CEB Distribution Division 1

CEB Distribution Division 1 Ceylon Electricity Board is the licensee which is responsible for electricity distribution of Colombo City Colombo City is the capital of Sri Lanka.

The peak power demand of CEB Colombo city is around 290 MW while its annual energy consumption is around 1300 GWh. Being only geography of 37 sq. km and having a population of over a million people, electricity distribution network in the city is almost fully underground. The 170,000 customer base, 10% of which is heavy supplies over 112 kVA, accounts for 15% of the country's electricity sales and

20% of the revenue earnings of CEB. Colombo City thus is essentially the flagship of CEB distribution sector. The annual revenue is Sri Lankan Rupees 33 billion.

13/08/2022
https://youtu.be/twkk4ZKdia0
01/11/2020

https://youtu.be/twkk4ZKdia0

ලංකා විදුලිබල මණ්ඩලෙය් 51 වන ජන්මදිනය වෙනුවෙන් හා නොපෙනෙනෙ අවදානමක් එක්ක රැයක් දවාලක් නොබලා අවුව, වැස්ස, ගංවතුර වග...

30/10/2020
කොළඹ නගර කාර්යාලීය සුබ සාධක සංගමය මගින් පැවැත්වූ සුහද ක්‍රීකට් තරගයකොළඹ නගර කාර්යාලීය සුබ සාධක සංගමය අනුග්‍රහයෙන් සය සාම...
19/10/2020

කොළඹ නගර කාර්යාලීය සුබ සාධක සංගමය මගින් පැවැත්වූ සුහද ක්‍රීකට් තරගය

කොළඹ නගර කාර්යාලීය සුබ සාධක සංගමය අනුග්‍රහයෙන් සය සාමාජික සුහද ක්‍රිකට් තරගය තර්ස්ටන් විද්‍යාලයීය ක්‍රීඩාංගණයේදී දවස පුරා පැවැත්වීය. මෙහිදී ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ඉංජිනේරු ජයවිලාල් මීගොඩ මහතා සහභාගී වූ අතර සේවක මහත්ම මහත්මීන් විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගය පැවැත්විය.

කණ්ඩායම් 20ක් තරගාවලිය සදහා ඉදිරිපත් වූ අතර ශුරතාවය ප්‍රධාන ඉංජිනේරු (නඩත්තු) ඒකකයේ කණ්ඩායම විසින් දිනා ගන්නා ලද අතර අනු ශුරතාවය විදුලි ඉංජිනේරු (තැනීම්) ඒකකයේ කණ්ඩායම විසින් දිනා ගන්නා ලදී.

ලංවිම කොළඔ නගර කාර්යාලීය සුබසාධක සංගමය, සිය වාර්ෂික සමාජ සත්කාරක වැඩසටහන ලෙස එහි සාමාජිකයන්ගේ නොමසුරු දායකත්වයෙන්,  මහරග...
17/10/2020

ලංවිම කොළඔ නගර කාර්යාලීය සුබසාධක සංගමය, සිය වාර්ෂික සමාජ සත්කාරක වැඩසටහන ලෙස එහි සාමාජිකයන්ගේ නොමසුරු දායකත්වයෙන්, මහරගම අපේක්ෂා ‍රෝහලෙහි වාට්ටු අංක 28 වෙත Pulse Oximeter උපකරණයක් සහ රෝගී ඇඳන් සඳහා ඇඳ ඇතිරිලි පරිත්‍යාගය, 2020 ඔක්තෝබර් 17 වන සෙනසුරාදා(අද) දින සිදු කරන ලදී.

ඊට සමගාමීව, ප්‍රධාන ඉංජිනේරු (කොළඹ නැගෙනහිර) කාර්‍යාලයෙහි කාර්‍ය්‍ මණ්ඩලයෙහි දායකත්වයෙන් ජංගම රෝගී ඇඳක් පරිත්‍යාග කිරීමේ සත්කාර්‍යයද මෙම අවස්ථාවේදී සිදු කෙරිණ. ප්‍රධාන ඉංජිනේරු (කොළඹ නැගෙනහිර) කාර්‍යාලයෙහි කාර්‍ය්‍ මණ්ඩලය විසින් වාර්ෂිකව මහරගම අපේක්ෂා ‍රෝහල වෙත වෛද්‍යාධාර පරිත්‍යාග කිරීමේ පුණ්‍යකර්මය ඉටු කරනු ලබයි.

