UNP Island wide

Call Directions Website Contact the organization

UNP Island wide BALLOTS,NOT BULLETS-To giv de victory 2de ri8,nt bloody bulets,bt peaceful ballots only re necessary.tnkz 2our gud old constitution,nd orgnizn under it

22 සම්මත කර ගැනුණත් ඊට එරෙහි සටන අවසන් නොවන බව විපක්ෂයේ දේශපාලන පක්ෂ නායකයන් හමුවේ රනිල් අවධාරණය කළේය.මේ සම්බන්ධයෙන් ඉදි...
27/09/2026

22 සම්මත කර ගැනුණත් ඊට එරෙහි සටන අවසන් නොවන බව විපක්ෂයේ දේශපාලන පක්ෂ නායකයන් හමුවේ රනිල් අවධාරණය කළේය.

මේ සම්බන්ධයෙන් ඉදිරි පියවර ගැන විපක්ෂයේ දේශපාලන පක්ෂ තවමත් කථිකා කරමින් සිටින අතර ඒ සම්බන්ධයෙන් කෙරෙන වැඩපිළිවෙළ ගැන ඉදිරියේදී දැනුවත් කිරීම් කෙරෙනු ඇත.

එමෙන්ම නීතිඥයන් සති අන්තයේදී මුණගැසී ඉදිරි පියවර ගැන සාකච්ඡා කිරීමට නියමිතය.

" මේකෙන් ආණ්ඩුවට උනේ අවාසියක්. පළමුවැනි හානිය නීතිඥයන් තරහ කර ගැනීම, දෙවැන්න විපක්ෂය එක තැනකට ගෙන ඒම රනිල් කීය.

ජේ.ආර්. 120ට තරුණ පරපුර පෙරට – එජාපයෙන් වසර 20ක ‘හරිත පත්‍රිකාවක්

ජේ.ආර් ජයවර්ධන 120 වැනි ජන්ම සමරු තුනක් තුන් ආකාරයකට ඉකුත් සතියේදී පැවැත්විණි. පළමුවැන්න සාම්ප්‍රදායික උත්සවයයි. එක්සත් ජාතික පක්ෂය කළේ ජේ.ආර් දැක්ම අනාගතයට පැවරීමයි. රනිල්ගේ උපදෙස් පරිදි එජාපය ජේ. ආර් සැමරූයේ තරුණ පරපුරට මූලිකත්වය දෙමිනි. මල් පාරේ පැවති එම උත්සවයේ ජේ.ආර් ගැන දෙසුම් පැවැත්වූයේ තරුණ තරුණියන් විසිනි. දේශපාලන විචාරකයන් පැවසූයේ එය ජේ.ආර් අනාගතයට රැගෙන යාමක් ලෙසයි." තරුණයන් ඒ වැඩේ හොඳින්ම කරලා තිබුනා" රනිල් සමීපතමයන් සමග පවසා තිබිණි.

එක්සත් ජාතික පක්ෂයේ හරිත ප්‍රතිපත්තිය නිකුත් කිරීමද වැදගත් සිදුවීමක් විය.

ශ්‍රී ලාංකේය දේශපාලන ක්ෂේත්‍රයේ රැඩිකල් වෙනසක් තහවුරු කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂය “හරිත පත්‍රිකාව” (Green Paper) ප්‍රතිපත්ති රාමුවක් සකස් කර තිබෙයි.

වසර 20 ක් ඉලක්ක කර ගනිමින් මෙම හරිත පත්‍රිකාව සකස් කර ඇත.

සෑම දේශපාලන පක්ෂයකම, වෘත්තීය සමිතියකම, විද්වත් සංවිධානයකම සංවාදයට විවෘත කරමින් හරිත පත්‍රිකාව සකස් කෙරිණි .

රටේ වගකීම් භාර ගැනීමට සිටින තරුණ පරපුරට අනාගතය පිළිබඳ විශ්වාසය ගොඩ නැගෙන වැඩපිළිවෙල හරිත පත්‍රිකාව මගින් යෝජනා කෙරෙන බව එක්සත් ජාතික පක්ෂය ප්‍රකාශයට පත් කළේය.

රටේ ආර්ථිකය ස්ථාවර කිරීම වෙනුවෙන් “ථෙරවාදී සමාජ වෙළෙඳ පොල ආර්ථිකයක්“ හඳුන්වාදීම හරිත පත්‍රිකාවෙන් සිදු කර තිබේ.

සියලුම ථෙරවාදී බෞද්ධ රටවල් මේ වනවිට සාමාජිකත්වය ගෙන සිටින ආසියාන් (ASEAN) සංවිධානයට ඇතුළත් වීම ඇතුළු ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රවර්ධනයට ගත යුතු පියවර රැසක් එමගින් යෝජනා කර සිටී.

සමාජ ආයෝජන, නිවාස ඇතුළු ක්ෂේත්‍ර කිහිපයක් පිළිබඳව පමණක් ආරම්භක ලියවිල්ලේ සඳහන්ය. අධ්‍යාපන, සෞඛ්‍ය, ප්‍රවාහන, බැංකු, ජල සම්පාදන, ආරක්ෂක, තොරතුරු තාක්ෂණ ආදී විෂය පථ පිළිබඳව හරිත පත්‍රිකාව මගින් ඉඩ තබා ඇත්තේ සංවාදයට විවෘත කරමිනි.

සාකච්ඡා, සංවාද තුළින් අංග සම්පූර්ණ කෙටුම්පතක් සකස් කිරීමට හරිත පත්‍රිකාව මූලික පදනම වනු ඇතැයි රනිල් පැවසීය.

" නව මතවාදයකට මූලධර්ම රාමුව තමයි අප මේකෙන් ඉදිරිපත් කරලා තියෙන්නේ.මාධ්‍ය පැත්තෙන් මේක ජනගත කරන්න ක්‍රියාමාර්ග ගන්න" රනිල් හිටපු ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් දිනික් චින්තක කරුණාරත්නට සහ ජනපති සමයේ හිටපු මාධ්‍ය අධ්‍යක්ෂ ශානුක කරුණාරත්නට වගකීම පැවරීය.

සෞදියේ මරණ දඬුවමට නියම වී සිටින අනෝජන් ගැන එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය අතරවාරයේ සෞදි විදේශ ඇමති සමග කතා කරන බව විජිත හේරත් සඳහන් කර තිබිණි.

" එයාට ඕන දවස්වල ගිහිල්ලා ඒක කතා කරන්න බෑ.ඒවා මුලින් සැලසුම් කරගෙන සෞදි විදේශ ඇමති ඉන්න දවසක මෙයා යන්න ඕන.එහෙම නැතුව හිතුමතේට කතා කරන්නේ කොහොමද?" රනිල් කීය.

සජිත් ආණ්ඩුවේ ඔඩොක්කුවේ: සජබ පසුපෙළ රනිල් සමග රහස් කතාවක

22 ට එරෙහිව සජිත් මැදිහත්වූ ඇල්මැරුණු ස්වරූපය ගැන විපක්ෂයෙන්ම දැඩි විවේචන එල්ල වෙමින් තිබෙයි." 22 සම්මත කරගන්න පුළුවන් වුණේ සජිත්ගේ දුර්වලකම නිසා" සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු බොහොමයක් ද රනිල් අමතමින් එසේ කියා තිබිණි.

" සජිත් ඉන්නේ ආණ්ඩුවේ ඔඩොක්කුවේ. එයාගේ චෝදනා ටික උඩට එන එක වළක්වන්න ඕන දෙයක් කරයි" මන්ත්‍රීවරු කිහිප දෙනෙක්ම එසේ කීහ.

මේ අතර සමගි ජන බලවේගයේ පසු පෙළ චරිත බොහොමයක් රනිල් සමඟ රහසින් සාකච්ඡා අරඹා තිබෙන බව ආරංචිය.

අසූ වැනි සංවත්සරය නිමිත්තෙන් එක්සත් ජාතික පක්ෂය ගම් මට්ටමින් ආගමික ස්ථාන කේන්ද්‍ර කර ගනිමින් සැලසුම් සහගත වැඩපිළිවෙළක් ආරම්භ කිරීමට නියමිතව තිබේ.ඒ වැඩ පිළිවෙළ ඉදිරියේදී සාර්ථකව ආරම්භ කිරීමට නියමිතය.

ජී.එල් ගැන රනිල්ගේ මතකය සහ Cartographer සැසිය

ඒකාබද්ධ විපක්ෂයේ කටයුතු සම්බන්ධයෙන් ජී.එල් ගේ සක්‍රීය මැදිහත්වීම ගැන රනිල් සමීපතමයන් සමග ප්‍රසාදයෙන් කතාකර තිබිණි.

