Consumer Affairs Authority

Call Directions Website Contact the organization

Consumer Affairs Authority Welcome to the Official Consumer Affairs Authority page. Consumer Affairs Authority,
1st & 2nd Floor,
C.W.E.

We are committed to safeguarding consumer rights and interests through consumer empowerment, regulation of trade, and the promotion of fair competition. Secretariat Building,
# 27, Vauxhall Street,
Colombo 2. Tel: +9411 7755455, 7755467
Fax: +9411 2399148
E-mail: [email protected]

🚨 රු. 120ක පානීය ජල බෝතලයක් රු. 200කට අලෙවි කළ බණ්ඩාරවෙල ආයතනයකට රුපියල් මිලියනයක දඩයක්! ⚖️💧බණ්ඩාරවෙල රෙස්ට් හවුස් අධිකර...
08/10/2026

🚨 රු. 120ක පානීය ජල බෝතලයක් රු. 200කට අලෙවි කළ බණ්ඩාරවෙල ආයතනයකට රුපියල් මිලියනයක දඩයක්! ⚖️💧

බණ්ඩාරවෙල රෙස්ට් හවුස් අධිකරණය හමුවේ වරද පිළිගනී!

උපරිම සිල්ලර මිල ඉක්මවා බෝතල් කළ පානීය ජලය අලෙවි කිරීම සම්බන්ධයෙන් බණ්ඩාරවෙල රෙස්ට් හවුස් (ක්ලස්ටර් හෝල්ඩිංග්ස් පුද්ගලික සමාගම) ආයතනයට එරෙහිව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් පවරන ලද නඩුවේදී, විත්තිකාර සමාගම අධිකරණය හමුවේ වරද පිළිගැනීමෙන් අනතුරුව රු. 1,000,000/-ක (රුපියල් මිලියනයක) දඩ මුදලක් නියම කර ඇත.

2026 සැප්තැම්බර් 23 වන දින පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිලධාරීන් විසින් සිදු කරන ලද වැටලීමකදී, උපරිම සිල්ලර මිල රු. 120/-ක් ලෙස නියම කර තිබූ මිලිලීටර් 1000ක (ලීටර් 1ක) බෝතල් කළ පානීය ජල බෝතලයක් රු. 200/-කට අලෙවි කර ඇති බව අනාවරණය වී තිබේ.

ඒ අනුව අදාළ ආයතනයට එරෙහිව බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩු පවරන ලද අතර, 2026 ඔක්තෝබර් 07 වන දින විත්තිකාර සමාගම චෝදනාවට වරද පිළිගැනීමෙන් අනතුරුව රුපියල් මිලියනයක දඩයක් නියම කරන ලදී.

💧 පාරිභෝගික ඔබේ අවධානයට!

බෝතල් කළ පානීය ජලය ඇතුළු උපරිම සිල්ලර මිලක් නියම කර ඇති භාණ්ඩ මිලදී ගැනීමේදී, අදාළ භාණ්ඩය සඳහා නීතියෙන් නියම කර ඇති උපරිම මිල පිළිබඳ අවධානය යොමු කරන්න.

හෝටලයකින්, අවන්හලකින් හෝ වෙනත් වෙළෙඳ ආයතනයකින් භාණ්ඩයක් මිලදී ගත්තද, අදාළ වන උපරිම සිල්ලර මිල පිළිබඳ නීතිමය අවශ්‍යතා පිළිපැදීම වෙළෙඳුන්ගේ වගකීමකි.

උපරිම සිල්ලර මිල ඉක්මවා භාණ්ඩ අලෙවි කිරීම නීති විරෝධී වන අතර, එවැනි උල්ලංඝනයන් සම්බන්ධයෙන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය නීතිමය පියවර ගනු ලබයි.

📞 මෙවැනි අසාධාරණ මිල අය කිරීම් පිළිබඳව කාර්යාල වේලාවන් තුළ 1977 කෙටි ඇමතුම් අංකය ඔස්සේ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය දැනුවත් කරන්න.

🚨 ரூ.120 விலையுள்ள குடிநீர் போத்தலை ரூ.200க்கு விற்பனை செய்த பண்டாரவளையிலுள்ள நிறுவனத்திற்கு ரூ.10 இலட்சம் அபராதம்! ⚖️💧

பண்டாரவளை ரெஸ்ட் ஹவுஸ் நீதிமன்றத்தில் குற்றத்தை ஒப்புக்கொண்டது!

நிர்ணயிக்கப்பட்ட அதிகபட்ச சில்லறை விலையை மீறி போத்தலில் அடைக்கப்பட்ட குடிநீரை விற்பனை செய்தமை தொடர்பாக, பண்டாரவளை ரெஸ்ட் ஹவுஸ் (Cluster Holdings (Pvt) Ltd) நிறுவனத்திற்கு எதிராக நுகர்வோர் அலுவல்கள் அதிகாரசபையினால் தாக்கல் செய்யப்பட்ட வழக்கில், பிரதிவாதி நிறுவனம் நீதிமன்றத்தில் குற்றத்தை ஒப்புக்கொண்டதைத் தொடர்ந்து ரூ.1,000,000/- (ரூ.10 இலட்சம்) அபராதம் விதிக்கப்பட்டுள்ளது.

2026 செப்டெம்பர் 23 ஆம் திகதி நுகர்வோர் அலுவல்கள் அதிகாரசபையின் அதிகாரிகளால் மேற்கொள்ளப்பட்ட சுற்றிவளைப்பின்போது, அதிகபட்ச சில்லறை விலை ரூ.120/- என நிர்ணயிக்கப்பட்டிருந்த 1000 மில்லிலீற்றர் (1 லீற்றர்) போத்தலில் அடைக்கப்பட்ட குடிநீர் ரூ.200/-க்கு விற்பனை செய்யப்பட்டமை கண்டறியப்பட்டது.

இதனைத் தொடர்ந்து குறித்த நிறுவனத்திற்கு எதிராக பண்டாரவளை நீதவான் நீதிமன்றத்தில் வழக்குத் தாக்கல் செய்யப்பட்டது. 2026 ஒக்டோபர் 07 ஆம் திகதி பிரதிவாதி நிறுவனம் குற்றச்சாட்டை ஒப்புக்கொண்டதை அடுத்து, நீதிமன்றம் ரூ.10 இலட்சம் அபராதம் விதித்தது.