අපේක්ෂා රෝහලෙහි 28 වාට්ටුව මගින් කාන්තා නාරි වේද පිළිකා සඳහා ප්‍රතිකාර කරනු ලැබේ. පරිත්‍යාග කරන ලද උපකරණය රුධිරයේ ද්‍රාව්‍ය තත්කාලීන ඔක්සිජන් ප්‍රමාණය මැනීම සඳහා භාවිතා කෙරේ. එමගින් දැඩි සත්කාර ඒකකයෙහි ‍පරිබාහිරව අවශ්‍ය අවස්ථා වලදී වාට්ටුව තුළදීම එම රෝගීන් කළමනාකරණය කිරීමේදී උපයෝගී කර ගත හැකි බව වෛද්‍ය මතය විය.

සුබසාධක සංගමයේ අනුශාසක නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (කොළඹ නගර) ඉංජි. ජයවිලාල් මීගොඩ මහතාගේ උපදෙස් සහ අනුශාසනා පරිදි සංවිධානය කරනු ලැබූ මෙම උපකරණ පරිත්‍යාගය එතුමාගේ සුරතින් විශේෂඥ වෛද්‍ය චින්තන හපුආරච්චි මහතා සහ වාට්ටුව භාර හෙද නිලධාරීනියන් වෙත පිරිනමනු ලැබීය. මෙම අවස්ථාවට සුබසාධක සංගමයේ ගරු සභාපති ඉංජි. සනත් රත්නායක මහතාද, සුබසාධක සංගමයේ ගරු උප සභාපති ප්‍රධාන ඉංජිනේරු (කොළඹ නැගෙනහිර) ඉංජි. චමත් වීරසේකර මහතාද, සංගමයේ ගරු ලේකම් ඉංජි. වින්ධ්‍ය වික්‍රමආරච්ච් මහතාද, සංගමයේ ගරු උප ලේකම් පුෂ්පා බංඩාර මියද සහ සීමිත සාමාජික සාමජිකාවන් පිරිසක්ද ප්‍රධාන ඉංජිනේරු (කොළඹ නැගෙනහිර) කාර්‍ය මණ්ඩලයෙහි සීමිත පිරිසක්ද එක්ව සිටියහ.

මව්බිම විදුලියෙන් එළිය කළ ඉංජිනේරු  ඩී. ජේ. විමලසුරේන්ද්‍ර සූරින්1874 සැප්තැම්බර් මස 17 වැනි දින ගාල්ලේ ගල්වඩුගොඩ මුහම්ද...
17/09/2020

මව්බිම විදුලියෙන් එළිය කළ ඉංජිනේරු ඩී. ජේ. විමලසුරේන්ද්‍ර සූරින්

1874 සැප්තැම්බර් මස 17 වැනි දින ගාල්ලේ ගල්වඩුගොඩ මුහම්දිරම්ගේවත්ත නමැති ග්‍රාමයේදී විමල සුරේන්ද්‍ර උපත ලැබීය. ඔහුගේ සම්පූර්ණ නම දේවපුර ජයසේන විමලසුරේන්ද්‍රයි. පියා ගාල්ලේ විසූ දොන් ජුවන් විමලසුරේන්ද්‍ර ජයසිංහ මුහම්දිරම්ය. මව දෝන ක්‍රිෂ්ටිනා ජයසිංහයි.

විමලසුරේන්ද්‍රගේ පියා ඇත් දත් කැටයම් ශිල්පයේ හා ස්‌වර්ණාභරණ නිෂ්පාදන ශිල්පයේ සම්ප්‍රදායික තාක්‌ෂණයේ උසස්‌ දැනුමක්‌ ලබා සිටියේය. ඔහු ශ්‍රේෂ්ඨ ගනයේ කලාකරුවෙක්‌ද විය. එදා එංගලන්තයේ වික්‌ටෝරියා මහාරාජිනියගේ රාජ්‍ය සමයේදී විමලසුරේන්ද්‍ර මහතාගේ පියාට මුහම්දිරම් යන ගෞරව නාමය හිමි වී තිබිණි.

