RTI - Sri Lanka

RTI - Sri Lanka This page is for Information Officers to share their plans and ideas for implementing RTI

19/08/2026

📢 ඔබගේ අදහස අපට වැදගත්!

2016 අංක 12 දරන RTI පනත සම්මත වී වසර 10ක් සපිරීම නිමිත්තෙන් සිදුකරන මෙම සමීක්ෂණයට ඔබත් සහභාගී වන්න. 🇱🇰

⏱️ විනාඩි කිහිපයක් පමණි.

The Right to Information is a Right...! 📢The Right to Information is an important right that allows citizens to know abo...
18/08/2026

The Right to Information is a Right...! 📢

The Right to Information is an important right that allows citizens to know about information related to matters of public interest.

🔎 What is Information?

Let’s learn about it in a simple way.

Know your right. Use your right. 🇱🇰

තොරතුරු දැනගැනීම අයිතිවාසිකමක්...! 📢තොරතුරු දැනගැනීමේ අයිතිය යනු, පොදු අරමුණු සඳහා භාවිතා වන තොරතුරු පිළිබඳව දැනුවත් වීම...
18/08/2026

තොරතුරු දැනගැනීම අයිතිවාසිකමක්...! 📢

තොරතුරු දැනගැනීමේ අයිතිය යනු, පොදු අරමුණු සඳහා භාවිතා වන තොරතුරු පිළිබඳව දැනුවත් වීමට පුරවැසියන්ට ඇති වැදගත් අයිතිවාසිකමකි.

🔎 තොරතුරු යනු කුමක්ද?

මේ පිළිබඳව සරලව දැනගනිමු.
ඔබේ අයිතිය දැනගන්න. අයිතිය භාවිතා කරන්න. 🇱🇰

#තොරතුරුදැනගැනීමේඅයිතිය #තොරතුරුඅයිතිය

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය - ජනමාධ්‍ය අංශයේ තොරුතුරු දැනගැනීමේ පනත පිළිබඳ විශේෂ ඒකකය විසින් සංවිධානය කරන ලද  සිවිල් ...
18/08/2026

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය - ජනමාධ්‍ය අංශයේ තොරුතුරු දැනගැනීමේ පනත පිළිබඳ විශේෂ ඒකකය විසින් සංවිධානය කරන ලද සිවිල් සමාජ සංවිධාන හමුව 2026.08.07 වන දින ජනමාධ්‍ය අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ දී අති සාර්ථකව පවත්වන ලදී. මෙම වැඩසටහනේ ප්‍රධාන දේශක ලෙස,තොරුතුරු දැනගැනීමේ පනත පිළිබඳ කොමිෂන් සභාවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් පියතිස්ස රණසිංහ මහතා සම්බන්ධ විය. මෙම හමුවට ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (සංවර්ධන,තොරුතුරු,පර්යේෂණ සහ ප්‍රතිපත්ති) නලිනි බාලසුබ්‍රමණියම් මහත්මිය,අධ්‍යක්ෂ ( සංවර්ධන) බී.ජී.පී.එන්.දිල්ෂාරී මහත්මිය,ජ්‍යේෂ්ඨ සහකාර ලේකම් රියාසා නවුෆර් මහත්මිය,සහකාර ලේකම් ( තොරුතුරු ) චතුරි කහටපිටිය මහත්මිය, කොළඹ දිස්ත්‍රික් අතිරේක ලේකම් (ඉඩම්) කෞෂල්‍යා කුමාරී මහත්මිය ඇතුළු සිවිල් සංවිධාන නියෝජිතයෝද සහභාගී වූහ.