" එතුමා මගේ නීති ගුරුවරයෙක්.නීති අධ්‍යාපනයෙන් පස්සේ මම 72 සිට 77 දක්වා නඩු වලට පෙනී ඉඳලා තියෙනවා.Criminal නඩු කිහිපයකුත් මම කරලා තියෙනවා.Bribery නඩු කළා.නීතිඥ එස්.ඩබ්ලිව ජයවර්ධන,ඒ කියන්නේ ජේ.ආර් ගේ මල්ලි.බර්නන් විජේතුංග,එම්.තිරුචෙල්වම් වගේ ජ්‍යෙෂ්ඨ නීතිඥයන් එක්ක මම වැඩ කරලා තියෙනවා.රනිල් තම අතීතයෙන් බිඳක් එලෙස සිහිපත් කළේය.

cartographer නමින් කොළඹදී පැවැත්වුණු සැසියක් සඳහා රනිල් ඉකුත් සතියේ සහභාගී විය.ඊට තවත් විශේෂ අමුත්තෙක්ද පැමිණ සිටියේය ඒ සිංගප්පූරුවේ හිටපු විදේශ අමාත්‍යවරයා වූ George Yeo ය. රනිල් එහිදී දෙසුමක්ද පැවැත්වීය.එම සැසිය පැවැත්වුණේ ටාජ් සමුද්‍රා හෝටලයේදීය.

BRICS මඟහැර ලංකාවට අහිමි කරගත් බිලියන ගණනක අවස්ථාව

වර්තමාන රජයේ විදේශ ප්‍රතිපත්තියේ දුර්වලතා නිසා රටට වෙන හානිය පිළිබඳ විශේෂ අවධානයක් යොමු කරන්නට ජී.එල් ප්‍රමුඛ ඒකාබද්ධ විශේෂ අවධානයක් යොමු කළේය.

ගිය සතියන්තයේ නවදිලි නුවරදි BRICS සංවිධානය රැස් විය. ඊට ශ්‍රී ලංකාවේ සහභාගීත්වයක් නොවීය. ඒ සඳහා ලංකාවට හරි විදියේ ආරාධනාවක්ද ලැබී තොතිබිණි.

ලංකාව BRICS සංවිධානයට එකතුවීමට කැමැත්තෙන් සිටින බව 2024 වසරේ international conference එකකදී පූටින් හමුවූ අවස්ථාවක රනිල් පවසා තිබිණි.
ඒ අනුව පූටින් ලංකාවට ලිඛිත ආරාධනයක් කරමින් පවසා ඇත්තේ ඊට සම්බන්ධ වීම සඳහා සාකච්ඡා අරඹණ ලෙසයි.ඒ සඳහා පූර්ණ සහාය දෙන බවද පූටින් සඳහන් කර ඇත.

මේ සිද්ධිය ගැන ජී.එල් මන්ත්‍රී කණ්ඩායමට විස්තරයක් කළේය.

" මේ කාලේ ආණ්ඩුව වෙනස් වුනා. මාලිමාව බලයට පත් වුනා.ඊට පස්සේ කිසිම කෙනෙක් සමුළුවට යැව්වේ නෑ. 2024 BRICS වල විශාල සමුළුවක් තිබුනා රුසියාවේ. ලංකාවේ ජනාධිපතිවරයා ගියෙත් නෑ, අගමැති ගියෙත් නෑ, විදේශ ඇමති ගියෙත් නෑ. මෙහෙ තිබුනා පළාත් පාලන මැතිවරණයක්. ඔවුන් ඒකට ප්‍රමුඛත්වය දුන්නේ. අරුණි විජේවර්ධන යැව්වා, විදේශ අමාත්‍යාංශයේ ලේකම්තුමිය. ඉතින් ඒකෙන් ඒගොල්ලෝ ගොඩක් upset වුනා. ඒගොල්ලන් සැලකීමට ලක් කළේ නෑ කියලා. රජයේ කිසිම මේ ministerial level එකේ නියෝජිතයෙක් යැව්වේ නෑ.මේ ගැන කොළඹ රුසියන් තානාපතිතුමාත් කිව්වා. ඒ පැත්තේ ලොකු උනන්දුවක් තියෙනවා, හැබැයි අපි මේක follow up කරන්න ඕන. එහෙම නොකරපු නිසා ලංකාවට මේකෙන් කිසිම ප්‍රයෝජනයක් නැති බව රුසියා තානාපතිවරයා කිව්වා.

BRICS සංවිධානය New Development Bank කියලා ජාත්‍යන්තර බැංකුවක් ආරම්භ කළා. ඒකෙන් අපිට ලොකු ප්‍රයෝජනයක් ගන්න තිබුනා. ඒක හරියට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ආසියානු සංවර්ධන බැංකුව, ලෝක බැංකුව වගේ බැංකුවක්.

මේ අවස්ථාවේදී තෙල් මිල මේ ඩොලර් 100ටත් වඩා ඉහල ගිහිල්ලා තියෙනවා, Hormuz සමුද්‍රසන්ධියේ ප්‍රශ්න නිසා. ඉතින් අපේ විදේශ සංචිත පිළිබඳ ගැටලුවක් තියෙන අවස්ථාවකදී එහෙම අලුත් බැංකුවක්, ජාත්‍යන්තර බැංකුවක් අපිට විශේෂයෙන් ප්‍රයෝජනවත් වෙනවා. හැබැයි අපිට ආරාධනාවක් තිබුන්නේ නෑ අපි interest එකක් ගත්තේ නැති නිසා.

වෙන ආසියානු රටවල් වියට්නාමය, මැලේසියාව, තායිලන්තය partner organizations(හවුල්කාර සංවිධාන) හැටියට ඒගොල්ලෝ පිළි අරන් තියෙනවා. ලංකාවට එහෙම මුකුත් නෑ. ඉතින් අපි මේකෙන් miss out වුනා. අපිට විශාල ආර්ථික ප්‍රයෝජනයක් ගන්න තිබිච්ච තැනක ඒ සියල්ලක්ම නැති වුනා, කිසිම විදේශ ප්‍රතිපත්තියක් නැති හින්දා, මේවාට අවධානය යොමු කරන්නේ නෑ.

රෝහිතගේ උපන්දින සාදය, විපක්ෂයේ බෙදීම සහ ජී.එල්ගේ අලුත් භාරකාර අරමුදල

රෝහිත අබේගුණවර්ධනගේ උපන්දින සාදය තිබුනේ ඉකුත් සතියේය.ඊට හිටපු ජනපති මහින්ද ද ජී.එල් ද තවත් විපක්ෂ මන්ත්‍රීවරු රැසක් ද සහභාගී වූහ. එහිදී විශේෂයෙන් කතාබහට ලක්වූයේ විපක්ෂයේ බෙදීම ගැනයි.

"දැන් රජයේ ජනප්‍රියභාවයේ ශීඝ්‍රයෙන් කඩා වැටෙන තත්ත්වයක් තුළ රජයේ ශක්තිය වෙලා තියෙන්නේ විපක්ෂයේ බෙදීම, එකමුතුකමක් නැති එක" මන්ත්‍රීවරුන්ගේ ඒකමතික මතය වූයේ එයයි.

" ආණ්ඩුවට සටනක් දෙන්න නම් ඒක කරන්න පුළුවන් තත්ත්වයක් දැන් තියෙනවා. ඒක ප්‍රායෝගිකයි. හැබැයි ඒක කරන්න පුළුවන් වෙන්නේ මීට වඩා මෝරච්ච බුද්ධියක් ඇතිව හැමදෙනාම තමන්ගේම පැත්තෙන් යම්කිසි පොදු වැඩපිළිවෙලකට අවතීර්ණ වුණොත් විතරයි" එහි සිටි මන්ත්‍රීවරු එක හඬින් කීහ.

ඒකාබද්ධ විපක්ෂයේ හෝමාගම රැලියද ඉකුත් සතියේදී සාර්ථකව පැවැත්විණි. දිස්ත්‍රික් රැලි වලට අමතරව මේ ආකාරයෙන් ප්‍රාදේශීය මට්ටමින්ද ජන හමු පැවැත්වීම ඒකාබද්ධ විපක්ෂයේ නවතම වැඩපිළිවෙළයි.ඉදිරියේදී කළුතර සහ මාතර ඒකාබද්ධයේ දිස්ත්‍රික් රැලි පැවැත්වීමට නියමිතය.

ජී.එල් මේ දින වල තම පෞද්ගලික මුදලින් සමාජ සත්කාරක වැඩසටහනකටද අත ගසා තිබේ.