කොළඹ ආනන්ද විද්‍යාලයේ අධ්‍යාපනය ලැබූ විමලසුරේන්ද්‍ර දක්‌ෂතා රැසක්‌ පිරි දීප්තිමත් ශිෂ්‍යයකු විය. ඔහු විද්‍යාව හා ගණිතය යන විෂයන්ගෙන් විශිෂ්ඨ සම්මාන සහිතව නව කේම්බ්‍රිඡ් සීනියර් විභාගයෙන් උසස්‌ ලෙස සමත් විය. 1890 වර්ෂයේදී ආනන්ද විද්‍යාලයයේ පැවති ත්‍යාග ප්‍රදානෝත්සවයේදී එයට සහභාගි වූ ප්‍රධාන ආරාධිතයා වූ කර්නල් හෙන්රි ස්‌ටීල් ඕල්කට්‌ මැතිතුමා අතින් පාසලේ දක්‌ෂතම ශිෂ්‍යයාට හිමි ත්‍යාගයද දිනාගැනීමට විමලසුරේන්ද්‍ර සමත් විය.

ඉන් පසුව රජයේ කර්මාන්ත ශාලාවට බැඳී ඉංජිනේරු ශිෂ්‍යයකු ලෙස ඉගෙනුම ලැබූ ඔහු විවිධ යන්ත්‍ර සූත්‍ර ආදර්ශයන් නිර්මාණය කොට ස්‌වකීය සහජ කුසලතාවන් දියුණු කරගත්තේය. ඉන් අනතුරුව රජයේ කාර්මික විද්‍යාලයේ ඉංජිනේරු අංශයට ඇතුළත්වී ඉගෙනුම ලබා 1892 වර්ෂයේදී පැවැති විභාගයෙන් ඉංජිනේරු අංශයේ ප්‍රථමයා ලෙසින් සමත් වූයේද මේ විමලසුරේන්ද්‍ර තරුණයාය.

ඊට පසු කලෙක ඉන්දියාවේදී පැවැති ඒ. එම්. අයි. සී. ඊ. විභාගයෙන්ද මොහු සමත් විය. ඉන් පසුව ඔහුට දියතලාවේ කනිෂ්ඨ සහායක ඉංජිනේරුවරයකු ලෙසින් සේවය කිරීමට අවස්‌ථාව ලැබිණි.

1901 වර්ෂයේදී එවකට පැවැති රජයේ ඉංග්‍රීසි පාලකයන් විසින් ඔහුට පවරන ලද විශේෂ රාජකාරිය වූයේ මහා ඝණ වනාන්තරයෙන් වැසීගිය අධික ශීතලෙන් යුත් මධ්‍යම කඳුකරයේ භූමිය තුළ රත්තරන්, මැණික්‌ වැනි ඛණිජ සම්පත් තිබේදැයි පරීක්‌ෂා කර බලා රජයට වාර්තා කිරීමයි.

මෙම ගවේෂණ කටයුතු සඳහා ඔහුගේ සහායට ලබාදුන්නේ අප්‍රිකාවේ බෝයර් යුද්ධයෙන් පසුව ඉංගී්‍රසින් විසින් ශ්‍රී ලංකාවට අල්ලාගෙන ආ ඉංජිනේරු දැනුමක්‌ ඇතිව සිටි සිරකරුවෙකි.

සිරකරුවා සමග කැලණි ගංගා නිම්නයේ රත්තරන් ආදී ඛනිජ සම්පත් සොයමින් ගවේෂණයේ යෙදුන විමලසුරේන්ද්‍රට හමුවූයේ ස්‌වභාවධර්මයේ අපූර්වත්ව නිර්මාණයක්‌ වූ ඇබර්ඩීන් හෙවත් කෙහෙල්ගමුව දිය ඇල්ලයි. ඊට පසු දිනක ඔහුගේ නෙත ගැටුණේ එවැනිම සුන්දර දායාදයක්‌ වූ ලක්‌ෂපාන හෙවත් වැඩිහිටි දිය ඇල්ලයි. මේ දියඇලි රිදී කඳන් සේ පහළට ඇද හැලෙන ආකාරය ඔවුහු පැය ගණන් බලා සිටියහ. මේ පොළොවේ රත්රන් කෙසේ වෙතත් මේ දියඇල්ලේ නම් රත්රන් තිබෙනවාමයි කියමින් විමලසුරේන්ද්‍ර දුරදර්ශීව සතුටින් තෙබලන්නට විය.