Ministry of Mass Media

07/08/2026

තොරතුරු දැනගැනීමේ පනත පිළිබඳ කොමිෂන් සභාවේ සහ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ තොරතුරු ඒකකය හා සම්බන්ධව 2016 අංක 12 දරන තොරතුරු දැනගැනීමේ පනත පිළිබඳ පුහුණුකරුවන් පුහුණු කිරීමේ වැඩසටහන 2026.07.24 සිට 2026.07.26 දක්වා පුරා දින 3ක් පොල්ගොල්ල ජාතික සමූපාකාර සංවර්ධන ආයතනයේදී අති සාර්ථකව පවත්වන ලදී. මෙහිදී සිවිල් සංවිධාන නිළධාරීන් තොරතුරු පනත පිළිබඳ පුහුණු කිරීමේ නිළධාරීන් ලෙස සම්බන්ධ විය.
මෙම වැඩසටහන තුළදී පුහුණු නිළධාරීන් විසින් ප්‍රායෝගික වැඩසටන් සිදු කරන ලදී.

තොරතුරු දැනගැනීමේ පනත පිළිබඳ කොමිෂන් සභාවේ සහ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ තොරතුරු ඒකකය හා සම්බන්ධව 2016 අංක 12 දරන ත...
30/07/2026

තොරතුරු දැනගැනීමේ පනත පිළිබඳ කොමිෂන් සභාවේ සහ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ තොරතුරු ඒකකය හා සම්බන්ධව 2016 අංක 12 දරන තොරතුරු දැනගැනීමේ පනත පිළිබඳ පුහුණුකරුවන් පුහුණු කිරීමේ වැඩසටහන 2026.07.24 සිට 2026.07.26 දක්වා පුරා දින 3ක් පොල්ගොල්ල ජාතික සමූපාකාර සංවර්ධන ආයතනයේදී අති සාර්ථකව පවත්වන ලදී. මෙහිදී සිවිල් සංවිධාන නිළධාරීන් තොරතුරු පනත පිළිබඳ පුහුණු කිරීමේ නිළධාරීන් ලෙස සම්බන්ධ විය.
මෙම වැඩසටහනෙහි ප්‍රධාන දේශකවරුන් ලෙස තොරතුරු දැනගැනීමේ පනත පිළිබඳ කොමිෂන් සභාවේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් සහ ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශ්‍රාමික ජ්‍යේෂ්ඨ නිළධාරියෙකු වන පියතිස්ස රණසිංහ මහතා, තොරතුරු දැනගැනීමේ පනත පිළිබඳ කොමිෂන් සභාවේ හිටපු කොමසාරිස් නීතිඥ ජගත් ලියනාරච්චි මහතා සහ තොරුතුරු දැනගැනීමේ අංශයේ අධ්‍යක්ෂ ප්‍රසාද් වීරසිංහ මහතා සහභාගී විය. මෙහිදී තොරතුරු පනත පිළිබඳ පුහුණුකරුවන් පුහුණු කිරීම සාර්ථකව පවත්වන ලදී.
Ministry of Mass Media

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශය -  ජනමාධ්‍ය අංශයතොරතුරු දැනගැනීමේ පනත පිලිබද විශේෂ ඒකකයInternational Day for Universal Acc...
22/07/2026

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශය - ජනමාධ්‍ය අංශය
තොරතුරු දැනගැනීමේ පනත පිලිබද විශේෂ ඒකකය

International Day for Universal Access to Information)
නිමිත්තෙන් සංවිධානය කරනු ලබන පාසල් තරගාවලිය - 2026

1. තරග රීති සහ කොන්දේසි - ගද්‍ය රචනා තරගාවලිය

තරග මාතෘකා
• ශ්‍රී ලංකාවේ RTI පනතේ වැදගත්කම
• පාසල් සිසුන් RTI පිළිබඳ දැනුවත් විය යුත්තේ ඇයි?
• RTI පනතෙන් ජනතාවට ලැබෙන වාසි හා අවාසි

