25/08/2026
ශ්‍රී ලංකා ගුවන් හමුදා සේවාමුක්ත සාමාජිකයන් වෙත කෙරෙන විශේෂ දැනුම්දීමයි!
ගුවන් හමුදා සේවාමුක්ත සංගමයේ 45 වන මහාසභා වාරයේදී සංගමයේ සභාපති එයාර් වයිස් මාර්ෂල් හේමන්ත සොයිසා (විශ්‍රාම්ක) මහතා විසින් 2026 අගෝස්තු මස 15 වන දින සිට 2027 මහාසභා වාරය තෙක් සංගමයේ නව සාමාජිකත්වය ලබා ගැනීම සඳහා විශේෂ සහන කාලයක් (අමතර මුදල් ගාස්තු ගෙවීමකින් තොරව) ප්‍රකාශයට පත් කර ඇත.
ඔබට රු. 1500.00 ක සාමාජික ගාස්තුව (දඩ මුදල් වලට යටත් නොවී) පමණක් ගෙවා ගුවන් හමුදා සේවාමුක්ත සංගමයේ - SLAFESA සහ රු.1500.00 ක සාමාජික ගාස්තුව ගෙවා ශ්‍රි ලංකා සන්නද්ධ සේවා ප්‍රවීණයන්ගේ සංගමයේ - SLAFVA නව සාමාජිකත්වය ලබා ගත හැක. ඒ අනුව සම්පුර්ණ මුදල වශයෙන් රු.3000.00 ක් ගෙවා සංගම් දෙකෙහිම සාමාජිකත්වය ලබා ගත හැක. (ශ්‍රි ලං ගු හ සේවාමුක්ත සංගමයේ සාමාජිකත්වය ලබා ගැනීමේදී සන්නද්ධ සේවා ප්‍රවීණයන්ගේ සංගමයේ සාමාජිකත්වය ලබා ගැනීම අනිවාර්ය බව සලකන්න.)
සාමාජිකයෙකු වූ පසු පහත සදහන් වරප්‍රසාද ඔබට ලබා ගත හැක.
තවද, රු. 5,280.00 ක දායකත්ව මුදලක් ගෙවා 'සුවසුරැකුම්' සුබසාධන පහසුකම සඳහා ලියාපදිංචි විය හැක. සුවසුරැකුම් දායකත්වය ලබා ඇති සාමාජිකයන් සඳහා පිරිනමන මරණාධාර මුදල් මෙම වසරේ සිට පහත පරිදි ඉහළ නංවා ඇත.
සුවසුරැකුම්' සුබසාධන පහසුකම් සහ සංශෝධිත ප්‍රතිලාභ
• සාමාජිකයෙකුගේ අභාවයකදී:
රු. 70,000.00 සිට රු. 80,000.00 දක්වා වැඩි කර ඇත.
• කලත්‍රයෙකුගේ අභාවයකදී:
රු. 35,000.00 සිට රු. 40,000.00 දක්වා වැඩි කර ඇත.
(සටහන: ඉහත වැඩි කරන ලද ප්‍රතිලාභ හිමිවනුයේ '*සුවසුරැකුම්' *දායකත්වය හිමි සාමාජිකයන් සඳහා පමණි.)
ගුවන් හමුදා සේවාමුක්ත සංගමයේ අයදුම්පත් පහත link එකෙන් බාගත කල හැක.
https://airforce.lk/afesa/afesa-applications.php
තවද, ශ්‍රී ලංකා සන්නද්ධ සේවා ප්‍රවීණයන්ගේ සංගමය මගින් සාමාජිකයන්ගේ සෞඛ්‍ය සුබසාධනය උදෙසා ක්‍රියාත්මක කරනු ලබන "ප්‍රවීණ දිරිය" නව සෞඛ්‍ය රක්ෂණ වැඩසටහනට දායකත්වය ලබා ගත හැක.
ප්‍රතිලාභී කාණ්ඩ (මාසික සාමාජික මුදල අනුව):
ඔබට පහත සඳහන් ඕනෑම කාණ්ඩයක් යටතේ මෙයට දායක විය හැක:
• Bronze: රු. 100.00
• Silver: රු. 250.00
• Gold: රු. 500.00
• Gold Plus: රු. 750.00
• Platinum: රු. 1000.00
අයදුම්පත් පහත සදහන් link එකෙන් බාගත කල හැක.
https://airforce.lk/afesa/slesa-applications.php
ඔබගේ සාමජිකත්වය ලබා ගැනීම ගැනීම පිළිබදව විස්තර ලබා ගැනීමට පහත දුරකථන අංක හෝ විද්‍යුත් තැපෑල ඔස්සේ සේවාමුක්ත සංගමය හා සම්බන්ධ වන්න.
දුරකථන අංක:
සාමාන්‍ය ඇමතුම්:
011 234 0045 - කාර්යාලය
ජංගම දුරකථන ඇමතුම්:
074 017 0604- ලේකම් කමල් පද්මකාන්ත මහතා
074 040 2421- ධම්මි පෙරේරා මහත්මිය.
074 041 0278 - වරුණි මහත්මිය
WhatsApp : 074 064 1687
විද්‍යුත් තැපෑල (Email): [email protected]
ලිපිනය:
ශ්‍රී ලංකා ගුවන් හමුදා සේවාමුක්ත සංගමය,
ඊගල්ස් ස්කය් ලින්ක් සංකීර්ණය,
ශ්‍රී ලංකා ගුවන් හමුදා ගුවන්පුර,
කොළඹ 08,
ඔබගේ සේවාමුක්ත මිතුරන්, මේ පිළිබඳව දැනුවත් කිරීමට කාරුණික වන්න. අපි එක්ව අපේ විරුවන්ගේ හෙට දවස ශක්තිමත් කරමු!
ශ්‍රි ලං ගු හ සේවාමුක්ත සංගමය
*-මාධ්‍ය ඒකකය-*
Ex-Servicemen's Association