ගලා හැලෙන ජලයේ බලයෙන් ජලරෝද භ්‍රමණය කළොත් විදුලිය බලය උපදවාගත හැකි බැව් විමලසුරේන්ද්‍රයානන්ට අවබෝධ විය. 1924 වර්ෂයේදී විමලසුරේන්ද්‍රගේ ජලවිදුලිබල යෝජනා ක්‍රමය එවකට රාජ්‍ය මන්ත්‍රණ සභාවෙන්ද සම්මත වී එහි වැඩ ආරම්භ විය.

එවකට දිවයිනේ සිටි විදේශීය ඉංජිනේරුවන්ගේ හා පාලකයින්ගේ අදූරදර්ශී ක්‍රියාවන් හේතු කොට ගෙන මේ ජල විදුලි යෝජනා ක්‍රමය කඩින් කඩ නවතා දැමීමට සිදුවිය. මෙය හරියාකාරව කරගෙන යාමට නම් රටේ පවත්නා දේශපාලන ව්‍යූහයට තමන්ද ඒකාබද්ධ විය යුතු බැව් විමසුරේන්ද්‍රට අවබෝධ විය.

එහි ප්‍රතිඵලයක්‌ වහයෙන් ඔහු 1931 වර්ෂයේදී රත්නපුර මන්ත්‍රීවරයා වශයෙන් රාජ්‍ය මන්ත්‍රණ සභාවට තේරී පත්විය. 1950 වර්ෂයේදි කෙහෙල්ගමුඔය නෝර්ටන් ප්‍රදේශයේදී කඳු දෙකක්‌ අතර වේල්ලක්‌ බැඳීමෙන් හරස්‌ කරන ලදී. මහා ජලකඳ අඩි 9400 ක්‌ තරම් දිග උමගයක්‌ තුළින් ඩබල් කටින් නමැති ස්‌ථානයට යටින්ගොස්‌ එතැන් සිට විශාල නළ මාර්ග 4 ක්‌ තුළින් තවත් අඩි 5000 ක්‌ තරම් පහළට ගමන් කොට මස්‌කෙළිඔයේ දකුණු ඉවුරේ ඇති ජල විදුලි බලාගාරය ක්‍රියාත්මක වෙයි. ඵය ලක්‌ෂපාන ජල විදුලිබල ව්‍යාපෘතියේ පළමු පියවරයි. ජල විදුලි බලය ලබාගැනීමට හැකිවූ අවස්‌ථාවේදී විමලසුරේන්ද්‍ර මහතාට ඇතිවූ චිත්ත සංතෘෂ්ටිය වචනයෙන් කියා නිමකළ නොහැකි වූ බැව් එතුමා ප්‍රකාශ කර ඇත.

ඒ මෙසේය. 'මා විසින් සැලසුම් කර ආරම්භ කරන ලද ජල විදුලිබල යෝජනා ක්‍රමයේ ඉදිකිරීම් කටයුතුවලට සහභාගි වීමේ වාසනාව මට නොලැබුනත් මාගේ රටේ ජනතාව විසින් මෙහි නිසි ප්‍රතිඵල නෙලා ගැනීම දැකගැනීමට ජීවතුන් අතර සිටීමට තරම් මා වාසනාවන්ත වීම පිළිබඳව මම උද්දාමයට පත්වෙමි. ප්‍රීතිවෙමි. සතුටුවෙමි. මා විසින් මීට වසර 50 කට තරම් පෙර

අවලෝකනය කළ මාගේ ජීවිතයේ මේ සැඳෑ සමයේදී හෝ දැකබලා ගැනීමට හැකිවීම ගැන මම ඉතාමත් උදම් වෙමි. අමිල වූ සතුටක්‌ මම ලබන්නෙමි.'

