22/08/2026
යදමින් බැඳ විලංගු ලා මගේ පුතා රැගෙන යන්න ඉදිකටු ඇන ඇඟිලි තලා දෙතිස්වදය පමුනුවන්න
මේ නන්දා මාලනි ගැයු ගීතයක කොටසකි.ඇයි මේ කොටසම ගත්තේ, එකක් තමයි රටක් ආදරය කල නන්දා මාලනිය අද දැයෙන් සමුගන්න ශෝක දිනයක් අද..
ඉතින් ඇය කල සේවය ගැන අවිවාදයක් නෑ ඇයට ගෞරව කල යුතුයි..
අනික් කාරණය නම් 2025 අගෝස්තු 22 ඒ වගේ ම රටක් දුක් උන දවසක්,
රටක් බංකොලොත් බවින් මුදා ගත් ඒ වීර පුත්‍රයාට විලංගු දැමූ දවස
නිදි වර්ජිත රාත්‍රියක් පක්ෂ විපක්ෂ සියලු දෙනා එදා රැ නොකා නොබි නිදියපු නැති දවසක්..
ඒ රනිල් වික්‍රමසිංහ නැමති ලංකා දේශපාලනයේ පතාක යෝදයා වෙස් මින්ස්ටර් සම්ප්‍රධායේ අවසන් පුරුක ඔහුව සිර ගත කල දවස එදා..
තවමත් අධිකරණයේ විමසන නඩු කටයුත්තක් නිසා ඒ ගැන සඳහන් නොකරමු..
රනිල් වික්‍රමසිංහ යනු ලංකාව වෙන්වෙන් කියා නිම කල නොහැකි තරම් රට වෙනුවෙන් විශාල වැඩ කොටසක් කල නායකයෙක්...
ඔහුගේ පුද්ගලික දේපල පවා රජයේ පාසලකට ලියපු පුද්ගලයෙක්..
2022 මේ රට බංකොලොත් වෙලා මේ රට බාර ගන්න කෙනෙක් නැතුව මිනිස්සු පොලිම් වල මැරිලා වැටෙද්දි පැය 12ක් 13ක් විදුලිය නැතුව තියෙනකොට ඇත්තටම ඔහුට ඔහුගේ සැදැසමය ගත කරගෙන Netflix එකේ ෆිල්ම් එකක් බලාගෙන ආතල් එකේ ඉන්න තිබ්බ කාලේත් නැති කරගෙන මේ රට ගොඩ දාන්න ඒ වෙලාවේ රට බේරගන්න ආව වීරයෙක්..
ඔහු ජනපති ධූරය දරණ සමයේ නිරත වෙච්ච නිල සංචාරයක් ගැන පටලැවිල්ලකට තමයි ඔහු එදා සිරගත උනේ..
මේ රටේ මිනිස්සු වෙනුවෙන් ඔහු එදා ඉදිරිපත් නොවි හිටියා නම් ඔහුට ජිවිතේ පලමු වතාවට නොකල වරදකට සිරගත වෙන්න සිද්ද වෙන්නේ නෑ..
ඉතින් මෙකත් එක්තරා කලු දිනයක් තමයි ලංකා ඉතිහාසයේ..
එදා රටේ බහුතරයක් ජනතවාට නින්ද නැති රැයක් උනා ගොඩක් මිනිස්සු ගෙවල් වල ඇඩුවා ඔහු වෙනුවෙන් උසාවිය ඉදිරිපිටට ආවා..
මොකද කීප දෙනෙක් ඇරුනම දන්නවා රනිල් රට වෙනුවෙන් කොච්චර දේවල් කරාද කියලා.
ඔහු රට බාර ගද්දි උද්දමනය අතින් ලෝකේ දෙවනි තැන හිටියේ ඔහු යද්දි සෘණ 5ට උද්දමනය අඩු කරලා ගියේ
ඔහු බාර ගද්දි විදෙස් සංචතිය ඩොලර් මිලියන 20යි අඩු ගානේ තෙල් නැවකට ගෙවන්න ඒ මුදල් මදි
ඔහු ගියේ ඩොලර් බිලියන 6ක් ඉතුරු කරලා
ඔහු බාර ගද්දි ඩොලර් එක 370යි ඔහු ගියෙ 290ට අඩු කරලා
ඔහු පවුල් ලක්ෂ 20ට අස්වැසුම දුන්නා සමෘද්ධිය වගේ තුන් ගුණයක් වැඩි කරලා
ඔහු සින්නක්කර ඔප්පු පවුල් ලක්ෂ 20ට නොමිලේ දෙන්න වැඩ කලා
අලුතෙන් නීති 90ට වඩා සම්මත කලා
සෘණ තිබ්බ ආර්ථික වර්ධන වේගය ධණ කලා
බැංකු පොලි අනුපාතය විශාල ලෙස අඩු කලා
පාසල් ළමුන්ට නොමිලේ දිවා ආහාර වෙල් දුන්නා
අඩු ආධායම් ලාබි පවුල් වලට මාස 2ක් නොමිලේ හාල් කිලො 20 ගානේ දුන්නා
ගොවියන්ට පොහොර බෙහෙත් වෙලාවට ලබා දුන්නා වගා ණය සම්පුර්ණයෙන් ම කපා හැරියා
තව කියන්න ගියොත් අවුරුදූ දෙකේ විතරක් කරපුවා මේකේ ඉඩ මදි ලියන්න..
ඉතින් එහෙම කරපු මනුස්සයාව සිරගත කල දිනය ඇත්තටම අපිට නම් ලංකා ඉතිහාසයේ කලු දිනයක්
නොදුරේ ම ඔහුගේ නිර්දෝෂි භාවය මුලු ලෝවම දැනගනි...
අදත් එදා මෙන් හැමදාම රනිල් වික්‍රමසිංහ වෙනුවෙන් අපි ඕනිම තැනක පෙනි ඉන්නේ ආඩම්බරයෙන්