මම foundation එකක් හදනවා. මගේ පොත්වලින් එන ඔක්කොම royalty ඒ භාරකාර අරමුදලට බැර කරනවා. ඒ ඇරෙන්න මගේ පෞද්ගලික මුදල්වලින් මම ලක්ෂ 10ක් විතර ඒ මේ trust එකට දානවා. ඒ කියන්නේ legal research. විශ්වවිද්‍යාලයේ law faculty එක හා law college එකේ ඔය නීති පර්යේෂණ ඒ වගේ කටයුතු සඳහා.ඒ වෙනුවෙන් ඔක්තෝබර් පළවෙනිදා පොඩි උත්සවයක් තියෙනවා.ඒකට මේ ජනාධිපති නීතිඥයෝ කිහිප දෙනෙක් එනවා. භාරකරුවන් හැටියට විශ්වවිද්‍යාලයේ උපකුලපති, නීති පීඨයේ පීඨාධිපති හා නීති විද්‍යාලයේ විදුහල්පති සහභාගී වෙනවා.ජී.එල් එම සත්කාරක වැඩසටහන ගැන කෙටි විස්තරයක් කළේය.

එකට සිටියොත් එක්සත් වී රට සුරකෙනවාසැබෑවට මුහුණ දෙමු… රැලියක් පැවැත්වීමෙන් ආර්ථිකය හොඳ වෙන්නේ නැහැ!2024 මාර්තු 10 — කුලිය...
06/09/2026

එකට සිටියොත් එක්සත් වී රට සුරකෙනවා

සැබෑවට මුහුණ දෙමු… රැලියක් පැවැත්වීමෙන් ආර්ථිකය හොඳ වෙන්නේ නැහැ!

2024 මාර්තු 10 — කුලියාපිටියේ රැලියක් පැවැත්වුණා. ඒ වන විට රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධුරයට පත්වී මාස 19කට ආසන්න කාලයක් ගතවෙලා තිබුණා.

ඔහු බලයට එන විට රටේ විදේශ සංචිත තිබුණේ අතිශය පහළ මට්ටමක. උද්ධමනය 70% ඉක්මවා ගිහින්. ගෑස් නැහැ. ඉන්ධන නැහැ. අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟයි. ජනතාව පෝලිම්වල.

නමුත් රට යම් ස්ථාවරත්වයකට ගෙන ආ පසුවයි රැලියක් පැවැත්වුණේ.

ඒ වන විට උද්ධමනය 5%ට ආසන්න මට්ටමකට පහළ බැස තිබුණා. විදේශ සංචිත ඩොලර් බිලියන 5 ඉක්මවා තිබුණා. 2024 සැප්තැම්බර් වන විට සංචිත තවදුරටත් ඉහළ ගොස් තිබුණා. ආර්ථිකයේ ප්‍රධාන දර්ශක ද ස්ථාවර වෙමින් තිබුණා.

දැන් 2026.

හෙට අනුර කුමාර දිසානායකගේ රැලියක්.

ප්‍රශ්නය රැලියක් පැවැත්වීම නෙවෙයි.

ප්‍රශ්නය — මේ රැලිය අවශ්‍ය වන්නේ ඇයි?

ආර්ථිකය නැවත පීඩනයකට ලක්වෙමින් තිබෙන අවස්ථාවක…

📍 උද්ධමනය නැවත ඉහළ යමින් තිබෙනවා.
📍 විදේශ සංචිත අපේක්ෂිත වේගයෙන් වර්ධනය වෙන්නේ නැහැ.
📍 දුප්පත් ජනතාවට දෛනික ආහාර අවශ්‍යතා සපුරා ගැනීම පවා අභියෝගයක්.
📍 රෝහල්වල ඖෂධ සහ අත්‍යවශ්‍ය වෛද්‍ය සැපයුම් පිළිබඳ ගැටලු මතුවෙමින් තිබෙනවා.
📍 රටේ ආයතනික ස්වාධීනත්වය සහ අධිකරණයේ ස්වාධීනත්වය පිළිබඳවත් බරපතළ ප්‍රශ්න මතුවෙමින් තිබෙනවා.

එවැනි අවස්ථාවක රටේ ප්‍රශ්නවලට පිළිතුර රැලියක්ද?

තවත් විහිළුවක් තියෙනවා.

එක්සත් ජාතික පක්ෂයේ 80 වැනි සංවත්සරය සමරන කාලයේම මේ රැලිය පැවැත්වීමට තීරණය කර තිබීම.

UNP එක තමන්ගේ වසර 80ක දේශපාලන ඉතිහාසය ගැන ආඩම්බරයෙන් කතා කරන වෙලාවේ, වර්තමාන ආණ්ඩුවට තමන්ගේ වර්තමාන කාර්යසාධනය ගැන කතා කරන්න බැරි නම්…

අතීතයේ කතා, බොරු චෝදනා සහ දේශපාලන රැලිවලින් ජනතාවගේ අවධානය වෙනතකට යොමු කිරීම කොතරම් දුරට සාර්ථක වේවිද?

ජනතාව දැන් රැලි බලලා තීරණ ගන්න ජනතාවක් නෙවෙයි.

ජනතාව අහන්නේ එකම ප්‍රශ්නයයි.

👉 ආර්ථිකය කොහෙද?
👉 ජනතාවගේ ජීවන තත්ත්වය කොහෙද?
👉 රෝහල්වල ඖෂධ කොහෙද?
👉 ආහාර සුරක්ෂිතතාව කොහෙද?
👉 විදේශ සංචිත කොහෙද?
👉 ස්වාධීන අධිකරණය කොහෙද?

රැලියක් දහස් ගණනක් එකතු කරගන්න පුළුවන්.

නමුත්…

හිස් බඩකට රැලියක සද්දය ආහාරයක් වෙන්නේ නැහැ.

රටේ ආර්ථික යථාර්ථය වසාගන්න දේශපාලන වේදිකාවකට බැහැ.

80 වසරක ඉතිහාසයක් ඇති පක්ෂයක් තම අතීතය ගැන ආඩම්බරයෙන් කතා කරන අතරේ, වර්තමානයේ බලයේ සිටින අය ජනතාවට පෙන්වන්නේ කුමක්ද?

ඒක තීරණය කරන්න ජනතාවටම ඉඩ දෙමු.

රැලියට වඩා වැදගත් — රටේ යථාර්ථයයි.

රනිල් තමයි ලෙනින් අරගලයකින් හෝ විප්ලවයකින් බලයට පත්වීම ඉතා අසීරු කරුණකි. මෙවැනි තත්ත්වයකදී දැකිය හැකි හැකි පොදු සත්‍යයක්...
02/09/2026

රනිල් තමයි ලෙනින්

අරගලයකින් හෝ විප්ලවයකින් බලයට පත්වීම ඉතා අසීරු කරුණකි. මෙවැනි තත්ත්වයකදී දැකිය හැකි හැකි පොදු සත්‍යයක් නම්, රාජ්‍යය යළි ගොඩනැගීම සඳහා සාම්ප්‍රදායික දේශපාලන රාමු සහ පටු ප්‍රතිපත්තිමය භේදවලින් ඔබ්බට ගිය තීන්දු තීරණ ගැනීමට නායකයින්ට සිදුවන බවයි.

1919-1921 සමයේ කොමියුනිස්ට්වාදියෙකු වූ ලෙනින් විසින් සෝවියට් රුසියාව අභ්‍යන්තර අර්බුධ මෙන්ම පළමු ලෝක යුද්ධය හේතුවෙන් ඇතිවූ තත්වයන් හේතුවෙන් ඇතිවූ දැඩි ආර්ථික බිඳවැටීමෙන් මුදා ගැනීමට අනුගමනය කළ ප්‍රායෝගික උපායමාර්ග සහ, 2022 දී, ශ්‍රී ලංකාව ආර්ථික බංකොලොත්භාවයෙන් මුදා ගැනීමට ලිබරල්වාදියෙකු වන රනිල් වික්‍රමසිංහ ගත් දැඩි තීන්දු අතර අපූරු සමාන බවක් දක්නට ලැබෙනවා.

1917 ඔක්තෝබර් විප්ලවයෙන් පසු සති කිහිපයකින් පවත්වන මැතිවරණයෙන් විප්ලවය ජයගත් ලෙනින්ගේ නායකත්වයෙන් යුතු බෝල්ෂෙවික් පක්ෂයට ජයග්‍රණය කිරීමට නොහැකි වෙනවා කිසිවෙකුටත් බහුතරය හිමි නොවූ මැතිවරණයේ බෝල්ෂෙවික් පක්ෂයට හිමිවන්නේ දෙවැනි තැනයි. මැතිවරණයේ ජයග්‍රහණය හිමිවන්නේ වික්ටර් චර්නොව්ගේ නායකත්වයෙන් යුත් සමාජවාදී විප්ලවවාදී පක්ෂයටයි. නමුත් මැතිවරණයෙන් පසු 1918 පළමු වරට රැස්වෙන සෝවියට් ව්‍යවස්ථාදායක සභාවේ පළමු හමුවේදීම බෝල්ෂෙවික් පක්ෂය, ව්‍යවස්ථාදායක සභාව අහෝසි කර තනි පක්ෂ ක්‍රමය ස්ථාපිත කරනවා.

