බව සාකච්ඡා කරන ලදී.
වැඩ අවසන් කරන ලද මහ කිතුල දක්වා වූ ඇළ මාර්ගයේ පරිසර කළමනාකරණ සැළසුමේ ප්‍රගතිය ද සාකච්ඡා කළා.
ක්ෂේත්‍ර නිරීක්ෂණ වැඩසටහනේදී මහකිතුල වාරි උමඟ සකස් කිරීම, ආක්‍රමණශීලි ශාඛ ඉවත් කිරීම සහ ඉදිකිරීම් අවසන් කරන ලද ප්‍රධාන ඇළ කොටසේ ස්ථාන රැසක් ද පරික්ෂා කළා. මෙම වැඩසටහන සඳහා මධ්‍යම පරිසර අධිකාරියේ කොළඹ ප්‍රධාන කාර්යාලය සහ ප්‍රාදේශීය කාර්යාලයීය නිලධාරින්, මහව, ඇහැටු වැව, පොල්පිතිගම සහ ගලේවෙල ප්‍රාදේශීය ලේකම් කාර්යාල, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව, ගලේවෙල ප්‍රාදේශීය සභාව, ගොවිජන සේවා දෙපාර්තමේන්තුව, භූ විද්‍යා සහ පතල් කැනීම් කාර්යාංශය, ගොඩනැගිලි පර්යේෂණ ආයතනය සහ මහවැලි ජල සුරක්ෂිතතා ආයෝජන වැඩසටහනේ නිලධාරීන් ද එක්වුණා. මෙම සියළු පාර්ශවයන් සඳහන් කළේ මනාවූ පරිසර කළමනාකරණයක් තුළින් වයඹ පළාතට මහවැලි ජලය ගෙන ඒමට කටයුතු කිරීම අවශ්‍ය බවයි. ඒ අනුව කඩිනමින් මහකිතුල වාරි උමගේ කැනීම් කඩිනමින් ආරම්භ කර මහවැලි ජලය වයඹට හැරවීමට කටයුතු කරන බව ව්‍යාපෘති නිලධාරීන් සඳහන් කළා.