Jathika Nidahas Peramuna

Jathika Nidahas Peramuna Jathika Nidahas Peramuna is Very famous Political party in Sri Lanka

06/09/2026

🔴 හොරු ටිකක් ඇල්ලුවා කියලා පාරම්බාන්න රැළි ටිකක් තියනවා

- හිරු දහවල් 11.55 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය 2026.09.06



🔴 අනුරගේ දෙවසර “චූන් පාන්” මායාවෙන් රට මුලා කරන ඩඩ්ලිලා, ධම්මිකලා පිනවන රට පාවාදීමේ පාලනයක්!🔴 විජේවීරගේ පින්තූරයට මුවා ව...
06/09/2026

🔴 අනුරගේ දෙවසර “චූන් පාන්” මායාවෙන් රට මුලා කරන ඩඩ්ලිලා, ධම්මිකලා පිනවන රට පාවාදීමේ පාලනයක්!

🔴 විජේවීරගේ පින්තූරයට මුවා වී රජය ‘ජාතික සම්පත් ඉන්දියාවටත් බටහිරටත් කුණු කොල්ලයට පාවාදීමේ ජාවාරමක...

🔴 ආණ්ඩුවට වසර දෙකයි - ඩඩ්ලිට ධම්මිකට ඉෂාරට සුබයි.. ජනතාවටයි, ගමේ ජෙප්පන්ටයි දුකේ දුකයි...

ආණ්ඩුවේ දෙවසරක අස්වැන්න ගැන විමල් වීරවංශගේ හෙලිදරව්ව.

“කලින් ආණ්ඩුවල ඇමති වෙලා හිටපු රිෂාඩ් බදියුදීන් වගේ අයට විරුද්ධව අඩු ගානේ පොඩි වේවැලක්වත් අරන් තියෙනවද? එයා නීතියට අනුකූලව ශාන්ත දාන්ත විදිහට වැඩ කරපු කෙනෙක්ද? අල්ලස් කොමිසමට එයා ගැන කිසිම පැමිණිල්ලක් ඇවිල්ලා නැද්ද? මම මේ උදාහරණයකට කියන්නේ. මෙතන ඉලක්ක කරන්නේ ඉදිරියේදී මේ දුෂ්ට ක්‍රියාදාමයට විරුද්ධ වෙන්න ඉන්න බෞද්ධ නායකයන් සහ සිංහල නායකයන්ව තෝරාගෙන මර්දනයේ ගිලටීනයට ගොදුරු කරන්නයි. මේක මේ රටේ ජනතාව තේරුම් ගන්න ඕන.”

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ පාලනයට වසර දෙකක් පිරීම නිමිත්තෙන් සංවිධානය කරන ජන රැළි, රටේ දැවෙන ප්‍රශ්නවලින් ජනතාවගේ අවධානය වෙනතකට යොමු කිරීම සඳහා පැවැත්වෙන හිස් “චූන් පාන් සන්දර්ශන” පමණක් බවත්, පසුගිය වසර දෙක ඇතුළත ආණ්ඩුව සිදුකර ඇත්තේ මැතිවරණ පොරොන්දු සියල්ල බල්ලට දමා ඩඩ්ලි, ධම්මික, ඉෂාර වැනි මහා පරිමාණ ව්‍යාපාරික පැලැන්තිය පිනවීම පමණක් බවත් ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පවසයි.

කොළඹ බත්තරමුල්ල පක්ෂ කාර්යාලයේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා වැඩිදුරටත් අවධාරණය කළේ, රනිල් වික්‍රමසිංහ මහතා ඉතා අසීරුවෙන් හා නොන්ඩි ගගහා ගිය IMF සහ බටහිර ගැති අති-ධනපති ආර්ථික ගමන්මඟ, අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා ඉතා ලේසියෙන් සහ පහසුවෙන් ඊටත් වඩා වේගයෙන් ඉදිරියට ගෙන යන බවයි. මෙම මාධ්‍ය හමුවේදී වීරවංශ මහතා වත්මන් පාලනයේ දෙවසරක ක්‍රියාකලාපය දැඩි ලෙස විවේචනයට ලක් කළේය.

වෙනිසියුලානු 'ඩෙල්සි' මාදිලියේ නින්දිත පාවාදීම

වත්මන් අනුර කුමාර මහතාගේ දෙවසරක පාලනය සමපාත වන්නේ වෙනිසියුලාවේ අන්තරකාලීන ජනාධිපතිනි ඩෙල්සි රොඩ්‍රිගස්ගේ පාලනයට බව පෙන්වා දුන් වීරවංශ මහතා, ජාතික සම්පත් විදේශයන්ට පාවාදීමේ නින්දිත ක්‍රියාවලියක් මෙරට තුළ ක්‍රියාත්මක වන බවට චෝදනා කළේය.