2022 දී බලයට පත්වන රනිල්ට 2023 පළාත් පාලන මැතිවරණය නොපවත්වා සිටීමට සිදුවනවා. නමුත් ඔහු ප්‍රජාතන්ත්‍රවාදියෙකු ලෙස 2024 ජනාධිපතිවරණය පවත්වා පරාජයට පත්වෙනවා.

ලංකාවේ සහ රැසියාවේ තත්ත්වයන් වෙනස් වුවද ලෙනින්ට සහ රනිල්ට මුහුණ දීමට සිදුවන අභියෝග වලට ඔවුන්ට පිළිතුරු සෙවීමට වෙන්නේ එකම පදනමක සිටිමින්.

1. මතවාද ඉක්මවා ගිය ප්‍රායෝගිකත්වය (Pragmatism over Dogma)

දැඩි මාක්ස්වාදී මතධාරියෙකු වුවද, 1921 දී රටේ ආර්ථිකය සම්පූර්ණයෙන් කඩා වැටුණු මොහොතේ එම ප්‍රතිපත්ති තාවකාලිකව පසෙක තබා, රාජ්‍යයේ පැවැත්ම වෙනුවෙන් 'නව ආර්ථික ප්‍රතිපත්තිය' ( New Economic Policy ) හරහා වෙළඳපල ලක්ෂණ සහිත ක්‍රමවේදයකට ඉඩ සැලසීමට ලෙනින්ට සිදු වනවා.

එලෙසම, රනිල් වික්‍රමසිංහට තම පෞද්ගලික හෝ පක්ෂ ප්‍රතිපත්තිවලට වඩා රටේ මූල්‍ය ස්ථාවරත්වය සහ ජාතික ආරක්ෂාව ප්‍රමුඛ කොට ගනිමින්, දැඩි මෙන්ම ජනප්‍රිය නොවන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමටත් දේශපාලන විරුද්ධවාදීන් සමග සභාග ආණ්ඩුවක් පිහිටුවීමටත් සිදුවනවා..

2. රාජ්‍යයේ අඛණ්ඩතාව සහ ස්ථාවරභාවය (State Continuity and Stability)

ලෙනින් අභ්‍යන්තර අස්ථාවරත්වයන් සහ ආර්ථික අර්බුද මධ්‍යයේ රාජ්‍ය යාන්ත්‍රණය තමපාලනයට නතු කර ගත්තා සේම, 2022 දී ශ්‍රී ලංකාව තුළ නීතියේ ආධිපත්‍යය, සැපයුම් දාමයන් සහ මූල්‍ය විනය තහවුරු කරමින් රට අරාජිකත්වයට යාම වැළැක්වීමට රනිල් වික්‍රමසිංහ කටයුතු කළා.

දේශපාලන විචාරකයින් විවිධ මත දැරිය හැකි නමුත්, අර්බුදකාරී සංධිස්ථානයකදී පටු දේශපාලන වාසි පසෙක තබා රාජ්‍යයේ ජයග්‍රහණය සහ අනාගතය වෙනුවෙන් පෙනී සිටීම නායකයෙකුගේ සැබෑ පරීක්ෂණයයි.
ඒ අර්ථයෙන් ගත් කල, 2022 න් පසු ශ්‍රී ලංකාව අත්කරගත් තිරසාරභාවය පිටුපස ඇත්තේ රනිල් වික්‍රමසිංහ තුළ තිබු ලෙනින්වාදී ප්‍රායෝගික රාජ්‍ය මෙහෙයුමට සමාන වූ දැඩි නායකත්ව කැපවීමක් බව නම් නොරහසක්.

(රනිල් සහ ලෙනින්ගේ දේශපාලන භාවිතයන් සම්බන්ධයෙන් තියුණු විවේචනයන්ට යටත්ව මෙය පළ කරමි)

සැප්තැම්බර් 05 🤣🤣🤣අනුර කුමාර දිසානායක අවසන් තුරුම්පුව ගහන්න ගන්නවා. අපි කියලා තියෙන්නේ මාළිමාවේ අවසන් කාර්තුව මේ කියලා. ...
25/08/2026

සැප්තැම්බර් 05 🤣🤣🤣

අනුර කුමාර දිසානායක අවසන් තුරුම්පුව ගහන්න ගන්නවා. අපි කියලා තියෙන්නේ මාළිමාවේ අවසන් කාර්තුව මේ කියලා. අනුර තුරුම්පුව ගහනවා. නමුත් අනුරට වාසනාව කැරකෙන්නේ නෑ.

සැප්තැම්බර් 02 ඉන්දීය ආරක්ෂක ඇමති ලංකාවට එනවා. ඔහු පැහැදිලවම අනුර කුමාරට කියනවා. අපිට 22 න් වැඩක් නෑ. ඉන්දියාව සමග අත්සන් කල ආරක්ෂක ගිවිසුම් ඇතුළු අවබෝධතා ගිවිසුම් 07 ම ක්‍රියාත්මක කරන්න. ඒ වගේම කලින් පොරොන්දු වු ආකාරයට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්පූර්ණයෙන්ම සංශෝධනය කරන්න. නැතිව ව්‍යවස්ථා සංශෝදනයක් කියලා, අගවිනිසුරුගේ කාලය දික් කරන එක පමණක් 22 වෙන්නේ නෑ කියලා. කලින් කතා කරගත් පරිදිම පූර්ණ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් ලෙස 22 ගේන්න කියලා. ✅✅✅✅

මෙතනදි අනුර ඇරගෙන තියෙන්නේ. අනුරට දැන් තියෙන එකම විකල්පය තමන්ගේ කටේ තියෙන ඇන්දීමේ බලය පමණයි. 🤣🤣🤣

එනිසා අනුර කුමාර සැප්තැම්බර් 05 වැනිදා සිට ලස්සනට අමුතුම සුරංගනා ලොවක්, තමන්ගේ ඇට නැති දිව, සෑම පැත්තටම හරවමින් මවා පෙන්වාවි. කලින් අනුරලා කිව්වේ 76 සාපේ නිසා සහන දෙන්න බෑ. දියුණු කරන්න බෑ කියලනේ. 🤣🤣🤣

නමුත් සැප්තැම්බර් 05 සිට අනුර කුමාර අලුත් කතාවක් කියාවි. එනම් ලංකාව දියුණු කරන්න බැරි, 1978 J. R ජයවර්ධනගේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නිසයි. එනිසා එය වෙනස් කරන්න ඕන. ඒ සදහා අපි මේවා කරන්න ඕන කියලා. සුපිරිම සුරංගනා කතා සෙට් එකක් ඩෝබීන්ගේ පපුවටම අනුර කුමාර විදීවි. 🤣🤣🤣 ඒත් අමතක කරන්න එපා. ඒ සෑම කතාවක් ඇතුලේම ඉන්නේ, ඉන්දියාවේ බලපෑමෙන් සිදුවන ව්‍යවස්ථා සංශෝදනයයි කියලා. 🤣🤣🤣

අනුර කුමාර ඉන්දියාවේ අවශ්‍යතාවය මෙවර ඉටු කරනවා. එය මහා ඛේදවාචකයක්. එයට ඉතාම රසයෙන් යුතුව, අවබෝධයෙන් තොර නූගතුන්ව අන්දන්න, මෙවරත් අනුරට හැකියාව ලැබෙනවා. ඒ සදහා අසිහියෙන් වගේ අනුර කුමාර බේගල් කෝටියක් විතර කියයි. එයට අවශ්‍ය ජන ආකර්ශණය ගන්න. විපක්ෂය හිරේ දානවට වඩා භයාණක දෙයක් වුනත් ඉදිරියෙදි කරන්න පුළුවන්.

මාසේ පඩියෙන් VitZ කාර් ගන්න, Iphone 18 pro max ගන්න ඇන්දුනා වගේ, එම කතා පෙළට නැවතත්, ලංකාවේ ජනතාවගෙන් බහුතරයක් ඇන්දේවී. එනම් මේ පිටුපස ඉන්දියාවත් සිටින නිසා. විශාල ලෙස ප්‍රෝග්‍රෑම් කරලයි, අනුර ස්ටේජ් නගින්නේ. ITAK 22 විරුද්ධයි කීවේ, රාත්තලම ඕන නිසා. මෙහි පුර්ව නිමිත්තක් ලෙසින්. ( සිහියෙන් අවබෝධ කරගන්න )

නමුත් මෙය ජනගත වන විට සමස්ථ ලාංකිකයන්ගෙන් බහුතරයක් සත්‍ය අවබෝධ කරගතහොත්, නැවතත් 2022 වගේ මහපාරට ඒවී. අනුර නොදන්න සත්‍ය එයයි. ඒවගේම අනුර පොරොන්දු ඉටු නොකලොත්, නැවතත් උතුරු නැගෙනහිර යම් යම් සිද්ධීන් සිදුවෙන්නත් පුළුවන්. මොකද ඉන්දියාවට ද්‍රෝහි වුනොත් ඉන්දියාව දැඩි දඩුවම් දෙනවා.