💧 நுகர்வோரின் கவனத்திற்கு!

போத்தலில் அடைக்கப்பட்ட குடிநீர் உள்ளிட்ட அதிகபட்ச சில்லறை விலை நிர்ணயிக்கப்பட்ட பொருட்களை வாங்கும்போது, அவற்றுக்கு சட்டப்படி நிர்ணயிக்கப்பட்டுள்ள அதிகபட்ச விலை குறித்து அவதானமாக இருங்கள்.

ஹோட்டல், உணவகம் அல்லது வேறு எந்த வர்த்தக நிலையத்தில் பொருட்களை வாங்கினாலும், பொருந்தக்கூடிய அதிகபட்ச சில்லறை விலை தொடர்பான சட்டத் தேவைகளைப் பின்பற்றுவது வர்த்தகர்களின் பொறுப்பாகும்.

நிர்ணயிக்கப்பட்ட அதிகபட்ச சில்லறை விலையை மீறி பொருட்களை விற்பனை செய்வது சட்டவிரோதமானதாகும். இத்தகைய மீறல்கள் தொடர்பாக நுகர்வோர் அலுவல்கள் அதிகாரசபை சட்ட நடவடிக்கைகளை மேற்கொள்ளும்.

📞 இவ்வாறான நியாயமற்ற விலை அறவீடுகள் தொடர்பாக அலுவலக நேரங்களில் 1977 என்ற குறுந்தொலைபேசி இலக்கத்தின் ஊடாக நுகர்வோர் அலுவல்கள் அதிகாரசபைக்கு அறிவிக்கவும்.

🚨 Bandarawela establishment fined Rs. 1 million for selling a Rs. 120 bottled water product at Rs. 200! ⚖️💧

Bandarawela Rest House pleads guilty before court!

The Bandarawela Rest House (Cluster Holdings (Pvt) Ltd) has been fined Rs. 1,000,000/- (one million rupees) after pleading guilty before court in a case filed by the Consumer Affairs Authority for selling bottled drinking water above the prescribed Maximum Retail Price (MRP).

During a raid conducted by officers of the Consumer Affairs Authority on 23 September 2026, it was revealed that a 1000 ml (1 litre) bottle of drinking water, for which the prescribed Maximum Retail Price was Rs. 120/-, had been sold for Rs. 200/-.

Accordingly, legal proceedings were instituted against the establishment before the Bandarawela Magistrate’s Court. On 07 October 2026, following the defendant company’s guilty plea, the court imposed a fine of Rs. 1 million.

💧 Attention Consumers!

When purchasing bottled drinking water and other products subject to a prescribed Maximum Retail Price, consumers are advised to check the legally applicable maximum price before making a purchase.

Whether a product is purchased from a hotel, restaurant or any other business establishment, traders are responsible for complying with the applicable legal requirements relating to Maximum Retail Prices.

Selling goods above the prescribed Maximum Retail Price is a violation of the law, and the Consumer Affairs Authority will take legal action against such violations.

📞 Consumers who encounter such unfair pricing practices are encouraged to report them to the Consumer Affairs Authority through the 1977 hotline during office hours.

Our Social Media Channels:

➡️ Subscribe on YouTube:
https://youtube.com/?si=TDzUz4IImhDGZHXf

➡️ Like our page:
https://www.facebook.com/share/1AkQM5Zh7b/?mibextid=wwXlfr

➡️ Visit our official website:
https://www.caa.gov.lk/

📢 වෙළෙඳ ප්‍රජාව දැනුවත් කිරීමේ ජංගම වැඩසටහනක්පාරිභෝගික ආරක්ෂණ නීති, වෙළෙඳුන්ගේ වගකීම් සහ සාධාරණ වෙළෙඳ ක්‍රමවේද පිළිබඳ වෙ...
08/10/2026

📢 වෙළෙඳ ප්‍රජාව දැනුවත් කිරීමේ ජංගම වැඩසටහනක්

පාරිභෝගික ආරක්ෂණ නීති, වෙළෙඳුන්ගේ වගකීම් සහ සාධාරණ වෙළෙඳ ක්‍රමවේද පිළිබඳ වෙළෙඳ ප්‍රජාව දැනුවත් කිරීමේ අරමුණින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් 2026 ඔක්තෝබර් 05 වන දින කෑගල්ල දිස්ත්‍රික්කයේ ජංගම වෙළෙඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් සාර්ථකව ක්‍රියාත්මක කරන ලදී.

📍 කෑගල්ල දිස්ත්‍රික්කය – බුලත්කොහුපිටිය නගරය

බුලත්කොහුපිටිය නගරයේ වෙළෙඳසැල් 67ක් ආවරණය කරමින් වෙළෙඳුන් සහ ව්‍යාපාරිකයින් වෙත පාරිභෝගික හා වෙළෙඳ නීති, වෙළෙඳුන්ගේ වගකීම් සහ සාධාරණ වෙළෙඳ ක්‍රමවේද පිළිබඳ දැනුවත් කිරීම් සිදු කරන ලදී.

✅ මෙම ජංගම වැඩසටහන මඟින් වෙළෙඳසැල් 67ක වෙළෙඳ ප්‍රජාව දැනුවත් කිරීමට හැකි විය.

වගකීම් සහගත වෙළෙඳ ප්‍රජාවක් සහ සාධාරණ වෙළෙඳපොළක් ගොඩනැගීම සඳහා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය දිවයින පුරා වෙළෙඳ ප්‍රජාව දැනුවත් කිරීමේ වැඩසටහන් අඛණ්ඩව ක්‍රියාත්මක කරයි.

📢 வர்த்தக சமூகத்திற்கான நடமாடும் விழிப்புணர்வு நிகழ்ச்சி

நுகர்வோர் பாதுகாப்புச் சட்டங்கள், வர்த்தகர்களின் பொறுப்புகள் மற்றும் நியாயமான வர்த்தக நடைமுறைகள் தொடர்பாக வர்த்தக சமூகத்தினரின் விழிப்புணர்வை மேம்படுத்தும் நோக்கில், நுகர்வோர் விவகார அதிகார சபையினால் 2026 அக்டோபர் 05 ஆம் திகதி கேகாலை மாவட்டத்தில் நடமாடும் வர்த்தகர் விழிப்புணர்வு நிகழ்ச்சி வெற்றிகரமாக நடத்தப்பட்டது.

