Department of Technical Education and Training

Department of Technical Education and Training Pioneer Organization in Providing Technical Education and Training in Sri Lanka
(1)

සුපිළිපන් රාජ්‍ය සේවයක් සඳහා වන සුපිළිපන්  සංස්කෘතියක් වන ක්ලීන් ශ්‍රි ලංකාවක ජාතික මෙහෙයුම ක්‍රියාවට නැංවීම වැඩසටහන සමා...
27/07/2026

සුපිළිපන් රාජ්‍ය සේවයක් සඳහා වන සුපිළිපන් සංස්කෘතියක් වන ක්ලීන් ශ්‍රි ලංකාවක ජාතික මෙහෙයුම ක්‍රියාවට නැංවීම වැඩසටහන සමාරම්භ කරමින් එහි ප්‍රතිඥාව දිවුරුමක් ලෙස ප්‍රකාශකිරීම 2026.06.27 දින කාර්මික අධ්‍යාපන හා පුහුණු කිරීමේ දෙපාර්තමේන්තුවේ දී එහි කාර්යමණ්ඩලය විසින් සිදු කරන ලදී.

මේ අවස්ථාව සඳහා අතිරේක අධ්‍යක්ෂ ජනරාල් (කාර්මික අධ්‍යාපන), අධ්‍යක්ෂ, නියෝජ්‍ය අධ්‍යක්ෂ හා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාම සහභාගි විය.
DTET මාධ්‍ය අංශය

📢 **SPECIAL ANNOUNCEMENT: AUGUST 2026 EXAMINATION – CALL FOR REPEAT EXAM APPLICATIONS** 📢Applications are now open for s...
25/07/2026

📢 **SPECIAL ANNOUNCEMENT: AUGUST 2026 EXAMINATION – CALL FOR REPEAT EXAM APPLICATIONS** 📢
Applications are now open for students appearing for the **August 2026 Repeat Examination**. Eligible candidates can now apply online through the **Student Portal**. 💻✨
📌 **How to Apply:**
* Access the Student Portal to complete your application.
* Detailed guidelines and step-by-step instructions are available on our official website.
⚠️ **IMPORTANT FOR STUDENTS WHO HAVE ALREADY SUBMITTED APPLICATIONS:**
* If you have already submitted physical application forms to your respective colleges, please log into the Student Portal **immediately** to verify that your registered subjects are accurately reflected.
🌐 **Instructions:**https://dtet.gov.lk/wp-content/uploads/2026/07/Repeat_Exam_User_Guide_DTET.pdf
🔗 **Student Portal Link:** https://mis.dtet.gov.lk/student/public/studentlogin
*(Please share this post with your fellow students to keep everyone informed!)*

Congratulations  👏 🎉 Dinukla Sandun Jayanath of the College of Technology, Kandy for achieving 1st Place in the Food & B...
24/07/2026

Congratulations 👏 🎉 Dinukla Sandun Jayanath of the College of Technology, Kandy for achieving 1st Place in the Food & Beverage Category at the Brightmind Expo 2026.
We wish you continued success and look forward to seeing you achieve even greater milestones in the future.

Department of Technical Education and Training (DTET)

24/07/2026

Development of a Self-Heating Pasta Product

As part of my mini research project, I successfully developed a pumpkin peel pasta with Self-Heating product an innovative ready-to-eat meal designed to be enjoyed without the need for external heating. This project was carried out with the aim of introducing a convenient and practical food solution while applying the knowledge and skills gained throughout my academic journey.

I am delighted to share a brief introduction to this innovative product with you all.

I would like to express my heartfelt gratitude to our respected lecturers, our beloved Head of Department, our senior colleagues, and all my classmates for their invaluable guidance, continuous support, and encouragement throughout this research project.

My sincere appreciation also goes to everyone who contributed, in one way or another, to the successful completion of this project.

– Imalthi Omindya Manuthunga Food Technology mini research Programme (2024–2026 Batch)

කාර්මික අධ්‍යාපන හා පුහුණුකිරීමේ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් වත්සලා මාරඹගේ මහත්මියගේ සංකල්පයකට අනුව දෙපාර්තමේන්තුව, ...
23/07/2026

කාර්මික අධ්‍යාපන හා පුහුණුකිරීමේ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් වත්සලා මාරඹගේ මහත්මියගේ සංකල්පයකට අනුව දෙපාර්තමේන්තුව, තාක්ෂණ හා කාර්මික විද්‍යාල මඟින් මෙහෙයවනු ලබන විවිධ වැඩසටහන් හා ක්‍රියාකාරකම් ඇතුලත් කර සංස්කරණය කරන ලද "DTET spectrum" මාර්ගගත විද්‍යුත් සඟරාව ( e - magazine )ගරු වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය නලීන් හේවගේ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 2026.07.23 දින දෙපාර්තමේන්තු පරිශ්‍රයේදී එලිදක්වන ලදී.

දෙපාර්තමේන්තුවේ තාක්ෂණ හා කාර්මික විද්‍යාල සඳහා ස්ථිර පත්වීම් ලිපි ප්‍රධානය කිරීමේ උත්සවයට සමගාමීව පවත්වන ලද මෙම සුවිශේෂී වැඩසටහනේදී සඟරාවේ මුද්‍රිත පිටපතක්ද සංකේතාත්මක ලෙස ගරු නියෝජ්‍ය අමාත්‍යතුමා වෙත පිලිගන්වන ලදී.