"වෙනිසියුලාවේ නිකොලස් මදුරෝව ඇමෙරිකානු බලකායන් විසින් පැහැරගෙන යාමෙන් පසු බලයට ආ ඩෙල්සි රොඩ්‍රිගස්, හියුගෝ චාවේස්ගේ සහ මදුරෝගේ පින්තූර පිටුපස තියාගෙන වෙනිසියුලාවේ තෙල් සම්පතෙන් 20%ක් සහ තෙල් නිධි 17ක් අවුරුදු 100කට ඇමෙරිකාවට පාවලා දුන්නා. අද ලංකාවේ වෙන්නෙත් ඒකමයි. ඉන්දියානු ව්‍යාප්තවාදයට එරෙහිව සටන් කර දිවිපිදූ රෝහණ විජේවීර සහෝදරයාගේත්, මාක්ස්-ලෙනින්ලාගේත් පින්තූර උඩින් තියාගෙන 'මෙහේ ඩෙල්සි' හෙවත් අනුර කුමාර කරන්නේ ඉන්දියාව සමඟ රහස් ගිවිසුම් 7ක් අත්සන් කරමින් රටේ පරමාධිපත්‍යයත්, ජාතික ආරක්ෂාවත්, ඛනිජ සම්පත් සහ ඖෂධ වෙළඳපොළත් ඉන්දියාවට පාවාදීමයි. ජේ.ආර්. ජයවර්ධන පවා ඉන්දු-ලංකා ගිවිසුම රටට පෙන්නුවා. නමුත් මේ ආණ්ඩුව අත්සන් කරපු ගිවිසුම් අධිකරණය ඉල්ලද්දීත් ඉන්දියාවේ අවසර නැතුව පෙන්නන්න බෑ කියන තරමට රටේ ස්වාධීනත්වය පාවලා දීලා," යැයිද ඔහු පැවසීය.

ජනතාව බඩගින්නේ - 'චූන් පාන්' විකුණන රැස්වීම්

රටේ ජනතාව උදේටත්, දවලටත් බඩගින්නේ සිටින පසුබිමක හවසට පැමිණෙන 'චූන් පාන්' වෙළෙන්දාගෙන් ජනතාවට කිසිදු ආශ්වාදයක් නොලැබෙන බව උපමා කරමින් කතා කළ හිටපු අමාත්‍යවරයා, ජනාධිපතිවරයා පවත්වන රැස්වීම් පිළිබඳව මෙසේ අදහස් දැක්වීය:

"ජනාධිපතිවරණයට කලින් චූන් පාන් විකුණද්දී ගන්න මිනිස්සු හිටියා. නමුත් දෙවසරක බලයේ කෙළවර අද බදු බරින් මිරිකිලා, ජීවන බරෙන් පීඩාවට පත්වෙලා, ව්‍යාපාර කඩාවැටිලා ඉන්න ජනතාවට අනුර කුමාරගේ චූන් පාන් කාලා චූන් වෙන්න කිසිම උවමනාවක් නෑ. ආණ්ඩුව කියන 'වසර දෙකයි රටට සුබයි' කියන ස්ලෝගන් එකේ ඇත්ත කතාව නම්; වසර දෙකයි ඩඩ්ලිලාට සුබයි, වසර දෙකයි ධම්මිකලාට සුබයි, වසර දෙකයි ඉෂාරලාට සුබයි, උඩ පැලැන්තියට සුබයි. හැබැයි මැද පන්තියටත්, පහළ පන්තියටත්, ගොවියාටත්, ධීවරයාටත්, අන්තිමට ගමේ ඉන්න ජෙප්පන්ටත් දුකේ දුකයි!"

රනිල්ගේ පාරේ වේගයෙන් යන අනුර සහ අස්වැන්න

රනිල් වික්‍රමසිංහ මහතා අයි.එම්.එෆ්. (IMF) කොන්දේසි හමුවේ අසීරුවෙන් ගිය ගමන් මඟ අනුර කුමාර මහතා ඉතා සන්තෝෂයෙන් සහ ඊටත් වඩා වේගයෙන් ඉදිරියට ගෙන යන බව පෙන්වා දුන් වීරවංශ මහතා, ආණ්ඩුව කියන 'දවස් 300යේ අස්වැන්න' යනු ඉන්දියාවෙන් හාල් ගෙනැවිත් මෙරට වී ගොවියා අසරණ කිරීම බව පැවසීය.