📍 கேகாலை மாவட்டம் – புலத்கொஹுபிட்டிய நகரம்

புலத்கொஹுபிட்டிய நகரில் உள்ள 67 வர்த்தக நிலையங்களை உள்ளடக்கிய வகையில், வர்த்தகர்கள் மற்றும் வியாபாரிகளுக்கு நுகர்வோர் மற்றும் வர்த்தக சட்டங்கள், வர்த்தகர்களின் பொறுப்புகள் மற்றும் நியாயமான வர்த்தக நடைமுறைகள் தொடர்பான விழிப்புணர்வு வழங்கப்பட்டது.

✅ இந்த நடமாடும் நிகழ்ச்சியின் மூலம் 67 வர்த்தக நிலையங்களைச் சேர்ந்த வர்த்தக சமூகத்தினருக்கு விழிப்புணர்வு வழங்கப்பட்டது.

பொறுப்புணர்வுள்ள வர்த்தக சமூகத்தையும் நியாயமான சந்தையையும் உருவாக்குவதற்காக நுகர்வோர் விவகார அதிகார சபை நாடளாவிய ரீதியில் வர்த்தகர் விழிப்புணர்வு நிகழ்ச்சிகளைத் தொடர்ந்து முன்னெடுத்து வருகிறது.

📢 Mobile Trader Awareness Programme

With the objective of enhancing awareness of consumer protection laws, trader responsibilities and fair trading practices, the Consumer Affairs Authority successfully conducted a Mobile Trader Awareness Programme in the Kegalle District on 5 October 2026.

📍 Kegalle District – Bulathkohupitiya Town

The programme covered 67 business establishments in Bulathkohupitiya Town, educating traders and business operators on consumer and trade laws, trader responsibilities and fair trading practices.

✅ Through this mobile awareness programme, the trading community across 67 business establishments was reached and educated.

The Consumer Affairs Authority continues to conduct trader awareness programmes island-wide to promote responsible business practices and build a fair and transparent marketplace.

Our Social Media Channels :

➡️ Subscribe on YouTube:
https://youtube.com/?si=TDzUz4IImhDGZHXf

➡️ Like our page:
https://www.facebook.com/share/1AkQM5Zh7b/?mibextid=wwXlfr

➡️ Visit our official website:
https://www.caa.gov.lk/

⚠️පොල්තෙල් ගන්න කලින් මේක දැනගන්න!⚠️Know this before buying coconut oil!⚠️தேங்காய் எண்ணெய் வாங்கும் முன் இதை தெரிந்துகொள...
08/10/2026

⚠️පොල්තෙල් ගන්න කලින් මේක දැනගන්න!

⚠️Know this before buying coconut oil!

⚠️தேங்காய் எண்ணெய் வாங்கும் முன் இதை தெரிந்துகொள்ளுங்கள்!

මෙම සතියේ ඇස්තමේන්තු මිල පරාසයන්.පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය විසින් තෝරාගත් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල ඇස්තමේන්තු ම...
07/10/2026

මෙම සතියේ ඇස්තමේන්තු මිල පරාසයන්.

පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය විසින් තෝරාගත් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල ඇස්තමේන්තු මිල පරාසයන් සෑම සතියකට වරක්ම මාධ්‍ය වෙත පළ කරනු ලැබේ.

ඒ අනුව මෙම සතියට අදාළ ඇස්තමේන්තු මිල පරාසයන්. (2026.10.05 දින සිට 2026.10.11 දින දක්වා)

இந்த வாரத்திற்கான அத்தியவசியப் பொருட்களுக்கான நிர்ணயம் செய்யப்பட்ட விலைகள்

பாவனையாளர் அலுவல்கள் அதிகார சபை தேர்ந்தெடுக்கப்பட்ட அத்தியாவசிய உணவுப் பொருட்களுக்கு மதிப்பிடப்பட்ட விலை மட்டங்களை வாராந்த அடிப்படையில் ஊடகங்களுக்கு வெளியிடுகிறது.

அந்த அடிப்படையில் இந்த வாரத்திற்கான மதிப்பிடப்பட்ட விலை மட்டங்கள் பின்வருமாறு:
(2026.10.05 முதல் 2026.10.11 வரை)

Estimated Price Ranges for This Week.

The Consumer Affairs Authority publishes the estimated price ranges of selected essential food items to the media on a weekly basis.

Accordingly, the estimated price ranges for this week are as follows:(Applicable from 2026.10.05 to 2026.10.11)

➡️ Subscribe on YouTube for updates:
https://youtube.com/?si=TDzUz4IImhDGZHXf

➡️ Like our page:
https://www.facebook.com/share/1AkQM5Zh7b/?mibextid=wwXlfr

➡️ Visit our official website:
https://www.caa.gov.lk/

🚨 අනිවාර්ය ප්‍රමිතියෙන් තොර විදුලි උපාංග අලෙවියට තැබූ පිටකොටුවේ ආයතන දෙකකට රු. ලක්ෂ 02ක දඩයක්! ⚡🔌⚖️2017 දෙසැම්බර් 07 දින...
07/10/2026

🚨 අනිවාර්ය ප්‍රමිතියෙන් තොර විදුලි උපාංග අලෙවියට තැබූ පිටකොටුවේ ආයතන දෙකකට රු. ලක්ෂ 02ක දඩයක්! ⚡🔌⚖️

2017 දෙසැම්බර් 07 දිනැති අංක 2048/39 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ වූ අංක 63 දරන විධානය මඟින්, එහි නිශ්චිතව දක්වා ඇති වෝල්ට් 250 නොඉක්මවන විදුලි උපාංග ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය විසින් නිකුත් කරන අදාළ SLS නිෂ්පාදන සහතික ලාංඡනය නොමැතිව නිෂ්පාදනය කිරීම, ආනයනය කිරීම, බෙදාහැරීම, ගබඩා කිරීම, විකිණීම හෝ විකිණීම සඳහා ප්‍රදර්ශනය කිරීම තහනම් කර ඇත. මෙම විධානය 2019 ජනවාරි 01 දින සිට ක්‍රියාත්මක වේ.