දැන් කාටවත් කරන්න දෙයක් නෑ. අනුර ගිරේට අසුවු පුවක් ගෙඩිය වගෙයි පුවක් කෑලි දෙක දෙපැත්තට වැටෙනවා. ලංකාව දෙකට බෙදෙනවා. ජනමත විචාරණ නෑ. උතුරු නැගෙනහිර ඒකාබද්ධ වු රාජ්‍යයක් බවට බොහෝදුරට පත්වේවි.

යදමින් බැඳ විලංගු ලා මගේ පුතා රැගෙන යන්න ඉදිකටු ඇන ඇඟිලි තලා දෙතිස්වදය පමුනුවන්න මේ නන්දා මාලනි ගැයු ගීතයක කොටසකි.ඇයි මේ...
22/08/2026

යදමින් බැඳ විලංගු ලා මගේ පුතා රැගෙන යන්න ඉදිකටු ඇන ඇඟිලි තලා දෙතිස්වදය පමුනුවන්න
මේ නන්දා මාලනි ගැයු ගීතයක කොටසකි.ඇයි මේ කොටසම ගත්තේ, එකක් තමයි රටක් ආදරය කල නන්දා මාලනිය අද දැයෙන් සමුගන්න ශෝක දිනයක් අද..
ඉතින් ඇය කල සේවය ගැන අවිවාදයක් නෑ ඇයට ගෞරව කල යුතුයි..
අනික් කාරණය නම් 2025 අගෝස්තු 22 ඒ වගේ ම රටක් දුක් උන දවසක්,
රටක් බංකොලොත් බවින් මුදා ගත් ඒ වීර පුත්‍රයාට විලංගු දැමූ දවස
නිදි වර්ජිත රාත්‍රියක් පක්ෂ විපක්ෂ සියලු දෙනා එදා රැ නොකා නොබි නිදියපු නැති දවසක්..
ඒ රනිල් වික්‍රමසිංහ නැමති ලංකා දේශපාලනයේ පතාක යෝදයා වෙස් මින්ස්ටර් සම්ප්‍රධායේ අවසන් පුරුක ඔහුව සිර ගත කල දවස එදා..
තවමත් අධිකරණයේ විමසන නඩු කටයුත්තක් නිසා ඒ ගැන සඳහන් නොකරමු..
රනිල් වික්‍රමසිංහ යනු ලංකාව වෙන්වෙන් කියා නිම කල නොහැකි තරම් රට වෙනුවෙන් විශාල වැඩ කොටසක් කල නායකයෙක්...
ඔහුගේ පුද්ගලික දේපල පවා රජයේ පාසලකට ලියපු පුද්ගලයෙක්..
2022 මේ රට බංකොලොත් වෙලා මේ රට බාර ගන්න කෙනෙක් නැතුව මිනිස්සු පොලිම් වල මැරිලා වැටෙද්දි පැය 12ක් 13ක් විදුලිය නැතුව තියෙනකොට ඇත්තටම ඔහුට ඔහුගේ සැදැසමය ගත කරගෙන Netflix එකේ ෆිල්ම් එකක් බලාගෙන ආතල් එකේ ඉන්න තිබ්බ කාලේත් නැති කරගෙන මේ රට ගොඩ දාන්න ඒ වෙලාවේ රට බේරගන්න ආව වීරයෙක්..
ඔහු ජනපති ධූරය දරණ සමයේ නිරත වෙච්ච නිල සංචාරයක් ගැන පටලැවිල්ලකට තමයි ඔහු එදා සිරගත උනේ..
මේ රටේ මිනිස්සු වෙනුවෙන් ඔහු එදා ඉදිරිපත් නොවි හිටියා නම් ඔහුට ජිවිතේ පලමු වතාවට නොකල වරදකට සිරගත වෙන්න සිද්ද වෙන්නේ නෑ..
ඉතින් මෙකත් එක්තරා කලු දිනයක් තමයි ලංකා ඉතිහාසයේ..
එදා රටේ බහුතරයක් ජනතවාට නින්ද නැති රැයක් උනා ගොඩක් මිනිස්සු ගෙවල් වල ඇඩුවා ඔහු වෙනුවෙන් උසාවිය ඉදිරිපිටට ආවා..
මොකද කීප දෙනෙක් ඇරුනම දන්නවා රනිල් රට වෙනුවෙන් කොච්චර දේවල් කරාද කියලා.
ඔහු රට බාර ගද්දි උද්දමනය අතින් ලෝකේ දෙවනි තැන හිටියේ ඔහු යද්දි සෘණ 5ට උද්දමනය අඩු කරලා ගියේ
ඔහු බාර ගද්දි විදෙස් සංචතිය ඩොලර් මිලියන 20යි අඩු ගානේ තෙල් නැවකට ගෙවන්න ඒ මුදල් මදි
ඔහු ගියේ ඩොලර් බිලියන 6ක් ඉතුරු කරලා
ඔහු බාර ගද්දි ඩොලර් එක 370යි ඔහු ගියෙ 290ට අඩු කරලා
ඔහු පවුල් ලක්ෂ 20ට අස්වැසුම දුන්නා සමෘද්ධිය වගේ තුන් ගුණයක් වැඩි කරලා
ඔහු සින්නක්කර ඔප්පු පවුල් ලක්ෂ 20ට නොමිලේ දෙන්න වැඩ කලා
අලුතෙන් නීති 90ට වඩා සම්මත කලා
සෘණ තිබ්බ ආර්ථික වර්ධන වේගය ධණ කලා
බැංකු පොලි අනුපාතය විශාල ලෙස අඩු කලා
පාසල් ළමුන්ට නොමිලේ දිවා ආහාර වෙල් දුන්නා
අඩු ආධායම් ලාබි පවුල් වලට මාස 2ක් නොමිලේ හාල් කිලො 20 ගානේ දුන්නා
ගොවියන්ට පොහොර බෙහෙත් වෙලාවට ලබා දුන්නා වගා ණය සම්පුර්ණයෙන් ම කපා හැරියා
තව කියන්න ගියොත් අවුරුදූ දෙකේ විතරක් කරපුවා මේකේ ඉඩ මදි ලියන්න..
ඉතින් එහෙම කරපු මනුස්සයාව සිරගත කල දිනය ඇත්තටම අපිට නම් ලංකා ඉතිහාසයේ කලු දිනයක්
නොදුරේ ම ඔහුගේ නිර්දෝෂි භාවය මුලු ලෝවම දැනගනි...
අදත් එදා මෙන් හැමදාම රනිල් වික්‍රමසිංහ වෙනුවෙන් අපි ඕනිම තැනක පෙනි ඉන්නේ ආඩම්බරයෙන්

පාස්කු ප්‍රහාරයට එවකට අගමැති රනිල් හෝ එක්සත් ජාතික පක්ෂය🐘 වගකිවයුතු නැත.බලයට ධනයට කෑදර නායකයන්ට රනිල් නයාට අඳුකොල වගේ. ප...
04/08/2026

පාස්කු ප්‍රහාරයට එවකට අගමැති රනිල් හෝ එක්සත් ජාතික පක්ෂය🐘 වගකිවයුතු නැත.
බලයට ධනයට කෑදර නායකයන්ට රනිල් නයාට අඳුකොල වගේ. පතෝල සිරිසේන බේරන්න හාල් මුදලාලි ලොකු උත්සාහයක👹 ඉතාමත් වැදගත් කරුණු බොහොම ස්තූතියි👇🏿

2005 සිටම රාජපක්ෂ කල්ලිය, චන්ද්‍රිකා සහ අනෙකුත් වාමාංශික පක්ෂ සියල්ල එකතුව කලේ රනිල් විනාශ කිරීමට පිඹුරුපත් සකස් කිරීමය. ඒ රනිල්ට පුලුවශ් බව ඔවුන් දන්න නිසාය. රනිල්ට බලය ලැබුනොත් #රනිල් මේ රට ගොඩදාන්න බව ඔවුන් දන්නා නිසාය. එහෙම වුනොත් ඔවුන්ට දේශපාලනය කිරීමට මෙරට පිටියක් ඉතිරි නොවන බව මේ තක්කඩි දේශපාලුවන් දැනගෙන සිටියහ.