"දවස් 300කට හරියන්න ඉන්දියාවෙන් හාල් ගෙනැල්ලා ගබඩා පුරවපු නිසා අද රටේ වී ගොවියාගේ අස්වැන්න ගන්න විදියක් නැතුව ඩඩ්ලි සිරිසේනලා අඬනවා. ගොවියාට සාධාරණ මිලක් නෑ. අඩු මිලට ගෙනාපු හාල් වැඩි මිලට විකුණලා ආණ්ඩුවේ හිතවතුන්ගේ සාක්කු පිරුණ එක තමයි වසන්ත සමරසිංහලා කියන දෙවසරක අස්වැන්න," යැයිද ඔහු සඳහන් කළේය.

විපක්ෂය මර්දනය සහ ප්‍රභූ ආරක්ෂාව

ආණ්ඩුවේ නින්දිත පාවාදීම්වලට එරෙහිවන සිංහල සහ බෞද්ධ නායකයන්, හමුදා නිලධාරීන් මෙන්ම දේශපාලන විරුද්ධවාදීන් දඩයම් කිරීම සඳහා අලුත් පනත් සහ සංශෝධන ගෙනෙමින් පවතින බවත්, නාමල් රාජපක්ෂ වැනි අය සිරගත කරමින් "පාතාල රාජ්‍යය" ලෙස අලුත් සතුරන් මවාපෑමට ආණ්ඩුව උත්සාහ කරන බවත් වීරවංශ මහතා චෝදනා කළේය.

එමෙන්ම, මීට පෙර ප්‍රභූ ආරක්ෂාව සහ පාරවල් වැසීම දැඩි ලෙස විවේචනය කළ අනුර කුමාර ජනාධිපතිවරයා අද බේරුවල රැස්වීම් සඳහා යන විට, ජනාධිපතිගේ ආරක්ෂාව උදෙසා ධීවරයන්ට වරායට ඒම පවා තහනම් කරමින් පැය ගණන් මුහුදේ රඳවා තැබීමට තරම් ප්‍රභූ මානසිකත්වයකට වැටී ඇති බවද ඔහු හෙළිදරව් කළේය.

අවසාන වශයෙන්, ජාතික සම්පත් පාවාදෙන, ඉන්දියානු සහ ඇමෙරිකානු ගැති මෙම අමනෝඥ පාලනයට එරෙහිව සියලුම දේශප්‍රේමී බලවේග එකතු විය යුතු බවත්, ජාතික නිදහස් පෙරමුණ ලෙස ඒ වෙනුවෙන් වන සටන නොනවත්වා ඉදිරියට ගෙන යන බවත් විමල් වීරවංශ මහතා වැඩිදුරටත් පැවසීය.

06/09/2026

🔴 වසර දෙක පිරෙනකොටත්
ජනාධිපති “චූන් පාන්” විකුණන්නේ ඇයි?



03/09/2026

🇱🇰 කොළඹ ඩොක්යාඩ් එකත් ඉන්දියාවට... ඊළඟට අපේ ජාතික ආරක්ෂාවත්?

අද අපිට අහන්න වෙලා තියෙන ප්‍රශ්නය මේකයි...

ඉන්දියානු යුද සබ්මැරීන් සෑදීම සඳහා කොළඹ ඩොක්යාඩ් ආයතනය ඉන්දියාවට ලබාදෙන්න සූදානම් වෙනවා නම්, එහි අවසාන ප්‍රතිඵලය කුමක්ද?

මෙය හුදෙක් ව්‍යාපාරික ගනුදෙනුවක් ලෙස සලකා අතහැරිය හැකි කාරණයක්ද?

නැහැ!

කොළඹ වරාය ආශ්‍රිත උපායමාර්ගික භූමියක් විදේශීය රටක යුදමය අවශ්‍යතා සඳහා යොදාගැනීමේ ප්‍රශ්නයක් නම්, එය කෙළින්ම ජාතික ආරක්ෂාවට අදාළ ප්‍රශ්නයකි.

අපි ඉන්දියාව සමඟ මිත්‍රත්වයට විරුද්ධ නැහැ.

නමුත්...

ශ්‍රී ලංකාව වෙනත් රටක භූ-දේශපාලනික අරමුණු ඉටුකරන වේදිකාවක් බවට පත් කිරීමට අපි ඉඩ දිය යුතුද?

අද ඩොක්යාඩ් එක ගැනයි.

හෙට...?