මෙම නීතිමය අවශ්‍යතාව උල්ලංඝනය කරමින් අනිවාර්ය SLS ප්‍රමිති අවශ්‍යතා සපුරා නොමැති විදුලි උපාංග විකිණීමට ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් කොළඹ 11, පිටකොටුව ප්‍රදේශයේ වෙළෙඳ ආයතන දෙකකට එරෙහිව නඩු පවරන ලදී. අදාළ ආයතන අධිකරණය හමුවේ චෝදනාවලට වරද පිළිගැනීමෙන් අනතුරුව, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය (අංක 05) විසින් එක් ආයතනයකට රු.100,000/- බැගින්, සමස්ත රු.200,000/-ක දඩ මුදලක් නියම කරන ලදී.

රේන්බෝ ලංකා ග්ලෝබල් (ප්‍රයිවෙට්) ලිමිටඩ්, අංක 63, මලිබන් වීදිය, කොළඹ 11 යන ආයතනය, අනිවාර්ය SLS ප්‍රමිති සහතික ලාංඡනය නොමැති AC/DC Adapter 12V ඇඩැප්ටර් 98ක් විකිණීමට ඉදිරිපත් කිරීමේ චෝදනාවට වරද පිළිගැනීමෙන් අනතුරුව රු.100,000/-ක දඩයක් නියම කර ඇත.

එමෙන්ම ඒෂියා ඉලෙක්ට්‍රොනික් සෙලියුලර් පුද්ගලික සමාගම, අංක 60, 62, 64, 1 වන හරස් වීදිය, කොළඹ 11 යන ආයතනය, අනිවාර්ය SLS ප්‍රමිති අවශ්‍යතාව සපුරා නොමැති Multi Function LED Light ඇසුරුම් 200ක් විකිණීමට ඉදිරිපත් කිරීමේ චෝදනාවට වරද පිළිගැනීමෙන් අනතුරුව එම ආයතනයට ද රු.100,000/-ක දඩයක් නියම කර ඇත.

💡 පාරිභෝගිකයින්ගේ සහ වෙළෙඳුන්ගේ අවධානයට: අංක 63 දරන විධානය යටතේ සියලුම විදුලි භාණ්ඩ නොව, එහි නිශ්චිතව දක්වා ඇති විදුලි උපාංග සඳහා අදාළ SLS ප්‍රමිති සහතික ලාංඡනය අනිවාර්ය වේ. ඒ අතර Plugs – SLS 734 Part 1, Socket Outlets/Extension Cords/Portable Socket Outlets – SLS 734 Part 2, Adaptors – SLS 734 Part 3, Fused Connection Units – SLS 734 Part 4, Fused Conversion Plugs – SLS 734 Part 5 සහ Cable Reels fitted with Plugs and Socket Outlets – SLS 1532 ඇතුළත් වේ.

එබැවින් අදාළ විදුලි උපාංග මිලදී ගැනීමේදී නියමිත SLS ප්‍රමිති සහතික ලාංඡනය තිබේදැයි පරීක්ෂා කර නිසි බිල්පතක් ලබාගන්න. අදාළ අනිවාර්ය ප්‍රමිතියෙන් තොර විදුලි උපාංග අලෙවි කරන වෙළෙඳ ආයතන පිළිබඳව කාර්යාල වේලාවන් තුළ 1977 කෙටි ඇමතුම් අංකය ඔස්සේ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය දැනුවත් කරන්න.

🚨 கட்டாய SLS தரச்சான்று இல்லாத மின்சார உபகரணங்களை விற்பனைக்கு வைத்த புறக்கோட்டையிலுள்ள இரண்டு நிறுவனங்களுக்கு மொத்தம் ரூ. 200,000 அபராதம்! ⚡🔌⚖️

2017 டிசம்பர் 07 ஆம் திகதிய 2048/39 ஆம் இலக்க அதிவிசேட வர்த்தமானியில் வெளியிடப்பட்ட 63 ஆம் இலக்க பணிப்புரையின் கீழ், அதில் குறிப்பாக அடையாளப்படுத்தப்பட்ட 250 வோல்ட்டை மீறாத சில மின்சார உபகரணங்களை, இலங்கை தரநிலைகள் நிறுவனத்தினால் வழங்கப்படும் உரிய SLS தயாரிப்புச் சான்றிதழ் குறியீடு இல்லாமல் உற்பத்தி செய்தல், இறக்குமதி செய்தல், விநியோகித்தல், களஞ்சியப்படுத்தல், விற்பனை செய்தல் அல்லது விற்பனைக்காகக் காட்சிப்படுத்தல் தடை செய்யப்பட்டுள்ளது. இந்தப் பணிப்புரை 2019 ஜனவரி 01 முதல் அமுலுக்கு வந்தது.

இந்த சட்டத் தேவையை மீறி கட்டாய SLS தரநிலைத் தேவைகளைப் பூர்த்தி செய்யாத மின்சார உபகரணங்களை விற்பனைக்கு வைத்தமை தொடர்பாக, கொழும்பு 11, புறக்கோட்டை பிரதேசத்திலுள்ள இரண்டு வர்த்தக நிறுவனங்களுக்கு எதிராக நுகர்வோர் அலுவல்கள் அதிகாரசபை வழக்குத் தாக்கல் செய்தது. குற்றச்சாட்டுகளுக்கு நீதிமன்றத்தில் குற்றத்தை ஒப்புக்கொண்டதைத் தொடர்ந்து, கொழும்பு பிரதான நீதவான் நீதிமன்றம் (இல. 05) ஒவ்வொரு நிறுவனத்திற்கும் ரூ.100,000/- வீதம், மொத்தமாக ரூ.200,000/- அபராதம் விதித்தது.