මෙයින් දැනුවත්ව හෝ නොදැනුවත්ව බැට කෑවේ මෙරට මිලියන 22ක ජනතාවය. එහෙත් මේ මන්දබුද්ධික ජනතාව බව තවම තේරුම්ගෙන නොමැත. එය තේරුම්ගෙන මේ කාලකන්නි ම්ලේච්ඡ පාදඩ ආන්ඩුව එලවා රනිල් වික්‍රමසිංහට අවුරදු 5 ට ම රට භාර නොදුනහොත් මේ රටේ උපන් නූපන් හැම එකාම සදාසොත්තිය.

චන්ද්‍රිකා පාලනයේ සිට සියලු වාමාන්ශිකයින්ට රනිල්ව දේශපාලනයෙන් ඉවත් කිරීමට පුදුමාකාර අවශ්‍යතාවයක් විනි. චන්ද්‍රිකා රනිල් අගමැතිකමෙන් පහ කළා පමණක් නොව තම ස්වාමියා මරා දමුවන් සමග එක්ව රනිල්ට බටලන්ද යනුවෙන් එක පාර්ශවික කොමිසමක් මගින් මඩ ගසා ඔහුගේ චරිතයද විනාස කලාය. 2005 මහින්ද ජෙවිපියේද සහයෙන් කොටින් සමග එක්ව රනිල් බලයට පැමිණීම වලකා ලීය. ලංකාව අද විදින්නේ එහි ප්‍රතිපලයයි.

2015 රනිල් ජනාධිපතිවරණයට අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වීම වලකාලුයේද මේ අයවලුන්මය. රනිල්ගේ ඉදිරිපත් වීමට එරෙහිවෙමින් පොදු අපේක්ෂකයෙකු ලෙස සිරිසේන ගෙන ඒමට යෝජනා කලේ යුඑන්පිය සමග සන්ධානයට එක වූ චන්ද්‍රිකා, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ජේවීපිය සහ ශෝභිත හාමුදුරුවන්ගේ පුරවැසි බලකායයි. සිරිසේන ජනාධිපති වී දින දෙකක් ගතවීමටත් පෙර රාජපක්ෂ වරුන්ගේ රූකඩයක් වීම ගැන කලකිරුණු සෝභිත හාමුදුරුවෝ අකාලයේම අපවත් වුයේද ඒ සිත් තැවීමත් සමගිනි🥵😔.

සිරිසේන තමන්ට චන්දය දුන් ලක්ෂ 62 ට එරෙහි වෙමින් රාජපක්ෂලාගේ පදයට නටමින් රනිල් එළවා දැමීමට විශාල උත්සහයක් දැරීය. වරක් ඔහු ප්‍රසිද්දියේ රනිල්ට බැනවැදුනු අන්දම ඔබගේ මතකයේ ඇති බව විශ්වාස කරමි. අවසානයේ නාමල් කුමාර නමැති හෙන්චයියෙක් ලවා රනිල් අගමැති සිරිසේන ජනාධිපතිව ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කරන්නේ යයි අභූත චෝදනාවක් කරමින් රනිල් අගමැති ධුරයෙන් පහකොට රාජපක්ෂලාට නැවත බලය ලබා දීමට සිරිසේන ජනාධිපති පියවර ගන්නා ලදී. රනිල් නීතියේ පිහිටෙන් තම තනතුර නැවත ස්ථාවර කරගත්තත් සිරිසේනගේ වෛරය අවසන් නොවිණි. ඔහු එක්සත් ජාතික පක්ෂය දෙකඩ කිරීමට කටයුතු කළා පමණක් නොව යුඑන්පිය දේශපාලනයෙන් අතු ගා දැමීමටද සමත් විනි🤬

2018 අනීතික ආණ්ඩුවේ පිහිටුවීමෙන් පසු අගමැතිට හෝ නියෝජ්‍ය ආරක්ෂක ඇමතිට ආරක්ෂක කවුන්සිලයට සහභාගී වීම තහනම් විය. පොලිස්පති පුජිත ජයසුන්දරට ද එය තහනම් කල බව පාර්ලිමේන්තු කොමිසම් සභාවේදී ඔහු වරක් සදහන් කරන ලදී. නියමිත පුද්ගලයින් ආරක්ෂක කවුන්සිලයට සහභාගී වීම වලකාලීමේ අරමුණින් සෑම අගහරුවාදා දිනකම රැස්වීමට නියමිතව තිබුණු ආරක්ෂක කවුන්සිලය සිරිසේන අත්තනෝමතික ලෙස දිනය සහ වේලාවන් වෙනස් කරමින් අදාළ පුද්ගලයින් රහිතව පවත්වා ඇත. ඔහු පාස්කු ප්‍රහාරය ගැන දැනුවත්ව එය වලාකාලීම්ට උත්සහ නොගත්තේ රනිල් ප්‍රමුඛ යුඑන්පි රජය මත වරද පැටවීමේ පටු චේතනාවෙන් විය යුතුය. එම අරමුණ ඉටුවිය යුඑන්පිය සමග ජනතාව කලකිරුණු බව මොනවට පැහැදිලිය. සිරිසේනගේ උගුලට යුඑන්පි🐘 පාක්ෂිකයින්ද නතු වීම කනගාටු දායකය. රටේ ආරක්ෂාව නැති බව කියමින් ගෝටාට බලයට ඒමටද සිරිසේන මග පෑදුවේ එලෙසිනි.

පාස්කු ප්‍රහාරය වීමට පෙර අගමැති ඇතුළු රජය විශාල 'කොන්ක්‍රීට්' සංවර්ධනයක් නොවුනත් රටට ජනතාවට දැනෙන සංවර්ධනයක් ගෙනෙන ලදී. ඒ වන විට ලෝකයේ හොදම සංචාරක දිශානතිය වුයේ ලංකාවය සංචාරකයින්ගෙන් අඩුවක් ද නොවිණි. එලෙසම රාජ්‍ය සේවකයින්ට විශාල වැටුප් වැඩිවීමක් ලබා දීම නිසා බොහෝ දෙනෙක් තමන්ගේම වාහනයක් ද මිලදී ගන්න ලදී. පාසල් දරුවන්ගේ සුරක්ෂා රක්ෂණය, භික්ෂු රක්ෂණය වැනි කාරනා නිසා බොහෝ දෙනෙකුට විශාල අස්වැසිල්ලක් ලැබිණි. වතුකරයේ සහ උතුරු නැගෙනහිර අඩු අදායම් ලබීන්ට ඉන්දියානු ආධාර ඇතිව නිවාස ලබා දීම ව්‍යාපෘතිය ආරම්භ කරමින් නිවාස විශාල ප්‍රමාණයක් ලබාදෙන ලදී. පාසල් විශාල ප්‍රමාණයක් සුහුරු පන්ති කාමර සමගින් සංවර්ධනය කරන ලදී. ගොවීන්ගේ වී රජය මගින් මිලදී ගැනීම නිසා ගොවීන්ටද සහනයක් ලැබිණි. ඒ සමගම ලයිට් රේල් ව්‍යාපෘතියද ගෙන ඒමට යෝජනා ගිවිසුම් ගත කරන ලදී. මීට අමතරව මොරගහකන්ද ජලාශය, කැළණි රේන්බෝ පාලම, කසල ප්‍රතිචක්‍රීය මධ්‍යස්ථානය, අඩු ආධායම් ලාභීන්ට නිවාස යෝජනා ක්‍රම, වැනි කරුණු නිසා අගමැති ප්‍රමුඛ රජයේ ජනප්‍රියතාවය වැඩි වෙමින් පැවතිනි.

මේ ජනප්‍රියතාවය සිරිසේන ඇතුළු විපක්ෂයට ඔවුන්ගේ අරමුණු ඉටු කරගැනීමට බාධාවක් විනි. කිසිම රජයක් තම රජයේ ජනප්‍රියතාවය අහිමි කරගැනීමට මෙවන් ප්‍රහාරයක් වීමට ඉඩ තබන්නේ නැත. ඒ නිසා රනිල්ට මේ චෝදනාව කරන්නේ ඔහු සමග ජන්මාන්තර වෛරක්කාරයින් පමණි. සිරිසේනගේ සහ විපක්ෂයේ රංගනයට එදා රවුටුණු බහුතරය කන්න නැතත් රටක් ඔනෑ විය. අවසානයේ කන්නත් නැතිව ඔවුන් ගෙන ආ දියසෙන් කුමරු පලා ගියේ රනිල්ටම තම වගකීම බාර දෙමිනි. මේ දයිවයේ සරදමයි.