මීට වසර 100 කට පමණ පෙර සිහිනයක්‌ව පැවැති ජල විදුලිබලය පිළිබඳ විමල සුරේන්ද්‍රයාණෝ අනාගතය දෙස බලා සැලසුම් සකස්‌ කළහ. ලක්‌ෂපාන, නවලක්‌ෂපාන, විදුලිපුර, පොල්පිටිය, කැණියොන්, පොල්ගොල්ල, බෝවතැන්න, රන්ටැඹේ, රන්දෙණිගල, වික්‌ටෝරියා, කොත්මලේ. බලංගොඩ, කුකුලේගඟ හා ඉහළකොත්මලේ ආදී ජල විදුලි බලාගාරද, අනිකුත් කුඩා පරිමාණයේ ජල විදුලි බලාගාරද විමලසුරේන්ද්‍ර සූරීන්ගේ චින්තනයේ ප්‍රතිඵල වන්නේය.

අධික වියදමක්‌ දැරිය යුතු ගල් අඟුරු, ඩීසල් තෙල් ආදී ඉන්ධන නොයොදා ස්‌වභාවික සම්පතක්‌ වූ ජලයේ බලය යොදාගෙන ජලවිදුලි බලය නිපදවීමේ ගෞරවය හිමිවන්නේද විමලසුරේන්ද්‍ර සූරීන්ටයි.

උඩරට දුම්රිය මාර්ගයේ දෙමෝදර ආශ්චර්යවත් කොම්බුහැඩයේ වක්‌ දුම්රිය මාර්ගය සැලසුම් කිරීමත්, ගාලු නගරයට ප්‍රථම වරට විදුලිය ලබාදීමත්, ශ්‍රී ලංකාව තුළ පිඟන් මැටියෙන් පිඟන් භාණ්‌ඩ නිෂ්පාදනයට රත්නපුරයේ කටයුතු කිරීමත්, රබර් ආශ්‍රිත කාර්මික භාණ්‌ඩ නිෂ්පාදනයට මග පෙන්වා දීමත්, විදුලි දුම්රිය ආරම්භ කිරීමට සැලසුම් සකස්‌ කිරීමත් විමලසුරේන්ද්‍රÊසූරීන්ගේ දක්‌ෂතාවලින් කීපයක්‌ පමණි.

බෞද්ධ ජනතාවගේ මුදුන් මල්කඩක්‌ බඳුවූ අනුරාධපුරයේ ස්‌වර්ණමාලි මහා චෛත්‍ය රාජයාණන්ගේ කොත්කැරැල්ල නිර්මාණය කිරීමේ ඉංජිනේරු තාක්‌ෂණයද විමලසුරේන්ද්‍ර මහතාගේ ඥණයේ බලමහිමයන්ය.

චූඩා මාණික්‍ය සහිත අඩි විසිහතරක්‌ (24) උස්‌ වූ මෙම දර්ශනීය රන් ආලේපිත කොත්වහන්සේ චෛත්‍ය මුදුනෙහි පැළඳවීමේ උතුම් වූ මහෝත්සවයටද විමල සුරේන්ද්‍රයාණෝ සහභාගි වූහ.

රටට ජාතියට අමිල සේවයක්‌ කළ විමලසුරේන්ද්‍ර සූරීහු 1953 වර්ෂයේදී අප අතරින් සදහටම සමුගත්හ. ඒ වන විට ඔහු 79 වැනි වියේ පසුවිය. විමලසුරේන්ද්‍ර ශූරීන්ට උපහාරයක්‌ වශයෙන් නෝර්ටන් විදුලිපුර ජලාශය එහා කෙළවරේ ඉදිකර ඇති ජල විදුලි බලාගාරය "විමලසුරේන්ද්‍ර ජල විදුලිබලාගාරය" නමින් නම් කර තිබේ. එහි විදුලිබල ධාරිතාවය මෙගාවොට්‌ 50 කි.

© 2012 සීමාසහිත උපාලි පුවත්පත් සමාගම / ශේන් වීරසිංහ

විදුලි අනතුරු වලින් ආරක්ෂාවීමට උපදෙස්Electrical Safety Tips on Living Safely
13/09/2020

විදුලි අනතුරු වලින් ආරක්ෂාවීමට උපදෙස්
Electrical Safety Tips on Living Safely

Address

340, R A D De Mel Mawatha, Colombo 03
Colombo
00500

Telephone

+94114498498

Alerts

Be the first to know and let us send you an email when CEB Distribution Division 1 posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to CEB Distribution Division 1:

Share