Rainbow Lanka Globle (Pvt) Ltd, இல.63, Maliban Street, Colombo 11 என்ற நிறுவனம், கட்டாய SLS தரச்சான்றுக் குறியீடு இல்லாத 98 AC/DC Adapter 12V அடாப்டர்களை விற்பனைக்கு வைத்த குற்றச்சாட்டை ஒப்புக்கொண்டதைத் தொடர்ந்து ரூ.100,000/- அபராதம் விதிக்கப்பட்டது.

அதேபோன்று Asia Electronic Cellular Pvt Ltd, இல.60, 62, 64, 1st Cross Street, Colombo 11 என்ற நிறுவனம், கட்டாய SLS தரநிலைத் தேவையைப் பூர்த்தி செய்யாத 200 Multi Function LED Light பொதிகளை விற்பனைக்கு வைத்த குற்றச்சாட்டை ஒப்புக்கொண்டதைத் தொடர்ந்து அந்த நிறுவனத்திற்கும் ரூ.100,000/- அபராதம் விதிக்கப்பட்டது.

💡 நுகர்வோர் மற்றும் வர்த்தகர்களின் கவனத்திற்கு: 63 ஆம் இலக்க பணிப்புரையின் கீழ் அனைத்து மின்சாரப் பொருட்களுக்கும் SLS குறியீடு கட்டாயம் அல்ல. அந்தப் பணிப்புரையில் குறிப்பாக உள்ளடக்கப்பட்ட மின்சார உபகரணங்களுக்கே உரிய SLS சான்றிதழ் குறியீடு கட்டாயமாகும். அவற்றில் Plugs – SLS 734 Part 1, Socket Outlets/Extension Cords/Portable Socket Outlets – SLS 734 Part 2, Adaptors – SLS 734 Part 3, Fused Connection Units – SLS 734 Part 4, Fused Conversion Plugs – SLS 734 Part 5 மற்றும் Cable Reels fitted with Plugs and Socket Outlets – SLS 1532 ஆகியவை அடங்குகின்றன.

எனவே, இத்தகைய மின்சார உபகரணங்களை வாங்கும்போது உரிய SLS தரச்சான்றுக் குறியீடு உள்ளதா என்பதைச் சரிபார்த்து, முறையான பற்றுச்சீட்டைப் பெற்றுக்கொள்ளுங்கள். கட்டாய தரநிலைகளைப் பூர்த்தி செய்யாத மின்சார உபகரணங்களை விற்பனை செய்யும் வர்த்தக நிலையங்கள் தொடர்பான தகவல்களை அலுவலக நேரங்களில் 1977 குறுந்தொலைபேசி இலக்கத்தின் ஊடாக நுகர்வோர் அலுவல்கள் அதிகாரசபைக்கு அறிவிக்கவும்.

🚨 Two Pettah establishments fined a total of Rs. 200,000 for offering electrical accessories without the mandatory SLS certification! ⚡🔌⚖️

Under Direction No. 63 published in Extraordinary Gazette No. 2048/39 dated 07 December 2017, specified electrical accessories not exceeding 250V are prohibited from being manufactured, imported, distributed, stored, sold or displayed for sale unless they bear the applicable SLS Product Certification Mark issued by the Sri Lanka Standards Institution. The Direction came into operation on 01 January 2019.

The Consumer Affairs Authority instituted legal proceedings against two establishments in Pettah, Colombo 11, for offering electrical products for sale without complying with the applicable mandatory SLS requirements. After the accused establishments pleaded guilty to the charges, the Colombo Chief Magistrate’s Court (No. 05) imposed a fine of Rs.100,000/- on each establishment, amounting to a total of Rs.200,000/-.

Rainbow Lanka Globle (Pvt) Ltd, No.63, Maliban Street, Colombo 11, was fined Rs.100,000/- after pleading guilty to the charge of offering 98 AC/DC Adapter 12V units for sale without the mandatory SLS certification mark.

Similarly, Asia Electronic Cellular Pvt Ltd, Nos.60, 62 and 64, 1st Cross Street, Colombo 11, was fined Rs.100,000/- after pleading guilty to the charge of offering 200 packs of Multi Function LED Lights for sale without complying with the applicable mandatory SLS requirement.

💡 Attention consumers and traders: Direction No. 63 does not make the SLS Mark mandatory for every electrical product. It applies to the electrical accessories specifically listed in the Direction, including Plugs – SLS 734 Part 1; Socket Outlets, Extension Cords and Portable Socket Outlets – SLS 734 Part 2; Adaptors – SLS 734 Part 3; Fused Connection Units – SLS 734 Part 4; Fused Conversion Plugs – SLS 734 Part 5; and Cable Reels fitted with Plugs and Socket Outlets – SLS 1532.

Consumers are advised to check for the applicable SLS Product Certification Mark when purchasing these electrical accessories and always obtain a proper receipt. Information regarding traders selling electrical accessories that do not comply with applicable mandatory standards may be reported to the Consumer Affairs Authority via the 1977 hotline during office hours.

Our Social Media Channels:

➡️ Subscribe on YouTube:
Consumer Affairs Authority – YouTube⁠

➡️ Like our page:
Consumer Affairs Authority – Facebook⁠

➡️ Visit our official website:
Consumer Affairs Authority – Official Website⁠

🚨 ආනයනකරුගේ තොරතුරු නොමැති භාණ්ඩ අලෙවියට තැබූ කොළඹ ආයතන 03කට රු. ලක්ෂ 03ක දඩ! ⚖️අංක 2286/26 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ ප...
07/10/2026

🚨 ආනයනකරුගේ තොරතුරු නොමැති භාණ්ඩ අලෙවියට තැබූ කොළඹ ආයතන 03කට රු. ලක්ෂ 03ක දඩ! ⚖️

අංක 2286/26 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ වූ අංක 85 දරන විධානය උල්ලංඝනය කරමින්, ආනයනකරුගේ නම, ලිපිනය ඇතුළු අවශ්‍ය තොරතුරු සඳහන් නොකර ආනයනික භාණ්ඩ අලෙවියට තබා තිබූ කොළඹ ප්‍රදේශයේ ආයතන තුනකට එරෙහිව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් නඩු පවරන ලදී.