පාස්කු ප්‍රහාරය සිදුවීමට ඉඩ හැර සිරිසේන සිංගප්පුරුවේ සංචාරයක නිරත විනි. ඔහුගේ වෛරය කොතෙක් ද යනු ප්‍රහාරය සිදු වූ පසුද අගමැති රනිල්ගේ කැදවීමට ආරක්ෂක නිලධාරීන්ට යාම තහනම් කර තිබිණි. අවසානයේ අගමැතිට ආරක්ෂක අමාත්යන්සයට ගොස් පැයක් පමණ නිලධාරීන් ඔහු ලගට එනතුරු බලා සිටීමට සිදුවිණි. අගමැති ඉන් අනතුරුව හෝ වහා ක්‍රියාත්මක නොවී අපාරාධ කරුවන් අත් අඩංගුවට ගැනීමට ක්‍රියා නොකළේ නම් මේ විනාසය තව බොහෝ වැඩි වීමටද ඉඩ තිබිණි. මුස්ලිම් පල්ලි වල එකතු කර තිබුණු කඩු කිනිසි ඔබ ඒ දිනවල මාධ්‍ය වල දකින්නට ඇත. මේ සමග ඇති වීඩියෝව හැකි අය බලන්න මේ කරුණු සියල්ල එහි පැහැදිලිව සදහන් කර ඇත. වීඩියෝව නැරඹීමට අපහසු අය වෙනුවෙන් එහි දැක්වෙන කරුණු බොහොමයක් සටහන් තැබීමි.

Watch to know the TRUTH👇🏿
https://youtu.be/M0M5RgzkDcA?si=sXV33_k2QZMWU4n_

Foot Note 👇🏿
විකළ්ප දේශපාලන මතවාදයන් මත පිහිටා, ලංකාවේ දේශපාළඥයින් ඝාතනය කළ ප්‍රථම පාතාළ කල්ලිය ලෙස රෝහණ විජේවීර ම්ළේච්ඡ මිනීමරුවාගේ ජනතා විමුක්ති පෙරමුණ ඉතිහාසයේ අප්‍රසන්න අයුරින් සටහන්ව ඇති අතර, එම මාෆියාව අදත් කවර වහන්තරාවක් යටතේ වුවද තම මිනීමරු, ම්ළේච්ඡ, වනචාරී ගෝත්‍රිකත්වය අත් හැර නොමැති බව මෑතකදී සිදුවූ අවාසනාවන්ත සිදුවීම් සාක්ෂි දරනු ඇත!

එමෙන්ම වර්තමානයේ රටේ පවතින එකම දේශපාලනික පාතාලය වන්නේද ජාතික ජන බළවේගය නම් බැටළු හම පොරවාගත් ජනතා විමුක්ති පෙරමුණමය!

🔴  සිගැරෙට්ටුව සහ  සුරුට්ටුව සිගරට් එකක් කියන්නේ දුම් ටික තදින් ඉහළට ඇදලා, පෙනහැලි ඇතුළට නිකොටීන් දාගන්න සරල ඇබ්බැහියකට ...
28/07/2026

🔴 සිගැරෙට්ටුව සහ සුරුට්ටුව

සිගරට් එකක් කියන්නේ දුම් ටික තදින් ඉහළට ඇදලා, පෙනහැලි ඇතුළට නිකොටීන් දාගන්න සරල ඇබ්බැහියකට වෙන්න පුළුවන්. ඒත් කියුබන් සුරුට්ටුවක් (Cuban Cigar) කියන්නේ නිකන්ම දුම් ටික ඉහළට ඇදලා පෙනහැල්ලට දාගන්නවා වගේ සරල දෙයක් නෙමෙයි; ඒක ඊට හාත්පසින්ම වෙනස් කතාවක්! ඒක ඇබ්බැහියකට වඩා "ලයිෆ්ස්ටයිල්" එකක්.

සුරුට්ටුවක් අතින් අරන්, ඒක පත්තු කරලා, සන්සුන්ව දුම් වලාකුළු අතරින් ලෝකය දිහා බලන් ඉන්න එක ඇතුළේ තියෙන්නේ පංතිමය හැඩයක් (Class) සහ බලයේ සංකේතයක් (Symbol of Power).
ලෝකයේ අංක එකේ සුරුට්ටුව වෙන Cuban Cohiba කියන්නේ නිකන්ම නිකන් බ්‍රෑන්ඩ් එකක් නෙමෙයි.
1966 දී කියුබානු නායක ෆිදෙල් කැස්ත්‍රෝ (Fidel Castro) ගේ විශේෂ උපදෙස් මත හදපු මේ සුරුට්ටුව, මුලින්ම පාවිච්චි කළේ රාජ්‍ය නායකයින්ට සහ ලෝකයේ ප්‍රබලම තානාපතිවරුන්ට තෑගි දෙන්න විතරයි. සාමාන්‍ය සුරුට්ටු දෙපාරක් පදම් කරද්දී, Cohiba සඳහා ගන්නා දුම්කොළ ඕක් බැරල් ඇතුළේ තුන්වතාවක් පැසවීමට (Triple Fermentation) ලක් කරනවා. Vuelta Abajo වල හොඳම දුම්කොළ වලින්, ලෝකයේ ඉන්න සුපිරිම ශිල්පීන්ගේ අතින්ම විතරක් (100% Hand-rolled) අඹරන නිසා, එක සුරුට්ටුවක් ඩොලර් සිය ගණනක් වෙන, පෙට්ටියක් රුපියල් ලක්ෂ ගණන් වෙන අතිශය දුර්ලභ, ප්‍රභූ අයිතමයක් බවට මෙය පත් වෙනවා.

සුරුට්ටු සංස්කෘතියේ (Cigar Culture) තියෙන ලොකුම වෙනස තමයි මේ දුම කවදාවත් පෙනහැල්ලට ගන්නේ නැති වීම (No Inhaling). Cutter එකකින් අග කපලා, Butane torch එකකින් සෙමින් Toast කරලා පත්තු කරන සුරුට්ටු දුම කට ඇතුළේ තබාගෙන, එහි තියෙන ස්වාභාවික ලී, කෝපි හෝ මිරිස් රසයන් විඳලා සෙමින් පිටතට යවන එක (Puff & Taste) තනිකරම ආත්මීය කලාවක්. නිතර අළු හලන්නේ නැතිව, අවසානයේ නිවා දමන්න තලා පොඩි කරන්නේ නැතිව Ashtray එකේ තියලා ඉබේම නිවෙන්න ඇරීම පවා මේ සංස්කෘතියේ තියෙන ගෞරවනීය අංගයක්!

දේශපාලන ලෝකයේ කියුබන් සුරුට්ටු ගැන තියෙන පට්ටම කතාවක් තමයි ඇමරිකානු ජනාධිපති ජෝන් එෆ්. කෙනඩිගේ (JFK).සිදුවීම! 1962 දී කියුබාවට එරෙහිව දැඩි ආර්ථික සම්බාධක (Embargo) පනවන්න අත්සන් කරන්න ඔන්න මෙන්න තියෙද්දී, කෙනඩි තමන්ගේ මාධ්‍ය ලේකම් පියරේ සැලින්ජර්ට (Pierre Salinger) කතා කරලා රහස් නියෝගයක් දුන්නා, "මට හෙට උදේ වෙද්දී කියුබන් සුරුට්ටු 1,000ක් හොයලා දීපන්" කියලා. පහුවෙනිදා උදේ සැලින්ජර් සුරුට්ටු 1,200ක් හොයාගෙන ඇවිත් ජනාධිපතිට දුන්නා විතරයි, කෙනඩි ලාච්චුව ඇරලා කියුබන් බඩු ඇමරිකාවට තහනම් කරන සම්බාධක පනතට අත්සන් කළා! තමන්ගේ පෞද්ගලික ආසාව කලින් සපුරාගෙන තමයි ජාත්‍යන්තර තහනම ගැහැව්වේ!

ලෝක ඉතිහාසය දෙස බලද්දී, වින්ස්ටන් චර්චිල් දෙවන ලෝක යුද්ධයේ උපායමාර්ග සැලසුම් කළෙත්, ෆිදෙල් කැස්ත්‍රෝ සහ චේ ගුවේරා කියුබානු විප්ලවයේ සංකීර්ණ සිතියම් ඇන්දෙත්, අතේ තිබ්බ කියුබන් සුරුට්ටුවේ දුම් පාරවල් අතරින්. වීදුරුවකට Aged Single Malt Scotch Whisky ටිකක් වත්කරගෙන, ඒ ස්කොට්ලන්ත ඕක් බැරල්වල පදම් වුණු ෂෙරි හෝ දුම් රසය (Sherry or Peated notes) එක්ක Cohiba සුරුට්ටුවක් පැයක්-දෙකක් තිස්සේ සෙමින් භුක්ති විඳිද්දී කියවෙන්නේ, ඒ මොහොතේ පවතින සන්සුන් බව, ඉවසීම සහ "ලෝකයම මගේ පාලනය යටතේ තියෙන්නේ" කියන මානසික ආධිපත්‍යය (Mind Game) යි.

