24/07/2026
කලාව, සතුට, විනෝදය තුළින් කාර්යක්ෂම රාජ්‍ය සේවයක්
කලාව, සතුට, විනෝදය තුලින් කාර්යක්‍ෂම රාජ්‍යය සේවයක් යන මැයෙන් පැවැත්වු චරිතාභී නන්දන ගී මියුසිය වැඩසටහන රණවිරු සේවා අධිකාරීයේ සභාපති තුමාගේ ප්‍රධානත්වයෙන් 2026 ජූලි මස 21 වන දින රණවිරු සේවා අධිකාරීයේ ශ්‍රවනාගාරයේදී පවත්වන ලදි. මෙහිදී ප්‍රධාන සම්පත් දායකත්වය 2013 රණවිරු රියල් ස්ටාර් තරඟයේ අවසන් 13 දෙනා අතරට තේරී පත්වු සැරයන් චරිත් කුලතිලක ආර්එස්පී රණවිරුවා ලබා දුන් අතර රණවිරු සේවා අධිකාරියේ කාර්ය මණ්ඩලය විසින්ද නැටුම් ගැයුම් වලින් මෙම වැඩසටහන වර්ණවත් කරන ලදි.
මෙම අවස්ථාවට රණවිරු සේවා අධිකාරියේ සභාපති, උප සභාපති සහ අධ්‍යක්‍ෂ ඇතුලු කාර්ය මණ්ඩලයේ සියලුම සාමාජිකයින් සහභාඟි විය.