රටේ උපායමාර්ගික සම්පත් පිළිබඳ තීන්දු ගන්නා විට “රට” පළමු තැනට නොතබන්නේ නම්, අපේ ස්වෛරීභාවයට සිදුවන්නේ කුමක්ද?

#විමල්වීරවංශ #ජාතිකආරක්ෂාව #ශ්‍රීලංකාව #ස්වෛරීභාවය #කොළඹඩොක්යාඩ් #ජාතිකසම්පත්

02/09/2026

🇱🇰 රටේ ජනතාවට හොරෙන් ගිවිසුම් අත්සන් කරන්න මේ ආණ්ඩුවට ඇති අයිතිය කුමක්ද?

වත්මන් ආණ්ඩුව ඉන්දියාව සමඟ ගිවිසුම් හතක් අත්සන් කර තිබේ. ඒ අතර ආරක්ෂක ගිවිසුමක් ද ඇති බව කියැවේ.

නමුත් අද වනතුරුත් ඒ ගිවිසුම්වල අන්තර්ගතය රටේ ජනතාවට හෙළි කර නැත.

මෙය සරල කරුණක් නොවේ.

මීට පෙර ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා අත්සන් කළ ඉන්දු–ලංකා ගිවිසුම මෙන්ම, රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා අත්සන් කළ සටන් විරාම ගිවිසුම ද රටට හෙළිදරව් විය.

එසේ නම් ප්‍රශ්නය ඉතා පැහැදිලියි.

පසුගිය වසර 77ක ඉතිහාසයේ නොතිබූ ආකාරයට, අද ජාතික ආරක්ෂාවට සහ රටේ ස්වෛරීභාවයට අදාළ ගිවිසුම් ජනතාවගෙන් වසන් කරන්නේ ඇයි?

ජනතාව බලයට පත් කළ ආණ්ඩුවකට ජනතාවගෙන් වසන් කරමින් රටේ අනාගතයට බලපාන තීරණ ගැනීමට ජනවරමක් තිබේද?

විශේෂයෙන් ආරක්ෂාව, ස්වෛරීභාවය සහ භූමියේ අයිතිය වැනි කරුණු සම්බන්ධයෙන් ගනු ලබන තීරණ කිසිදු රජයකට තමන්ගේ පෞද්ගලික දේපළක් සේ සැඟවීමට නොහැක.

👉 ගිවිසුම් හතේ අන්තර්ගතය වහාම රටට හෙළි කරනු!

👉 ආරක්ෂක ගිවිසුම ඇතුළු සියලු ගිවිසුම් පිළිබඳව පාර්ලිමේන්තුවටත් ජනතාවටත් පැහැදිලි කරනු!

🇱🇰 මේ රටේ ස්වෛරීභාවය පිළිබඳ තීරණ ගත යුත්තේ රටේ ජනතාව දැනුවත් කරමිනි — රහසිගත ගිවිසුම් මගින් නොවේ.

#දේශපාලනය #ජාතිකආරක්ෂාව #ස්වෛරීභාවය #ශ්‍රීලංකාව

24/08/2026

🔴 විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමෙන් නඩු ඉක්මන් වෙන්නේ කොහොමද?

- ජා.නි.පෙ. දේශපාලන මණ්ඩල සභික, සදුන් බණ්ඩාර බෝදරගම




24/08/2026

🔴 ඉතියෝපියාවෙන් එරිත්‍රියාව වෙන්කළා වගේ අපේ රටේ යටින් වැඩේ යනවා

- ජා.නි.පෙ. දේශපාලන මණ්ඩල සභික, සදුන් බණ්ඩාර බෝදරගම




24/08/2026

🔴 සිංහලයාට එක විදිහකටත් දෙමළ අයට තවත් විදිහකටත් ආණ්ඩුවේ දෙබිඩි පිළිවෙත

- ජා.නි.පෙ. දේශපාලන මණ්ඩල සභික, සදුන් බණ්ඩාර බෝදරගම




24/08/2026

🔴 සලේ වෙනුවෙන් සාධාරණ ඉල්ලීමක්

- ජා.නි.පෙ. දේශපාලන මණ්ඩල සභික, සදුන් බණ්ඩාර බෝදරගම




20/08/2026

🔴 22 රටට හොඳ නම්
ජනමත විචාරනයට බය ඇයි

- ජානිපෙ ජාතික සංවිධායක ජයන්ත සමරවීර




Address

No. 428/1, Robert Gunawardena Mawatha, Battaramulla
Colombo
10120

Alerts

Be the first to know and let us send you an email when Jathika Nidahas Peramuna posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Jathika Nidahas Peramuna:

Shortcuts

Share