එම නඩු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය (අංක 05) හමුවේ විභාගයට ගත් අවස්ථාවේදී එක් ආයතනයකට රු.100,000/- බැගින්, ආයතන තුනට සමස්ත රු.300,000/-ක දඩ මුදලක් නියම කර ඇත.

මෙලෙස දඩ නියම වූයේ තොරතුරු රහිත ආනයනික ආහාර අලෙවියට තැබූ කොල්ලුපිටිය 16 වන පටුමගේ “වුවාන් චයින්ස් රෙස්ටෝරන්ට්”, නීත්‍යානුකූල ලේබල් තොරතුරු නොමැති මදුරු විකර්ෂක ආලේපන අලෙවියට තැබූ පිටකොටුව මුහුදු මාවතේ Diligenics Lanka Holding (Pvt) Ltd සහ ආනයනකරුගේ තොරතුරු නොමැති සපත්තු අලෙවිය සඳහා ප්‍රදර්ශනය කළ වැල්ලවත්ත ඩබ්ලිව්.ඒ. සිල්වා මාවතේ Quebec Gateway (Pvt) Ltd යන ආයතන සඳහාය.

🛒 ආනයනික භාණ්ඩයක් මිලදී ගැනීමට පෙර ලේබලය පරීක්ෂා කරන්න. ආහාර, ශරීරාලේපන, පාවහන් ඇතුළු ආනයනික නිෂ්පාදන මිලදී ගැනීමේදී මෙරට ආනයනකරු පිළිබඳ අවශ්‍ය තොරතුරු, මිල සහ අදාළ නිෂ්පාදන තොරතුරු නිසි පරිදි සඳහන් කර තිබේදැයි පරීක්ෂා කිරීම පාරිභෝගික ආරක්ෂාව සඳහා වැදගත් වේ.

අවශ්‍ය තොරතුරු නොමැති ආනයනික භාණ්ඩ අලෙවි කරන වෙළෙඳ ආයතන පිළිබඳව කාර්යාල වේලාවන් තුළ 1977 කෙටි ඇමතුම් අංකය ඔස්සේ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය දැනුවත් කරන්න.

🚨 இறக்குமதியாளர் தொடர்பான தகவல்கள் இல்லாத பொருட்களை விற்பனைக்கு வைத்த கொழும்பிலுள்ள 03 நிறுவனங்களுக்கு மொத்தம் ரூ. 300,000 அபராதம்! ⚖️

2286/26 ஆம் இலக்க அதிவிசேட வர்த்தமானியில் வெளியிடப்பட்ட 85 ஆம் இலக்க பணிப்புரையை மீறி, உத்தியோகபூர்வ இறக்குமதியாளரின் பெயர், முகவரி உள்ளிட்ட தேவையான தகவல்கள் குறிப்பிடப்படாமல் இறக்குமதி செய்யப்பட்ட பொருட்களை விற்பனைக்கு வைத்திருந்த கொழும்பு பிரதேசத்தைச் சேர்ந்த மூன்று நிறுவனங்களுக்கு எதிராக நுகர்வோர் அலுவல்கள் அதிகாரசபை வழக்குத் தாக்கல் செய்தது.

இந்த வழக்குகள் கொழும்பு பிரதான நீதவான் நீதிமன்றம் (இல. 05) முன்னிலையில் விசாரணைக்கு எடுத்துக்கொள்ளப்பட்டபோது, ஒவ்வொரு நிறுவனத்திற்கும் ரூ.100,000/- வீதம், மூன்று நிறுவனங்களுக்கும் மொத்தமாக ரூ.300,000/- அபராதம் விதிக்கப்பட்டது.

இவ்வாறு அபராதம் விதிக்கப்பட்ட நிறுவனங்கள்: தேவையான தகவல்கள் இல்லாத இறக்குமதி செய்யப்பட்ட உணவுப் பொருட்களை விற்பனைக்கு வைத்திருந்த கொள்ளுப்பிட்டி 16 ஆம் ஒழுங்கையில் அமைந்த “Wuhan Chinese Restaurant”, சட்டபூர்வமான லேபிள் தகவல்கள் இல்லாத கொசு விரட்டி பூச்சுப் பொருட்களை விற்பனைக்கு வைத்திருந்த புறக்கோட்டை Sea Street-இல் அமைந்த Diligenics Lanka Holding (Pvt) Ltd, மற்றும் இறக்குமதியாளர் தொடர்பான தகவல்கள் இல்லாத காலணிகளை விற்பனைக்காகக் காட்சிப்படுத்திய வெள்ளவத்தை W.A. Silva Mawatha-வில் அமைந்த Quebec Gateway (Pvt) Ltd ஆகியவையாகும்.

🛒 இறக்குமதி செய்யப்பட்ட பொருளை வாங்குவதற்கு முன் அதன் லேபிளைச் சரிபாருங்கள். உணவுப் பொருட்கள், உடலில் பயன்படுத்தப்படும் பொருட்கள், காலணிகள் உள்ளிட்ட இறக்குமதி செய்யப்பட்ட பொருட்களை வாங்கும்போது, இலங்கையில் பொறுப்பான இறக்குமதியாளர் தொடர்பான தேவையான தகவல்கள், விலை மற்றும் பொருள் தொடர்பான தகவல்கள் முறையாகக் குறிப்பிடப்பட்டுள்ளனவா என்பதைச் சரிபார்ப்பது நுகர்வோர் பாதுகாப்பிற்கு முக்கியமானதாகும்.

தேவையான தகவல்கள் இல்லாத இறக்குமதி செய்யப்பட்ட பொருட்களை விற்பனை செய்யும் வர்த்தக நிலையங்கள் தொடர்பான தகவல்களை அலுவலக நேரங்களில் 1977 குறுந்தொலைபேசி இலக்கத்தின் ஊடாக நுகர்வோர் அலுவல்கள் அதிகாரசபைக்கு அறிவிக்கவும்.

🚨 Rs. 300,000 in fines imposed on three Colombo establishments for offering imported goods without required importer information! ⚖️

The Consumer Affairs Authority instituted legal action against three establishments in the Colombo area for offering imported goods for sale without the required information, including the name and address of the official importer, in violation of Direction No. 85 published in Extraordinary Gazette No. 2286/26.