දේශපාලනයේත්, ව්‍යාපාරික ලෝකයේත් දැවැන්තයින් සාමාන්‍ය මිනිස්සු කලබල වෙද්දී අතිශය සන්සුන්ව ඉන්නේ ඔන්න ඔය උපායශීලී මානසිකත්වය නිසයි. කුණාටුවක් මැද වුණත් වීදුරුවකට ස්කොච් විස්කි ටිකක් වත්කරගෙන, Cohiba සුරුට්ටුවක් පත්තු කරගෙන, වටපිටාවේ වෙන විගඩම් දිහා උපේක්ෂාවෙන් බලන් ඉන්න නායකයෙක් දකිද්දී ප්‍රතිවාදීන්ට දැනෙන්නේ ලොකු තැතිගැන්මක්.

දේශපාලන සාක්ෂරතාවය (Political Literacy) මිලිමීටරයක් හරි තියෙන කෙනෙකුට මේ ක්‍රීඩාව හරිම ලස්සනට පෙනෙනවා. චෙස් බෝඩයක රූකඩ එහා මෙහා යද්දී, නියම ගේම්කාරයෝ කරන්නේ තමන්ගේ මාවත සන්සුන්ව හදාගන්න එක. දේශපාලනය කියන්නේ ජෝකර්ලා කෑගහන එකට නෙමෙයි, අවසානයේ ගේම ගහලා සන්සුන්ව සුරුට්ටු දුම් වළල්ලක් උඩට යවන එකටයි! 🥃🚬🧠

⭕ ගෝල්ෆේස් සුද්ද කරන්න පැය 24 ගියෙ නෑ⭕ මයිනා ගෝම ඉවර කරන්න පැය 24 ගියෙ නෑ⭕ කොල්ලුපිටියට එන අන්තරේ බොරැල්ලට පන්න පන්න ගහල...
25/07/2026

⭕ ගෝල්ෆේස් සුද්ද කරන්න පැය 24 ගියෙ නෑ

⭕ මයිනා ගෝම ඉවර කරන්න පැය 24 ගියෙ නෑ

⭕ කොල්ලුපිටියට එන අන්තරේ බොරැල්ලට පන්න පන්න ගහලා එලවන්න පැයක් යන්නෙ නෑ

⭕ දැවැන්ත වැඩ වර්ජන උද්ඝෝෂණ සහමුලින් ඉවර කරන්න පැය 24 යන්නෙ නෑ

⭕ ස්වාධීන එවුන්ගෙ යට ඉන්න පක්ෂ එලියට දාන්න මාසයක් ගියෙ නෑ

⭕ විමුක්තිකාමීන් හීලෑ කරන්න මාසයක් ගියෙ නෑ

⭕ චන්දෙ දියව් දියව් කියලා රට වටේ ගියෙ උන් නවත්තන්න මාසයක් ගියෙ නෑ

⭕ පළාත් සභා ඉල්ලලා කෑගපු උන් ඔස්ට්‍රේලියාවේ චන්ද රැස්වීම තියෙන ගාණට හදන්න අවුරුද්දක් ගියෙ නෑ..

⭕ කළණ ජෙහාන් එනකන් නිරාහාරව හිටියට රනිල් නොකා හිටියෙත් නෑ

⭕ රනිල් රාජපක්ෂ කියලා පෝස්ට් ගහපු බුකී යූ ටියුබ් වීරයො හීලෑ කරන්න මාසයක් ගියෙ නෑ

⭕ කොටින්ම කවි ශීලා සෙල් ලිපි ලියපු බැරිම තැන මහණ කරපු ගහක් කපලා දාන්න විනාඩි 10 ගියෙ නෑ

⭕ අරගල කාලේ රාජ්‍ය දේපල ගිනි තියපු විනාශ උන්ව හිරේ දාල දඬුවම් දෙන්න අවුරුදු ගනන් ගියේ නැ ..

⭕ රටේ ආර්තිකේ සැලකිය පුතු මට්ටමකට ගොඩ දාගන්න අවුරුදු ගානක් ගියේ නැ ..

⭕ හැබැයි මෙච්චර දේවල් වෙනවා එකෙක් මීක් නෑ
⭕ රජය සේවයට පඩි වැඩි කරල විදේශ සංචිත ඩොලර් බිලියන 6.8 ට ගේන්න කල්පයක් ගියේ නැ
⭕ තව ඉදිරියට බලන් ඉන්න තියෙනවා හොදේ...
⭕ අත්‍යවශ්‍ය ජනතා සේවා දෙන්න අවුරුදු ගානක් ගියේ නැ

ඒ තමයි රනිල්...

දැන් අහපල්ලා රනිල්ට ද කඩේ යන්නෙ කියලා🤣

ටිපර් පාක් කරපල්ලා...🤣🤣🤣

හා දැන් මට බැනපල්ලා 🤣🤣🤣

කියන්න තියන දේ අම්මා තාත්තාට වුණත් කියනෙක මගෙ හැටි.😁😁😁👍

මගෙ මාතෘ භුමියට හොදක් වෙනවට...
මගේ රටේ අහිංසක මිනිස්සු න්ගෙ කුසගින්න නිවෙනවට...
මගේ රටේ අනාගත දරුවන්ට යහපතක් වෙනවට...
මම කැමති...
මාතෘ භූමිය ට ජය..!🇱🇰

රනිල්ගේ නඩුවේ විමර්ශන අවසන් - සීඅයිඩීය අධිකරණයට කියයිහිටපු ජනපති රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා වශයෙන් කටයුතු කළ ධූර කාල...
08/07/2026

රනිල්ගේ නඩුවේ විමර්ශන අවසන් - සීඅයිඩීය අධිකරණයට කියයි

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා වශයෙන් කටයුතු කළ ධූර කාලයේදී පෞද්ගලික සංචාරයක් ලෙස සිය බිරිය වන මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහගේ උපාධි ප්‍රදානෝත්සවයක් සඳහා ලන්ඩනය වෙත ගොස් රුපියල් කෝටි එක හමාරකට අධික පාඩුවක් රජයට සිදුකළැයි කියන සිද්ධියට අදාලව සියලු විමර්ශන කටයුතු අවසන් බව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව අද (08) කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේනට දැනුම් දුන්නා.

ඒ එම නඩුව අද (08) අධිකරණය හමුවේ යළි කැඳවූ අවස්ථාවේදී.

මෙම නඩුකරය මේ වන විට විමර්ශන අවසන් කර නීතිපති උපදෙස් සඳහා යොමු කර ඇති බවයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේ.

ඒ අනුව නීතිපති උපදෙස් සඳහා නඩුව ලබන සැප්තැම්බර් 30 වැනිදා තෙක් කල් තැබීමටයි අධිකරණය නියෝග කළේ.


රනිල්ගේ නඩුවේ විමර්ශන අවසන් - සීඅයිඩීය අධිකරණයට කියයිහිටපු ජනපති රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා වශයෙන් කටයුතු කළ ධූර කාල...
08/07/2026

රනිල්ගේ නඩුවේ විමර්ශන අවසන් - සීඅයිඩීය අධිකරණයට කියයි

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා වශයෙන් කටයුතු කළ ධූර කාලයේදී පෞද්ගලික සංචාරයක් ලෙස සිය බිරිය වන මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහගේ උපාධි ප්‍රදානෝත්සවයක් සඳහා ලන්ඩනය වෙත ගොස් රුපියල් කෝටි එක හමාරකට අධික පාඩුවක් රජයට සිදුකළැයි කියන සිද්ධියට අදාලව සියලු විමර්ශන කටයුතු අවසන් බව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව අද (08) කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේනට දැනුම් දුන්නා.

ඒ එම නඩුව අද (08) අධිකරණය හමුවේ යළි කැඳවූ අවස්ථාවේදී.

මෙම නඩුකරය මේ වන විට විමර්ශන අවසන් කර නීතිපති උපදෙස් සඳහා යොමු කර ඇති බවයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේ.

ඒ අනුව නීතිපති උපදෙස් සඳහා නඩුව ලබන සැප්තැම්බර් 30 වැනිදා තෙක් කල් තැබීමටයි අධිකරණය නියෝග කළේ.



Address

No, 400. Sirikotha, Ethul Kotte, Kotte
Colombo

Telephone

+94715861838

Alerts

Be the first to know and let us send you an email when UNP Island wide posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to UNP Island wide:

Shortcuts

Share