* සිංහල, දෙමළ හා ඉංග්‍රීසි යන මාධ්‍ය ත්‍රිත්වයෙන්ම ජ්‍යෙෂ්ඨ අංශය (12, 13 ශ්‍රේණි) හා අන්තර් මධ්‍යම අංශය (9, 10, 11 ශ්‍රේණි) වශයෙන් තරගාවලිය පැවැත්වේ.
* මෙම සියලු රචනා වචන 1500ට වැඩි විය යුතු අතර, පැහැදිලි අත්අකුරින් A4 ප්‍රමාණයේ කොළ භාවිත කළ යුතුය.
* එක් මාධ්‍යයකින් පළමු, දෙවන, තෙවන, හතරවන හා පස්වන ලෙස ජයග්‍රහණ සඳහා විශේෂ ත්‍යාග සමග සහතිකපත් පිරිනැමේ.
* 06 සිට 15 දක්වා ජයග්‍රහණය කරන සිසුන් වෙනුවෙන් ත්‍යාග සමග සහතිකපත් පිරිනැමෙන අතර, 16 සිට 25 දක්වා ජයග්‍රහණයන් වෙනුවෙන් සහතිකපත් පිරිනැමේ. තවද සහභාගි වන සියලුම සිසුන් සඳහා සහභාගිත්වය වෙනුවෙන් සහතිකපත් පිරිනමනු ලැබේ.
* පාසලකින් එක් අංශයක් සඳහා නිර්මාණ තුන (03) බැගින් අංශ දෙකෙන් නිර්මාණ හයක් (06) ඉදිරිපත් කළ යුතුය. සියලු නිර්මාණවල විදුහල්පති/නියෝජ්‍ය විදුහල්පතිවරයෙකු විසින් සහතික කළ යුතුය.
* සියලු නිර්මාණ අතිරේක ලේකම් (සංවර්ධන, තොරතුරු, පර්යේෂණ හා ප්‍රතිපත්ති), සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය, අංක 168, ඇසිදිසි මැදුර, කිරුළපන මාවත, පොල්හේන්ගොඩ, කොළඹ 5 ලිපිනයට 2026.08.05 වන දිනට පෙර යොමු කළ යුතුය.
* ගද්‍ය රචනා තරගාවලියේ මුල් ජයග්‍රහණ ලබන දරුවන් පස්දෙනා හට සැප්තැම්බර් මසට යෙදෙන ප්‍රධාන සැමරුම් දිනයේ දී අදාළ සහතිකපත් හා ත්‍යාග ප්‍රදානය කරනු ලැබේ.
* විනිශ්චය මණ්ඩලයේ තීරණය අවසන් තීරණය වේ.

2. තරග රීති සහ කොන්දේසි - ඩිජිටල් පෝස්ටර් තරගාවලිය

තරග මාතෘකා
• RTI දැනගමු - දැනුවත් පුරවැසියන් වෙමු
• RTI මගින් විනිවිදභාවයෙන් යුතු රටක්

මෙම තරගාවලිය විවෘත තරගයක් ලෙස පැවැත්වෙන අතර, පහත කරුණු කෙරෙහි ඔබගේ විශේෂ අවධානය යොමු කළයුතුය.
1. මෙම තරගාවලිය සඳහා ලියාපදිංචි වීමට හා නිර්මාණය උඩුගත(upload) කිරීම සඳහා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ www.media.gov.lk වෙබ් අඩවියේ ඇති අයදුම් පත්‍රය (Google Form) 2026.08.05 දිනට පෙර සම්පූර්ණ කළ යුතුය.
2. පහත සඳහන් කොන්දේසි වලට අනුගත වෙමින් අප වෙත ඔබගේ නිර්මාණ යොමු කළ යුතුය.
*For digital files: 1920x1080px (Full HD) - 3840x2160(4K) පරාසයේ ඩිජිටල් නිර්මාණයක් විය යුතුය. පෝස්ටර් සඳහා 600 dpi යොදා ගත යුතුය.
*For illustrations / graphics (hand-drown/ posters): 2500x3500px - 400x600px, vector formats (AI, EPS, SVG)
* Photography: 3000x2000px - 6000x4000px
* ඔබගේ ඩිජිටල් නිර්මාණ අවම 300 dpi පැහැදිලිභාවයෙන් (resolution) A3 ප්‍රමාණයෙන් (3508x4961px) ලෙසින් සකස් කළ යුතුය.
* ඔබගේ නිර්මාණය JPEG/ PDF ස්වරූපයෙන් එවිය යුතුය.