When the cases were taken up before the Colombo Chief Magistrate’s Court (No. 05), a fine of Rs. 100,000/- was imposed on each establishment, amounting to a total of Rs. 300,000/-.

The establishments fined were Wuhan Chinese Restaurant, 16th Lane, Kollupitiya, for offering imported food products without the required information; Diligenics Lanka Holding (Pvt) Ltd, Sea Street, Pettah, for offering mosquito-repellent topical products without legally required labelling information; and Quebec Gateway (Pvt) Ltd, W.A. Silva Mawatha, Wellawatte, for displaying footwear for sale without the required importer information.

🛒 Check the label before purchasing an imported product. When purchasing imported food, body-care products, footwear or other imported goods, consumers should check whether the required details of the responsible local importer, price and relevant product information are properly provided. Such information is important for consumer protection and for identifying the responsible party if a problem arises.

Consumers may report traders selling imported goods without the required information to the Consumer Affairs Authority via the 1977 hotline during office hours.

Our Social Media Channels:

➡️ Subscribe on YouTube:
Consumer Affairs Authority – YouTube⁠

➡️ Like our page:
Consumer Affairs Authority – Facebook⁠

➡️ Visit our official website:
Consumer Affairs Authority – Official Website⁠

බිල්පත විසි කරන අය මේක අනිවාර්යයෙන්ම බලන්න!If you throw away your receipt, you need to see this!ரசீதை தூக்கி எறிவோர் இதை...
07/10/2026

බිල්පත විසි කරන අය මේක අනිවාර්යයෙන්ම බලන්න!

If you throw away your receipt, you need to see this!

ரசீதை தூக்கி எறிவோர் இதை கட்டாயம் பாருங்கள்!

⭕️එක ලාංජනයක්... ඔබේ ආරක්ෂාව තීරණය කරයි.⭕️One mark. A safer choice.⭕️ஒரு குறியீடு... பாதுகாப்பான தேர்வு.
06/10/2026

⭕️එක ලාංජනයක්... ඔබේ ආරක්ෂාව තීරණය කරයි.

⭕️One mark. A safer choice.

⭕️ஒரு குறியீடு... பாதுகாப்பான தேர்வு.

📢 පාරිභෝගික, පාසල් සහ වෙළෙඳ ප්‍රජාව දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහන් මාලාවක්පාරිභෝගික අයිතිවාසිකම්, වගකීම්, පාරිභෝගික ආරක්ෂ...
05/10/2026

📢 පාරිභෝගික, පාසල් සහ වෙළෙඳ ප්‍රජාව දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහන් මාලාවක්

පාරිභෝගික අයිතිවාසිකම්, වගකීම්, පාරිභෝගික ආරක්ෂාව සහ සාධාරණ වෙළෙඳ සංස්කෘතියක් පිළිබඳ පාසල් සිසුන්, වෙළෙඳ ප්‍රජාව සහ මහජනතාව දැනුවත් කිරීමේ අරමුණින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් 2026 ඔක්තෝබර් 02 වන දින දිවයිනේ ප්‍රදේශ කිහිපයක දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කරන ලදී.

🔹 පාසල් පාරිභෝගික දැනුවත් කිරීමේ වැඩසටහන්

📍 මඩකලපුව දිස්ත්‍රික්කය – BT/PD/ ශක්ති මහා විද්‍යාලය, මණ්ඩූර්-14

උසස් පෙළ සිසුන් ඉලක්ක කර ගනිමින් පාරිභෝගික අයිතිවාසිකම්, වගකීම් සහ පාරිභෝගික ආරක්ෂාව පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් පවත්වන ලදී.

📍 මාතලේ දිස්ත්‍රික්කය – සංඝමිත්තා බාලිකා විද්‍යාලය, මාතලේ

උසස් පෙළ සිසුන් ඉලක්ක කර ගනිමින් පැය 2ක පාරිභෝගික දැනුවත් කිරීමේ වැඩසටහනක් පවත්වන ලදී.

🔹 වෙළෙඳ ප්‍රජාව දැනුවත් කිරීමේ වැඩසටහන

📍 හම්බන්තොට දිස්ත්‍රික්කය – නාලන්දාරාම විහාරස්ථානය, පහළමලල, හම්බන්තොට

සිල්ලර හා තොග වෙළෙඳුන් සහ ව්‍යවසායකයින් ඉලක්ක කර ගනිමින් පාරිභෝගික හා වෙළෙඳ නීති, වෙළෙඳුන්ගේ වගකීම් සහ සාධාරණ වෙළෙඳ ක්‍රමවේද පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් පවත්වන ලදී.

🔹 ජංගම මහජන දැනුවත් කිරීමේ වැඩසටහන

📍 කිලිනොච්චිය දිස්ත්‍රික්කය – ආනන්දපුරම්, මුරුකන්ඩි සහ කන්නගිනගර්

මහජනතාව ඉලක්ක කර ගනිමින් පැය 4½ක ජංගම පාරිභෝගික දැනුවත් කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදී.

✅ මෙම වැඩසටහන් මඟින් සමස්තයක් ලෙස පුද්ගලයින් 207 දෙනෙකු වෙත පාරිභෝගික අයිතිවාසිකම්, වගකීම් සහ වෙළෙඳ නීති පිළිබඳ දැනුවත්භාවය ලබාදීමට හැකි විය.

පාරිභෝගික අයිතිවාසිකම් පිළිබඳ දැනුවත් සමාජයක් සහ වගකීම් සහගත, සාධාරණ වෙළෙඳපොළක් ගොඩනැගීම සඳහා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය දිවයින පුරා දැනුවත් කිරීමේ වැඩසටහන් අඛණ්ඩව ක්‍රියාත්මක කරයි.

📢 நுகர்வோர், பாடசாலை மாணவர்கள் மற்றும் வர்த்தக சமூகத்திற்கான சிறப்பு விழிப்புணர்வு நிகழ்ச்சித் தொடர்

நுகர்வோர் உரிமைகள், பொறுப்புகள், நுகர்வோர் பாதுகாப்பு மற்றும் நியாயமான வர்த்தக நடைமுறைகள் தொடர்பாக பாடசாலை மாணவர்கள், வர்த்தக சமூகம் மற்றும் பொதுமக்களின் விழிப்புணர்வை மேம்படுத்தும் நோக்கில், நுகர்வோர் விவகார அதிகார சபையினால் 2026 அக்டோபர் 02 ஆம் திகதி நாட்டின் பல்வேறு பகுதிகளில் விழிப்புணர்வு நிகழ்ச்சிகள் நடத்தப்பட்டன.