සඟරාව සංස්කරණ කටයුතු සඳහා දායක වූ වෘත්තීය මාර්ගෝපදේශන හා අලෙවිකරණ අංශයේ සියලුම මහත්ම මහත්මීන් ද ඇතුලත් වන පරිදි සිහිවටනාත්මක සමූහ ඡායාරූපයක් ගැනීමද මෙහිදී විශේෂ කොට සැලකිය හැක. තවද එම අංශයේ නිලධාරී මහත්ම මහත්මීන්ට අමතරව මේ සඳහා සහය දැක්වූ තාක්ෂණ හා කාර්මික විද්‍යාලවල කාර්‍ය මණ්ඩල වලටද විශේෂ ස්තූතියක් පිරිනමන ලදී.

DTET මාධ්‍ය අංශය.

කාර්මික අධ්‍යාපන හා පුහුණු කිරීමේ දෙපාර්තමේන්තුවේ අනියම් ලෙස සේවය කළ සේවක මහත්ම මහත්මීන් වෙත ස්ථීර පත්වීම් ලිපි ප්‍රධානය...
23/07/2026

කාර්මික අධ්‍යාපන හා පුහුණු කිරීමේ දෙපාර්තමේන්තුවේ අනියම් ලෙස සේවය කළ සේවක මහත්ම මහත්මීන් වෙත ස්ථීර පත්වීම් ලිපි ප්‍රධානය කිරීමේ උත්සවය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් වත්සලා මාරඹගේ මහත්මියගේ ආරාධනයෙන් වෘත්තිය අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 2026.07.23 දින දෙපාර්තමේන්තු ශ්‍රමණාගාරයේදී පැවැත්විණි. මෙම අවස්ථාවට දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල්තුමිය, අධ්‍යක්ෂ මණ්ඩල නිලධාරින් ඇතුලු කාර්ය මණ්ඩලයේ අනෙකුත් මහත්ම මහත්මින් ද සහභාගී විය.

DTET මාධ්‍ය අංශය.

මහනුවර තාක්ෂණික විද්‍යාලයේ ආහාර තාක්ෂණ උසස් ජාතික ඩිප්ලෝමාවහදාරන සිසුන් නව නිෂ්පාදන හා පර්යේෂණ ක්‍රියාකාරකම් එළිදැක්වීමත...
20/07/2026

මහනුවර තාක්ෂණික විද්‍යාලයේ ආහාර තාක්ෂණ උසස් ජාතික ඩිප්ලෝමාව
හදාරන සිසුන් නව නිෂ්පාදන හා පර්යේෂණ ක්‍රියාකාරකම් එළිදැක්වීමත් ඊට සමගාමීව ක්‍රියාත්මක වූ "Food tech" සඟරාවේ 2 වන ප්‍රකාශනය එළිදැක්වීමත් සහ කර්මාන්ත සංසදය යන අංග ඇතුලත් කර පවත්වන ලද" Cibex 26 "වැඩසටහන 2026.07.17 දින උත්කර්ෂවත් ලෙස විද්‍යාලය පරිශ්‍රයේදී පැවැත්විණි. එහිදී සිසු සිසුවියන්ගේ ආහාර නිෂ්පාදන හා පර්යේෂණ ක්‍රියාකාරකම් කණ්ඩායම් පහක් යටතේ එළිදැක්වූ අතර එම කණ්ඩායම් ආකර්ෂණීය වෙළෙඳ කුටි ලෙස සකසා තිබීම විශේෂත්වයකි.
මෙම අවස්ථාවට කාර්මික අධ්‍යාපන හා පුහුණු කිරීමේ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ (වෘත්තීය මාර්ගෝපදේශන හා අලෙවිකරණ), නියෝජ්‍ය අධ්‍යක්ෂ (කර්මාන්ත සම්බන්ධීකරණ හා අලෙවිකරණ), සභාපති (Milco Private limited), ඇතුළු විවිධ කර්මාන්ත නියෝජනය කරමින් පැමිණි විධායක නිලධාරී මහත්ම මහත්මීන්, තාක්ෂණ විද්‍යාලයේ අධ්‍යක්ෂ තුමිය ප්‍රධාන කොට ගෙන අධ්‍යයන අනධ්‍යයන කාර්ය මණ්ඩල ය සහභාගී විය. ආහාර තාක්ෂණ අංශයේ සිසු සිසුවියන් විසින් ඉදිරිපත් කළ හොඳම සහ වටිනාම නිෂ්පාදන සඳහා සම්මාන ප්‍රදානයක් ද සිදු කරනු ලැබීය. මෙම වැඩසටහන කර්මාන්ත සංසද පැවැත්වීමට බලාපොරොත්තු වන අනෙකුත් විද්‍යාලවලට සහ ක්ෂේත්‍රයන් වලට ආදර්ශනයක් ලෙස සැලකිය හැකි බවත් ඉදිරියේදී කර්මාන්ත සංසද හා ඊට සම්බන්ධ නිර්මාණාත්මක වැඩසටහන් පළාත් වශයෙන් සිදුකිරීමට කටයුතු කළ යුතු බව දෙපාර්තමේන්තු පාර්ශවයෙන් අවධාරණය කෙරුණි.

DTET මාධ්‍ය අංශය

17/07/2026

Address

Department Of Technical Education & Training, Olcott Mawatha
Colombo
01000

Opening Hours

Monday 08:30 - 16:15
Tuesday 08:30 - 16:15
Wednesday 08:30 - 16:15
Thursday 08:30 - 16:15
Friday 08:30 - 16:15

Telephone

+94112348897

Alerts

Be the first to know and let us send you an email when Department of Technical Education and Training posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Department of Technical Education and Training:

Shortcuts

Share