Ministry of Health and Mass Media - Mass Media Division
Special Unit on the Right to Information (RTI) Act
School Competition 2026 organized on the occasion of the International Day for Universal Access to Information.

1. Rules and Conditions - Essay Competition

Competition Topics
 Importance of the RTI Act in Sri Lanka
 Why should school students be aware of RTI?
 Pros and cons of the RTI Act for the public
Rules & Guidelines
 The competition will be held in all three media—Sinhala, Tamil, and English
under two categories: Senior Section (Grades 12, 13) and Intermediate Section (Grades 9, 10, 11).

 All essays must exceed 1,500 words and be written clearly on A4 size paper in legible
handwriting.
 Special prizes along with certificates will be awarded for 1st, 2nd, 3rd, 4th, and 5th
places in each language medium.
 Students winning from 6th to 15th places will receive prizes and certificates, while those
placing 16th to 25th will receive certificates. All participating students will receive a
certificate of participation.
 A school must submit three (03) entries per section, making a total of six (06) entries
across both sections. All entries must be certified by the Principal or Deputy Principal.
 All entries must be sent before 05.08.2026 to the following address:
Additional Secretary (Development, Information, Research & Policy)
Ministry of Health and Mass Media,
No. 168, Asidisi Medura,
Kirulapana Mawatha,
Polhengoda, Colombo 05.

 The top five winners of the essay competition will receive their certificates and prizes at the main commemoration event to be held in September.

 The decision of the judging panel will be final.

2. Rules and Conditions - Digital Poster Competition
Competition Topics

 Let's Know RTI - Become Informed Citizens
 A Transparent Country Through RTI

Rules and Guidelines
This competition is held as an Open Competition, and special attention should be paid to the following:

1. To register and upload your creation, you must complete the application form (Google Form) available on the Ministry of Health and Mass Media website (www.media.gov.lk)
before 05.08.2026.

2. Your entries must be submitted adhering to the following specifications:
o For digital files: Must be 1920x1080px (Full HD) – 3840x2160px (4K). Use 600 dpi for posters.
o For illustrations/graphics (hand-drawn/posters): 2500x3500px – 400x600px,
vector formats (AI, EPS, SVG).
o Photography: 3000x2000px – 6000x4000px.
o Digital creations must be prepared in A3 size (3508x4961px) with a minimum resolution of 300 dpi.
o Creations must be submitted in JPEG/PDF format

tamil instructions in first comment

RTI Civil ForumAs there is a communication problem with the email address mentioned here, I kindly request you to regist...
15/07/2026

RTI Civil Forum

As there is a communication problem with the email address mentioned here, I kindly request you to register your organization through the new email address [email protected].

We apologize for the inconvenience caused to you in this regard.

RTI Civil Forumමෙහි සඳහන් විද්‍යුත් ලිපිනයෙහි සන්නිවේදන අවහිරතාවයක් පවතින බැවින් ඔබගේ සංවිධානයේ ලියාපදිංචිය rtiunitsl@gm...
15/07/2026

RTI Civil Forum

මෙහි සඳහන් විද්‍යුත් ලිපිනයෙහි සන්නිවේදන අවහිරතාවයක් පවතින බැවින් ඔබගේ සංවිධානයේ ලියාපදිංචිය [email protected] යන නව විද්‍යුත් ලිපිනය හරහා සිදු කරීමට කටයුතු කරන මෙන් කාරුණිකව දැනුම් දෙමි.

මේ සම්බන්ධව ඔබට සිදු වන අපහසුතාව පිළිබඳව අපගේ කනගාටුව ප්‍රකාශ කරමි

Address

Ministry Of Mass Media, No. 163, Kirulapone Avenue, Colombo 05
Colombo

Alerts

Be the first to know and let us send you an email when RTI - Sri Lanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to RTI - Sri Lanka:

Shortcuts

Share