🔹 பாடசாலை நுகர்வோர் விழிப்புணர்வு நிகழ்ச்சிகள்

📍 மட்டக்களப்பு மாவட்டம் – BT/PD/ சக்தி மகா வித்தியாலயம், மண்டூர்-14

உயர்தர மாணவர்களை இலக்காகக் கொண்டு நுகர்வோர் உரிமைகள், பொறுப்புகள் மற்றும் நுகர்வோர் பாதுகாப்பு தொடர்பான விழிப்புணர்வு நிகழ்ச்சி நடத்தப்பட்டது.

📍 மாத்தளை மாவட்டம் – சங்கமித்தா மகளிர் கல்லூரி, மாத்தளை

உயர்தர மாணவர்களை இலக்காகக் கொண்டு 2 மணிநேர நுகர்வோர் விழிப்புணர்வு நிகழ்ச்சி நடத்தப்பட்டது.

🔹 வர்த்தக சமூகத்திற்கான விழிப்புணர்வு நிகழ்ச்சி

📍 அம்பாந்தோட்டை மாவட்டம் – நாலந்தாராம விகாரை, பஹலமலல, அம்பாந்தோட்டை

சில்லறை மற்றும் மொத்த வர்த்தகர்கள் மற்றும் தொழில்முனைவோரை இலக்காகக் கொண்டு நுகர்வோர் மற்றும் வர்த்தக சட்டங்கள், வர்த்தகர்களின் பொறுப்புகள் மற்றும் நியாயமான வர்த்தக நடைமுறைகள் தொடர்பான விழிப்புணர்வு நிகழ்ச்சி நடத்தப்பட்டது.

🔹 நடமாடும் பொதுமக்கள் விழிப்புணர்வு நிகழ்ச்சி

📍 கிளிநொச்சி மாவட்டம் – ஆனந்தபுரம், முருகண்டி மற்றும் கண்ணகி நகர்

பொதுமக்களை இலக்காகக் கொண்டு 4½ மணிநேர நடமாடும் நுகர்வோர் விழிப்புணர்வு நிகழ்ச்சி நடத்தப்பட்டது.

✅ இந்த நிகழ்ச்சிகளின் மூலம் மொத்தமாக 207 பேருக்கு நுகர்வோர் உரிமைகள், பொறுப்புகள் மற்றும் வர்த்தக சட்டங்கள் தொடர்பான விழிப்புணர்வு வழங்கப்பட்டது.

நுகர்வோர் உரிமைகள் தொடர்பில் விழிப்புணர்வுள்ள சமூகத்தையும் பொறுப்பான மற்றும் நியாயமான சந்தையையும் உருவாக்குவதற்காக நுகர்வோர் விவகார அதிகார சபை நாடளாவிய ரீதியில் தனது விழிப்புணர்வு நடவடிக்கைகளை தொடர்ந்து முன்னெடுத்து வருகிறது.

📢 Special Awareness Programme Series for Consumers, School Students and the Trading Community

With the objective of enhancing awareness of consumer rights, responsibilities, consumer protection and fair trading practices among school students, the trading community and the general public, the Consumer Affairs Authority conducted a series of awareness programmes in several areas across the country on 2 October 2026.

🔹 School Consumer Awareness Programmes

📍 Batticaloa District – BT/PD/ Shakthi Maha Vidyalaya, Mandur-14

A Consumer Awareness Programme was conducted for Advanced Level students, focusing on consumer rights, responsibilities and consumer protection.

📍 Matale District – Sangamitta Girls’ College, Matale

A two-hour Consumer Awareness Programme was conducted for Advanced Level students.

🔹 Trader Community Awareness Programme

📍 Hambantota District – Nalandarama Temple, Pahalamalala, Hambantota

An awareness programme was conducted for retail and wholesale traders and entrepreneurs, focusing on consumer and trade laws, trader responsibilities and fair trading practices.

🔹 Mobile Public Awareness Programme

📍 Kilinochchi District – Anandapuram, Murukandy and Kannaki Nagar

A 4½-hour Mobile Consumer Awareness Programme was conducted for the general public.

✅ Collectively, these programmes reached 207 participants, enhancing awareness of consumer rights, responsibilities and trade laws.

The Consumer Affairs Authority continues to conduct awareness programmes island-wide to build an informed consumer community and promote a responsible and fair marketplace.

Our Social Media Channels :

➡️ Subscribe on YouTube:
https://youtube.com/?si=TDzUz4IImhDGZHXf

➡️ Like our page:
https://www.facebook.com/share/1AkQM5Zh7b/?mibextid=wwXlfr

➡️ Visit our official website:
https://www.caa.gov.lk/

⭕️ඔබ මිලදී ගන්නා භාණ්ඩයේ මිල විතරක්ද බලන්නේ? මේ වැදගත් කරුණත් දැනගෙනද?⭕️Do you check only the price when you buy a produ...
05/10/2026

⭕️ඔබ මිලදී ගන්නා භාණ්ඩයේ මිල විතරක්ද බලන්නේ? මේ වැදගත් කරුණත් දැනගෙනද?

⭕️Do you check only the price when you buy a product? Do you know this important detail too?

⭕️ஒரு பொருளை வாங்கும்போது விலையை மட்டும் பார்க்கிறீர்களா? இந்த முக்கியமான விஷயமும் தெரியுமா?

Address

CWE Secretariat Building , Vauxhall Street
Colombo
00200

Opening Hours

Monday 08:30 - 16:00
Tuesday 08:30 - 16:00
Wednesday 08:30 - 16:00
Thursday 08:30 - 16:00
Friday 08:30 - 16:00

Telephone

+94117755456

Alerts

Be the first to know and let us send you an email when Consumer Affairs Authority posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Consumer Affairs Authority:

Shortcuts

Share