02/06/2026
ගගන විරු සවිය සාමාජිකයන්ගේ දැනගැනීම පිණිසයි!
වෛද්‍ය සේවා අධ්‍යක්ෂක මණ්ඩලයේ වෛද්‍ය සේවා අංශයේ ක්‍රියාකාරකම් පරිපාලන කිරීම - ගගන විරු සවිය සාමාජිකයන් සම්බන්ධව
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජෙනරාල්ගේ උපදෙස් පරිදි 2026 මැයි මස 20 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි රෝහල්ගතවීම් හෝ ප්‍රතිකාර සඳහා දරණ ලද වියදම් සම්බන්ධව අදාළ සියලුම රාජකාරීන් සහ කාර්යයන් අධ්‍යක්ෂක වෛද්‍ය සේවා මගින් ඉටුකරන බව දන්වා ඇත.
එබැවින්, රෝහල්ගත ප්‍රතිකාර ලබා ගැනීමට අපේක්ෂා කරන සාමාජික සාමාජිකාවන් ළඟම ගුවන් කඳවුරේ සිටින ගුවන් හමුදා වෛද්‍ය නිලධාරීගේ උපදෙස් ලබා ගත යුතු අතර, ඔහුගේ/ඇයගේ නිර්දේශ මත අදාළ රෝහල්ගත ශල්‍යකර්ම/ රෝහල්ගත වෛද්‍යාධාර/ රෝහල්ගත ආයුර්වේද ප්‍රතිකාර සහ දරු උපත් සම්බන්ධව හිමිකම් සඳහා තම සේවා අංකය, නිලය සහ නම සඳහන් කර සාමාන්‍ය පණිවිඩයක් මගින් SSO/SO 1 වෙතින් පූර්ව අවසරයක් ලබා ගත යුතු බව දන්වා ඇත.
සියලුම සාමාජිකයන් දැනුවත් කිරීම පිණිස ඉදිරිපත් කරමි.
ස්තුතියි
කමල් පද්මකාන්ත
ගරු ලේකම්
ශ්‍රී ලංකා ගුවන් හමුදා සේවා මුක්ත සංගමය